පාරේ එහා කොනේ ඉඳන් මෙහා කොනටම මම අතුගාගෙන එනව.කරාස් කරාස් ගාල ඉදල් පාර සිමෙන්ති පොලව හූරගෙන යනව.ටික ටික පාර පිරිසිදු වෙනව.කුණු ඔක්කොම කුණු කරත්තෙට එකතුවෙනව.පාර ලස්සන වෙනව.මිනිස්සු හිරිකිතයක් නැතිව පාරේ ඇවිදිනව. මම ..හ්ම්ම් මම .. කරගැට ඇවිච්චි ගොරෝසු අත්ලෙන් ඉදල් මිට කිටි කිටියේ අල්ලාගෙන තව තව කුණු එකතු කරනවා.රෝද දෙකේ මගේ වාහනය කුණු වලින් පිරෙනකන්ම ඉදලට නිවනක් නොදී අතුගානවා අතුගානවා කුණු ඔක්කොම හූරගෙන යන්න ඉදලෙන් පහර දෙනවා.අතේ නැගිච්ච කරගැට ගොරෝසු අත්ලටම මට්ටුවෙලා දැන්. ඕන බර කුණු කරත්තයක් හුරුයි .ඕන ඉදලක් හුරුයි.ඕන ජරාවක් හිරිකිතක් නැතිව අල්ලන්නත් හිත හුරුයි.
මම කසල ශෝධකයෙක් . නෑ ..මං කුණු ගෙනියන මනුස්සයෙක්. මිනිස්සු කියන්නෙ එහෙමයි.
ඊයේ දවසේ මිනිස්සු කාපු බීපූ ,කෙල ගහපු හැම මල ජරාවක්ම පාරේ. ලංකාවේ මිනිස්සුන්ගේ කුණු ගොඩ මහ පාරනෙ.තැනක් නොතැනක් නොබලා කුණු දාන මිනිස්සු මේ ලංකාවේ ඉන්නකන්.අපිටත් රස්සාවක් තියේවි.ඉතින්... මං උන්ට ණයගැතියි...
හැම තැනම හූ සද්දෙ.මිනිස්සු මිනිස්සුන්ටම හූ තියාගන්නවද ? නෑ ඒ වාහන නලා හඬ.උදේ පාන්දර එහෙට මෙහෙට වාහන වලින් දුවන මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පෙන්නුම් කරන සාධකය.මේ මිනිස්සු මෙච්චර ඉවසීමක් නැතිව දඟලනවා.මේ මිනිස්සුන්ගේ කුණු අපි කොහොම ඉවසීමකින් අයින් කරන්න ඕනද.වැඩිය කතාකරන්න එපා.ඕක උඹලගේ රස්සාව...උන් අපිට කියාවි ...
මම තාමත් අතුගානවා.ඒත් උදේ ඉඳන්ම ඉදල අල්ලගෙන. එහාට මෙහාට නැවි නැවි කුණු එකතු කරල කොන්ද දිගේ එන හීන් වේදනාව දැන් වැඩිවෙන්න පටන් අරන්.මම කුණු කරත්තේ පාරේ කොනකට තල්ලු කලා.හෙමීට කොන්ද දිග ඇරලා ඔලුව කෙලින් කලා.අමාරුවෙන් ළඟ තිබ්බ තප්පෙකට හේත්තු උනා.තාප්පේ අළුයි කුණු ගෑවුනත් පෙන්නේ නෑ. නැත්නම් ඕකේ හේත්තු උනත් මේකේ ඉන්න ලොකු මිනිස්සුන්ගෙන් ඇනුම් පදයක් අහගනීවී...අවුරුදු ගානක් තිස්සෙම මේ හිත ඕවට පුරුදු වෙලා.ඔලුව නමන්න. හිස පාත් කරන්න. බැනුම් අහන්න. මේ හැම දේටම ඔට්ටුයි...හ්ම්ම් හිතත් ගොරෝසුවෙලා.
කොන්ද කකියනවා ඉවසුම්දෙන බැරිතරම්. මගේම ශරීරය මටම ඔච්චම් කරන හැටි.එහාට මෙහාට ඇඹරුනත් මේ වේදනාව නම් මේ කැහැටු ශරීර කූඩුව දාල යන්නේ නැතිවෙයි.වේදනාවයි හුඟක්. ඒත් කාට කියන්නද? මේ වේදනාව කවුරු අහනවා කියලද. හැමදේම කාගෙන ඉන්න මේ ගල් හිතම අහනවා මිසක්.නළල කෙලවරේ නැගිච්ච දාඩිය බිංදු ටික ටික එකතුවෙලා දැන් කුඩා දියපාරක් වගේ, කම්මුල දෙපැත්තෙන් ගලනව.කොච්චර පිහි දැමුවත් ආයෙත් දාඩිය බුබුලක් කොහෙන්ම හරි මතුවෙලා ගලනවා.බෙල්ල දාඩිය වතුරෙන් තෙත්වෙලා.දාඩියට පෙඟිච්ච කමිසේ පිටටම ඇලිල. මහන්සියි.අමාරුයි.එත් නවතින්න බෑ.
නවතින්න බෑ.පාරේ කෙළවරටම තැනින් තැන කුණු ගොඩවල්. මිනිස්සු කඩිමුඩියේ දුවනව.කුණුගොඩවල් වලට උඩින් පැන පැන කුණු ගොඩවල් මග ඇරගෙන මිනිස්සු දුවනව.සපත්තු අඩියක වත් කුණු ගෑවෙයි බයෙන් දිගු අඩිතියමින් ඇවිදිනවා.ඒ සපත්තු පවා පින් කරපුව වෙන්නැති.
මේ හැමෝම ලස්සනයි.ගානට මැදපු ඇඳුම්. මූණ පේන්න පොලිෂ් කරපු සපත්තු.ඇඳුම් වලටම ගැලපෙන වයිවර්ණ ආයිත්තම්.ලස්සන ඔරලෝසු, හම් සපත්තු ,බෑග් ,කමිස ඒ වගේම එකිනෙකාට නොදවෙනි නහය කපාගෙන යන සුවඳ විලවුන්.මේ හැමදේකින්ම එක්කෙනාට එක්කෙනා පරාද වෙන්නේ නෑ.මේ හැමදෙයක් අස්සෙන් මගේම ඇස් නොදැනීම වගේ මටම එල්ල උනේ ඇයි?. මතක ඇති කාලෙක මැදපු නැති ඇඳුම්.අඩිය ගෙවිල ගෙවිල ගන්නම දෙයක් නැති සෙරෙප්පු.පොල්තෙල්වලින් සංග්‍රහ ලැබිච්ච තෙල් බේරෙන ඉත්තෑකුරු අකීකරු කෙස්.ඒ කෙස් දුඹුරු කරන නගරේ වටේම තියන දූවිලි.ආලේපනයක් නොගාපු මූණට ඇලිච්ච කළුදුම.ඇඟටම ඇලිච්ච දාඩිය තෙත් වෙච්ච කමිසෙන් එන හපුටු පුස්ඹ. හ්ම්ම් ..
මම වෙනස් .. මේ හැමෝටම වඩා....
මේ තම ජීවිතේ...හරි මෙහෙම මෙහෙම නැතිව කොහොම එන්නද ? ටයි කෝට් දාල ප්‍රාඩෝ එකෙන් ඇවිත් එලියට බැහැල පොලිෂ් කරපු සපත්තු දාගෙන පාර අතුගාන්නද? ..විහිළුවක්.... එහෙම මිනිස්සු පාර අතුගන්නේ නෑ .ඒක නම්බුවට ගෞරවේට හරි නෑලු.
මගේ හිත මගෙන් අහපු ප්‍රශ්නේ දැන් ආයෙත් අහන්න එපා.
"කෝ එතකොට ඔයාගේ නම්බුව.ඔයාගේ ගෞරවේ ? "
මම උත්තරේ හොයල ගොඩක් කල් "
ඒ නම්බුව ගෞරවේ මිලදී ගන්න මට සල්ලි නෑ "
මම.....මම තාම දුප්පත්.
මම තාම දුප්පත්.සල්ලි කෝටි ගානක් ලැබුනත් මේ රස්සාවට ම්ලදී ගන්න බැරි දේවල් බොහොමයි.සල්ලි අතේ සතේ නැතත් සම්මතය පිළිගත් රස්සාවකට මිලදී ගන්න දේවල් ඉහලයි.හ්ම්ම් ..
හ්ම්ම් ...තවත් දිගු හුස්මක් ...අතේ තියන ඉදලට වාරු දීගෙනම මම ඈත පේමන්ට් එකේ කොනටම ඇස් යැව්ව. තාමත් අර කුණු ගොඩ එහෙම්මමයි. ඒත් ටිකෙන් ටික ඉහල නගින කුණු ගොඩක්. එහෙට මෙහාට කඩිසරව ඇවිදන් එන මිනිස්සු සිය දහස් ගානක් කුණු ගොඩවල් අස්සෙන් පැන පැන මාව පහුකරනවා.ඒ පහුකරන හුඟ දෙනෙක්ගේ ඇස් මගේ ඇස් එකට හමුවෙනවා.එත් හමුවෙන නිමේශයෙන්ම ඒවා වෙනතක යොමුවෙනවා. ඒ හැමෝ වෙතටම මගේ මූණෙන් නැගෙන හිනාව ක්ෂණයකින් ඇකිලෙනවා.මොකද ඒ හිනාව ගෙනියන්න කෙනෙක් නෑ.මට හිනාවකින් සංග්‍රහ කරන්න කෙනෙක් නෑ.ඒ මිනිස්සුන්ගේ හිනාව මට දෙන්න ලෝබයි නැත්නම් හිනාව ගණන්.....ගිනි ගණන් .....
හිත තුලින් නැගෙන හිනාව ආයේ හිත පත්ලටම විසිකරල කරබා ගන්නේ ඒ නිසයි .මට මේ හැමෝ එක්කම හිනා වෙන්න ආසයි.සුදෝ සුදු කිරිදත් නෙමේ වෙන්නැති බුලත්විටට කහට ගැහිච්ච කලුපාට විරිත්තන දත් වෙන්නැති ..ඒත් ඒ නැගෙන්නෙ හිතත් හදවතත් වෙන්කළ ව්‍යාජ හිනාවක් නෙවෙයි.අව්‍යාජයි ...මේ හිනාව අව්‍යාජයි .ඒත් කොහොමද..කොහොමද ඒ මිනිස්සු මගේ හිනාව දකින්නේ.බලන සුනන්ගුවෙන්ම උනුන්ගේ ඇස් වලින් මාව ඉවතට විසි කරන කොට.
තව කොච්චර බලා සිටියත්.ඒ කළුනික සෙවීමක්.මේ අපි වගේ මිනිස්සුන්ට.අපි වගේ රස්සා කරන මිනිස්සුන්ට.සල්ලි වලට ගන්න බැරි දේවල් .අහම්බෙන් කලාතුරකින් ලැබෙන දේවල්.හිනාව, ඒ හිනා මුහුණුත් අපවෙත එල්ල කරන්න බැරි තරම් මිල අධිකයි.හිනාවක් ලැබෙනකන් අනුකම්පාවක් අයදිනකන් බලා හිටයත් ඒ කල්පයක්.නොපෙනෙන දයාවට වඩා හවසට අත මිට මෙළවෙන නෝට්ටු හිත පුරවාවී.තවත් වේලක් නිවාවී....
මම ආයෙත් ඉදල දැඩි කොට අල්ල ගත්ත. හිත හූරපු සිතිවිලි වලට නොදවෙනිවෙන්න තව හය්යෙන් තව වේගෙන් ඉදල් පහරිනි කුණු ඈතට ඈතට වේගෙන් විසිකර කරමින් කරත්තය පිරෙන්න කුණු පුරවමින් පාරේ ඉදිරියටම ඇදුන.

මොහොතක් සිතන්න ....මේ ඔබගෙන් සිනහවක්, අනුකම්පාවක් පතන තවත් එක් පුද්ගලයකු විය හැකියි