Friday, April 25, 2014

..... හීන ....

ඇයි  මිනිස්සු හීන වලට මෙච්චරම ආස .ඒ මිනිස්සු ජීවත් කරන්නේ හීන නිසා .කවදාවත් ලැබෙන්නෑ කියල දැන දැනත් ඒ හීනවලටම ඇලිල ඉන්නෙ ඇයි ?
ඔයාටත් හීන ගොඩක් තියනවා නේද ?ඔයා දන්නව සමහර හීන ගොඩාක්  ඈතයි කියල .ඒත් ඇයි තාමත් ඒ හීන වලට ආස ..හේතු ගොඩක් ඇති ..ම්ම්ම් මට හිතෙන්නෙ ඒ හීන හිතන හැමවෙලේම අලුත්වෙලා හීනෙ තවත් ලස්සනකරනවා .තවත් ලස්සන කොටසක් හීනෙට එකතුවෙනව ...ඒ හීනෙ ලස්සන වෙන්න ලස්සන වෙන්න ඔයා  ඒ හීනෙට තව තවත් ආදරේ කරනවා ..හැබැයි කාලයත් එක්ක යට ගිය හීන ඇති හැබැයි ඒ හීනත්  මතක පෙට්ටියේ  ඒ විදියටම රැදිල තියනවා .ඔයාටත් ඒ වගේ හීන ගොඩක් ඇති ...ඔව් මටත් ඒ වගේ  හීන ගොඩාරියක් තියනවා .... මං  ඒ හැම හීනයකටම ආදරෙයි ..හීන මාව ජීවත් කරනවා ..ඒ හැම හීනයක්ම මට අලුත් බලාපොරොත්තුවක් දෙනවා.... මං හීනත් එක්ක ජීවත් වේවි ..එදත් අදත් ..ඔව් හැමදාටම ....

2 comments:

  1. හීන කියන්නේ බලාපොරොත්තු.. බලාපොරොත්තු කියන්නේ ඉටු කරගන්න ඕන අරමුණු. ඒවා තමයි ජීවිතේට අරමුණක් දෙන්නේ...

    ReplyDelete