යමු මාවතක ...බොරළු පිරි
සියුම් පා රිද්දන
ගල් තැලුම් ඇතිවන
යමු මාවතක ...තවත් දුර
දෙපා අඩි රත්වෙන
දාහයෙන් බැට කන
යමු මාවතක .....නොසැලීම
කටු කොහොල් මග දිග
පැන ඇවිත් හූරන
යමු මාවතක ....කෙලවරට
ගිමන් හල දිස්වන
බොහෝ ජන රැස්වෙන
කියමු ආගිය කතා රස
විඩාබර දුරුකොට
පිපාසය සංසිඳ
යමු මාවතක ....යලිත්
දුක් සතුට සම සම
එකා මෙන් පොදිබැඳ
.
.
යමු ....
ජිවිතේ ගමන් මග
ඔබ මාද අන් අයද
එකට අත්වැල් බැඳ
ඕක තමා ජීව්තේ හංසියෝ............ යමු කිව්වාට දුවලා ආවේ කොහෙට ද කියලා බලන්න..... කවිය ලස්සනයි...
ReplyDeleteජයවේවා
අහම්බෙන් ගැට ගැහුන පද ටිකක් කුරුටු ..ස්තූතියි :)
Deleteලස්සන කවියක් හංසි,මේකටම නෙමේයිද සමාජවාදය කියන්නේ,
ReplyDeleteමේකට වෙන්නැති නේ ..අමාරු ප්‍රශ්න අහන්න එපා :P :D
Deleteයමු මාවතක තව ටිකක්
ReplyDeleteරස්සාව ලැබුණහම ගමු කාර් එකක්
දැන් බොරළු නෑ බොරළු පාරේ වුන් පේන් නෑ
විරෝධතා එපා
කාරෙකට යන්න අයින් වෙන්න.
නියමයි .... අපි මොනා කිවත් ගොඩක් වෙලාවට අන්තිමට වෙන්නෙ මේ ඉයන් කීව දේ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහංසිගේ මෙතෙක් කවි වලින් ලියවුනු හොඳම කවියක්. ඒ කවිය ඇතුලේ ජීවත් වෙන්න පුළුවන්, එක විඳින්න පුළුවන්, අපි හැමෝම ඉන්නේ කොහෙද, කරන්නේ මොකක්ද, මොන වගී දිශානතියකට යනවද, ඒ ගමන තනියෙන් මම, මගේ යන්නෙන් ඔලුව පුම්බන් යනවා වෙනුවට අපි කියන හැඟීම යනාදිය හරි සියුම්ව දක්වලා තියෙනවා. හරි අපුරුයි, මේක වියත් එක්ක මට සේකරයන්ගේ සක්වාලිහිනි පොතේ මගේ මගේ කවියෙන් මා නොසොයන් කියන කවිය මතක් වෙනවා මේ කවිය කියවන යද්දී,
ReplyDeleteමගේ කවියේ මා නොසොයන්
අඳුරු අහස ගැබ කෙළවර
රන්වන් පෑයෙන් පායන
පහන් තරුව දැක ගන්නට
ඒ බව දැන හෝ නොම දැන
ඔබත් මමත් අපි හැම දෙන
යමින් සිටිමු එක අතකට
ඒ ගමනේ මට හමුවන
ගල් පරුවත හෙල් ප්‍රපාත
මට වාගේම ඔබ හැමටත්
යම් දවසෙක හමුවනු ඇත
දෙපය බැඳෙන මල පුඩුවෙන්
ඔබ යන මග ඇහිරී
බොරුව ඉසින යස මඩින්
ගත කිලි කුණු තැවරී
කැට මුගුරින් පහර ලබා
දුබල අතින් පොලව බදා
මා මෙන් ඔබ ඒ දවසේ
අසරණ වී වැලපෙන විට
මා ලිව් කවි මට වාගේම
ඔබ හැමටත් පොදු වනු ඇත
සබඳ එවිට මගේ කවියේ
මා නොසොයා ඔබ දකින්න
මා යන මග කටු පඳුරින්
දෙපය බිදී ගලන ලෙයින්
කටු මග හැර නිසි මග දැන
ඔබේ ගමන නිමකොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැක ගතහොත්
ඒ වෙනුවට ඔබේ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත
ඒ මල් තුල මා දකින්න
ජය වේවා නංගි ඔන්න මගෙනුත් :)
කාලයේ කළු දුමින්
වැසීගිය අතීතය
හඬනගා ගැයූ ගී
මදක් නැවතී අසන්
දයාබර සහෘදය,
මතක මළ පොතේ
ලියූ අමිහිරි ගීත
මුමුනන්න එකින් එක
එවිට යලි ඇසෙනු ඇත
වඩ වඩා තියුනු වී
සත්‍යයේ මිහිරි ගී
නැගී ඒ ගී හඬින්
ලොවම යළි යදිනු ඇත
ඔබ වෙතින්
නව යොවුන්
මාවතක්
හෙට පෙරට
යනු පිණිස
"සක්වා ලිහිණි" මගෙ ළඟ ඈ...
Deleteසේකරයන්ගෙ කවිය කොච්චර පරිපුර්ණද රසවත්ද කියල හිතුන..ගොඩක් ස්තූතියි අය්යෙ :) ඔයාටත් කවියක් ලියන්න හිත පහලවෙලා :D ඒකත් නරක නෑ :)
Delete@සිතූ ඔයා පොත කියෙව්වම මමත් ඉල්ලගෙන කියවන්නම්කො. මේ දවස් වල නම් කියවපු නැති පොත් ගොඩගැහිලා ඒකමයි පොත් ගොඩක් ගෙනියන්න බැහැ කීවෙ :)
සේකරයන්ගේ කවිය හමුවේ පසුබා යන්න නෙවේ එක දැම්මේ, ඒවා කියවලා තවත් ලියන්න දේවල් අරගන්න. ජය.
Delete:) කවිය කියවෙද්දී හිතට දැනුන දේ නොවැ කීවෙ ;)
Deleteඅපූරු අදහසක් පද පෙලකට ගොනු කරලා..
ReplyDeleteස්තූතියි නිර්මාණි :)
Deleteමෙය ගිමන්හල අධිපත් තැන විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න...
ReplyDelete:-D:-D
හැක් මොකක්ද ඩො මේ කමෙන්ට් එක
Deleteමේව තමා ඩෝ රියල් villain කමෙන්ට්
Deleteටෝ ඩම්නෙ නැතුවට
හැක්
පලය යන්ට ලොම් නැති හාව :D
Deleteමහේෂ් අය්යෙ මේ කමෙන්ටුව දැක්ක ගමන් මට බකස්ගාල හිනා ගියා දේය්යනේ අර ලොකු ගැඹුරු විදිහට හිතන්නැතිව කියෙව්වම මේකත් නිකන් ගිමන් හලේ ඇඩ් එකක් වගේ නේ :D
Delete@තරිඳු අය්ය .. මේ අර ගුටි කාල ගෙදෙට්ට වෙලා ඉන්න විලන් දන්නේ නැද්ද :V :V
යා යා එකා තමා. අර මැර මූණක් දාගෙන ඉන්න එකා, මට බැරියෝ මන් යනෝ කියල බුකියත් වහල ගිහින් අයි හොරාට ආපු යකා.
Deleteහංසි අක්කා ඇඩ්වර්ටයිසිං....මහේෂ් අයිය දැන් ලියපිය....ඇඩ් දාල නිකා ඉන්ඩ හොදනෑ....හැක්...හැක්....
Delete@තරිඳු අය්ය ,රසික මල්ලි ඔය විලන් අය්ය අර පරණ ඇරියස් කවර කරන්න එක්ක දැන් දිගට හරහට ලියන්නෙ :P
Deleteකටු කොහොල් බොහෝ වෙත්
ReplyDeleteඇනි ඇනී දෙපා රිද්දන
අනවසරයෙේ කපොල් තලනා කඳුළුය
ඒ තරම් හද දවනා වචනය
පෙරට යන්නට සිටින්නේ නුඹම වුව
පසු පසට අදින්නට දහස් දන ඇත...
මිතුරිය..
දියෙන් කිරි වෙන් කිරීමද
හිතනා තරම් පහසු නැත
කවියකින් කියනා තරම් රසක් නැත
ගිරි හිසට නැගුණ කල
අත්පොලසන් නගන්නට
ඇති තරම් දන සිටිය හැක
නුඹ සිනාසෙනු බලා හිනැහෙන
නුඹ තරම් දුක් වින්ද උන් ඇත
දහසකට දස දහසකට වඩා
බොරු මුහුණු ඇතියද
නුඹට අමතක උන් සිටියහැක
නුඹව මතකේ තියා හිනැහෙන..
කවිය දැනුන ..ඒකෙන්ම .. නිහඬවම ගොඩක් දේවල් කල්පනා කළා ..
Deleteහංසියො ලස්සන කවියා ඈ.. හාව හඳ දකින්නැහේ කවි ලියන මට පිළිතුරු කවියක් නම් ගලපගන්න බැරි වුණා ඔන්න..
ReplyDeleteලස්සනයි හැබෑවටම..
ස්තූතියි සිතූ :) ... මටත් පිළිතුරු කවි ලියවෙන්නෙ ඉඳල හිටලා ලොකු ගැම්මක් ආවම නැත්නම් ඔහේ කල්පනාකරනව ලියන්න දෙයක් නැතිව :D
Delete:) ++
ReplyDeleteහසඟන විල් ජලය කලතා ක්ෂීරය වෙන් කරන තුරු තමයි අපි බලා උන්නෙ .
ReplyDeleteඑකක් කියන්න බෑ. මුළු කවිය තුළම රසවත්කම දෝර ගලනවා. ඒත් අන්තිම ාටසට ගොඩක් කැමතියි .
යමු ....
ජිවිතේ ගමන් මග
ඔබ මාද අන් අයද
එකට අත්වැල් බැඳ
මොනවා කියන්නද මන්දා . අතිවිශිෂ්ඨයි හසඟන !!!
ස්තූතියි මෙතුවෝ ^_^ ඇත්තටම කීවොත් මේක හරි අහම්බෙන් ලීව කවියක් .. ක්ෂණිකව ගහපු කොත්තු රොටියක් වගේ හික්ස් ... ;)
Deleteඅරුත් බර නිර්මාණයක්...මිනිස්සු "මම" ගැන නොහිත "අපි" ගැන හිතුවොත්, ජිවිතේ ගමන යන්න බොහොම ලේසියි...
ReplyDeleteමට දැනෙනව නම් උඹේ සීරුමක පෑරුම්
උඹ දන්නව නම් මගේ හදවතේ රිදුමන්
උඹ මටත් මට උඹත් ළඟ ඉන්නවා නම්
කෝපි උගුරක් බොන්න නවතින්න පුළුවන්...
මේ අහස යට අපේ එක හිතිවිල්ලකට
පුළුවන් මුමුණන්න සහස් හදවත් වලට
ලං වෙලා බැඳුනොතින් ඒ හිතිවිලි වලට
ඒ තරම් දුරක් නැත ඒ ගිමන් හල් වලට...
පොකුරු පොකුරු වැහි :) සාදරයෙන් පිලිගන්නවා :) ... පොකුරු වැහි ගෙ කවි ටිකත් අගෙයි :)
Deleteයමු මාවතක
ReplyDeleteඇවිද අපි.......
රටක් වෙනුවෙන්
හෙටක් ලැබෙනැති...
ලස්සනයි අක්කෙ......හිතනව...තව හිතනව...කොච්චර හිතුවත් හරිදේ මතක්වෙන්නෑ...නිර්මාණේ උස තැනක තියන එකක්...මම තාම පොඩි එකානෙ..ඒකහිංද නිකන් පද ටිකක් කෙටුව...
හී ... රහට ලියන යෝධ කවියො එක්ක අපි හැමෝම තාම කුහුඹු පැටව් නෙ මල්ලි :) අපිත් ලියමු දවසක හොඳ කවියක් බිහිවෙනකන් :) මමත් තාම කවි නොවන කවි ලියන්නෙක් :)
Deleteඅපූරු පද පේලි ටිකක්...
ReplyDeleteයමු යමු... මාත් එනවා ... :)
ස්තූතියි අක්කේ ^_^ යමු යමු ...අපි හැමෝම :)
Deleteමුළු ජීවිතේ ම ගමනක් තමා..))
ReplyDeleteඇත්ත කතාව :)
Deleteහුටා මේක බලන්න බැරිවෙලා
ReplyDeleteහී .... පහුවෙලා හරි දැක්කනෙ :)
Deleteහරි
ReplyDeleteඑහෙනම් "යමු "
ඉක්මනට ලැස්ති වෙයන් හංසි යෝ...
---------
බොහොම ලස්සන කවියක් හංසි යෝ...
හික්ස් .. මේ අපි ගොඩක් දුර ගිහින් ඉක්මනට දුවල එන්නෝ ... කන්න මොකුත් එහෙම අරගෙන එන්න ;)
Deleteහදිසියේ විත්
ReplyDeleteදුරගමන් ගිහිං
හති වැටී ගොඩක්
රිදුම් දෙනවා හදත් ....
හෙමින් යමු ..හදිසියක් නැහැ :)
Delete