Saturday, February 9, 2019

ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමී...

කවිය 

කවිය කිව්වම මතක් වෙන සිංදුව මොකක්ද ?

"කවිය ඔබ......
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ
කවිය ඔබ......."

මම හරි නේද  ? :)

හැබැයි කාලෙකට පස්සෙ මම අලුත් සිංදුවක් ගෙනාව. ඒකෙ නමත් 'කවිය' .......

හිතට දැනෙන වචන තියන ලස්සනයි කියන්න පුළුවන් සිංදුවක්. වචන ටික පහල කොටල යන්නම්. අමතක නොකර  සිංදුව අහන්න :) 

 බොහෝ පෙම් කවි ලියු පසුවද
සියුම් කැපුමක් මෙන් රැදී
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී
තියුණු රුදුසැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් මැවී
සිදිනු හැකිවෙද කෙලෙස කි කලෙක එවන් හද පාරන බැමී
ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී
ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී

නෙතින් ගිනිගත් හදින් දැවෙමින්
දරා ඉමිහිරි වේදනාවන්
පෙමින් සඟවා තබා ගන්නෙමි
නොලී ඒ ගීතිකාවන්
සදාකාලික තැවුල් පොදියක රැදී හද පෙලුවත් නිතී
ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී
ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී
ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී

ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී
ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමන් නොකරමී

පද රචනය :සෞම්‍ය සඳරුවන් ලියනගේ 



11 comments:

  1. Replies
    1. Now Hansi must be a Granny to few kiddies.. :D :D :D

      Delete
    2. කවද ආවත් නෑවිත් නොයන හිත මිතුරු ඉයන් මාමට ආදරෙන් :)

      කලණ අය්යේ මම තාම ඉස්සර හිටිය පොඩි ගෑල්ලමයම තමා :D

      Delete
  2. රුවන් ලියන සෞම්‍ය කවි.. ඉතින් රසබර නොවී කොහොමද? ස්තූතියි බෙදා ගත්තට හංසි ආච්චි අම්මේ.. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මී මුත්තේ :D

      Delete
  3. ස්තූතියි ඔත්තුවට ... ලස්සන සින්දුවක්...

    ReplyDelete
    Replies
    1. මටත් අහම්බෙන් හම්බුන සිංදුවක්

      Delete
  4. අක්කා අපි දියගමින් එලියටත් ගියා

    ReplyDelete