Saturday, May 3, 2014

මට හිත් කියවන්න පුලුවන්නම් ...

ජීවිතේ සමහර අවස්ථා එනව කියාගන්න බැරි විදිහට අසරණ වෙන... කෑගහල අඩන්න  හිතෙනව.. ඒත්  කෑගහන්න බෑ ලෝකයට ඇහෙයි  කියල . හිත ඇතුලින් ඒ වෙනුවට අඩනවා  වැලපෙනවා බැන  ගන්නවා හැමදේම හිතත් එක්ක විඳිනවා විඳවනවා සමහර වෙලාවට හිතෙනවා මිනිස්සුන්ගේ හිත කියවන්න පුලුවන්නම් කියල... මේ හොඳට කතාකරල ගොඩක් සමීපව ඉන්න යාලුවෝ පස්සේ ජීවිතේට හමු උනේ නැති ගානට වෙනස් වෙනවා වැරැද්ද කාගේද කියලවත් හොයාගන්න බෑ . මට රිදවපු අයව ඈත්  කරන්න, අයින් කරන්න හිතෙද්දි එකත් දුකයි ..(බැඳීම්.. )  එත්  සමහර වෙලාවට හිතෙනවා මං  අයින් උනොත් ඒ අයට රිදෙයි  කියල එත් මෙච්චර කල්ම වෙලා තියෙන්නේ මට රිදුන එක ..එත් ඒ අය මන් වගේම හිතනවා ද මං දන්නෑ  ..කාටවත්ම කියාගන්න බැරිව හිතින් විඳවන වෙලාවට  ළඟ ඉන්නේ  හිතයි  හුදෙකලාවයි  සංගීතයයි  විතරයි  අදත් එහෙම අසරණ වෙන දෙයක් උනා ..අන්තිමට හැමදේම අමතක වෙන්න මේ music  එක ඇහුව
http://www.youtube.com/watch?v=Q0Ngp-THWqM&feature=kp
මේක අහද්දි නම් හිත මාරම සැහැල්ලුයි  හැබැයි  තවටිකකින් අයෙත් දුක දැනෙයි  කමක් නෑ ඒවාට හුරුවෙන්න ඕනනෙ .. කාලයත් එක්ක හැමදේම අමතක වෙයි  ..අයෙත්  මං  මිනිස්සු විශ්වාස කරයි  අයෙත්  ඒ වගේම අයෙක් මගේ හොඳ යාලුවෙක් කරගනී . ආයෙත් රිදවෙයි .. ආයෙත්  දුක් වෙයි  ..මේකේ ඉවරයක් තියෙයි  නේද ? ..මට හැමදාම අවංක ව ඉන්න ,හොඳ යාලුවෙක් හම්බෙයි  කියල තාමත් ඒ බලාපොරොත්තු හිතේ තියනවා කවද හරි දවසක නොවෙනස් හොඳ අවංක යාලුවෙක් හම්බවෙයි   ..හැබැයි  මං  මෙහෙම හිතත් දී හිත හෙමින් කියනවා කිසිම දෙයක් ස්ථීර නෑ  කියල ..මං  එක ඇහෙන්නෑ වගේ ඉන්නවා මොකද මට හැමදාමත් හොඳ යාලුවෙක් ඕන නිසා ....වචනයේ පරිසමාප්තයෙන්ම අවංක ,හොඳ ,මාව තේරුම්ගන මාව නොරිද්දවන යාලුවෙක් මේ ජීවත් වන ලෝකය තුල මං හොයනවා  .... එහෙම හම්බුනොත් එදාට මේ කතාව මීට වැඩ වෙනස් වෙයි ...  

4 comments:

  1. නොරිද්දන යාළුවො වැඩක් නෑ.. එහෙනම් ජීවිතේට කතා නොකරන නොදැකපු යාලුවෙක් වෙන්න ඕන.. යාළුවො වලි දාගන්නවා ආපහු යාලු වෙනවා..

    අනිත් අයගේ හිත කියවන්න පුළුවන් උනා නම් ................................. අම්මෝ.. ලෝක විනාසේ..

    ReplyDelete
  2. නොරිද්දන යාලුවෙක් සෙවීම යථාර්තයෙන් ඔබ්බට ගිය සිහිනයක් ...ලෝකේ විනාසේ වෙයි කියල හිතිලා තමයි දෙවියෝ ඒ වරම දීල නැත්තෙ ... :P

    ReplyDelete
  3. මේ ළමයෝ ඔය අකුරු ටිකක් ලොකු කරල දාන්න අපි වගේ වයසක උන්දැලට බලන්න

    ReplyDelete
  4. ඊළඟ වතාවෙ ලොකු අකුරු ලියන්නම් :)

    ReplyDelete