Friday, April 18, 2014

යාචකයින් ..........හිඟන්නො


වැදගත් විදිහකට කිව්වොත් යාචකයින් නැත්නම් කියන්නේ හිඟන්නෙක් ....මේ කොයි  විදිහට කිව්වත් කියන්නේ කවුරුගැනද  කියල අපි දන්නව .සමහර විට ඔයාලා හිඟන්නන්ට සල්ලි දීලත් ඇති... දීල වැඩක් නෑ  කියල අහක බලලත් ඇති මේක ලියද්දි අතීතයේ මගේ මතකයේ රැදිච්ච   හිඟන චරිත ගොඩාක් මතක් වෙනවා.

        ඉස්සර මම පොඩි කාලේ පත්තරේකට කතාවකුත් දැම්ම වගේ මතකයි  ඒ වයසක හිඟන සීය කෙනෙක් ගැන.මට ඉස්සර හිතුනේ ළමයි ඇත ඇරලා දාල, යන එන මන් නැතිව පාරට වැටිච්ච සීය කෙනෙක් කියල  ඒ ඇස් වල තිබිච්ච බැගෑපත් පෙනුම මාව සංවේදී කළා.එත් කාලයක්  යද්දී මම දැනගත්ත එකත් එක්තරා ව්‍යාපාරයක් කියල.. උදේ පාන්දරම  ටවුන් එකට යනවනම් ඔයාලටත් බලාගන්න පුළුවන් වාහන  වලින් ඇවිල්ල හින්ගන්නන් ව බස්සන විදිහ...  ගිය අවුරුද්දේ බෙල්ලන්විල පන්සල පහු කරද්දී දැක්ක three wheel එකකින් ඇවිත් හිඟන්නන්ට බත් පාර්සල් දෙනවා එක ව්‍යාපාරයක් කියල  මට හොඳටම තේරුනේ එදා... 
        සල්ලි දෙන්නෙ  මනුස්සකමට එත් මේ මිනිස්සු වංචා කරන්නෙ  රවට්ටන්නේ අපේම මනුස්සකමට නේද කියල හිතුනම  කලකිරෙනවා .ඒක  නිසාම තමයි කාලයක්  හිඟන්නන්ට සල්ලි දෙන එක නැවැත්තුවේ.. ශරීරයේ මොනාම හරි ආබාධයක්   වෙලා තියනවනම් ,මහන්සිවෙලා රස්සාවක් කරගන්න බැරිනම් ඒ මිනිස්සුන්ට හදුන්කූරු විකුනල වගේ පොඩි රස්සාවක් කරලා හරි ජීවත් වෙන්න බැරි ඇයි නිකන්ම ඉඳන් මිනිස්සුන්ට වැඳලා සල්ලිගන්න තරම් තමන්ව හෑල්ලු කරගන්නේ ඇයි .පුළුවන් කමක් තියෙද්දිත් රස්සාවක් නොකර බස්  වලට ඇවිත් හිඟමනේ යන මිනිස්සු  දැක්කම මට හිතුනේ අපේ තාත්තල කොච්චර දුක් විඳිනවද..උදේ  ඉඳන් රෑ වෙනකං ගොඩක් මහන්සිවෙලා හම්බකරන්නේ ඒත්  මේ මිනිස්සු හිතනවා ඇති අපිට නිකන් සල්ලි හම්බ වෙන්නේ කියල .. මං  සල්ලි දෙනවනම් දෙන්නේ මොනවම  හරි විකුණන මනුස්සයෙකුට එහෙම නැත්නම් ලස්සනට සින්දු කියන කෙනෙකුට ඒ මිනිස්සු කොහොම හරි නැගිට්න්න දෙයක් කරනවා ඒ දෙයට  මම සල්ලි දෙන්නේ නැත්නම් බැගෑපත් වීමට නෙමේ ..

මේවා ලියද්දි මතක් උනා  එක දෙයක් ..අපේ කැම්පස්  එක ගාව සමහර දවස් වලට ඉන්නවා  අන්ද  මනුස්සයෙක්.. හවස හතරට විතර ලෙක්චර්ස්  ඉවර වෙලා යද්දී දකිනවා එයයි  එයාගේ දුවයි  ඉන්නවා.. දුව නම් O /L  වයසේ වගේ.. දැක්කම ඇත්තටම දුකයි  . සමහර විට, සල්ලි තිබ්බනම් ඔය වයසේ කෙල්ලෙක් කවදාවත් පාරට එන්නෑ  හිඟාකන්න .. ඒ නංගිව 
 දැක්කම මට මතක් උනේ මම ඒ වයසේ ගත කරපු ජීවිතය.. සංසන්දනාත්මකව බලද්දී අපේ ජීවිත දෙක කොච්චර වෙනස්ද ..ඇගේ  මුහුණ විඩාපත්, එත් ඒ විඩාපත් මුනුනෙන්  මොකක්දෝ විස්තර කරන්න බැරි ආයාචනයක් තිබ්බ. ඒක  මට කියාගන්න බෑ ..හිතට දැනුනේ ලොකු අනුකම්පාවක්‌.. දවසක් පෑලියගොඩ හරියෙන්  කැළණි පාලම පහුකරද්දී , ලස්සන හවසට ඈතින් කැළණි පාලම දිහාවට වැටෙන ලස්සන ඉර එලියත් එක්ක මං දැක්ක  ඒ නංගි  එයාගේ අන්ද තාත්තාව අතින් අරන් එක්කන් යනවා. ඒක  හරි ලස්සන දර්ශනයක් ....

ම්ම්... අවුරුදු දවසට කලින් දවසෙත් ගෑනු කෙනෙක් අපේ ගෙදරට ආව  සාමාන්‍යයෙන්  අම්ම සල්ලි දෙන්න නෑ හොර මිනිස්සු කියල එත් මං  ගියාම ..."ළමයි දෙන්නෙක් ඉන්නව බබා ..හඳුන්කුඋරු පැකට් එකක් ගන්න එයාලට අවුරුද්දට මොන හරි ගන්න " ...මෙහෙම කිව්වම නොගෙන ඉන්න බැරි උනා  රුපියල් 40යි එත් 40 ට තරම් ඒකෙ  හඳුන්කුඋරු තිබුනෙත් නෑ  හැබැයි මං අවුරුද්දට ඒ හඳුන්කුඋරු පත්තුකළේ...සමහර විට එයා  බොරුවක් කියන්නැති එත් මගේ චේතනාව  හොඳයි නෙ .. අවුරුද්දට ඒවා පත්තුකරද්දීත් හිතුනේ ඒ වෙලාවට ඒ අය අවුරුදු මං  වගේම සමරනව ඇතී  කියල ..සල්ලි වලට වඩා ආත්ම තෘප්තිය වැදගත්..

ගොඩක් හිඟන්නෝ හම්බෙන්නේ බස්  එකේදී ලස්සනට සින්දු කියන කෙනෙක් නම් බස්  එකට නැග්ගොත්  මං handfree ගහන  හිටියොත් අනිවාරෙන් ගලවනවා මොකද මොන උනත් ඒ මිනිස්සු අපි වගේම මිනිස්සු...අපි ඇහුම්කන් දුන්නේ නැත්නම් කවුද ඒ මිනිස්සුන්ට ඇහුම්කන්දෙන්නේ ..සමහර සින්දු කියනවා ලස්සන නෑ  කිසිම තාලයක් වත් නෑ ඒත් අතපය හොඳට තියෙද්දිත් මොකුත් නොකර නිකන්ම හිඟා කන මිනිස්සුන්ට වඩා  උගුරෙ ලේ රහ වෙනකන් බස් එකක්  බස් එකක් ගානේ ගිහිල්ල සින්දු කියන මේ මිනිස්සුන්ගේ මහන්සියට මං  ගරුකරනවා ..හැබැයි ඒ මිනිස්සු ඒ සල්ලි වලට මොනාද කරන්නේ කියන එක මට අදාළ නෑ ..  ඒක  ඒ මිනිස්සුන්ගේ හර්ද ශාක්ෂිය පිලිබඳ ප්‍රශ්නයක් ..

 වෙලාවකට හිතෙනවා ලෝකේ ගොඩක්ම පොහොසත් මිනිස්සුයි අන්ත අසරණ දුප්පත් මිනිස්සුයි නැතිව හැමෝම එකවගේ වෙන්නත්තේ ඇයි  කියල එත් එහෙම උනානම් එත් ප්‍රශ්න තියෙයි ..තව ප්‍රශ්න වැඩිවෙයි .. එකෙක්ට වඩා අනෙක් එකෙක්   ඉහලින් යන්න හදන මේ ලෝකෙ හැමෝම එක වගේ උනත් වෙනසක් තියේවිද ? අනෙක මෙහෙම දුප්පත් මිනිස්සු ඉන්නකොටනේ සමහරුන්ට  හැගීමක්  දැනීමක් හරි ඇතිවෙන්නේ ..හැබැයි හැමදාම දකින හිඟන්න ..ඒ විදිහට දකින්න මං  කැමති නෑ  ඒ මිනිස්සුත් කවද හරි නැගිටිනවනම් ..මිනිස්සු මිනිස්සුන්ට රවට්ටන් නැතිව මනුස්සකමට ගරුකරලා ජීවත් වෙනවනම් ඔවුන්ටත් කවදම හරි ලස්සන ජීවිතයක් තියේවි  හැබැයි  ජීවිතේ යනු සල්ලි පිරිලා  තියන එකම  නෙමේ... හිඟන්නෙ වෙලා හරි හිතේ සතුටින් ජීවත් වෙනවනම් ඒ මනුස්සය පොහොසත් ...

4 comments:

  1. ලැබෙන සල්ලි වලින් උන් මොනවා කරත් අපිට මොකෝ.. අපි දුන්නේ පින් තකානේ..

    FB ඉන්නවා නම් මේ ගෘප් වලට බ්ලොග් පොස්ට් ලින්ක් දාන්න.සහ එවයි තියෙන ඒවාට ගිහින් කොමෙන්ට් කරලා ෆලෝ කරන්න.. බලන්න අය නැති උනාම ලියන්න එපා වෙනවා. සිංහල බ්ලොග් ඉක්මනටම නැති වේගෙන යන්නේ. ඒ නිසා රැකගන්න බලන්න..

    https://www.facebook.com/groups/192579577425984/
    https://www.facebook.com/groups/335256709892657/

    ReplyDelete
    Replies
    1. "අපි දුන්නේ පින් තකානේ.. " ඒ කියන්නේ එයාලට සල්ලි දුන්නෙ දෙයක් බලාපොරොත්තුවෙන් .... (පිං )
      .....කවුරුත් බලන්නැති උනාමත් ලියන්න හිතෙන්නේ නෑ ..හ්ම්ම් සියලුදේ බ්ලොග් වල ලියන්න නම් නිර්ණාමික විය යුතු වේ .බ්ලොග් වලට මං ආදරෙයි බ්ලොග් එකක් ම තමයි මට බ්ලොග් ලියන්න ආසාවක් ඇතිකලේ ...ලස්සන දර්ශනයක් දැක්කම ඇස් වලට photo ගන්න පුලුවන්නම් කියල හිතෙනවා ලස්සන අදහස් එද්දී හිතට ඒවා record කරගන්න පුලුවන්නම් කියල හිතෙනවා එත් ලියන්න එන්න හිතෙන්නෙ සිතිවිලි ඔක්කොම idle වුනාම .. :D

      Delete
  2. Replies
    1. ස්තූතියි අමිල. සාදරයෙන් පිලිගන්නව බ්ලොගේට

      Delete