Friday, April 25, 2014

..... හීන ....

ඇයි  මිනිස්සු හීන වලට මෙච්චරම ආස .ඒ මිනිස්සු ජීවත් කරන්නේ හීන නිසා .කවදාවත් ලැබෙන්නෑ කියල දැන දැනත් ඒ හීනවලටම ඇලිල ඉන්නෙ ඇයි ?
ඔයාටත් හීන ගොඩක් තියනවා නේද ?ඔයා දන්නව සමහර හීන ගොඩාක්  ඈතයි කියල .ඒත් ඇයි තාමත් ඒ හීන වලට ආස ..හේතු ගොඩක් ඇති ..ම්ම්ම් මට හිතෙන්නෙ ඒ හීන හිතන හැමවෙලේම අලුත්වෙලා හීනෙ තවත් ලස්සනකරනවා .තවත් ලස්සන කොටසක් හීනෙට එකතුවෙනව ...ඒ හීනෙ ලස්සන වෙන්න ලස්සන වෙන්න ඔයා  ඒ හීනෙට තව තවත් ආදරේ කරනවා ..හැබැයි කාලයත් එක්ක යට ගිය හීන ඇති හැබැයි ඒ හීනත්  මතක පෙට්ටියේ  ඒ විදියටම රැදිල තියනවා .ඔයාටත් ඒ වගේ හීන ගොඩක් ඇති ...ඔව් මටත් ඒ වගේ  හීන ගොඩාරියක් තියනවා .... මං  ඒ හැම හීනයකටම ආදරෙයි ..හීන මාව ජීවත් කරනවා ..ඒ හැම හීනයක්ම මට අලුත් බලාපොරොත්තුවක් දෙනවා.... මං හීනත් එක්ක ජීවත් වේවි ..එදත් අදත් ..ඔව් හැමදාටම ....

Friday, April 18, 2014

යාචකයින් ..........හිඟන්නො


වැදගත් විදිහකට කිව්වොත් යාචකයින් නැත්නම් කියන්නේ හිඟන්නෙක් ....මේ කොයි  විදිහට කිව්වත් කියන්නේ කවුරුගැනද  කියල අපි දන්නව .සමහර විට ඔයාලා හිඟන්නන්ට සල්ලි දීලත් ඇති... දීල වැඩක් නෑ  කියල අහක බලලත් ඇති මේක ලියද්දි අතීතයේ මගේ මතකයේ රැදිච්ච   හිඟන චරිත ගොඩාක් මතක් වෙනවා.

        ඉස්සර මම පොඩි කාලේ පත්තරේකට කතාවකුත් දැම්ම වගේ මතකයි  ඒ වයසක හිඟන සීය කෙනෙක් ගැන.මට ඉස්සර හිතුනේ ළමයි ඇත ඇරලා දාල, යන එන මන් නැතිව පාරට වැටිච්ච සීය කෙනෙක් කියල  ඒ ඇස් වල තිබිච්ච බැගෑපත් පෙනුම මාව සංවේදී කළා.එත් කාලයක්  යද්දී මම දැනගත්ත එකත් එක්තරා ව්‍යාපාරයක් කියල.. උදේ පාන්දරම  ටවුන් එකට යනවනම් ඔයාලටත් බලාගන්න පුළුවන් වාහන  වලින් ඇවිල්ල හින්ගන්නන් ව බස්සන විදිහ...  ගිය අවුරුද්දේ බෙල්ලන්විල පන්සල පහු කරද්දී දැක්ක three wheel එකකින් ඇවිත් හිඟන්නන්ට බත් පාර්සල් දෙනවා එක ව්‍යාපාරයක් කියල  මට හොඳටම තේරුනේ එදා... 
        සල්ලි දෙන්නෙ  මනුස්සකමට එත් මේ මිනිස්සු වංචා කරන්නෙ  රවට්ටන්නේ අපේම මනුස්සකමට නේද කියල හිතුනම  කලකිරෙනවා .ඒක  නිසාම තමයි කාලයක්  හිඟන්නන්ට සල්ලි දෙන එක නැවැත්තුවේ.. ශරීරයේ මොනාම හරි ආබාධයක්   වෙලා තියනවනම් ,මහන්සිවෙලා රස්සාවක් කරගන්න බැරිනම් ඒ මිනිස්සුන්ට හදුන්කූරු විකුනල වගේ පොඩි රස්සාවක් කරලා හරි ජීවත් වෙන්න බැරි ඇයි නිකන්ම ඉඳන් මිනිස්සුන්ට වැඳලා සල්ලිගන්න තරම් තමන්ව හෑල්ලු කරගන්නේ ඇයි .පුළුවන් කමක් තියෙද්දිත් රස්සාවක් නොකර බස්  වලට ඇවිත් හිඟමනේ යන මිනිස්සු  දැක්කම මට හිතුනේ අපේ තාත්තල කොච්චර දුක් විඳිනවද..උදේ  ඉඳන් රෑ වෙනකං ගොඩක් මහන්සිවෙලා හම්බකරන්නේ ඒත්  මේ මිනිස්සු හිතනවා ඇති අපිට නිකන් සල්ලි හම්බ වෙන්නේ කියල .. මං  සල්ලි දෙනවනම් දෙන්නේ මොනවම  හරි විකුණන මනුස්සයෙකුට එහෙම නැත්නම් ලස්සනට සින්දු කියන කෙනෙකුට ඒ මිනිස්සු කොහොම හරි නැගිට්න්න දෙයක් කරනවා ඒ දෙයට  මම සල්ලි දෙන්නේ නැත්නම් බැගෑපත් වීමට නෙමේ ..

මේවා ලියද්දි මතක් උනා  එක දෙයක් ..අපේ කැම්පස්  එක ගාව සමහර දවස් වලට ඉන්නවා  අන්ද  මනුස්සයෙක්.. හවස හතරට විතර ලෙක්චර්ස්  ඉවර වෙලා යද්දී දකිනවා එයයි  එයාගේ දුවයි  ඉන්නවා.. දුව නම් O /L  වයසේ වගේ.. දැක්කම ඇත්තටම දුකයි  . සමහර විට, සල්ලි තිබ්බනම් ඔය වයසේ කෙල්ලෙක් කවදාවත් පාරට එන්නෑ  හිඟාකන්න .. ඒ නංගිව 
 දැක්කම මට මතක් උනේ මම ඒ වයසේ ගත කරපු ජීවිතය.. සංසන්දනාත්මකව බලද්දී අපේ ජීවිත දෙක කොච්චර වෙනස්ද ..ඇගේ  මුහුණ විඩාපත්, එත් ඒ විඩාපත් මුනුනෙන්  මොකක්දෝ විස්තර කරන්න බැරි ආයාචනයක් තිබ්බ. ඒක  මට කියාගන්න බෑ ..හිතට දැනුනේ ලොකු අනුකම්පාවක්‌.. දවසක් පෑලියගොඩ හරියෙන්  කැළණි පාලම පහුකරද්දී , ලස්සන හවසට ඈතින් කැළණි පාලම දිහාවට වැටෙන ලස්සන ඉර එලියත් එක්ක මං දැක්ක  ඒ නංගි  එයාගේ අන්ද තාත්තාව අතින් අරන් එක්කන් යනවා. ඒක  හරි ලස්සන දර්ශනයක් ....

ම්ම්... අවුරුදු දවසට කලින් දවසෙත් ගෑනු කෙනෙක් අපේ ගෙදරට ආව  සාමාන්‍යයෙන්  අම්ම සල්ලි දෙන්න නෑ හොර මිනිස්සු කියල එත් මං  ගියාම ..."ළමයි දෙන්නෙක් ඉන්නව බබා ..හඳුන්කුඋරු පැකට් එකක් ගන්න එයාලට අවුරුද්දට මොන හරි ගන්න " ...මෙහෙම කිව්වම නොගෙන ඉන්න බැරි උනා  රුපියල් 40යි එත් 40 ට තරම් ඒකෙ  හඳුන්කුඋරු තිබුනෙත් නෑ  හැබැයි මං අවුරුද්දට ඒ හඳුන්කුඋරු පත්තුකළේ...සමහර විට එයා  බොරුවක් කියන්නැති එත් මගේ චේතනාව  හොඳයි නෙ .. අවුරුද්දට ඒවා පත්තුකරද්දීත් හිතුනේ ඒ වෙලාවට ඒ අය අවුරුදු මං  වගේම සමරනව ඇතී  කියල ..සල්ලි වලට වඩා ආත්ම තෘප්තිය වැදගත්..

ගොඩක් හිඟන්නෝ හම්බෙන්නේ බස්  එකේදී ලස්සනට සින්දු කියන කෙනෙක් නම් බස්  එකට නැග්ගොත්  මං handfree ගහන  හිටියොත් අනිවාරෙන් ගලවනවා මොකද මොන උනත් ඒ මිනිස්සු අපි වගේම මිනිස්සු...අපි ඇහුම්කන් දුන්නේ නැත්නම් කවුද ඒ මිනිස්සුන්ට ඇහුම්කන්දෙන්නේ ..සමහර සින්දු කියනවා ලස්සන නෑ  කිසිම තාලයක් වත් නෑ ඒත් අතපය හොඳට තියෙද්දිත් මොකුත් නොකර නිකන්ම හිඟා කන මිනිස්සුන්ට වඩා  උගුරෙ ලේ රහ වෙනකන් බස් එකක්  බස් එකක් ගානේ ගිහිල්ල සින්දු කියන මේ මිනිස්සුන්ගේ මහන්සියට මං  ගරුකරනවා ..හැබැයි ඒ මිනිස්සු ඒ සල්ලි වලට මොනාද කරන්නේ කියන එක මට අදාළ නෑ ..  ඒක  ඒ මිනිස්සුන්ගේ හර්ද ශාක්ෂිය පිලිබඳ ප්‍රශ්නයක් ..

 වෙලාවකට හිතෙනවා ලෝකේ ගොඩක්ම පොහොසත් මිනිස්සුයි අන්ත අසරණ දුප්පත් මිනිස්සුයි නැතිව හැමෝම එකවගේ වෙන්නත්තේ ඇයි  කියල එත් එහෙම උනානම් එත් ප්‍රශ්න තියෙයි ..තව ප්‍රශ්න වැඩිවෙයි .. එකෙක්ට වඩා අනෙක් එකෙක්   ඉහලින් යන්න හදන මේ ලෝකෙ හැමෝම එක වගේ උනත් වෙනසක් තියේවිද ? අනෙක මෙහෙම දුප්පත් මිනිස්සු ඉන්නකොටනේ සමහරුන්ට  හැගීමක්  දැනීමක් හරි ඇතිවෙන්නේ ..හැබැයි හැමදාම දකින හිඟන්න ..ඒ විදිහට දකින්න මං  කැමති නෑ  ඒ මිනිස්සුත් කවද හරි නැගිටිනවනම් ..මිනිස්සු මිනිස්සුන්ට රවට්ටන් නැතිව මනුස්සකමට ගරුකරලා ජීවත් වෙනවනම් ඔවුන්ටත් කවදම හරි ලස්සන ජීවිතයක් තියේවි  හැබැයි  ජීවිතේ යනු සල්ලි පිරිලා  තියන එකම  නෙමේ... හිඟන්නෙ වෙලා හරි හිතේ සතුටින් ජීවත් වෙනවනම් ඒ මනුස්සය පොහොසත් ...

Monday, April 14, 2014

අවුරුදු දා

හ්ම්ම්...අවුරුද්දත් ඉවරයි .හෙට අවුරුදු  උත්සවයක්. :D  ..අහ් !!..කියන්න බැරිඋනානේ  අවුරුද්ද හිතපු තරම් අප්සෙට් උනේ නෑ .කොහොම හරි අම්මට කියල හැම කෑම  ජාතියක්ම හදව ගත්ත.(එත් පොඩි අවුලක් .... වෙනද හදන සමනළ  කොකිස  මේපාර හදන්න බැරිඋනා එකේ මිට ගැලවිලා ආයෙ  ගන්න දෙයක් නැතිවෙන්නම ...එත් අද කවුදෝ  තවත් සමනල කොකිසක් ගෙනල්ල කෑම  පාර්සලෙක :/ )..අවුරුදු දවසේ අය්යත් ගෙදර නෑ ...එහෙම කියල අඩුවක් නෑ  ගෙදර සියලු විස්තර එසැණින්  update  කරනවනෙ (මේ වගේ නංගිලා ලබන්න අය්යල පින් කරන්න ඕන ;) ...) අය්ය නෑ  කියල දුක නෑ  මොකද  ගනුදෙනු වලදී අය්ය ගෙ  කොටසත් නංගි ට  හම්බෙනවනෙ  .(මේක ඇහුවට පස්සේ නම් මෑන් ට දුක හිතුන ..) ම්ම්ම්..ම්ම්ම්..තව මොනාද ...අහ් !!..මං  ආසම අවුරුදු කෑම කියන්න බැරිඋනානේ ඒ තමයි කොණ්ඩ කැවුම්  සහ කෙසෙල් (මේ දෙක යුගල පද වගේ ..මේ දෙකම එකට කෑවෙ  නැත්නම් වැඩක් නෑ ) ..වාසනාවට කොණ්ඩ කැවුම් අම්ම හදන්නේ නැතිව අඳුරන කෙනෙක්ට කියල හදවගෙන .අපේ අම්ම හැදුවනම්  අපේ කාලේ කෙල්ලෝ වගේ තමයි  එකේ කොණ්ඩේ  නෑ තිබ්බත් එක එක විදිහට ඇඹරිලා (:D ).....ඔහොම තමයි අවුරුද්ද  යාලුවෝ හැමෝටම සුබ පතල මොහොණුපොතේ ටැග්  කරපු එවුන්ටත් සුබ පතල ඉවරයි . හ්ම්ම්.. දැන් වෙලාව හතරටත් කිට්ටුයි ..මේ ලියන අතරෙත් මට සුබපතල sms එවනව (අවුරුදු කාල ඒවා දිරවලත් යන වෙලාව ) මේ වෙලාවට   හිතෙනව උන් නින්දෙන් ඇහැරිලා අද අවුරුදු කියල මතක් වෙලා wish කලාද කියල . කොහොම හරි කමක් නෑ මාව මතක් වෙලානෙ  :D  ...හ්ම්ම්..කම්මැළියි ..  මේ දවස්  වල අලුත් දේකට  ඇබ්බැහි වෙලා ඒ බ්ලොග් කියවන්න ඉස්සර පොත් පන දාගෙන  කියව්ව එත් මේ degree  මගුලක් නිසා හැමදාම ලැප් එක දිහා බුම්මගෙන code ලියනව යි  errors හදනවයි  ඇරෙන්න වෙන මෙලොදෙයක් කරන්න විදිහක් නෑ. එත් මොකක්දෝ වාසනාවකට ලස්සන බ්ලොග් එකක් හම්බුනා දැන් ඒක එක හුස්මට කියවන් යනවා . මොනා  උනත් ඒක ලියපු කෙනාට නම් පිං කෝටියයි ..මගේ පරණ පුරුදු කියවීමේ ඇබ්බැහිල්ල මට ආයෙ  ඇතිකළාට ඒක  මුහුණුපොතේ  news feed කියවනවටයි like දානවටි වඩා සිය ගුණයක් හොඳයි ..ඊඊ ඊ  ...අදට ලිව්වා ඇති වගේ ..අම්ම ඔරවල බලල ගිය  :O ...රෑට කට්ටියක් එනවලු (පොඩි එවුන් අවොත් මට තමයි දුක :(  ..) පොඩ්ඩක් උදව් කරලා එන්නම් ..අදට මේ ඇති ...අහ් !!..අමතක උනා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක්. :) :)

Friday, April 11, 2014

අවුරුද්ද ..




එයාලට අවුරුදු ලු ..ඇයි මට ??? මටත් අවුරුදු .. හැබැයි මේ අවුරුද්ද අතීතය එක්ක සංසන්දනය කරන්න තරම් ඇඟට දැනෙන සිංහල අවුරුද්දක් නෙමේ ..ම්ම් එකට හේතු ගොඩයි ..."ආච්චි නැතිවෙලා අවුරුද්දක් වත් නෑනෙ  පුතේ  අවුරුද්ද ට මොකුත් හදන්න යන්නේ නැ " අම්ම මෙහෙම කිව්වම මගේ හිතේ තිබ්බ  හැමදාම අවුරුද්දට අපේ ගෙදර හදන විශේෂ සමනළ හඩේ තියන කොකිස් එක  කවුරු හරි ඇවිල්ල උස්සන් ගීයා  වගේ දැනුනේ .මොනා කරන්නද හ්ම්ම් අය්යත් ගෙදර නැ චික් ..රණ්ඩු වෙන්නවත් එකෙක් නෑ .හරි පාලුයි . මට හිතුන කාලය ආපස්සට හරවන්න පුලුවන්නම් කියල..

 ..ඉස්සර චූටි කාලේ මටත්  තිබ්බ හරි ලස්සන අවුරුද්දක් මේක ලියද්දි ඒ හැම එකක්ම එකින් එක ඔලුවට එනවා . ..
ඉස්සර අනිවාර්යෙන් අවුරුද්දට ඔන්චිල්ලාවක් කියවල හදාගන්නවා . ලේසියෙන් ගවුම් අඳින්නේ නැති උනාට අනිවාර්යෙන් අවුරුද්දට අම්මට කියල ගවුමක් මහගත්ත .එක ඇඳන් ආඩම්බරෙන් අහල පහල ගෙවල් වල යාලුවෝ බලන්න ගිය හැටි තාම මතකයි .ගවුම මහගන්නෙත් අවුරුද්දට අඳින්න කියන පාටින්මයි :D  අවුරුදු කැවිලි හදන්න දන්නෙ නැති උනාට අම්මට කියල මට ඕන ජාති හැමදේම  හදව ගත්ත .සමහර ඒවා මං  කන්නෙත් නැ  එත් අවුරුදු කෑම  මේසේ  පිරිල තියෙද්දී  දැනෙන සතුටට මං  ආස කලා .
.....අවුරුදු දවසේදී නම් මාරම ආසයි අලුත් ගවුම ඇඳලා ගෙදර එහාටයි  මෙහාටයි වටේම  යනවා .කිරි උතුරද්දී  කිරි ඉතිරෙන්නේ කොයි වෙලේ ද  කියල බලන් ඉන්නේ ..මන් විතරක් නෙමේ අය්යත් මොකද කිරි ඉතිරෙද්දී හැමෝම තරඟෙට රතිඤ්ඤ දානවනේ ....ම්ම් ඊට පස්සේ වැඩ ඇල්ලීම එකටනම් අනිවාර්යෙන් පොතක්  බලන්නම ඕන ඒ අම්මයි තාත්තයි  හැමදාම කියන එක ..
ඊළඟට ඉතින් ගනුදෙනු කිරීම නෙ .හැබැයි  ඉතින් මට ඉරිසියයි මොකද අය්යට  මට වඩා  හැමදාම ලැබෙනවනේ ඉස්සර අය්යට රුපියල්   100 යක් දුන්නොත් මට රුපියල් දහයයි .දුක තමා  ඉතිං (දැන් නම් එහෙම නැ ;) ) ඊට පස්සේ ඉතින් කන්න තමා  දුවන්නේ ඇයි  අප්පා පැය  කීයක් වේලි වේලි හිටියද නැකත එනකං ...
මුලින්ම අම්මයි තාත්තයි කැව්ව  ට පස්සේ තමයි  කන්න පටන් ගන්නේ  ඔන්න එදාට තමයි  අවුරුද්දකටම එකපාරකට අය්යට  කියල කවා  ගන්නේ  :D  එකත් ඉතින් පොඩ්ඩයි . කාල බීල ඔක්කොම කරලා ඊට පස්සේ ආච්චිලගේ ගෙදර යනවා ඒ තමයි  අපේ  පලවෙනි  නෑ ගමන ....පස්සේ අහල පහල හැමෝටම කෑම
පිඟන්  අරන් යනවා .අවුරුද්ද කට හරි ඒ හැමෝම  කතාකරද්දී එකතුවෙද්දී  හිතට මාරම හැගීමක්  දැනෙනව .ගොඩක් ඉස්සර ම්ම්..මං  පහවසරේ හතර වසරේ ඉන්නකොට වගේ ආච්චිඅම්ම එක්ක පංච දැම්ම හැබැයි ඒක කාලයක්  යද්දී එහෙම්මම නැතිවෙලා ගියා . ..අන්තිමට අවුරුද්ද ඉවර වෙන්නේ ගමේ ආච්චිලා  සීයල බලන්න යද්දී ඒ මන් හැම දාම ආස කල  ගම.. .ගම කියන හැගීම මගේ ගමටත් වැඩියෙන් දැනුනේ එහෙදි ඒවා ගැන  කියනවනම් මේ බ්ලොග් 1ක් වෙනමම ලියන්න ඕන :D ..මේ  හැමදීම කතා වක්  වගේ එකදිගට ලියන්න ගලාගෙන එනවා ඒ මට ඉස්සර නියමම නියම අවුරුද්දක් තිබ්බ නිසා ..එත් ඒ අවුරුද්ද අද නෑ  ...campus  එකේ  වැඩ  අවුරුදු නිවාඩුවට ත් දීල ..ඒ  වෙලාවත තමා  ගොඩාක් දේවල් මතක් වෙන්නේ :(    ....
හ්ම්ම්.. ඔහම තම මගේ අවුරුද්ද මේ අවුරුද්ද පට්ට චාටර්  ...මෙලෝ රහක් නෑ  ... ගියසතියේ බෝඩිමේ  ඉඳල ගෙදර ආවම ලයනල් රංවල යන්ගේ හැමදාම ඇහෙන සින්දුව radio එකේ ඇහෙද්දී අවුරුද්ද කියන හැගීම  අවා ..මේ ඉරත්  මේ මාසෙත් වෙනස් ..වටපිටවෙනුත් දැනෙන්නේ අවුරුදු හැගීම ..හ්ම්ම්..එත් ගෙදර මහා පාලු යි ..... බලමු ඊළඟ අවුරුද්ද  මේවගේ වෙන්නේ නෑනේ :D එදාට මීට වැඩ ලස්සන කතාවක් ලියන්න තියෙයි .  ...... :)


මගේ පළමු බ්ලොග් සටහන


ම්ම්ම් ..කොහොමද මේක පටන් ගන්නේ .මටම හිත ගන්න බැ .කොහොම උනත් මේක තමි මගේ පළමු බ්ලොග් සටහන..... .කාලයක් තිස්සේ හිතේ තිබ්බ දෙයක් .diary වල ලියන්න බැරි ,timeline  වල පොස්ට් කරන්න බැරි ගොඩක් අය‍ට කියාගන්න ඕන උන මගේම අදහස් වලට හොඳම දේ බ්ලොග් එකකින් කියන්න පුලුවන්නම් ...ම්ම්ම් ...බලමු මේ බ්ලොග් එකෙන් මන් ඒ හැමදේම කියාවි එක්කෝ නොකියවී ..ඉන්න මේ තාම  ආරම්බය විතරයිනෙ .ම්ම්ම් ..මීට කලින් මං බ්ලොග් එකෙක් ලියන්න පොඩි try  එකක් දුන්න හැබැයි  අන්තිමට නතර උනේ හිතාගන්න බරිදෙයකින්(හපොයි !!මතක් වෙද්දීත් ...).ඒ හැමදේම මේ බ්ලොග් පිටුවලින් දිගහරින්න බලාපොරොත්තුවක් තියනවා.ම්ම්ම්...ඉදිරියට බලමු ඒ ගැන . (තමා මම ආගනතුකයෙක්... ) මේ බ්ලොග් සටහන එකදෙයකින් ඉවර කරන්න හිතුන ...

කතුවරයා  මෙහෙම දෙයක් කිව්වා 

" පාරේ poster අරන් කෑ  ගහලවත්  මිනිස්සු එක්ක රණ්ඩු  කරලවත්  මට විප්ලව කරන්න ඕන නැ .එත් ඇහැට දකින .කනට ඇහෙන සමහර දෙයල් වලින් මගේ හිත මාත්  එක්කම විප්ලව කරනවා ඒ හිතට ඒවා කියාගන්න විදිහක් නැති නිසා . ඒ දේවල් මුදාහරින්න්න මං  අවකාශයක් හොයනවා .මන් හිතන්නේ මට හම්බුනා ...ඒවා අවකාශයේ තවදුරටත් රැඳවීම හෝ  අතහැර දැමීම ඔබ සතුයි . ...."

ම්ම්ම් ....පසුව ලියන්න දෙයක් ඉතිරි කරලා පළමු බ්ලොග් සටහන මෙහෙම නවත්වන්නම් . :)