Saturday, July 15, 2017

දාබරේ බැන්ද මචං

පෝරුවේ නගින සකියට දිරි දෙන්න
යාලුවේ යමුද හවසට පන්සලට
මාලුවෝ නැතත් විල් මැද බාගන්න
පාඩුවේ හිටිං වෙහෙසෙනු ඇයි කුමට

බෝඩිමේ තිදෙන එක්වී දිවි ගෙව්ව
කාලයේ මතක හදෙහී ඉරි ඇන්ද
දාබරේ ඉතිං දෑඟිලි බැඳගත්ත
කෝ ඉතිං ඇසුවාද නිරතුරු කී බණට

ජීවිතේ ගැලට තවනම් බර කුමට
වැටහුනා ගුණේ මට නම් ඒ කලම
දාබරේ අනේ ආලෙන් මත් වෙච්ච්
තනිකමේ බෑහැයි කියලා ගියෙ මෙලෙස

බෝතලේ හිතැති විගහට අරගෙනම
යාලුවේ යමං රූටා කෙලවරට
දැන් ඉතිං දෙකයි වීදුරු පුරවන්ට
යාලුවේ ගනිං අඩියක් කට සැරට