Friday, April 11, 2014

අවුරුද්ද ..




එයාලට අවුරුදු ලු ..ඇයි මට ??? මටත් අවුරුදු .. හැබැයි මේ අවුරුද්ද අතීතය එක්ක සංසන්දනය කරන්න තරම් ඇඟට දැනෙන සිංහල අවුරුද්දක් නෙමේ ..ම්ම් එකට හේතු ගොඩයි ..."ආච්චි නැතිවෙලා අවුරුද්දක් වත් නෑනෙ  පුතේ  අවුරුද්ද ට මොකුත් හදන්න යන්නේ නැ " අම්ම මෙහෙම කිව්වම මගේ හිතේ තිබ්බ  හැමදාම අවුරුද්දට අපේ ගෙදර හදන විශේෂ සමනළ හඩේ තියන කොකිස් එක  කවුරු හරි ඇවිල්ල උස්සන් ගීයා  වගේ දැනුනේ .මොනා කරන්නද හ්ම්ම් අය්යත් ගෙදර නැ චික් ..රණ්ඩු වෙන්නවත් එකෙක් නෑ .හරි පාලුයි . මට හිතුන කාලය ආපස්සට හරවන්න පුලුවන්නම් කියල..

 ..ඉස්සර චූටි කාලේ මටත්  තිබ්බ හරි ලස්සන අවුරුද්දක් මේක ලියද්දි ඒ හැම එකක්ම එකින් එක ඔලුවට එනවා . ..
ඉස්සර අනිවාර්යෙන් අවුරුද්දට ඔන්චිල්ලාවක් කියවල හදාගන්නවා . ලේසියෙන් ගවුම් අඳින්නේ නැති උනාට අනිවාර්යෙන් අවුරුද්දට අම්මට කියල ගවුමක් මහගත්ත .එක ඇඳන් ආඩම්බරෙන් අහල පහල ගෙවල් වල යාලුවෝ බලන්න ගිය හැටි තාම මතකයි .ගවුම මහගන්නෙත් අවුරුද්දට අඳින්න කියන පාටින්මයි :D  අවුරුදු කැවිලි හදන්න දන්නෙ නැති උනාට අම්මට කියල මට ඕන ජාති හැමදේම  හදව ගත්ත .සමහර ඒවා මං  කන්නෙත් නැ  එත් අවුරුදු කෑම  මේසේ  පිරිල තියෙද්දී  දැනෙන සතුටට මං  ආස කලා .
.....අවුරුදු දවසේදී නම් මාරම ආසයි අලුත් ගවුම ඇඳලා ගෙදර එහාටයි  මෙහාටයි වටේම  යනවා .කිරි උතුරද්දී  කිරි ඉතිරෙන්නේ කොයි වෙලේ ද  කියල බලන් ඉන්නේ ..මන් විතරක් නෙමේ අය්යත් මොකද කිරි ඉතිරෙද්දී හැමෝම තරඟෙට රතිඤ්ඤ දානවනේ ....ම්ම් ඊට පස්සේ වැඩ ඇල්ලීම එකටනම් අනිවාර්යෙන් පොතක්  බලන්නම ඕන ඒ අම්මයි තාත්තයි  හැමදාම කියන එක ..
ඊළඟට ඉතින් ගනුදෙනු කිරීම නෙ .හැබැයි  ඉතින් මට ඉරිසියයි මොකද අය්යට  මට වඩා  හැමදාම ලැබෙනවනේ ඉස්සර අය්යට රුපියල්   100 යක් දුන්නොත් මට රුපියල් දහයයි .දුක තමා  ඉතිං (දැන් නම් එහෙම නැ ;) ) ඊට පස්සේ ඉතින් කන්න තමා  දුවන්නේ ඇයි  අප්පා පැය  කීයක් වේලි වේලි හිටියද නැකත එනකං ...
මුලින්ම අම්මයි තාත්තයි කැව්ව  ට පස්සේ තමයි  කන්න පටන් ගන්නේ  ඔන්න එදාට තමයි  අවුරුද්දකටම එකපාරකට අය්යට  කියල කවා  ගන්නේ  :D  එකත් ඉතින් පොඩ්ඩයි . කාල බීල ඔක්කොම කරලා ඊට පස්සේ ආච්චිලගේ ගෙදර යනවා ඒ තමයි  අපේ  පලවෙනි  නෑ ගමන ....පස්සේ අහල පහල හැමෝටම කෑම
පිඟන්  අරන් යනවා .අවුරුද්ද කට හරි ඒ හැමෝම  කතාකරද්දී එකතුවෙද්දී  හිතට මාරම හැගීමක්  දැනෙනව .ගොඩක් ඉස්සර ම්ම්..මං  පහවසරේ හතර වසරේ ඉන්නකොට වගේ ආච්චිඅම්ම එක්ක පංච දැම්ම හැබැයි ඒක කාලයක්  යද්දී එහෙම්මම නැතිවෙලා ගියා . ..අන්තිමට අවුරුද්ද ඉවර වෙන්නේ ගමේ ආච්චිලා  සීයල බලන්න යද්දී ඒ මන් හැම දාම ආස කල  ගම.. .ගම කියන හැගීම මගේ ගමටත් වැඩියෙන් දැනුනේ එහෙදි ඒවා ගැන  කියනවනම් මේ බ්ලොග් 1ක් වෙනමම ලියන්න ඕන :D ..මේ  හැමදීම කතා වක්  වගේ එකදිගට ලියන්න ගලාගෙන එනවා ඒ මට ඉස්සර නියමම නියම අවුරුද්දක් තිබ්බ නිසා ..එත් ඒ අවුරුද්ද අද නෑ  ...campus  එකේ  වැඩ  අවුරුදු නිවාඩුවට ත් දීල ..ඒ  වෙලාවත තමා  ගොඩාක් දේවල් මතක් වෙන්නේ :(    ....
හ්ම්ම්.. ඔහම තම මගේ අවුරුද්ද මේ අවුරුද්ද පට්ට චාටර්  ...මෙලෝ රහක් නෑ  ... ගියසතියේ බෝඩිමේ  ඉඳල ගෙදර ආවම ලයනල් රංවල යන්ගේ හැමදාම ඇහෙන සින්දුව radio එකේ ඇහෙද්දී අවුරුද්ද කියන හැගීම  අවා ..මේ ඉරත්  මේ මාසෙත් වෙනස් ..වටපිටවෙනුත් දැනෙන්නේ අවුරුදු හැගීම ..හ්ම්ම්..එත් ගෙදර මහා පාලු යි ..... බලමු ඊළඟ අවුරුද්ද  මේවගේ වෙන්නේ නෑනේ :D එදාට මීට වැඩ ලස්සන කතාවක් ලියන්න තියෙයි .  ...... :)


No comments:

Post a Comment