Sunday, April 10, 2016

අද විශේෂ දවසක් ^_^


ඩෝං ..පටෝං .. ඩෝං ...

මිත්‍රවරුනි ,සහෝදර සහෝදරියනි ,මචංලා, මචීලා ... තව ... නැන්දේ , මාමේ , අය්යේ , අක්කේ, නංගියේ , මල්ලියේ ... අද දින පවත්වන මේ සුවිශේෂී උත්සවයට සපැමිණි ඔබ සැවොම සාදරයෙන් පිළිගන්නවා.කෝ අය්යෙ ... හපොයි ඇයි මේ හිටං ඉන්නෙ ඉඳගන්න ඉඳගන්න.ආ නංගී අද හරි හැඩයිනෙ එන්න..අය්යෝ මේ ඔය තෑග්ග දෙන්න බැරිය පස්සෙ. මෙතනින් ඉඳ ගත්තනම්. කෝ මේ වේටර් ..ආ මේ අය්යල අක්කලට මොනවා හරි  ගෙනවානම් ... ආ හරි හරි සැර බීම එපා සිසිල් බීම ගේන්න. ඇල් වතුර නිවල උනත් කමක් නැහැ. කෝ කෝ... අක්කෙ හය්යූ කෝ මෙහෙට දෙන්න ඔය බැලුම් ... මේ විදිහට ගැට ගහල මැදින් එල්ලන්න. හරි වටේට පාට ක්‍රෙප් කොල තියන විදිහට .. හරි ඔය  තියෙන්නෙ ගානට .. ඔක්කොම හරි නේද .. කෝ දැන් කේක් එකට ගහන ඉටිපන්දම??  දෙකේ  ඉලක්කමක් තියන ඉටිපන්දමක් හොයාගත්තද  හරි එහෙනම් ඔක්කොම තිතට තියනවනෙ එහෙනම් වැඩේ පටාන් ගමු ...

මිත්‍රවරුනි ඔව් ඔබ මෙතෙක් වෙලා ඇඟිලි ගනිමින්  පුල පුලා බලා සිටි ඒ සොඳුරු මොහොත දැන් පැමිණෙනවා ඇත. එහෙනම් දැන් පිළිගන්න අද දවසේ  දෙවන වියට පා තබන ඒ හුරුබුහුටි , අහිංසක , සොඳුරු  ළදැරිය  හංසි .. ස්වා ..ස්වා ...(SWAN ) ... මේක කියද්දී  දිව ටැපලෙනවා ..ඔව් ..පිළිගන්න  හංසි .......



(අත්පොළොසන් නාදයක් මධ්‍යයේ  හුරුබුහුටි පින්වත් රුවැති  ළදැරියක් පැමිණ  මදහසක් පා උපන්දින කේක්  එක කපයි.ඉන්පසු එයින් විශාල කේක් කැබැල්ලක් ගෙන වටපිට බලයි .. )

ආ .. පලවෙනි කේක් කෑල්ල දෙන්නේ කාටද ..ඔව් අපි බලමු .....
හපොයි  මෙන්න මේකි අර  විසාල කේක් කැල්ල කටේ ඔබාගත්තා .. චික්කේ  ඇඟිලිත් සූප්පු කරනව. 

(ළදැරිය දුව ගෙන විත්  නිවේදනකරුගෙන්   මයික් එක ඉල්ලයි ..)

(සබාවෙන් නැවතත් අත්පොලොසන් හඬක් ...)

ආදරණිය අය්යේ  අක්කේ නංගියේ මල්ලියේ නැන්දේ  මාමේ .... අද  මට  විශේෂ දවසක්  ^_^   මුලින්ම කියන්න ඕන මගේ උපන්දිනේට ආපු ඔයාල හැමෝටම ගොඩක්  ස්තූතියි. ඔයාල දැක්කම මගේ සතුට වැඩි. හරි හරි දැන් ඉතිං ඈනුම් ඇරෙන්නෙපා  මම වැඩිය කතා කරන්නේ නැහැ චුට්ටයි කතා කරන්නෙ.දන්නවද මම ඔයාල හැමෝටම මගේ උපන්දින කේක් කෑල්ලකුයි  ලස්සන පාට පාට බැලුන් බෝලෙකුයි දෙනව :) ඉතින් දැන් වත් පොඩ්ඩක් හිනවෙන්නකො ... :)  




 ඔයාල  හැමෝම දන්නවානෙ  මගේ බ්ලොග් පොත ගැන. හැමදාම පිටුවෙන් පිටුව එකතු වේවි මා එක්කම ලොකු උන බ්ලොග් පොත.ඉතිං අද දවසෙ මං හිතුව මේ බ්ලොග් පොතට එකම එක පාරක් හරි එබිලා බලපු අදහස් ලියපු  බ්ලොග් පොත පෙරලලා බලපු ඔයාල හැමෝටම කේක් දෙන්න. පලවෙනි කෙකේ කෑල්ල නම් කටේ දාගත්ත.බඩගිනී අප්පා උදේ ඉඳන් කාල නැහැ ඒකයි ... හරි දැන්  පටන්  ගමු .........

මේ  කේක් කෑල්ලේ දෙවෙනි  එකත් මට තියාගන්න දෙනවද ... ඒක මං වෙන් කරන්නෙ මගේ පවුලේ හැමෝටම ^_^ ... ම්ම්ම් .. අනේ තුන්වෙනි  කේක් කෑල්ලත්  ඕන ඒ මෙච්චර කාලයක් මට ඉගැන්නුව සර්ලට මිස්ලට ... අනේ  අනේ  .. ඊළඟට දෙන කේක් කෑල්ල දෙන්න ඕන  තරින්දිට .. මගේ යාලුවට. එයා තමා මට මේ බ්ලොග් පොත ලියන හැටි මුලින්ම කියා දුන්නෙ... :) 

 අපෝ මොනවද  මහේෂ් අය්යේ  තැලිච්ච තක්කාලි ගෙඩියක්  වගේ මූන ඇඹුල් කරගෙන සොමි අය්ය එක්ක කියවන්නෙ :/ හිටුකො මම කේක් දෙන්නම්. අර අතන ඉවාන් අය්ය , කලණ අය්ය තරඟෙට ඈනුම් යවනව හපොයි ...ඉන්ටෝ .....

දන්නවද  මේ  බ්ලොග් පොතේ මුල්ම සටහනක් තියල ගියේ කවුද කියල ? ඒ තමා අර අතන පිටිපස්සෙම පුටුවක උඩ  බලාගෙන ඉන්න යසිත් අය්ය (YASITH (dot) NET) ඔයාලට කියන්න ඕන නැහැනෙ අලුතින් බ්ලොග් පොතක් ලියද්දි  වැටෙන පලවෙනි අදහස මහමෙරක් වගේ  කියල. අන්න ඒ නිසාම මේ හිනා මුණක් තියන බැලුමයි කේක් කෑල්ලයි යසිත් අය්යට :)

ඊළඟට කේක් දෙන්නේ  කාටද  ?

චූටි චූටි කුරුමිණි අකුරු වලින් පොත පුරා  ලියද්දි  "මේ ළමයෝ ඔය අකුරු ටිකක් ලොකු කරල දාන්න අපි වගේ වයසක උන්දැලට බලන්න" කියල දෙවෙනි  සටහන  ලියල ගිය අපේ දේශකතුමා ට  මේ කේක්  කැල්ල :) 

ම්ම්ම ...ඊට පස්සේ බලමු කවුද ඉන්නේ කියල. හී ..ඊළඟට ඉන්නෙ දිනේශ් අය්ය... අර හරි රහට කතා ලියන්නෙ....එයාට තමා මේ කේක් කෑල්ල... :) 

ම්ම්ම් ...ඊට පස්සෙ ඉන්නෙ සොඳුරු මිනිසෙක් .. අර දිගම දිග අදහස් ලියන දැන් නම් වස කම්මැලියෙක් වෙලා මොකුත් ලියන්නැති අය්ය ඔව් එයා ..එයා එක්කම තව මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා. සමහර දවස් වලට මොකුත් කුරුටු ගාන්න කම්මැලි උනාම  "අඩෝ කම්මැලි ගහ මොකුත් ලියන්නෙ නැද්ද " කියල සද්දේ දාන ඒ සොඳුරු හදවතක් තියන කවිකාරයෙක් වෙච්ච මහේෂ් අය්යට මේ කේක් කෑල්ල. මහේෂ් අය්ය දැන්වත් ආවනම් ..... විශේෂයෙන් කියන්න ඕන මගේම අය්යල දෙන්නෙක්  වගේ ඉන්න මේ අය්යල දෙන්න නිසා තමා ඔය ගොඩක් යාළුවො ගැන විස්තර දැනගන්න ලැබුනෙ.එයාලට නම් තව කේක් කෑල්ලක් දෙන්න හිත. ඒ දෙන්නටත් හිනා මුණක් තියන පාට බැලුම් දෙකක් මා ගානෙ.

තව ඉවර නැහැ ... හැමදාම ඇවිත් මම ලියන කතා කවි වල හොඳ නරක කියන ඉවාන් අය්යට, හිත හොඳ කලණ අය්යට,අපේ බතල කසුට්ට  ම්ම්ම් තව අර අහසෙන් එන කසුන් ට , විභී දෙය්යට, මනෝ මන්දිරට ,   තාමත් තරුණ වගේ ඉන්න ඉයන් අංකල් ට :D , වර්ණ කුලකය , ගිමන් , රූපෙ ,කැමා , ලලිත් ,අශාන් ..දෙය්යනේ කියක් කියල නම් කියන්නද හී .. මේ ඔක්කොටම කේක් මගේ ගානේ ...

අර කුරුට්ටෝ සැට් එකටම දෙන්න වෙනම කේක් එකක් මම ඕඩර් කළා  :D 

දැන් නම් මට පේනවා අපේ අක්කල නංගිලා ටික මට ඔරවා ඔරවා ඉන්නවා  හික්ස් .. ඉන්ට ඉන්ට තාම කේක් ඉවර නැහැ නොවැ ...හිනා මූන පිරිච්ච බැලුමක් එක්ක  අපේ  බස්සි අක්කට ,තනි තරුවට ,උපේක්ෂ අක්කට ,තරු අක්කට ,තනුජාට ,වර්ෂා ,සිතූ ,මෙතූ  මේ බවලත් හැමෝටම මේ කේක් කෑලි ..කාලම රහ  කියන්නකො .... 

දැන් ඉතිං අනෙක් අය තරහ වෙනවද නෑ නේද මං කරා වැඩක්. මගේ බ්ලොග් පොතේ මුල ඉඳන් අගටම හොයල හොයල  ඔයාලගෙ නම් එකතු කරගත්ත. ඒ නිසා මට ඔයාලව අමතක වෙන්නේ නැහැ ..මූන නරක් කරගන්නත් අඬන්නත් එපා හිනාවෙලා ඉන්ට  මේ පහල නම් තියන ඔය යාළුවො හැමෝටම මේ සතුටු දවසේ කේක් , කෑම බීම හැමදෙයක්ම  :) 

YASITH (dot) NET ,දේශක යා,~ සාරා - saaraa ~,Dinesh,සොමි යා,නලින් දිල්රුක්ෂ,තනි තරුව,චතුරංග ප්‍රියශාද් (ප්‍රියා), ~සංචාරකයා~,සිහින සිත්තම්,RanDil,දෙවෙනි විභීෂණ, පරිකල්පන,thanuja yolanthi,Roshan Herath,Mahesh Rathnayaka,Deepthi Sandaruwan ,Ashan Ravindu Yugantha,ඉවාන් පවුලූශා,කුරුළු නිස්කලංක,සහෝ දර,කුරුටු ගෑ ගී පවුර , උමා(දසුන්),Dishan Rajapaksha,තොටුපලේතොටියා, හොරාගේ සිතිවිළි,Chandana,ෂැගියා,Warna Kulakaya,කල්‍යාණ මිත්‍ර,රූපේ,මගේ කිචී, Mahesh Sharmin,ගිමන් නිවන්නා,රූපේ ,බස්සි (Yash),මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ),sAm (සෑම්) ,ඉයන්,කැමරාවෙන් එහා ලෝකය,MPP Gunasinghe,එල ද බ්‍රා මෙන්ඩා,චූටි බටපොලයා,Ima S,කටුසු හදවත,බණ්ඩා,gaba,මනෝ මන්දිර,අවංක ආර්යන්,අහසෙන් එන්න(කසුන්),වාසනාවන්ත කාලකණ්නියා,උපේක්ෂා,අටම්පහුර නිදහසේ නවාතැන ,Chathuranga Buddhika,Lalith perera ,වැසි දැරිය,Mahesh Samantha Kumara,අන්ධකාර තාරකාව,S. L. මැලේ රාළ,අම්බලන්ගොඩ කථා ,Sa rasa ,රංගන සහෝදරයා ,මෙතූ,ලයියා,සිතුවිලි සිතූ,Hasitha Prasad,Ajith Dharma,Rasika Gunawardana,ආචාර්ය Weerakoon ,අඩව්ව by රස්තියාදුකාරයා   ..............මේ හැමෝටම ඇතිතරම් කේක් තිබේ  :D 

ඔය  හැමෝටම ගොඩක් ස්තූතියි ... ඔයාලට වගේම මාත් එක්ක හිටිය මගේ ලිපිවලට එයාලගේ අදහස් කිව්ව ඇනෝ යාලුවන්ට (විශේෂයෙන් රනිල් යාලුවට ) එයාලටත් ස්තූතියි .. අදහසක් ලිවේ නැතිවට  බ්ලොග් පොතට එබිකම් කරපු ,ලිපි කියවපු ඔයාලවත්  අමතක කරලා නැහැ ඒ නිසා හිනාවෙන්න .. එන්න සතුට බෙදා ගන්න ...

අහ්හ්  තව එකක් පසුගියදා නෙලුම් යාය දවසෙ ලැබුන සම්මානය මට විතරක් නෙවේනෙ. ඒ සම්මානෙ පිටිපස්සේ ඉඳන්  මට ලියන්න දහිරිය දුන්නේ ඔයාල. ඒක අයිති ඔයාලට ... ස්තූතියි හැමෝටම .. මේ බ්ලොග් පොත නිසා මම කෝච්චර සතුටින් ඉන්නවද ,  සුන්දර හදවත් තියන ඔයාල වගේ පිරිසක් මැද හිත පිරෙන්න හිනාවෙලා ඉන්නවද කියල දන්නෙ මම  ^_^  ඉතිං මම වාසනාවන්තයි.කම්මැලි කමට වගේම වැඩ වැඩිඋන නිසා අවුරුදු දෙකක් පුරාවටම මම ලියල තියෙන්නෙ බොහොම අඩු ලිපි ගානක්. හපොයි දැන් බනින්නෙපා.ඉදිරියේදී වෙලාව ලැබෙන විදිහට ලිපි ලියන්නම් ... 

හී ..දිග කතාවක් කිව නේ .. ඔය හැමෝටම උපන්දින කේක් හම්බුනා කියල හිතනවා ...හම්බුනේ  නැතත්  ඇවිත්  අරන් යන්න. යන ගමන් පොඩි සටහනක් ලියල යන්න මගේ බ්ලොග් පොත ගැන ඔයාලට හිතුන දෙයක් ..ගල් මල් ඕන දෙයක් , බ්ලොග් පොත ලස්සන කරන්න තව හොඳට කරන්  යන්න ඔයාලගේ තියන අදහස් වගේම මේ මේ දේවල් හදාගන්න ඕන කියල හිතෙනවනම් ඒවත් එක්ක හිතට එන දෙයක් ලියල යන්න ... ආයෙත් හමුවෙමු දවසක ... ඉක්මනින්ම  ^_^  :) :) :) 

හැමෝටම ළඟ එන අලුත් අවුරුද්ද  සුබ අලුත් අවුරුද්දක් වේවා  ..ඔන්න මුලින්ම  සුබ පතන්නේ මම  :) :) :) 

51 comments:

  1. සුභ දෙවැනි උපන්දිනයක් වේවා... !!! වැඩි වැඩියෙන් ලියවේවා..

    ReplyDelete
    Replies
    1. තිසර මෙහෙට ගොඩවෙලා තියෙන්නෙ හොඳම දවසක. එන්න එන්න කේක් කැල්ලක් එහෙම කාල යන්න. ස්තූතියි සුබපැතුම් වලට :)

      Delete
  2. Ethakota apita cake kallak nadda?Lassana post eka!

    ReplyDelete
    Replies
    1. එහෙමත් නොදී යවන්න පුලුවන්ද ? කමු කේක් කෑල්ලක් .. ස්තූතියි සරත් සුබපැතුම් වලට සහ මෙහෙට ගොඩවැදිලා ගියාට :)

      Delete
  3. මේ මාසෙ අන්තිම දිහාට ආයිත් කේක් දෙන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. හී ... ඒකටත් කේක් දෙන්න වෙයි නේ ;) :D

      Delete
  4. හැපී බර්ත්ඩේ ටු යු
    හැපී බර්ත්ඩේ ටු යු
    හැපී බර්ත්ඩේ ඩියර් හංසි සුවාන්
    හැපී බර්ත්ඩේ ටු යු

    සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට සට පට

    ----
    කේක් කෑල්ල නම් මාර රහයි හංසියෝ..
    කවුද හැදුවේ ?
    අර කෞශි යා ද?

    ------

    මෝල් ගැහෙ දළු ලන තුරු
    ගැරඬියා ට අන් එන තුරු
    කළු කපුටා සුදු වන තුරු
    ගූගල් එක පවතින තුරු
    බ්ලොග්ස්පොට් එක තියෙනා තුරු
    එකසිය විස්සට දෙසිය විස්සක්
    ආවඩා ආයුබෝ වේවා
    දිගටම බ්ලොග් ලියවෙවා
    ඒස්වාහඃ

    ReplyDelete
    Replies
    1. සට පට සට පට ... රතිඤ්ඤා ගොඩායි .... :) කේක් හැදුවෙ ම්ම්ම් .. මම නම් නෙවේ ඉතිං :D
      හැම සුබපැතුමකටම ගොඩක් ස්තූතියි විභීයෝ ^_^

      Delete
  5. හැපි බර්ත්ඩේ ටූ යුවර් බ්ලොග්.....

    තව කේක් කෑල්ලක් ඕනේ......එකක් මදී....

    ReplyDelete
    Replies
    1. ඕකනෙ ඉතිං මේ මල්ලිලාගෙන් බේරෙන්න බැරි .. ඉන්ට ඉන්ට පොඩි කේක් කෑල්ලක් දෙන්නං :)

      Delete
  6. happy birthday hansi අකෙක්....
    ඔන් මාත් ආවා...මං හිතන්නේ අද තමයි මේ පැත්තේ ආවේ. ඒකත් හරි විශේෂයි. අද වගේ දවසක උන එක....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ ..ඒකනේ අද සතුටු හිතෙන දවසෙනෙ ඔයත් ගොඩවැදුනේ :) ..යමු යමු කේක් කාල බීම බීල පොඩි කය්යක් එහෙම ගහමු :)

      Delete
  7. හංසිගේ අවුරුදු දෙකේ උපන්දිනේට සුබ පැතුම් ඈ! ඔන්න මාත් ඔයාව අඳුරගත්තෙ මහේෂ් අයියා නිසානෙ.. ඔයාගෙ පරණ පෝස්ට් ටිකත් කියෙව්ව ඔන්න.. හරිම ලස්සන කෙටි කතා ටිකක් තිබ්බා..

    කෝ ඔය කේක් කෑල්ල ගන්නකෝ මෙහාට.. ඔන්න කේක් කාල මං තව බතල වුණොත් එහෙම ඔයාට සීට් දෙකක්ම අල්ලගන්න වෙයි 23 වෙනිදට... :P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ ..මහේෂ් අය්‍ය නිසා හොඳ යාලුවෙක් හම්බුනා ^_^ හා හා වැඩිය ඔය පැණිරස කන්ටෙපා දත් පණුවො කාවි අපි දන්නේ නෑ ඔන්න :D :D

      Delete
  8. හැපි බර්ත් ඩේ ටු යු,
    හැපි බර්ත් ඩේ ටු යු,වැඩි වැඩියෙන් ලියවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හංසියෝ,බර්ත් ඩේ පාටිය ලස්සනයි,
    මටත් තව කේක් කැල්ලක් ඕනා,අරරර...රසිකයාට කේක් කැලි දෙකක් හම්බ වෙලා,

    ReplyDelete
    Replies
    1. හෑ .. අර මං අහක බලන් ඉන්ට වෙලේ හොරෙන් අතදාල කේක් කෑල්ලක් උස්සල මෙන්න ආයෙ කේක් ඉල්ලනව :O .. මේ නම් රසිකගෙයි රස්තිගෙයි හවුල් වැඩක් :P ... ස්තූතියි රස්තියාදුකාරයෝ :)

      Delete
  9. ප්ලීස් එක්සෙප්ට් මයි බිලේටඩ් විෂස් හසඟන !!!

    හංසි කියනවට වඩා එහෙම කියන්න කැමතියි .

    අයිෂූ කේක් කන්න ලේට් නෑ නේද? හැමෝටම බෙදලා ඉවරයි වගේ ....

    අනේ මටත් ඕනි හිනා මූණක් තීන බැලුමක්. නැත්නම් තලාම තලායි!

    සුභ පැතුම් හදවතින්ම !!! සඳ හිරු තරු පවතින තුරු සිතුවිලි වලට අවකාශයක් හමුවේවා !

    ReplyDelete
    Replies
    1. මට හසඟන කියන්නෙ මෙතූ විතරයි ^_^ මට මතක්වෙන්නෙම කසුන් කලහාරගේ ගීතය

      ආදරේ කුරුටු ගෑ
      නෙත පුරා කදුළු අතුරලා
      හසගනාවියේ ඔබ ගියා
      නෙතු මායිමේ දුක තියා... :)

      මෙතූගෙ කේක් කෑල්ල කලින් වෙන් කර නිසා බේරගත්ත :) හී බැලුමකුත් ඕනද ඉන්ට බලන්න .. හරි පාවෙන බැලුමක් ළඟදීම ඔය පැත්තට ඒවි මතක ඇතිව අල්ලගන්න :) :D

      Delete
  10. අවුරුදු දෙකට සුභ පැතුම් මචං..
    තව තවත් තවත් තව තවත් ලියන්න කියන්න හිතේවා අදහස් වැහි වහීවා
    සිනා බෝවේවා
    ආවඩා ආයු බොහෝ වේවා... :-) ;-)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මහේෂ් අය්යේ ^_^ ඔයාලගේ තල්ලුවෙන් මෙහෙම හරි ආව ඉදිරියටත් කොහොම හරි ලියන්නම් .. :)

      Delete
  11. ඔන්න අපේ හද පිරි සුබ පැතුම්. දිගටම ලියන්න ලැබේවා. විශේෂයෙන් කෙටිකතා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අය්යේ :) :) තාමත් අඩුපාඩු එක්ක කතා හෙමිහිට ගෙතෙනවා. දවසක හොඳ කතාවක් ලියන්නම් .. (මට සෑහීමකට පත්විය හැකි... ) :)

      Delete
  12. හංසිට දෙකයි, හැබැයි පාටියේ දෙකක් දා ගන්න නැහැනේ, සැක් විතරක්, කෝ සංවිධානේ නම් අන්තිමයි. (බොන්න තියෙන්නේ මොනවාද බලමින් ):D, දෙකක් නම් එක්කෝ නැතත් කමක් නෑ, කේක් දීල බැලුම් දීල යවන්ට බැහැ එහෙම ලේසියෙන්. දන්නවනේ මේ අයියලාගේ ඉල්ලීම්. :D අර (කි)යන්නෙන් පටන්ගන්න කෑම එහෙම ඔන්න ඕන හොඳේ. :D

    තවත් ඉස්සරහට හරවත් රසවත් දේවල් ලියන්ට නංගි, සුබපැතුම් අපෙනුත්. :)

    ReplyDelete
    Replies
    1. අය්යන්ඩි ට මම නිවාපු ඇල් වතුර තිබ්බ නෙව ..හික්ස් :D ..කි කි.. කිඹුලෙක් විතරයි අඩු .. :P මාතර ගඟේ කිඹුලිව එවන්නං ඉතිං :D
      වැඩි වැඩියෙන් ඉස්කෝතුයි තලිඳු අය්යේ :)

      Delete
  13. චැහ් එනකොට පරක්කු වෙලානෙ. කෝ කෝ අර මට අරං තියපු කේක් කෑල්ල? බොන්න මොකුත් නැතෙයි. ඔරේන්ජ් බාර්ලියක්වත් දෙන්න.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කේක් කෑල්ල නිර්මාණි අරන් ගියා ..ලැබුනේ නැතැයි? ;) බොන්න නම් දෙන්නම්කො ...සිසිල් නම් තැඹිලි වතුර සැර බීමට කොකා කෝලා :D

      Delete
  14. ඇත්තටම මේ වගේ අවස්තාවක් ලබාදීම ගැන මම පළමුවෙන්ම හංසි දැරිවියට ස්තුති කරනවා.. ඒ වගේම කේක් කෑල්ලටත් බොහොම පින්.

    මම මේ අවස්ථාවේ විශේෂ රහසක් හෙළි කරන්න කැමතියි. මේ බ්ලොග් එක සාර්ථකව මෙපමණ දුරක් එන්නට හේතුව මොකක්ද ?
    දන්නා කෙනෙක් කියන්න බලන්න..

    (සියල්ලෝම එකිනෙකාගේ මුහුණ බලාගනිති.සභාව කුතුහලයෙන් පිරි පවතී)

    ඒ වෙන කිසිවක් නෙවෙයි.. ඒකට හේතුව මගේ මුල්ම කොමෙන්ටුව ආදරණිය අම්මේ තාත්තේ..

    (අත්පොළොසන්)

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක කොයි තරම් හොඳට කෙරෙන්න තිවුණද මේ වගේ හා මිරකෙක් මේකෙ පළමු කොමෙන්ටුව නොදැම්ම නම්..

      අැත්තමයි හංසි අක්කෙ.. මට ඔයා ගැන පුදුම වේදනාවක් දැනෙන්නෙ..))

      Delete
    2. මේ වගේ විශේෂ දවසක මෙහෙට ගොඩවැදුනු එකත් සතුටුයි. ^_^ පලවෙනි කමෙන්ටුව කොහොමත් අමතක වෙන්නෙ නැහැ නෙ :) මුල් කාලේ බ්ලොගේ අඩුපාඩු කියල දීල කමෙන්ටු'දාල දිරිමත් කලාට ගොඩක් ස්තුතියි අය්යේ :)

      @වර්ෂා .. හී මොකෝ මේ වර්ෂ යසිත් අය්ය එක්ක අවුලෙන් :P අපි වැඩිය දන්නේ නැහැනෙ මේ අය්ය ගැන කොහෙද දැන් බ්ලොගේ පැත්තෙ එන කෙනෙක් නෙවේනෙ. ඔය මුල් කාලේ හිටිය ඔයාල තමා හරියටම දන්නෙ :D

      Delete
    3. අපි බ්ලොග් ලියද්දි ඔයා වර්ෂා කෙල්ල හොටු ලේන්සුව එල්ලන් මොන්ටිසෝරි යනවා..
      අනික එයා ලියන කවි මෙලෝ රහක් නැහැ. ඒකයි ඔයා තරහ :p

      Delete
    4. හික්ස් .. මේ කමෙන්ටුව වර්ෂා දැක්කේ නැද්ද කොහෙද :D

      Delete
  15. හංසි අක්කගෙ බ්ලොග් අඩවියට සුබ උපන්දිනයක් වෙන්ටැයි කියා ප්‍රාර්ථනා කරනවා..

    මට වෙනම එග්ලස් කේක් කෑල්ලක් තිව්වා නොවෙද.. අපි ඉතින් බිත්තර නොකන උදවිය නොවැ..))

    ප.ලි__

    පළමු කේක් කෑල්ල යසිත් නමැති හා මිරකාට දීම ගැන බලවත් විරෝධය..!!

    ප.ප.ලි__

    මට ප්ලේන්ටියක් ඕනෑ.. රසට හදලා තියන්න ඊළඟ පාර මං මෙහෙ එනකොට..))

    ReplyDelete
    Replies
    1. හී .. බිත්තර නැති කේක් තිබේ (යහමින් චොකලට් දමපු ) ... යසිත් අය්යා ගැන ඇති බලවත් අප්‍රසාදය වෙනුවෙන් කුමක් කරන්නේදැයි නොදනී. ඔබ දෙදෙනාට ගහ මරා ගැනීමට අවස්ථාවක් සලසා දිය හැක. සමථයකට පත්වන හෝ දිනන තැනැත්තාට සිසිල් බීම වීදුරුවක් ලබා දිය හැක :D :D .. හපොයි ප්ලේන්ටි.. ඒවත් ඕනද .. මම මේ හිතුවෙ බ්ලොගේ පැත්තක පොඩි තේ කඩයක් දා ගන්න :P

      Delete
  16. කවියක් වගේ බ්ලොග් එකක් මෙච්චර දුර ඇදගන ආවට මගේ හදපිරි සුබපැතුම්.අහලා තියනවනේ,
    ආමග කෙටියි...යායුතු මග දුරයි කියලා.තව ගොඩක් දුර ගොඩක් දෙනෙකුගේ හිත් සතුටට පත්කරමින් මේ කෙරුවාව කිරීමට ශක්තිය ලැබේවා...
    ජයවේවා දිග හංසියේ...

    ReplyDelete
    Replies
    1. හරි ගොලුබෙලි ගමනින් යන ගමනක් මේ. හෙමින් හෙමින් යන්නම්. හැමදාමත් ගොඩවැදිලා වචනයක් හරි කියල යනවට ස්තූතියි කසුට්... ජයවේවා :)

      Delete
  17. දෙවසරට උණුසුම් සුබ පැතුම්..අපි වගේ කම්මැලි නොවී දිගටම ලියන්න ලැබේවායි පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආචාර්ය ..මමත් ඔය කම්මැලි කුලකයේ තමා ඉතිං ;)

      Delete
  18. අලී සොලී හොදේ බොග බැලුවට කමෙන්ට් කොරන්ඩ හිංගල නැතුව හිටියේ..හැපි බර්ත්ඩේ.......,,,,බ්ලොග් අඩවියට සුබ උපන්දිනයක්!!!!

    ReplyDelete
    Replies
    1. සොරි එපා .. ගොඩවැදිලා ගිය එකත් සතුටක්නෙ මට ^_^ ස්තූතියි

      Delete
  19. සුභ පැතුම් හංසි ! දිගටම ලියන්න ශක්තිය දිරිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි gaba ... gaba ගෙ බ්ලොගේ මකුළුදැල් ගිහින් සුද්ද කරලා දැම්මනම් :)

      Delete
  20. අඩේ හංසියෝ................

    උපන්දිනේට ජයවේවා.... අපේ කේක් එක රෙජිස්ටර් පෝස්ට් දාන්න.... ලංකාවේ තැපෑලනේ තුන්වෙනි උපන්දිනේ සමරන්න හරි හම්බෙයි ෂුවර්....... මොනවා වුණත් හංසි මේ හිතට දැනෙන සතුට දෙගුණ තෙගුණ වෙන්න පතනවා අපි. ඒ වගේ ම බ්ලොග් ලෝකයේ දුර ගමනක් යන්න ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා..... ජයවේවා....

    ReplyDelete
    Replies
    1. දැන් නම් එවන්ට වෙන්නෙ අවුරුද්දට හම්බුනා අයිසිං කේක් එක තමා ඒකෙත් චෙරි ගෙඩි ටික දැනටමත් අතුරුදහන් :P

      Delete
  21. හප්පේ එන්න පරක්කු වුන්නනේ... සුභ පැතුම් හංසි !

    කෝ මට කේක් නැද්ද ? :(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුෂානි අක්කේ ^_^ ...කේක් හී .. ආයෙම කේක් ඕඩර් කරන්න වෙනවා ... මේ මම පරක්කුවෙලානේ ආවේ ;)

      Delete
  22. මෙව්ව ලේට් විශස් හොඳේ... අදයි ආවෙ හංසි. සුබ උපන්දිනයක්...ජය වේවා...

    ReplyDelete
  23. ඉදිරියටත් හොඳටම වැඩේ කරන් යන්න !! ජය වේවා !!

    ReplyDelete
  24. අපේ හංසිගේ බ්ලොගේ දෙක වැනි උපන්දිනේට හෙනටම විශ් කරනවා..වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා 😃

    ReplyDelete