Monday, April 4, 2016

හදවතට කියන වග නම්




මහද 
කම්පනය වනු 
මුදු 
සියුම් ස්වර රිද්මයෙන් 
ඉපිලී නොයනු 
නැටවෙන ප්‍රීති ප්‍රමෝදයෙන් 

සියුම් ගැස්මක් වුවද  
ගිලිහෙනා ග්‍රහණයක් 
විඳි නොවිඳි ස්පර්ශ අග 
රිදුම්  දෙන කටු තුඩක් 
සීතලක්  .. දැඩි සීතලක් 
ලෙයත් මිදෙනා සීතලක් 

මහද 
චංචල නොවෙනු
.
.

ජීවිතය අනියත තැනක් 


ප.ලි .   පින්තූරය දැක්ක ගමන් ලියන්නම හිතුන..කවියක්ම නෙවේ ..ඒත් ඔහේ කුරුටු ගෑව ...


41 comments:

  1. අහස උස නම්
    හඹා එමි ඒ දුරත්
    හද වෙණ තත්
    පිරිමදින රිද්මයත්
    අනියත ජීවිතේ
    අනියත ප්‍ේමයත්
    සීතලට ගල් ගැසුණු
    එක් සිහින් කටු තුඩක්....

    ReplyDelete
    Replies
    1. ලස්සන ගැලපුමක් මෙතූ ..ස්තූතියි :)

      Delete
  2. ලස්සන පැදි පෙලක් හංසි සහෝදරි,ඔහේ කුරුටු ගැවට අලංකාර ගැඹුරු නිර්මාණයක් නොවැ බිහි වෙලා තියෙන්නේ,

    ReplyDelete
    Replies
    1. හලෝ රස්තියාදු ..ටැන්කූ :).. මේ පින්තූරේ දැක්කම ඒක ගොඩක් දේවල් කතා කරනවා වගේ හිතුන. ඉතිං ඉබේම ලියවුනා .. :)

      Delete
  3. ආයෙමත් සුන්දර වේදනාවක් ඇති කළ කවිසිතුවමක්

    ReplyDelete
    Replies
    1. හදවතට දැනුනා නම් සතුටක් ..ස්තූතියි සහෝ ..

      Delete
  4. ජීවිතය අනියත තැනක්
    සොඳුරු නැවතුම් පොලක්

    තණ පතක අග රැඳුනු
    පුංචි පිනි බින්දුවක්
    උදෑසන හිරු කිරණ
    දුටු විගස සලිත වී
    මිලින වී බිම වැටෙන
    දිලිසුනත් ලස්සනට

    සැප විඳින
    දුක් විඳින
    අනුන් වෙනුවෙන්
    දැවෙන


    හමුවීම වෙන්වීම
    ඇතිවීම නැතිවීම
    පැමිණීම පිටවීම
    සෑම දා
    අත්විඳින

    නියම පැය
    පැමිණි කල
    නෑ මිතුරු හැම දෙනා
    හැර දමා නික්ම යන


    ජීවිතය
    ඔව්..

    ජීවිතය අනියත තැනක්
    සොඳුරු නැවතුම් පොලක්


    ReplyDelete
    Replies
    1. අඩේ .. විභී මරුනෙ දැන් ලස්සනට කවි ලියනව. සතුටුයි ^_^ ..කවියට ගොඩක් ඉස්කෝතුයි :)

      Delete
    2. තැනක් යූ තැනක් යූ...

      ලස්සනද නම් දන්නේ නැහැ හංසි . එත් බ්ලොග් කෙරුවාව හින්දා මට දැන් කොහොම හරි කරලා කවියක් විදියට වචන ටිකක් ගැටගහගන්න පුළුවන් වෙලා තියෙනව.
      අවුරුදු ගානක් බුකියේ ඉඳන් පුරුදු වුනේ බිත්තිය දිගේ බඩගාන්න විතරයි.

      බ්ලොගේ අවුරුදු දෙකයි . දැන් මට කාටහරි කියවන්න පුළුවන් විදියට මොනාහරි ලියාගන්නත් පුළුවන්. කියෝන එකෙක් හරි ආස වෙන විදියට කවි අටවන්නත් පුළුවන්.
      ඔන්න ඕක තමයි බ්ලොගේ වටිනාකම.

      Delete
    3. ඔව් නෙ මේ කවිය දැක්ක ගමන් මටත් හිතුන දේ විභීෂණගෙ කවි ලියවිල්ල දියුණු වෙලා කියල. :)

      Delete
  5. මේ අර දිගම දිග හංසියද :P

    ReplyDelete
    Replies
    1. අර එදා හිටිය ෂෝයි හංසයා නේද ? ඔව් ඔව් එයා තමා මේ ;) :P

      Delete
    2. අම්මෝ...දිගම දිග හංසි..

      අන්න නියම අර්ථ දැක්වීම...

      Delete
    3. යන්ට යන්ට ලස්සන හංසයින්ට පද හදන්නේ නැතිව :P

      Delete
  6. //සියුම් ගැස්මක් වුවද
    ගිලිහෙනා ග්‍රහණයක් //

    හොදම සහ මම කැමතිම ටික....

    ReplyDelete
    Replies
    1. හී .. ඉස්කෝතුයි මල්ලී

      Delete
  7. සුන්දරයි හංසි................. අගේ ඇති පද ටිකක්......

    ReplyDelete
  8. කවියක් නොවෙයි කියන්නෙ කොහොමද.. හැගීමක් ඇති ජීවයෙන් පිරි කවියක්...
    සමහරක් ලියන කවි කියල පොත් ගමන ඒවට වඩා උඹේ කවිය අගෙයි නඟේ..
    ඇති හැකි වෙලාවට ලියපං...

    කෙටි කලකට සමුගන්න පෙර දමන අවසාන කමෙන්ටුව...
    ඉතින් නුඹට ජයවේවා...
    හමුවෙමු බොහෝ/ කෙටි/ මඳ කලකින්..
    පැමිණිම අවිනිශ්චිතයි. ඉතිං නැවත එන එක ස්ථිර නෑ...
    ජයවේවා.....................................

    ReplyDelete
    Replies
    1. අද දවසම හරි දුකයි අනේ මන්ද අවුල් වගේ .. මට පුළුවන් හැම විදිහකින්ම නවත්ත ගන්න හැදුව මේ මුරණ්ඩු අය්ය අහන්නේ නැහනෙ .බ්ලොගේ අයින් කරන්න එපා ප්ලීස් :'( ..ඒක එහෙම්ම තියන්න අය්යෙ. කෙටි කාලෙකට නිහඬව හිටියට කමක් නැහැ මටත් එහෙම හිතිච්ච වෙලාවල් තියනව ..හැබැයි ලියන එක අතාරින්න එපා ..කොහොමටවත් අතාරින්න එපා .. දන්නවනෙ මේ නංගි අය්යට නිහඬව ඉන්න දෙන්නේ නම් නැතිවෙයි.ඔය අය්යල නැත්නම් මේ බ්ලොග් වල් වැදිලා .. කෙටි නිවාඩුවකින් පසු නැවත හමුවෙමු ....ඉක්මනින්ම .. හැමදාම සතුටින් ඉන්න :)

      Delete
  9. Replies
    1. හපොයි :O .. මං මේ මොකක්ද කලේ ... ඇම්බියුලන්ස් !!!!!!

      Delete
  10. චන්චලම හැඟුමක වුව
    ප්‍රීතිය මතක් තිබිය හැක
    චන්චලම ලෙස චංචල
    හදවතද ඉන් ගැසෙනු හැක

    ඇසිල්ලක සුවය දෙන
    චංචල සිතක හැඟුමක
    මුදු මෙලෙක් ස්පන්දනයක්
    සියොළඟ පුරා දිවෙනු හැක

    කිලිපොලා යන කලෙක ගත
    මිදෙනු නොහැකිද ඉතින් ලෙය
    මොහොතක් ගෙනා ප්‍රීතිය
    දුකකටද හේතුවම විය හැක

    සිප ගැනුමටද සිත් දෙන මලක අග
    එහෙයින්ම කටුවක් තිබිය හැක
    දෙතොලග සියුම් ලෙස රිදවුවද
    මෘදුම සුවඳක් ඉන් නැගෙනු ඇත

    ජීවිතයද එලෙසම ගත කලෙක
    මොහොතින් සැම වෙනස් නොවේවිද
    දුකෙද කඳුලේද සියුම් පරතෙරක
    ප්‍රීතියක් ගැබ්වී සිතම නොරැවටෙද

    ජීවිතය අනියත බවම වුව
    මොහොතකට අමතක නොවේද
    මොහොතද තව මොහොතකට
    පාරම කියනු නොහැකිද
    ඉතින් කෙලසකම නම්
    පැතුම් පොදි බැඳ ගෙනම
    සංසාර ගැලට වැද
    ගොනු නොදත් මාවතේ දක්කනේ
    ජීවිතය අනියතම බව
    අමතකම ජීවිතයක සිටම


    (ජය වේවා හංසි, කවියක් තුලින් මෙවැනි දෙයක් මේ අයුරින් කීම හරිම අපූරුයි. ඒ දේ දැනෙන අයුරින්ම ලියලා)

    ReplyDelete
    Replies
    1. කවියක් දැකල මේ විදිහට පිළිතුරු කවි පෙළක් ගොතන එකම අපූරු නොවෙද ... ස්තූතියි අය්යෙ :)

      Delete
  11. කොල්ලෙක් දිහා බලන් ඉඳලා හිතිච්චදේවල්, ලිවුවට පස්සේ අර කොහේවත් යන පින්තුරයක් උඩට අතෑරීම සම්බන්දව මාගේ බලවත් මෙවුව එක.

    ලස්සනයි හංසි.

    ReplyDelete
    Replies
    1. හික්ස් ... මොකක්දෝ අවුලක් හිතේ තිබ්බ තමා ඒත් කවි ටික ලියවුනේ නම් කොල්ලෙක් දිහා බලල නෙවේ. පින්තුරෙ දිහාම බලන් ඉඳල ..ලේ රතු හදවත වැටෙන්න ඔන්න මෙන්න රැඳිල තියන නූල ,කටු කම්බි ,හිම කැටිති තමා ඉතින් මේ පද වලට වගකියන්න ඕන .. :)

      Delete
  12. පින්තූරෙටම ගැළපෙන කවි පද ටික.. අපූරුයි අක්කෙ..

    බ්ලොග් එක පුරාම නිකං තාරාවො ඉගිලෙන්නා වාගෙ අලුත් මූණ..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ෂා :) ... තාරාවෝ.. හපෝ තාරාවෝ වගේද හංසයො .. මේ කහපාට ඇඳුමක් ඇඳගත්ත පොඩි හංස පැටවෙක්. එහෙමලු මං හිතන් ඉන්නේ ඈ ... ;)

      Delete
  13. පොටෝ එකක් දැකල මෙහෙම කවි ලිව්වනම්,,,,,

    ReplyDelete
    Replies
    1. හොඳවයින් බූට් එකක් කෑවම කොහොමට ලියාවිද නෙ :D

      Delete
  14. අපුරුයි කවි පෙල

    ...//ජීවිතය අනියත තැනක්//...

    සිතු දෙය නොම වෙයි නොසිතු දෙයම වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ ... //සිතු දෙය නොම වෙයි නොසිතු දෙයම වෙයි. ..... හ්ම්ම් ඇත්ත

      Delete
  15. හරිම ලස්සනයි හංසි. මං නං දැන් හුඟ කාලෙකින් කවියක් ලිව්වෙ නෑ. ආයෙත් ලියන්න හිතුනා මේක දැක්කම.. :)

    ReplyDelete
    Replies
    1. ඉස්කොතුයි සිතූ ..මේ පැත්තට ගොඩවැදුන එක සතුටක් ... ලියමු ලියමු කවියක් කතාවක් කම්මැලි නැතිව :)

      Delete
  16. හංසි,නිකන් ලියවුනත් හරි අපූරු පද ටිකක්, තව ටිකක් ජිවිතේ ඉදිරියට යද්දි ලියන්න පුලුවන් වේවී වගේ මෙන්න මෙහෙම....

    මහද
    චංචල වෙනු
    ජීවිතය අනියත තැනක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතූ ... සාදරයෙන් පිලිගන්නවා මෙහෙට :) .... මහද චංචලයි ජීවිතය අනියත තැනක් නිසාම ..ඒත් කවද හරි ඒ දේට මුහුණ දෙන්න වෙනවා ඒ නිසා හැමදේම නිහඬව නිශ්චලව වින්ද දරාගන්න පුලුවන්නම් .. හදවතට ඒ දේ කියාදෙන්න ඕන :)

      Delete
  17. කෙටියෙන් ගොඩක් දේ ලියල. අර්තවත් (y) පින්තතූරයට ඔයා ගොඩක් වටින තේරුමක් එකතු කරල.

    ReplyDelete
    Replies
    1. පින්තූරය බලල ලියවුනේ :) ඒ වෙලේ හිතේ තිබිච්ච හැඟීම පද වැලකට ගෙතුන ....

      Delete