Monday, April 14, 2014

අවුරුදු දා

හ්ම්ම්...අවුරුද්දත් ඉවරයි .හෙට අවුරුදු  උත්සවයක්. :D  ..අහ් !!..කියන්න බැරිඋනානේ  අවුරුද්ද හිතපු තරම් අප්සෙට් උනේ නෑ .කොහොම හරි අම්මට කියල හැම කෑම  ජාතියක්ම හදව ගත්ත.(එත් පොඩි අවුලක් .... වෙනද හදන සමනළ  කොකිස  මේපාර හදන්න බැරිඋනා එකේ මිට ගැලවිලා ආයෙ  ගන්න දෙයක් නැතිවෙන්නම ...එත් අද කවුදෝ  තවත් සමනල කොකිසක් ගෙනල්ල කෑම  පාර්සලෙක :/ )..අවුරුදු දවසේ අය්යත් ගෙදර නෑ ...එහෙම කියල අඩුවක් නෑ  ගෙදර සියලු විස්තර එසැණින්  update  කරනවනෙ (මේ වගේ නංගිලා ලබන්න අය්යල පින් කරන්න ඕන ;) ...) අය්ය නෑ  කියල දුක නෑ  මොකද  ගනුදෙනු වලදී අය්ය ගෙ  කොටසත් නංගි ට  හම්බෙනවනෙ  .(මේක ඇහුවට පස්සේ නම් මෑන් ට දුක හිතුන ..) ම්ම්ම්..ම්ම්ම්..තව මොනාද ...අහ් !!..මං  ආසම අවුරුදු කෑම කියන්න බැරිඋනානේ ඒ තමයි කොණ්ඩ කැවුම්  සහ කෙසෙල් (මේ දෙක යුගල පද වගේ ..මේ දෙකම එකට කෑවෙ  නැත්නම් වැඩක් නෑ ) ..වාසනාවට කොණ්ඩ කැවුම් අම්ම හදන්නේ නැතිව අඳුරන කෙනෙක්ට කියල හදවගෙන .අපේ අම්ම හැදුවනම්  අපේ කාලේ කෙල්ලෝ වගේ තමයි  එකේ කොණ්ඩේ  නෑ තිබ්බත් එක එක විදිහට ඇඹරිලා (:D ).....ඔහොම තමයි අවුරුද්ද  යාලුවෝ හැමෝටම සුබ පතල මොහොණුපොතේ ටැග්  කරපු එවුන්ටත් සුබ පතල ඉවරයි . හ්ම්ම්.. දැන් වෙලාව හතරටත් කිට්ටුයි ..මේ ලියන අතරෙත් මට සුබපතල sms එවනව (අවුරුදු කාල ඒවා දිරවලත් යන වෙලාව ) මේ වෙලාවට   හිතෙනව උන් නින්දෙන් ඇහැරිලා අද අවුරුදු කියල මතක් වෙලා wish කලාද කියල . කොහොම හරි කමක් නෑ මාව මතක් වෙලානෙ  :D  ...හ්ම්ම්..කම්මැළියි ..  මේ දවස්  වල අලුත් දේකට  ඇබ්බැහි වෙලා ඒ බ්ලොග් කියවන්න ඉස්සර පොත් පන දාගෙන  කියව්ව එත් මේ degree  මගුලක් නිසා හැමදාම ලැප් එක දිහා බුම්මගෙන code ලියනව යි  errors හදනවයි  ඇරෙන්න වෙන මෙලොදෙයක් කරන්න විදිහක් නෑ. එත් මොකක්දෝ වාසනාවකට ලස්සන බ්ලොග් එකක් හම්බුනා දැන් ඒක එක හුස්මට කියවන් යනවා . මොනා  උනත් ඒක ලියපු කෙනාට නම් පිං කෝටියයි ..මගේ පරණ පුරුදු කියවීමේ ඇබ්බැහිල්ල මට ආයෙ  ඇතිකළාට ඒක  මුහුණුපොතේ  news feed කියවනවටයි like දානවටි වඩා සිය ගුණයක් හොඳයි ..ඊඊ ඊ  ...අදට ලිව්වා ඇති වගේ ..අම්ම ඔරවල බලල ගිය  :O ...රෑට කට්ටියක් එනවලු (පොඩි එවුන් අවොත් මට තමයි දුක :(  ..) පොඩ්ඩක් උදව් කරලා එන්නම් ..අදට මේ ඇති ...අහ් !!..අමතක උනා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක්. :) :)

2 comments:

  1. Coding ක‍රන කෙනෙක් නම් code lines අතරේ space & Tab භාවිතා කිරීමේ වැදගත් කම දන්නවනේ..
    එතකොට කෝඩ් එක පැහැදිලියි..
    අන්න ඒ වගේ බ්ලොග් පොස්ට් වලත් ඡේද වෙන් කරන්න.. ඉඩ තියන්න..

    අනිත් එක blogger follow widget එකත් බ්ලොග් එකට දාන්න.. එතකොට අලුත් පොස්ට් එකක් දාපු ගමන් අනිත් අයට එක යනවා..

    අලුත් බ්ලොග් ජීවිතේට සුභ පැතුම්...
    සුබ අලුත් අවුරුද්දක් වේවා !

    (අහ.. අනිත් එක මේ comment word verification එකත් අයින් කරන්න)

    ReplyDelete
    Replies
    1. මගේ පළවෙනි පාඨකයා :) ... comment එකට ගොඩක් ස්තූතියි .බ්ලොග් වලට අලුත්....සමහර දේවල් තේරෙන්නෑ තවම අත්හදාබැලීමේ අවදිය ...කිව්ව දේවල් වලට ගොඩක් ස්තූතියි .තේරෙන විදිහට වෙනස් කරගන්නම් .ඔබටත් සුබ අලුත් අවුරුද්දක් .

      Delete