Thursday, May 29, 2014

නංගි මම වැරදිද ?

මේ කතාව ලියන්නද නැද්ද කියල මම දෙපාරක් හිතුව  මේ කතාවෙන් හිතන්න දෙයක් තියනව.. කතාවේ කියවෙන චරිත ගැන ඔයාලට කියන්න දෙයක් තියෙයි .කතාව කියවල ඉවර උනාම ඔයාලට හිතෙයි මේ කතාවේ කියන අයගෙන් එක්කෙනෙක් වැරදී  කියල හැබැයි ඔයාට වැරදී කියල හිතෙන කෙනා තව කෙනෙක්ට වැරදි නැති වෙන්න පුළුවන් ..හැමදේම තීරණය වෙන්නෙ ඔයාල ඒ චරිතදිහා බලන කෝණය අනුව .මේක ගොතපු කතාවක් නම් නෙමෙයි ඇත්තම කතාවක් හැබැයි පොඩි සංවාදයක් ..  මුහුණු පොතෙන්  මාත්  එක්ක කතාකරන ගොඩක් හිතවත් අය්ය කෙනෙක් ට වෙච්ච සිදුවීමක් තමයි මේ. එයාගේ නමවත් විස්තර වත් මෙතන කියන්න වෙන්නේ නෑ .
      කාලයක් එකදිගටම මාත් එක්ක කතා කල අය්යා එකපාරටම කතා කරන එක නැවැත්තුව ..හේතුවක් වත් මොකුත් දන්නෑ .message  යැව්වත් reply  නෑ . හිතාගන්න බැරිව හිටියේ මොකක් උනාද කියල ඔන්න මාසෙකට පස්සේ මට reply එකක් එවල තිබ්බ . කතාව  ඒ විදිහටම එයාගේ වචනෙන්ම කියන්න ඕන නිසා සංවාදයක් විදිහට ලියන්නම්  මෙන්න මේකයි කතාව ....


දැන් online  එන්නෙත් නෑ 



      අහ් ..ඇයි  මතක් උනේ අපරාදේ හිටිය විදිහටම ඉන්න තිබ්බනෙ . message වලට reply  එකක් එවන්න වත් වෙලාවක් නෑනේ  නේද  :/ ඕන වෙලාවට විතරක් කතා කරනවා අනෙක් වෙලාවට ගණන් ගන්නේ වත් නැ .අපෝ ඕවගේ යාළුවො ඕනෙ නෑ  :( 

 අය්යෝ  නංගා  එහෙම දෙයක් නෙවේ ..පහුගිය දවස් ටිකේම  මම ගොඩක්  කලකිරිලා හිටියේ .fb  වත් අවේ නැත්තේ ඒකයි .


     කළකිරිලා  ? එමොකටද ?


හ්ම්ම් ... ඒක  දිග කතාවක් ...


    කැමතිනම් කියන්න ..මම අහන්  ඉන්නම් 


ඔයාට මතකද මං  ඔයාට අන්තිමට කතාකලේ  මගේ birthday එක දවසෙනේ ..


     ඔව් ..



මට ගෙදරින් proposal එකක් ගෙනෙල්ල තිබ්බෙ එදා මං ගියා ඒ කෙල්ලව බලන්න 

    proposal  එක නිසාද fb අවේ නැත්තේ අය්යෝ මෙහෙමත් අය්යෙක් 

    හි හී ...

ඉන්නව මැට්ටි මං  කිව්වේ නෑනේ තාම ..


   හා එහෙනම් කියන්නකෝ  :P 


proposal  එකට මං කැමති උනා .එයත් මට කැමතී කිව්වා ..හොඳටම ..මං බලකලේ නෑ .ඊට පස්සෙ තමයි මං හිතුවෙ fb ඇවිල්ල කාලේ කන එක හරි නැ පිළිවෙලක් වෙන්න ඕන කියල .


 ඉතිං ..


එයා  මාත් එක්ක හොඳට කතාකලා ..මාව දාල යන්නේ නෑ  කියලත් කිව්වා  හැබැයි ..එත් එහෙම කියල සති දෙකකට පස්සේ  පැය දෙකක් ඇතුළත එයා  වෙනස් උනා 



  :O   පැය දෙකක් ?

ඔයාම මේක අහල කියන්න මං වැරදිද කියල 

          එයා මට කැමති කිව්වනෙ ඊට පස්සෙ එක දවසක අපි ෆෝන් එකෙන් කතාකරද්දී එයා මගෙන් ඇහුව "ඔය කවද හරි දවසක drinks  අරන් තියනවද " කියල මම කිව්වා කැම්පස් එකේ ඉන්න කොට දෙතුන් පාරක් beer  බීල තියනවා දැන් නම් කොහොමත් නෑ ඒ සිද්දිය උනෙත් දැන් අවුරුදු 3 කට විතර කලින් කියල .මං  කිව්වා මේක කාටවත් කියන්න එපා මං  මේක අපේ අම්මට වත් කියලනෑ කියල 

   හ්ම්ම් ... ඊට පස්සෙ 


 මාත්  එක්ක එයා ටිකක් වෙලා කතා කළා ඊට පස්සෙ ගූඩ් නයිට් කියල නිදාගත්ත ..............පහුවෙනිදා උදේ ..එයා හැමදේම  ගිහින් එයාගේ තාත්තට කියල .එතකොට තාත්ත එපා කිව්වා කියල එයා මට කතා කරලා කිව්වා මේ සම්බන්දෙ නවත්වමු කියල .. ...

මේක අහල මට සංසාරේ එපා උනා  නංගි .
     මට ඕන උනේ අවංක වෙන්න  පොඩි රහසක් වත් තියාගන්න ඕන උනේ නෑ .මම ඕක කිව්වේ නැත්නම් එයාට ඒක කීයටවත් හොයාගන්න හම්බෙන්නෙත් නෑ .එත් මගේ අවංක කම මටම හරහට හිටිය 

   හ්ම්ම් ... අනේ මන්ද සමහර විට එයා හිතන්නැති ඔයා  දැනටමත් බොනවා එත් ඒ බව කියන්නෑ  කියල ..බීල ජීවිතේ නාස්ති කරන කොල්ලන්ට කෙල්ලෝ ආස නැනේ අය්යේ එයාලට ජීවිත කාලෙටම විඳවන්න බෑනේ ..


නෑ නංගි එකක් මං  ඒ වෙලාවේ බිව්වේ පොඩ්ඩක් ඒක දැන් නෑනේ අනෙක මේ දේ මගේ කැම්පස් යාලුවෝ වත් වැඩිය දන්නේ නෑ  .මම අවංක උනා  වැඩි එයා මට කිව්වේ මොන දේ තිබ්බත් කතා කරලා විසන්දගන්නවා කියල ..මැරෙනකන් අයින් වෙන්නේ නෑ කියල කිව්වේ එහෙම කෙනෙක්ට පැය දෙකෙන් වෙනස් වෙන්න පුලුවන්ද නංගි හදවතක් තියනවනම් ..


    ඔයා ඉතින් මේගැන මොනාවත්ම කලේ නැද්ද ?ගෙදර අයත් එක්කවත් කතා කලේ නැද්ද ?


පස්සෙ  මං එයාට ගන්න ගොඩක් try කළා එත් එයා answer කලේ නෑ message    යැව්ව  ඒත් 

 reply  එව්වේ නෑ බැරිම  තැන  මම proposal  එක ගෙනාව එයාගේ පුංචිට කතා කළා එයා කිව්වෙත් මම ඕනවට වැඩිය අවංක උන නිසා මේ දේ උනා  කියල .එයත් පැහැදිලි කරලා තිබ්බ එත් වැඩක් උනේ නෑ .

    විසඳගන්න තිබ්බ ප්‍රශ්නයක්   ඇයි  හම්බෙලා කතා කලේ නැත්තෙ?


කතා කරන්න හැදුව... හැම විදිහටම ....මම   වැන්දේ නම් නෑ  එත් එයා වෙනස් උනේ නෑ... අන්තිමට  මං එයාව හිතින් අතැරලා දැම්ම හැබැයි...... මට ජීවිතේ ගැන පුදුම කලකිරීමක් ආවේ ...


 ඔයාට වෙච්ච දේ ගැන ගොඩක් දුකයි .. ජීවිතේ අපි ට වෙන ගොඩක් දේවල් කවදාවත්ම හිතන්නේ නැති විදිහටනේ වෙන්නෙ ..හිත හදාගන්න බලන්න අය්යෙ ..මන්ද මට ඒ girl ගේ පැත්තේනුත් හරි කියල හිතෙනව හැබැයිඑයාට  කතා කරලා විසඳ ගන්න තිබ්බ හැමදේම 


සමහර විට මම ඉස්සරහට මේවගේ අවංක වෙන්නැති වෙයි එහෙම නැත්නම් කිසිම කෙනෙකුට ආදරේ කරන්නැති  වෙයි ..මට තේරුම් ගන්න බැරි ඇයි  අවංක වෙන මිනිස්සුන්ට ම ජීවිතේ දුක් විඳින්න වෙන්නෙ ....

.
.
.





ඔන්න ඔහොමයි කතාව උනේ .. තව ගොඩක් දේවල් ඒඅය්යා  කිව්වාවැරදි කවුද කියල මම කියන්නෑ ... මට කියන්න ඕන උනේ මෙහෙමත් දේවල් මේ සමාජයේ අපිට අහන්න වෙනවා කියල . ඕගොල්ලන්ට හිතන්න ඉඩ ඇරලා මම නවතින්නම් .....................

Thursday, May 22, 2014

මෙවන් අය්යල වාසනාවන් .... :P

Interval  ඉවරයි අපි ඔක්කොම  වාඩිවෙලා හිටියේ lecture  hall  එකේ ඊළඟට තියන වැඩසටහනට .කට්ටිය හැමෝම හිටියේ හිතට අරගෙන .අපි දැන් කුළුඳුල් ජේෂ්ඨයෝ නෙ juniors ල ගෙන් මාරම සැලකිලි  කොහේ හිටියත් කටපුරා හිනාවෙනව  ;)  
      හරි දැන් වැඩසටහන පටාන් ගන්න යන්නේ  වැඩසටහන ..හ්ම්ම් ...පොඩි 'පුනුරුත්ථාපන' වැඩසටහනක් .(මේකෙ වෙන්නෙ juniors ල එක එක්කෙනා ඉස්සරහට ගිහින් එයාල ගැන විස්තර කියල අන්තිමට අපි කියන දේ කරන්න ඕන එක්කෝ සිංදු  කියන්න , කවි කියන්න, රඟ  පාන්න නටන්න  මේ මොකවත්ම බැරි නම් සිංදු  කවි කරලා හරි කියන්න ඕන නැත්නම් වන්නමක් හදල හරි නටන්න ඕන .අන්තිමට හැමෝම එයාලගේ talents  පෙන්නනවා වගේම එක අතකින්  ඇතිවෙනකන්  හිනායන  වැඩක්   ... )
       ..මම හිටියේ මගේ යාලුවෝ එක්ක පිටිපස්සේ පේළියේ .ඉස්සරහ පේලියේ හිටියේ පොඩි එවුන් .මං ඉතින් පිටිපස්සේ පේලියේ ඉඳල බෙල්ල දික් කරලා බැලුව කවුද ඉස්සරහ පේළිවල ඉන්නේ කියල ..අහ්හ් !!! මෙන්න වැඩක්  ..අහෝ දෙය්යනේ මේ හීනයක්ද ..මට අදහගන්නත් බෑ ..ඒ දැක්ක දර්ශනෙන් heart attack  හැදෙන්නතිව බේරුනේ බොහොම අමාරුවෙන් ..මට අඩෙන්න වගේ ... මේ ඉස්සරහ ඉන්නේ අපේ seniors ලනෙ ..ඈ ..එතකොට අපි මේ පුනුරුත්ථාපනය කරන්න යන්නේ මේ අයටද ?... අලේ මාරු වැඩේ  කරමු කරමු ඉන්නවකෝ.. :D :D 
        ...මට  චිත්ත ප්‍රීතිය  ඉහවහා ගොසින්ය .හිසේ මල් පොකුරු පිටින් පිපී ඇත .දැන් ඉතින් තිත්තයා  ටත් වාරයක් ඇවිල්ල .අපිව බයිට් කරපුව ..ඇති වෙනකම්  මඩවපු ව ඔක්කොම එකක් නෑර මෙයාලට කරන්න පුළුවන් (මෙය නම් අරුමයක් මැයි  :D ...) 
                    මෙන්න මුලින්ම ඉස්සරහට යන්නේ  **** අය්ය (නම ප්‍රසිද්ධියේ  කියන්න බෑ..මම මෙයාට චුට්ටක් විතර බයයි .. ) අම්මෝ හරිම අහිංසක පාටට බැගෑපත්ව යනවා මූණ රතු වෙලා ..හොඳටම බයවෙච්ච මූණක්  අනේ හරිම පව් වගේ ...හ්ම්ම්..මොන පවුද මෙය අපිට කරපුව මතක් වෙද්දී   එන  තරහ එර්ර්ර්.. .. 

     ඔන්න **** අය්ය  දැන් ඉස්සරහටම ගියා .දැන් ඉතින් මෙයට මොනාද කරන්න දෙන්නෙ... ලේසි දෙයක් නම් දෙන්න බෑ . හොඳට බයිට් වෙන දෙයක් කරන්න දෙන්න ඕන .අපේ කොල්ලෝ පැත්තක ඉඳල කතාවෙනව මොනාද කරන්න දෙන්නෙ කියල මේ එක්කම අපේ කොල්ලෙක් කිව්වා  එයාට තොවිලයක  ආතුරය වගේ ඉස්සරහ  ඇවිත් නටන්න කියල.තව එකේ කිව්වා නෑ නෑ අපේ මහා රජා  වගේ ඉස්සරහට වැඳගෙන ඇවිත් මොනාහරි බොරු වගයක් කියල රඟපාලා යන්න කියල . ...අය්යෝ මේවා මෙයාට පොඩි වැඩි  අහ්හ් ! මට මතක් උනා  හොඳ එකක්  හි හී ..ඉන්නවකො මම කරන්න හොඳ වැඩක් ..

    ... හෝව් හෝව් ..ඕක simple වැඩි හලෝ  ඕව හරියන්නෑ ඉන්න මං කියන්න එකක් ..මං පිටිපස්සේ පේලියේම ඉඳන් කෑ ගැහුව . අපොයි ..මෙන්න ඔක්කොම මං දිහා බැලුව ..මට හිතුන  අය්යා දැන් ඊළඟට   මාව ගිලගන්න රාක්ෂයෙක් වගේ කඩා පනීද  දන්නැ කියල   ..මං මොකට බයවෙනවද  අද අපිනේ ලොක්කෝ ..හි හී ..මොන හරි කලොත් තව එකක් දෙනවා කරන්න ..මං  එහෙම හිතහිත හිටිය විතරයි  

            ..එකපාරටම .."දඩාන් " 

...මොකක් හරි දෙයක් මගේ ඔලුවට වැදුන ..ඒ ..අය්යා  දුව ගෙන ඇවිල්ල මට ගැහුවා වත්ද ................නෑනේ.. එයා   අර ඉන්නෙ ඉස්සරහට වෙලා වෙවුල වෙවුල ..එතකොට කවුද මට ගැහුවෙ..එයාගේ යාලුවෙක්ද ??? ...................ඉතින් මම පිටිපස්සේ පේලියෙනේ වෙන කවුරුත් ඉන්න විදිහක් නෑනේ ...
එකපාරටම අයෙත්  "දඩාන් "  ..ඒ පාර මගේ මූනට 
     

    "නැගිටිනවා හලෝ.. කම්මැලිය ... බලනවා වෙලාව 9 ත් පහුවෙලා .චී චී කැතයි කැතයි කෙල්ලෝ ඔහොම නිදාගන්නේ නෑ ..කම්මැලිය ...නැගිටිනවා .නැගිටිනවා  "

       ආයෙත් කොට්ට ප්‍රහාරයක් ..

                          


මේ මගේ අතිජාත  ඇති ප්‍රේමණීය සදා ආදරණිය  සහෝදර රත්නය .. මට ඉතිං ..කියන්න වචන නෑ ...අපරාදේ මගේ සුන්දර හීනය ..කෑව කෑව ... :(  මං ළඟ තිබ්බ කෝට්ටෙන් මූණ වහගෙන අනෙක් පැත්ත හැරුන බේරෙන්න.... ..හරියන්නෑ ඒ කොට්ටේත් ඇදල  අරන්  හිනවෙවී ආයේ මටම ගහනව ..

   "අනේ ඉන්න දෙනවකො හලෝ ..මට නිදාගන්නවත් නෑ  අපරාදේ කොච්චර ලස්සන හීනයක්ද  මං බැලුවෙ ...හොඳම හරියෙදි තමුසේ ඇවිත් මට කෝට්ටෙන්  ගැහුවෙ  ....... :( :'( 
         අය්ය හොඳටම හිනාවෙනව... මට තවත් තරහයි .. මං  ආයේ අනෙක් පැත්තට හැරුන .ආයෙත් කොට්ට ප්‍රහාරයක් ...
        .
    තව එකක් 
       .
 ඊළඟට තවත් එකක් 


     



"නැගිටිනවා නැගිටිනවා ...."

"  ...අනේ ..අම් ....මේ ....... මේ බලන්නකෝ .... :(((  "


පසුව ලියමි  : ආයේ  කියල වැඩක් නෑ අපේ අය්යගේ සහෝදර ප්‍රේමය වර්ණනා   කරන්න මේවගේ සිද්දි ඕන තරම් තියනවා මේ එකක් විතරයි ..මට තාම දුක අපරාදේ අර හීනේ ..හැබෑවක් උනානම්..... අඩුගානේ ඉතිරිකොටස හරි බලන්න තිබ්බනම්  :( 

Thursday, May 15, 2014

තනි තරුවේ ...






  දුරයි ..ගොඩාක් දුරයි ....ළඟාවෙන්න බැරි තරමට ඔයා  දුරට ගිහින් ....
  එත් ඔයා  දන්නවද ....මගේ ඇස් තාමත් ඔයාගෙන් ඉවතට ගන්න බැරිවෙලා .
                            .
                  ~(නිහඬතාවය ...)~
                            .
 මම ඔයා දිහා තාමත් බලාගෙන ...වචන ඔක්කොම හිරවෙලා වගේ.. 
....ඔයාට ඇහෙනවද ? .... මගේ හිත ගොඩාක් දේවල් කියනව ..ඔයාට ඇහෙනවද ?

 රෑ  හරිම නිහඬයි . කවුරුත්වත් නැ ...මායි හුදෙකලාවයි විතරයි .
                                           .
                   ~(නිහඬතාවය ...)~
                              .
            මෙහෙ බලන්න ..ඔයාට මාව පේනවද? ..මම මෙහෙ ...බලන්න.. ඔයාට පෙනෙයි කට්ට කළුවර පොළවෙ එක තැනක පොඩි එළියක් .....දැක්කද?... ඔව්  ඒ මම ..
       තාමත් ජනේලෙ  ගාවට වෙලා ඔය දිහා බලන් ඉන්නව ......

          ඔයා අහගෙන නේද ඉන්නෙ ?..ම්ම්ම් ...මම කියන්නද දෙයක් ? ..මේ කළුවර අහසෙ.. ඔයා  ලස්සනට දිළිසෙනවා ....ඔව්..මං වශී වෙලා වගේ බලාන ඉන්නව....හ්ම්ම්... කෝ හඳ ...අහ්හ් ...හැංගිලා වලාකුලකට හැංගිලා .හ්ම්ම් ..එත් ඔයා ..ඔයා  තාමත් ඒ විදිහමයි .හරියට  මං  ඉන්න නිසා මා එක්ක ඉන්නවා වගේ .
                                       .
                   ~(නිහඬතාවය ...)~
                              .
         ... මේ අහන්න ...ඔයාට තේරෙනවද මං කියන  දේ ..ඔයාට පේනවද මගේ ඇස් කියන දේ .මේ ඇස් මෙච්චර වෙලා ඔයා  එක්ක කතා කලා .... මම දන්නවා  ..ඔයාට ඒක  දැනෙනව....

                                       .
                   ~(ඉකි ගසන  හඬක්  ...)~
                              .

...මට දුකයි...ගොඩක් දුකයි .. ඔයා ඈතයි .. ගොඩාක් ඈතයි . .. මට ලං වෙන්න බැරි තරමට ඔයා  ඈතයි ...
හ්ම්ම් ... කමක් නෑ ..ඔයා ඈත උනාට මගේ හිතේ ඔයා  ගොඩාක් ලඟයි ..
                       පොරොන්දු වෙන්න මාව දාල  යන්නෑ  නේද ?
ඔයා  ඔතනම ඉන්න  ඉන්න මාත් මෙතනම  ඉන්නම් .....මට පොරොන්දු වෙන්න ආයෙමත් ..ඔයා යන්නෑ  නේද ...මං  හෙටත් එන්නම්  ඒ එද්දිත් ඔයා  ඔතනම ඉන්න ..මට ගොඩක් දේවල් තියනවා කියන්න ...



......... .....................................    තනි තරුවේ ........... .................................

කාත් කවුරුවත් නැති නිහඬ රෑක  ලස්සන සිංදුවක්  ඇහුව ..තනි තරුවේ ..වික්ටර් රත්නායක යන්ගේ තවත් හිතට  වදින  සිංදුවක් ..සින්දුව අහන ගමන් ලියන්න හිතුන  ..ඉතින් මම ලිව්වා ... ඔව්...  තනිතරුවට.... 

Sunday, May 11, 2014

තාත්තා

වෙලාවකට "චූටි දුව "  වෙලාවකට  "පොඩ්ඩි " වයස අවුරුදු  20 කටත් වැඩී එත් මං තාම තාත්තගේ චූටි දුව ...අද අම්මාවරුන්ගේ දිනයලු ..මට අද තාත්ත ගැන ලියන්න හිතුන . තාත්තා ....හ්ම්ම් කොච්චර නම් ලියන්න තියනවද තාත්ත ගැන ....

මං චූටිකාලේ මට තාත්ත එක්ක වැඩිය  ඉන්න හම්බුනේ නෑ  හමුදාවේ අයට නිවාඩු අඩුයිනෙ.  තාත්තත් එන්නේ මාසෙකට සැරයක් ඒ ආවත්  ඉන්නෙත් දවස්  හතක්  , අටක්  සමහර මාසවලට වැඩ වැටුනම ඒ එන්න වෙන්නෙත් නැ . එනිසා තාත්ත ගාවට වෙලා ඉන්න ,තාත්ත එක්ක සෙල්ලං කරන්න වැඩිය හම්බුනේනැ , තාත්ත වැඩිය හම්බුනේ නැති,දැක්කේ නැති නිසාම තත්ත ගැන  මොන හරි විශේෂත්වයක් දැනුන ..ඒ නිසාම තාත්ත එනවා කියල ආරංචිය අම්මගෙන් ආවම ඒක අපිට  හරි ලොකුදෙයක් උනා.  තාත්තව දකින්න, හම්බවෙන්න, ළඟ ඉන්න එක  වගේම තාත්ත ගෙදරට එනකොට හරියට දැනුනේ වීරයෙක් ගෙදර එනවා වගේ..ඒ කාලේ මං  යාළුවොත් එක්කත් හරියට තාත්ත ගැන කිව්වා වගේ මතකයි.. මගේ තාත්ත ආමි  එකේ කියල චූටි කාලේ කටියව බය  කරා  කියලත් මතකයි (හි..හී  .. )
ඇත්තටම කිව්වොත් තාත්තට චූටි කලේ ඉඳලම මොකක්දෝ ගෞරවයක්  තිබ්බ ..අම්ම උනත් හැමදේම තාත්තාගෙන් අහල කරන්නේ අපි මොනා  හරි දඟ වැඩ කලත් අම්ම කියන්නේ තාත්තට ඒ නිසාම අම්ම කිව්ව මොනා හරි වැඩක් කලේ නැත්නම් ,තාත්ත කිව්වා කියල දැන ගත්තොත් ඒ වැඩේ අනිවාර්යෙන් කරනවා .ඒගැන දන්නා නිසාම අම්ම අපිට කියල වැඩක් කරගන්නේ තාත්ත අරහෙම කිව්වා මෙහෙම කිව්වා කියල ...

       තාත්තට චූටිකාලේ අපි බයයි අපේ අය්ය  කරන තරමක් දඟ වැඩකරලා තාත්ත ගෙන්  ගුටිකනව දැක්කම මටත් බයයි  ඒ  විතරක් යැ  මමත් හොඳට ගුටිකාලා තියනවා ..බැනුම් කෝටියක් විතර අහල තියනවා .එහෙම  බය නිසාමද ,තාත්ත ළඟ නැති නිසාමද දන්නැ  තාත්තට වැඩිය සමීප උනේ නැ .නිදා ගන්න උනත් දිව්වෙ  අම්මගේ උකුලට ,කම්මැලි උනත් යන්නෙ  අම්මගේ පස්සෙන් .විහිලු ,රණ්ඩු , එකට එක කියන ඒවා  මේ හැමදේම අම්මත් එක්ක තමා ..තාත්තත් එක්ක කතාකලේ පරිස්සමින් ...හැබැයි අම්මත් එක්ක රණ්ඩු වෙලා තරහ  උනාම නම් අම්මගේ ඉස්ස්සරහ තාත්ත ගැන හොඳ කිව්වා .හි හී ..ඒ අම්මව අවුස්සන්න .. "ඔයා  ඕන නැ  තාත්ත තමා  මට වැඩිය ආදරේ " කියල කිව්ව අවස්ථා  ඇති තරම් තියෙන්න ඇති  ...චූටි කාලේ එහෙමනෙ ඉතින් ;)

  මට මතකයි  ඉස්සර තාත්ත  ගෙදර එද්දි  අපිට ටින් කරපු චීස්  ගේනව. ඒ චීස්  තාත්තලට හම්බෙන්නෙ  යුද්දෙ කාලේ කැලෑවේ කඳවුරු වල   දවස් ගණන් ඉඳිද්දි .එහෙදි කන්න හම්බෙන චීස්...  ඒවා කඩෙන් ගන්න චීස්  වගේ නෙමේ හය්යයි  ඒ වගේම  අමුතු රසයි  .ඉස්සර තාත්ත ඒවා ගෙනාපුවම  නම් ඉතින්  තාත්තගේ පස්සෙන්ම තමයි . :D  

      තාත්ත එක එක දුෂ්කර පළාත් වලට යැව්ව ලු  මං  දන්නැ  මට ඒවා ගැන තේරුමක් තිබ්බේ නැ  මං  දන්නේ තාත්ත ආව  ගියා  කියල විතරයි ....

තාත්තට ඕන වැඩක් කරන්න පුළුවන් ගෙදර හැමදේම කරන්නේ තාත්ත.. තාත්තට බැරි වැඩක් නෑ . මට මතකයි චූටි කාලේ මට ගණන් පවා කියල දුන්න. අත්වවැඩට  සියුම් දේවල් පවා හදල  දුන්නෙ  තාත්ත .පොඩ්ඩක් වත් කම්මැලි නෑ  මහන්සි කියල එක දවසක් වත් ඇඳට වෙලා ඉන්නවා දකල නෑ ..  ..අමාරු තිබ්බත් කාගෙන හරි වැඩ කරන කෙනෙක්.. පුදුම දරාගැනීමේ ශක්තියක් තියෙන්නේ.. මං  හිතන්නේ ඒ හැමදේම තාත්තට හමුදාවෙන් ලැබුන දෙයක් ඒ වගේම තමයි  අනෙක් පැත්තට, තාත්ත ගැන  කිව්ව්වොත් තාත්ත එයාගේ වෙන වැරදි   පිලිගන්නව නම් බොහොම අඩුයි ඒ තාත්තගේ හැටි ..  මං කොහේ හරි වැටිලා තුවාල උනත් එක අහම්බෙනේ නෙමේ මගේ වැරද්දක්, එහෙමයි  තාත්ත කියන්නේ .පොඩි දේවලටත් සැර  කරපු  අවස්ථා ගොඩක් තිබ්බ හැබැයි ඒ හැම දේකින්ම  මට අන්තිමට හොඳ ඉවසීමක් පුරුදු කලා . බැන්නත් ඉවසන් අහන්  ඉන්න ඕන කියන එක පුරුදු කලේ තාත්ත මොකද තාත්ත  අපිට බනිද්දි ඒකට පිටින් මොකුත්ම කියනවට තාත්ත කැමති  නෑ. වැරද්දක් උනත් නොවුනත් ඉවසන් අහන ඉන්න ඕන. ඒ තාත්තගේ වැරද්දක් නෙමේ හැටි ...චූටි කාලේ මං එක එක දඟ වැඩ වලට ගොඩක්  ගුටි කෑව  කිව්වනේ හැබැයි වයසත් එක්ක ,මං  වැඩෙද්දී  තාත්ත  ගහන්න ගියේ නෑ .ජීවිතේ එක්තරා  අවස්ථාවකින්  පස්සෙ  ඉඳල අද වෙනකන්  මට කවදාවත් ගහල නෑ.ඒ  මං  වැඩිමල් නිසා වෙන්නැති . එත් තාමත් බැනුම් නම් අහනවා   බැනල කියනවා ඒ බනින්නේ මාව හදන්න ඕන නිසාලු මං  දන්නවා ඒ  බැන්නත් බනින්නේ ආදරේට කියල   :) 

      තාත්ත වැඩිය කතාකරන කෙනෙක් නෙමේ .හැබැයි විහිලු කරන වෙලවලුත් තියනවා.අපි හැමදේම කිව්වේ අම්මට .අම්මට කියල  තමා තාත්තට කියන්න  කියන්නේ. අම්මට කියල තමයි තාත්තාගෙන් permission ගන්න ඒවා ගන්නෙ .හැබැයි මං  මොනා  හරි අලුතින් හැදුවොත්, ලකුණු වැඩියෙන් ගත්තොත්, වැඩි වර්ණනා එහෙම  ඕන උනාම යන්නේ තාත්ත ගාවට .චිත්‍රයක් ඇන්දත් අම්ම නම් හොඳ  කියන්නේ අඩුවෙන්. පන්තියේ පළවෙනිය උනත් එහෙමයි .හැබැයි තාත්ත කියන වචන දෙක තුන හිත පිරෙන්නම හම්බෙනවා .අම්ම තරම් තාත්ත ඉගෙන ගෙන නෑ .උසස්පෙළ කරලත් නෑ . හැබැයි ජීවිතේ අත්දැකීම් අතින්  වගේම හැමදේකින්ම තාත්ත ගොඩක් ඉදිරියෙන්. මං  සමහර වෙලාවට මේ subject  එකේ මේවා තිබ්බ ,මේවා කෙරෙනවා කියද්දී තාත්ත සමහර වෙලාවට ඒවාට දෙන උත්තර ඇහුවම හිතෙනවා තාත්ත කොහොමද ඒවා දැනගත්තේ කියල .තාත්ත ජීවිතේට පොත් කියවනවා මං දැකලත් නෑ  ඒත්  එයාට තියෙන්නේ ගොඩක් විහිදිච්ච දැනුමක් .තාත්ත හැමදේම දන්නවා  වෙලාවකට ඇත්තමයි පුදුමත් හිතෙනව.

     කාලයත් එක්කම, කාලේ ආවම තාත්ත යුද හමුදාවෙන් විශ්‍රාම ගත්ත. එත් ගෙදරට වෙලා හිටියේ නෑ   කොයි වෙලෙත් වැඩක් කරනව . මහන්සිවෙලා ගෙදර අවමත් එහෙමයි . සමහර දවස් වලට රැ  වැඩ කරලා පහුවෙනිදා දවසෙම වත්ත සුද්දකරන, ගේ අස්කරන වෙලාවල් තිබ්බ .තාත්ත  පොඩ්ඩක් වත් කම්මැලි නෑ .එකට මම හ්ම්ම් .....

 ඉස්සර වගේ නෙමෙයි  දැන් තාත්ත  ළඟ ඉන්නවා..  හැමදාම .. මාව එක්කන් එන්නෙ  රැ උනාම  කැම්පස්  එකේ ඉඳල ගෙදර එන්න මාව ගන්න  රැ වෙනකන් ඉන්නේ තාත්ත.. bike  එකේ හැමදාම උදේ පාන්දර  මාව එක්කන් යන්නෙ.. bike  එකේ නිදි කිර කිර යද්දි  සද්දේ දාල ඇහැර  වන්නෙ, නැත්නම් මොන හරි අරන්දීල නින්ද නැති කරවන්නෙ ම්ම්ම්.. එතකොට Gallface එක පාරෙන් යද්දී මට ෆොටෝ  ගන්න පිස්සුව එද්දී හෙමීට bike එක slow  කරන්  යන්නෙ...ම්ම්ම් තව...අතරමගදී වඩේ කඩවල් පහුවෙද්දි මට වඩේ අරන් දෙන්නෙ,  ..රැවෙලා එන දවස්වලට මං  එනකොට, මං ආස චොකලට් කිරිපැකට් එයා  බොන්නෙත් නැතිව මට අරගෙන ඉන්නෙ..උදේ පාන්දර මාව අහර වන්නෙ මේ හැමදේම කරන්නේ  මගේ තාත්ත ....

 තාත්ත මට කවදාවත් කියල නෑ  මට මෙච්චර ආදරෙයි කියල එහෙම ආදරේ පෙන්නන්නෙත් නැ  . ඒත්  එයාගෙ  ආදරේ මං  හොඳටම දන්නවා ඒ ආදරේ නිසාම තමා ලෙඩ උනාම බනින්නෙ,  කන්නේනැතිව  කෙට්ටුවට හිටියම  සැර කරන්නෙ. මොකද තාත්ත බයයි  අපිට මොන හරි වෙයි  කියල...දවසකට 4,5 පාරක් මං  ගෙදර එනකන්ම පරිස්සමින් ආවද කියල call  කරන්නේ මං  ආස දේවල් මට අරන් දෙන්නෙත් ..මට ගොඩාක් ආදරේ හින්ද ..ඔව් මං දන්නවා එය අපිට ගොඩාරියක් ආදරෙයි .තාත්ත අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා, නිදිමරාගෙන වැඩ කරනවා, මොනාහරි ගෙදරට ගෙනාමත්  එයා කන්නේ නෑ. කවදාවත්  ආසාවට දෙයක් ගන්නැ  ඒ වෙනුවට අපිට ගෙනත් දෙනවා. ඒ ආදරේ උතුම් ..මට වචනෙන් කියාගන්න බෑ . එයා  මාව බලාගන්නේ හරියට කුරුල්ලෙක්  තමන්ගේ පැටියව තුරුලු කරන්  උණුහුම ආරක්ෂාව දෙනවා වගේ ... 

තාත්ත  ආසයි අපි ඉගෙන ගෙන ඉහලට  යනවට.. උපාධි  උත්සව වල හරි ආඩම්බරෙන් ලඟ ඉඳන් ෆොටෝ  ගන්න ,කවුරුහරි ආපුවම මගේ දුව මේ කැම්පස් , මගේ පුතා මෙහෙ වැඩ කරන්නෙ වැඩියනුත්  එක්ක දාල  හරි ආඩම්බරෙන් කියනවා මට ඇහිලා තියනවා. මං  දන්නවා තාත්තගේ සතුට. ..එයාගැන  මෙහෙම කියන්න බෑ  වචනයෙන් කියන්න මට වචන මදි . කියන්න ගොඩාරියක් දේවල් මේක ලියනකොට  නවත්තන් නැතිව  ගලාගෙන  එනවා ..මගේ තාත්ත මගේ වීරයා ... 

මේ කතාව ඉවර කරන්න කලින් එක දෙයක් කියන්න බැරිඋනානේ අපේ තාත්තගේ මේ දවස්වල ආසම වැඩේ  මල්පැල  හිටවන එක . මාසේකට  සැරයක් මල්පල 8,10 ගේනවා. ඊටපස්සේ ලස්සන මලක් එනකන් පොහොර  දානවා ,වතුරාදානවා, වැඩ ගොඩයි . ගෙදරආපු ගමන් මුලින්ම කරන්නේ මල් පැල  බලන එක .  සමහර වෙලාවට ඉක්මනට මල් එන්න හොරට මල්පොහොර  ගොඩක් දානවා මං  දැකල තියනවා  :D  කොහොම කොහොම හරි මල් ආවම මුලින් ම කරන්නේ "පොඩී"  කියල  මට අඬ ගහන එක. මොකද මල් දැක්කොත් මගේ වැඩේ ෆොටෝ  ගන්න එකනෙ. තාත්ත එක්ක මල්පල ගැන කතාකරනවානම් වෙන මොකුත් ඕන නෑ .:D  :D  

 ...හ්ම්ම්..හිතෙන හිතෙන හැමදේම අගක් මුලක් ගැලපීමක් නැතිව මං  ගොඩක් ලියල හැබැයි මේ ඉවර නෑ..  තව ගොඩාක් ලියන්න තියනවා. අන්තිමට මෙහෙම කියන්නම්... මගේ ජීවිතේ මං දැක්ක,මට හම්බුන  මට අසීමිතව ආදරය කරන උතුම්ම පුරුෂය මගේ තාත්ත.. ඒ ආදරේ අසීමිතයි ... අපිරිමිතයි ..අනන්තයි .... <3




Saturday, May 3, 2014

මට හිත් කියවන්න පුලුවන්නම් ...

ජීවිතේ සමහර අවස්ථා එනව කියාගන්න බැරි විදිහට අසරණ වෙන... කෑගහල අඩන්න  හිතෙනව.. ඒත්  කෑගහන්න බෑ ලෝකයට ඇහෙයි  කියල . හිත ඇතුලින් ඒ වෙනුවට අඩනවා  වැලපෙනවා බැන  ගන්නවා හැමදේම හිතත් එක්ක විඳිනවා විඳවනවා සමහර වෙලාවට හිතෙනවා මිනිස්සුන්ගේ හිත කියවන්න පුලුවන්නම් කියල... මේ හොඳට කතාකරල ගොඩක් සමීපව ඉන්න යාලුවෝ පස්සේ ජීවිතේට හමු උනේ නැති ගානට වෙනස් වෙනවා වැරැද්ද කාගේද කියලවත් හොයාගන්න බෑ . මට රිදවපු අයව ඈත්  කරන්න, අයින් කරන්න හිතෙද්දි එකත් දුකයි ..(බැඳීම්.. )  එත්  සමහර වෙලාවට හිතෙනවා මං  අයින් උනොත් ඒ අයට රිදෙයි  කියල එත් මෙච්චර කල්ම වෙලා තියෙන්නේ මට රිදුන එක ..එත් ඒ අය මන් වගේම හිතනවා ද මං දන්නෑ  ..කාටවත්ම කියාගන්න බැරිව හිතින් විඳවන වෙලාවට  ළඟ ඉන්නේ  හිතයි  හුදෙකලාවයි  සංගීතයයි  විතරයි  අදත් එහෙම අසරණ වෙන දෙයක් උනා ..අන්තිමට හැමදේම අමතක වෙන්න මේ music  එක ඇහුව
http://www.youtube.com/watch?v=Q0Ngp-THWqM&feature=kp
මේක අහද්දි නම් හිත මාරම සැහැල්ලුයි  හැබැයි  තවටිකකින් අයෙත් දුක දැනෙයි  කමක් නෑ ඒවාට හුරුවෙන්න ඕනනෙ .. කාලයත් එක්ක හැමදේම අමතක වෙයි  ..අයෙත්  මං  මිනිස්සු විශ්වාස කරයි  අයෙත්  ඒ වගේම අයෙක් මගේ හොඳ යාලුවෙක් කරගනී . ආයෙත් රිදවෙයි .. ආයෙත්  දුක් වෙයි  ..මේකේ ඉවරයක් තියෙයි  නේද ? ..මට හැමදාම අවංක ව ඉන්න ,හොඳ යාලුවෙක් හම්බෙයි  කියල තාමත් ඒ බලාපොරොත්තු හිතේ තියනවා කවද හරි දවසක නොවෙනස් හොඳ අවංක යාලුවෙක් හම්බවෙයි   ..හැබැයි  මං  මෙහෙම හිතත් දී හිත හෙමින් කියනවා කිසිම දෙයක් ස්ථීර නෑ  කියල ..මං  එක ඇහෙන්නෑ වගේ ඉන්නවා මොකද මට හැමදාමත් හොඳ යාලුවෙක් ඕන නිසා ....වචනයේ පරිසමාප්තයෙන්ම අවංක ,හොඳ ,මාව තේරුම්ගන මාව නොරිද්දවන යාලුවෙක් මේ ජීවත් වන ලෝකය තුල මං හොයනවා  .... එහෙම හම්බුනොත් එදාට මේ කතාව මීට වැඩ වෙනස් වෙයි ...