හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්
මහ අඳුර සමග වැහි පොද මෙහි රැගෙන එන ලෙසින්
යලි කිසිදු දිනක ඈ නොඑතියි නිසැකවම දනිම්
වැහි වැටුනොත් මේ ශේෂ කඳුළු නතර වේ සැනින් ......... //
විදි පුරා වතුර පිරී හෙමින් හෙමින් මාවත දිග ඉතිර යාවි දැන්
ආගිය මග ලකුණු තෙමී යනවානම් මතක ලකුණු නිධන් වේ කෙමෙන්

වැහි වැටුනොත් මේ ශේෂ කඳුළු නතර වේ සැනින්
අප සමුගත් පසු මැයි ගස් මල් නොපිපී හිස් අහසේ ඔහේ බල බලා
පියඹා යන සියොත් කැලෙන් ඇහුවා වැහි වලා කොහේ සැඟවුනිද කියා

වැහි වැටුනොත් මේ ශේෂ කඳුළු නහර වේ සැනින් ...........//
ප.ලි. :
අහල තියන සිංදුවක් ගැන වෙනස් විදිහට හිතල හිතට ආපු පද ටිකක් එකතු කරලා මේක ලිවවෙ .දැන් ඉතින් බනින්න නම් එපා හරි ;) ... අපි හැමෝම අහල තියන වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරලා තියන 'හිත මිතුරු සුළඟ ' සිංදුවේ කොල්ලව කෙල්ල දාල ගියොත් කොහොම කියාවිද ? අන්න එහෙම කියල හිතල ලීව පද ටිකක් තමා මේ ........ :)
මුල් සිංදුව අහන්නකො මෙතනින්