Sunday, April 24, 2016

යමු


යමු මාවතක ...බොරළු පිරි 
සියුම් පා රිද්දන 
ගල් තැලුම් ඇතිවන 

යමු මාවතක ...තවත් දුර 
දෙපා අඩි රත්වෙන 
දාහයෙන් බැට කන 

යමු මාවතක .....නොසැලීම 
කටු කොහොල් මග දිග 
පැන ඇවිත් හූරන 

යමු මාවතක ....කෙලවරට 
ගිමන් හල දිස්වන 
බොහෝ ජන රැස්වෙන 

කියමු ආගිය කතා රස 
විඩාබර දුරුකොට 
පිපාසය සංසිඳ 

යමු මාවතක ....යලිත් 
දුක් සතුට සම සම 
එකා මෙන්  පොදිබැඳ 

.
.

යමු ....
ජිවිතේ ගමන් මග 
ඔබ මාද  අන් අයද 
එකට අත්වැල් බැඳ 



43 comments:

  1. ඕක තමා ජීව්තේ හංසියෝ............ යමු කිව්වාට දුවලා ආවේ කොහෙට ද කියලා බලන්න..... කවිය ලස්සනයි...

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් ගැට ගැහුන පද ටිකක් කුරුටු ..ස්තූතියි :)

      Delete
  2. ලස්සන කවියක් හංසි,මේකටම නෙමේයිද සමාජවාදය කියන්නේ,

    ReplyDelete
    Replies
    1. මේකට වෙන්නැති නේ ..අමාරු ප්‍රශ්න අහන්න එපා :P :D

      Delete
  3. යමු මාවතක තව ටිකක්
    රස්සාව ලැබුණහම ගමු කාර් එකක්
    දැන් බොරළු නෑ බොරළු පාරේ වුන් පේන් නෑ
    විරෝධතා එපා
    කාරෙකට යන්න අයින් වෙන්න.

    ReplyDelete
    Replies
    1. නියමයි .... අපි මොනා කිවත් ගොඩක් වෙලාවට අන්තිමට වෙන්නෙ මේ ඉයන් කීව දේ

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හංසිගේ මෙතෙක් කවි වලින් ලියවුනු හොඳම කවියක්. ඒ කවිය ඇතුලේ ජීවත් වෙන්න පුළුවන්, එක විඳින්න පුළුවන්, අපි හැමෝම ඉන්නේ කොහෙද, කරන්නේ මොකක්ද, මොන වගී දිශානතියකට යනවද, ඒ ගමන තනියෙන් මම, මගේ යන්නෙන් ඔලුව පුම්බන් යනවා වෙනුවට අපි කියන හැඟීම යනාදිය හරි සියුම්ව දක්වලා තියෙනවා. හරි අපුරුයි, මේක වියත් එක්ක මට සේකරයන්ගේ සක්වාලිහිනි පොතේ මගේ මගේ කවියෙන් මා නොසොයන් කියන කවිය මතක් වෙනවා මේ කවිය කියවන යද්දී,

    මගේ කවියේ මා නොසොයන්

    අඳුරු අහස ගැබ කෙළවර
    රන්වන් පෑයෙන් පායන
    පහන් තරුව දැක ගන්නට
    ඒ බව දැන හෝ නොම දැන
    ඔබත් මමත් අපි හැම දෙන
    යමින් සිටිමු එක අතකට

    ඒ ගමනේ මට හමුවන
    ගල් පරුවත හෙල් ප්‍රපාත
    මට වාගේම ඔබ හැමටත්
    යම් දවසෙක හමුවනු ඇත

    දෙපය බැඳෙන මල පුඩුවෙන්
    ඔබ යන මග ඇහිරී
    බොරුව ඉසින යස මඩින්
    ගත කිලි කුණු තැවරී
    කැට මුගුරින් පහර ලබා
    දුබල අතින් පොලව බදා
    මා මෙන් ඔබ ඒ දවසේ
    අසරණ වී වැලපෙන විට
    මා ලිව් කවි මට වාගේම
    ඔබ හැමටත් පොදු වනු ඇත

    සබඳ එවිට මගේ කවියේ
    මා නොසොයා ඔබ දකින්න

    මා යන මග කටු පඳුරින්
    දෙපය බිදී ගලන ලෙයින්
    කටු මග හැර නිසි මග දැන
    ඔබේ ගමන නිමකොට ඔබ
    අප සොයනා පහන් තරුව
    මට පළමුව දැක ගතහොත්
    ඒ වෙනුවට ඔබේ පයට
    ආසිරි මල් පිබිදෙනු ඇත

    ඒ මල් තුල මා දකින්න

    ජය වේවා නංගි ඔන්න මගෙනුත් :)

    කාලයේ කළු දුමින්
    වැසීගිය අතීතය
    හඬනගා ගැයූ ගී
    මදක් නැවතී අසන්
    දයාබර සහෘදය,
    මතක මළ පොතේ
    ලියූ අමිහිරි ගීත
    මුමුනන්න එකින් එක
    එවිට යලි ඇසෙනු ඇත
    වඩ වඩා තියුනු වී
    සත්‍යයේ මිහිරි ගී
    නැගී ඒ ගී හඬින්
    ලොවම යළි යදිනු ඇත
    ඔබ වෙතින්
    නව යොවුන්
    මාවතක්
    හෙට පෙරට
    යනු පිණිස

    ReplyDelete
    Replies
    1. "සක්වා ලිහිණි" මගෙ ළඟ ඈ...

      Delete
    2. සේකරයන්ගෙ කවිය කොච්චර පරිපුර්ණද රසවත්ද කියල හිතුන..ගොඩක් ස්තූතියි අය්යෙ :) ඔයාටත් කවියක් ලියන්න හිත පහලවෙලා :D ඒකත් නරක නෑ :)
      @සිතූ ඔයා පොත කියෙව්වම මමත් ඉල්ලගෙන කියවන්නම්කො. මේ දවස් වල නම් කියවපු නැති පොත් ගොඩගැහිලා ඒකමයි පොත් ගොඩක් ගෙනියන්න බැහැ කීවෙ :)

      Delete
    3. සේකරයන්ගේ කවිය හමුවේ පසුබා යන්න නෙවේ එක දැම්මේ, ඒවා කියවලා තවත් ලියන්න දේවල් අරගන්න. ජය.

      Delete
    4. :) කවිය කියවෙද්දී හිතට දැනුන දේ නොවැ කීවෙ ;)

      Delete
  6. අපූරු අදහසක් පද පෙලකට ගොනු කරලා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි :)

      Delete
  7. මෙය ගිමන්හල අධිපත් තැන විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න...
    :-D:-D

    ReplyDelete
    Replies
    1. හැක් මොකක්ද ඩො මේ කමෙන්ට් එක

      Delete
    2. මේව තමා ඩෝ රියල් villain කමෙන්ට්
      ටෝ ඩම්නෙ නැතුවට
      හැක්

      Delete
    3. පලය යන්ට ලොම් නැති හාව :D

      Delete
    4. මහේෂ් අය්යෙ මේ කමෙන්ටුව දැක්ක ගමන් මට බකස්ගාල හිනා ගියා දේය්යනේ අර ලොකු ගැඹුරු විදිහට හිතන්නැතිව කියෙව්වම මේකත් නිකන් ගිමන් හලේ ඇඩ් එකක් වගේ නේ :D

      @තරිඳු අය්ය .. මේ අර ගුටි කාල ගෙදෙට්ට වෙලා ඉන්න විලන් දන්නේ නැද්ද :V :V

      Delete
    5. යා යා එකා තමා. අර මැර මූණක් දාගෙන ඉන්න එකා, මට බැරියෝ මන් යනෝ කියල බුකියත් වහල ගිහින් අයි හොරාට ආපු යකා.

      Delete
    6. හංසි අක්කා ඇඩ්වර්ටයිසිං....මහේෂ් අයිය දැන් ලියපිය....ඇඩ් දාල නිකා ඉන්ඩ හොදනෑ....හැක්...හැක්....

      Delete
    7. @තරිඳු අය්ය ,රසික මල්ලි ඔය විලන් අය්ය අර පරණ ඇරියස් කවර කරන්න එක්ක දැන් දිගට හරහට ලියන්නෙ :P

      Delete
  8. කටු කොහොල් බොහෝ වෙත්
    ඇනි ඇනී දෙපා රිද්දන
    අනවසරයෙේ කපොල් තලනා කඳුළුය
    ඒ තරම් හද දවනා වචනය
    පෙරට යන්නට සිටින්නේ නුඹම වුව
    පසු පසට අදින්නට දහස් දන ඇත...

    මිතුරිය..
    දියෙන් කිරි වෙන් කිරීමද
    හිතනා තරම් පහසු නැත
    කවියකින් කියනා තරම් රසක් නැත

    ගිරි හිසට නැගුණ කල
    අත්පොලසන් නගන්නට
    ඇති තරම් දන සිටිය හැක
    නුඹ සිනාසෙනු බලා හිනැහෙන
    නුඹ තරම් දුක් වින්ද උන් ඇත
    දහසකට දස දහසකට වඩා
    බොරු මුහුණු ඇතියද
    නුඹට අමතක උන් සිටියහැක
    නුඹව මතකේ තියා හිනැහෙන..

    ReplyDelete
    Replies
    1. කවිය දැනුන ..ඒකෙන්ම .. නිහඬවම ගොඩක් දේවල් කල්පනා කළා ..

      Delete
  9. හංසියො ලස්සන කවියා ඈ.. හාව හඳ දකින්නැහේ කවි ලියන මට පිළිතුරු කවියක් නම් ගලපගන්න බැරි වුණා ඔන්න..

    ලස්සනයි හැබෑවටම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ :) ... මටත් පිළිතුරු කවි ලියවෙන්නෙ ඉඳල හිටලා ලොකු ගැම්මක් ආවම නැත්නම් ඔහේ කල්පනාකරනව ලියන්න දෙයක් නැතිව :D

      Delete
  10. හසඟන විල් ජලය කලතා ක්ෂීරය වෙන් කරන තුරු තමයි අපි බලා උන්නෙ .

    එකක් කියන්න බෑ. මුළු කවිය තුළම රසවත්කම දෝර ගලනවා. ඒත් අන්තිම ාටසට ගොඩක් කැමතියි .

    යමු ....
    ජිවිතේ ගමන් මග
    ඔබ මාද අන් අයද
    එකට අත්වැල් බැඳ

    මොනවා කියන්නද මන්දා . අතිවිශිෂ්ඨයි හසඟන !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙතුවෝ ^_^ ඇත්තටම කීවොත් මේක හරි අහම්බෙන් ලීව කවියක් .. ක්ෂණිකව ගහපු කොත්තු රොටියක් වගේ හික්ස් ... ;)

      Delete
  11. අරුත් බර නිර්මාණයක්...මිනිස්සු "මම" ගැන නොහිත "අපි" ගැන හිතුවොත්, ජිවිතේ ගමන යන්න බොහොම ලේසියි...

    මට දැනෙනව නම් උඹේ සීරුමක පෑරුම්
    උඹ දන්නව නම් මගේ හදවතේ රිදුමන්
    උඹ මටත් මට උඹත් ළඟ ඉන්නවා නම්
    කෝපි උගුරක් බොන්න නවතින්න පුළුවන්...

    මේ අහස යට අපේ එක හිතිවිල්ලකට
    පුළුවන් මුමුණන්න සහස් හදවත් වලට
    ලං වෙලා බැඳුනොතින් ඒ හිතිවිලි වලට
    ඒ තරම් දුරක් නැත ඒ ගිමන් හල් වලට...


    ReplyDelete
    Replies
    1. පොකුරු පොකුරු වැහි :) සාදරයෙන් පිලිගන්නවා :) ... පොකුරු වැහි ගෙ කවි ටිකත් අගෙයි :)

      Delete
  12. යමු මාවතක
    ඇවිද අපි.......
    රටක් වෙනුවෙන්
    හෙටක් ලැබෙනැති...

    ලස්සනයි අක්කෙ......හිතනව...තව හිතනව...කොච්චර හිතුවත් හරිදේ මතක්වෙන්නෑ...නිර්මාණේ උස තැනක තියන එකක්...මම තාම පොඩි එකානෙ..ඒකහිංද නිකන් පද ටිකක් කෙටුව...

    ReplyDelete
    Replies
    1. හී ... රහට ලියන යෝධ කවියො එක්ක අපි හැමෝම තාම කුහුඹු පැටව් නෙ මල්ලි :) අපිත් ලියමු දවසක හොඳ කවියක් බිහිවෙනකන් :) මමත් තාම කවි නොවන කවි ලියන්නෙක් :)

      Delete
  13. අපූරු පද පේලි ටිකක්...

    යමු යමු... මාත් එනවා ... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ ^_^ යමු යමු ...අපි හැමෝම :)

      Delete
  14. මුළු ජීවිතේ ම ගමනක් තමා..))

    ReplyDelete
  15. හුටා මේක බලන්න බැරිවෙලා

    ReplyDelete
    Replies
    1. හී .... පහුවෙලා හරි දැක්කනෙ :)

      Delete
  16. හරි
    එහෙනම් "යමු "
    ඉක්මනට ලැස්ති වෙයන් හංසි යෝ...

    ---------
    බොහොම ලස්සන කවියක් හංසි යෝ...

    ReplyDelete
    Replies
    1. හික්ස් .. මේ අපි ගොඩක් දුර ගිහින් ඉක්මනට දුවල එන්නෝ ... කන්න මොකුත් එහෙම අරගෙන එන්න ;)

      Delete
  17. හදිසියේ විත්
    දුරගමන් ගිහිං
    හති වැටී ගොඩක්
    රිදුම් දෙනවා හදත් ....

    ReplyDelete
    Replies
    1. හෙමින් යමු ..හදිසියක් නැහැ :)

      Delete