Saturday, December 26, 2015

අහන්න වෙලාවක් තියෙයිද ?

මට මතක නැහැ එකම එක දවසක්  සින්දුවක් අහන්නේ නැතිව  රැයක් ගෙවපු  ඒ තරමට සංගීතෙට මම ආසයි.ඇයි මම විතරද ඔයාලත් එහෙමනෙ  නැද්ද ? හිත හොරා  ගන්න සමහර සිංදු සරින් සැරේ නැවත නැවත වාදනය වෙන්නේ අපිටත් නොදැනීම. සිංහල සින්දු විතරක් නෙවේ ඕනෑම රටක ඕනෑම භාෂාවක  හිතට අල්ලන සින්දුවක් තිබ්බොත්  මම අහනවා ඒ අතරිනුත්  හින්දි සින්දු වලට නම්  වෙනමම ඇබ්බැහියක් තියනවා ඒක වෙනම කතාවක්  ;) ...අද මම කියන්න යන්නේ කතාවක් වත් කවියක් වත් නෙවේ   මගේ හිතට දැනුන අලුත් සින්දු තුනක් ගැන පොඩි ඔත්තුවක් දීල යන්න හිතුන. මේ සින්දු තුනම  අපේ සරසවියේ සහෝදරයො එකතුවෙලා හදපු සින්දු තුනක්. මුහුනුපොතේ යාළුවන් අතර හුවමාරු වුන මේ සිංදු  තුන ආයෙ ආයේ අහද්දි  හිතුන බ්ලොගේට දැම්මොත් හොඳයි කියල.  සමහර විට ඔයාල මේ සිංදු තුන මීට කලින් අහල ඇති    :)  :)   සමහර සින්දු අහද්දී  කතාවක් ගොඩනගන්නම හිත කීවා  ඒත්  මම ලිව කතාවක් දාල අන්තිමට සින්දුව දැම්මොත් සින්දුවේ රසය වෙනස් වේවි කියල  හිතුන නිසාම කෙලින්ම සින්දු ටික බ්ලොගේ දිග හරිය ... හරි ... දැන්  සිංදු අහන්න වෙලාව  :) 

හීන හොයාගෙන
සරුංගලේ

සඳවතී 


27 comments:

  1. //කෙලින්ම සින්දු ටික බ්ලොගේ දිග හරිය// හරිය හරිය දැන් අපිට මක්කෙයි කොරන්න කියන්නේ. සින්දු ටික නම් පස්ටයි හරිය.

    ඔය පල වෙනි සින්දුව නම් මටත් හිතට වැදුනා, අපේ එකෙත් හිටපු ආටිස්ට් මම, ඔය මහා ශිෂ්‍ය සංගම් මගේ අධ්‍යාපන අයිතීන් කප්පාදු කර කර ලෙක්චර් වලින් එලියට මාව ඇදගෙන ගිහින් මන් ලව්වා කහ ගාපු පෝස්ටර වල උන්ගේ ඉල්ලීම් ලියා ගත්තු හැටි ඇද වෙච්ච අකුරෙන් මට තාමත් මතකයි, කළා වැඩ වලදී මට කරපු තර්ජන, මම ඇඳපු චිත්රේ තාමත් ඇති ඒ කළු ගැහුණු බිත්තියේ, එස්ස්රහටත් චිත්රේ නම් එහෙමම තියේවි උන් පන වගේ රැකගෙන, එත් ඒක අන්දපු එකාව උං කොතැනක වත් සඳහන් නොවේවි, මාව පාවා දුන්නේ මාත් එක්කම එකට හිටපු උන්, ඕක තමා කැම්පස් වල ඉස්සර තිබ්බ ඇත්තම කතාව.

    මම ආට් ර්රුම් එහෙ සායම් අතරේ දිය වෙද්දී ගොඩක් උන් බංකු උඩ හීන පාට කල හැටි මතකයි තාමත්. මාත් මගේ හීනයක් හොයාගෙන ගියාම මගේ යටි පතුලේත් කටු ඇනුනා, එත් ඒ කටු විසි කියල තේරෙන කොට එක්සෑම් කට උඩ, මගේ ළඟ නොට් වත් නෑ, කුප්පි දාන්නවත් එකෙක් නෑ, තියෙන්නේ මන් වෙනුවට අටෙන්දන්ස් වලට වැදිච්ච අස්සනක් විතරයි. එත් ඒ කතාව එහෙම්මම අනිත් පැත්ත ගැහුවේ මගේ කල්‍යාණ මිත්‍රයෝ දෙන්න, මන් වෙනුවෙන් උන් එක්ක ගහ මරාගෙන මගේ යටි පතුලේ ඇනුණු කටු ගලවලා මාව ගොඩ ගත්තු උන් දෙන්නටත් වඩා හොඳට එක්සෑම් පාස් වෙන්න පාර පෙන්නුවේ උන් දෙන්නගේ නෝට්. උන් දෙන්නගේ කුප්පි, උන් දෙන්න නොහිටින්න මගේ මේ කතාවත් ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.

    ඒ සින්දුව මේ කමෙන්ට් එක ලියද්දි 10 පාරකට වඩා අහලා ඉවරයි. හීන ආදර හීනම වෙන්න ඕනා නැහැ කටු ඇනෙන්න, මට සින්දුවද රුප රචනේද ස්න්ගීතේද අහන්නේ කියලා හිතා ගන්න බැරි උනා, ඒ තුනම මම වෙන වෙනම ඇහුවා බැලුවා. ඒ ලෙවල් වල ඉඳලා යටි පල්ලේ ඇනුණු කටු තාමත් ගලවනවා. ගලෝ ගන්න දඟලනවා. දවසක ගැලවෙයි කියලා කටු තියෙන පාරක යන ගමන් හීන දකිනව. ස්තුතියි හංසි නොමැකෙනා මතකයන් ආපහු සැරයක් මතක් කරලා දුන්නට.

    ReplyDelete
    Replies
    1. ඔන්න අද තමා උඹව දැක්කේ!!! හිටහන් උඹේ බ්ලොග් එක හොයාගන්ඩ!

      Delete
    2. හැක හැක. මේ අපේ රුපයානේ. :D, ආෆ්ටර් බස්සීස් ඉවෙන්ට් ඉට්ස් නයිස් ටු මාට්ටු ආ, සෝ සෝ?

      Delete
    3. අය්යගෙ කමෙන්ටුව කියවල ආයෙම පලවෙනි සින්දුව ඇහුව සිංදුවේ වචන එක්ක අය්යගෙ කතාව ගැලපෙනවා හොඳටම.මම හිතන්නෙ විභාග ඉහලින් සමත්වෙලා අය්ය අද ඉන්න තත්වෙත් එක්ක මට නම් පේන්නෙ ඇනිච්ච කටු ඔයාම ගලවගෙන තුවාල කැළැල් නම් මකන්න බැරිය ඒ වුනාට මොකෝ ඒ මතක සටහන් අපිව ආයේ ආයේ දිරිමත් කරනවනේ නැද්ද :) තව දෙයක් මොනවා උනත් අය්යට හොඳම යාළුවො වගයක් ඉඳල තියනව :)

      Delete
    4. @රූපෙ මේ ලඟදි තිබ්බ කවි පොතක් එළිදක්වන උත්සවයකදිත් සොමි අය්ය රූපෙ එනකන් බලන් හිටිය මමත් රූපෙ එක්ක කතා කරන්න හිතාගෙන හිටියෙ කෝ ආවෙ නෑනෙ :D

      Delete
  2. සිංදු අහන එක නම් මමත් නිතරම කරන දෙයක්...
    ඒත් මට නම් කට්ටියක් එක්ක එකතු වෙලා ඒ දේ කරන්ට අමාරුයි...
    මොකද මම අහන ඒවාට මමත් එක්ක ඉන්න අය කැමති නෑ...

    ඔයා දාපු සිංදු තුන අහන්ට විදිහක් නෑ...
    ජංගම දුරකතනයෙන් ඒවා බලන්ට අහන්ට අමාරුයි...

    අපේ කෙනෙකුත් සිංදුවක් හැදුවා මේ ළඟදී...
    ඒකත් මම කැමති නැති විදිහේ එකක්...
    ආ තව දෙයක් තියෙනවා...
    අර පලංචියේ ලී ඉරපු සිංදුවට අපේ අය වීඩියෝ එකක් කරලා තියෙනවා...
    ඒකට මගේ සම්බන්ධයක් නම් නෑ...
    බලන්න ඕනේ වගේ නම් ඔයාට ලින්ක් එක එවන්නම්...

    මේ ඔයාගේ කීවෙනි අවුරුද්ද ද???

    ReplyDelete
    Replies
    1. මගෙත් හොඳම යාළුවො මම අහන ජාතියේ සිංදු අහන්නෙ නැහැ.කට්ටිය එක්ක නම් සින්දු අහන්නේ නැහැ තනියම අහන්නෙ හැබැයි හිතුන වෙලාවට මුහුනුපොතේ හැමෝටම අහන්න link එකක් දානව කැමතිනම් අහන්න කියල :D

      සිංදු පුළුවන් වෙලාවක අහන්නකො ඒවා ලස්සනයි ..අහ්හ් මම තුන්වෙනි වසරෙ

      Delete
  3. වෙලාවක් හොයාගන හරි අහන්න බැරියෑ......

    ReplyDelete
    Replies
    1. කුරුටුට වෙලාවක් හම්බුනාම අහන්නකො :)

      Delete
  4. වෙලාවක් තිබුන හන්දා ඇහුවා ඔන්න. කලින් ඇහුවේ නැති සිංදු තුනක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය මේ සින්දු අහල නැති කියල හිතල තමා මම දැම්මෙ.මට හොඳ සින්දු ටිකක් ..ආයෙ සින්දු දාන්නේ නෑ අන්න පහල මහේෂ් අය්ය මට බනිනෝ :D

      Delete
  5. කම්මැලි පෝස්ට්...
    මං එකක්වත් ඇහුවෙ නෑ.. බොරුවට මොකටද ඇහුව කියල කියන්නෙ. ෆෝන් කටු වලිං ඕව ප්ලේ කරන්ට බෑ නෙව..බැරි නෑ ඒත් ඒකට වෙනම කට්ටක් කන්න ඕන.. එපා වෙනව නෙ.. පස්සෙ වෙලාවක අහන්නං.. කොමෙන් ලොග් වුණාම...
    ටටා

    ReplyDelete
    Replies
    1. කම්මැලි පෝස්ටුවක් නෙවේ ..හෆොයි මේ සිංදු ටික දැම්මේ ලස්සන නිසා අනෙක අපේ සරසවියෙ ළමයි ටිකක් සිංදු හදල තියෙන්නෙ ..හරි ආයෙ සිංදු දෙන්නේ නැහැ :P මහේෂ් අය්ය සින්දු ඇහුවේ නැතිවට කමක් නැහැ හැබැයි අර පළවෙනිම සිංදුවේ වචන ටික නම් හරි ලස්සනයි හොඳේ ;)

      Delete
  6. රෑට නින්ද යනකම් සිංදු අහනවා කියනේ වෙනම ආතල් එකක්.ඉස්සරනම් රේඩියෝ එක ඇහුවා.ඒත් දැන්නම් mp3\4 විතරයි.රේඩියෝ වලින් අපිව නිවන් දක්කන්න පිරිත් දාලා එළිවෙනකම්.
    සිංදු ටික අහන්න වුනේ නෑ.හිමින්සැරේ අහලා කියන්නම් පස්සේ දවසක.මෙච්චර දිග පෝස්ට් ලියල ලියල දැන් සෑහෙන්න මහන්සිත් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. රෑට සිංදු අහන්න මාත් ආසයි.එක එක mood එකට එක එක සිංදු .හික්ස් දිග පෝස්ටු දැම්මේ නැහැ කාලෙකින් ..ඉක්මනින් ලියනවා :)

      Delete
  7. ඔත්තුව දැනුයි දැක්කේ හංසියෝ.... සින්දු අහන්න පස්සේ එන්නම්. අවුරුද්ද අවසානේ නිසා ටිකක් විතර වැඩ

    ReplyDelete
    Replies
    1. මටත් වැඩ සබරේ කතාවක් ලියන්න ආසයි හොඳ එකක් ලියන්න ඕන මහන්සිවෙලා හොඳට හිතල. තාම විභාග ඉවර නැහැ නෙ ... පුළුවන් විදිහට බ්ලොග් පැත්තේ එනව.ලියන්න හදනවා ඒත් වැඩ එක්ක ලියාගන්න හිතක් නැහැ.

      Delete
    2. කතා කියවන්න මමත් ආස එකෙක්..කතාව දානකම් මග බලාගෙන ඉන්නවා හොදේ...
      (විභාගේ වැඩ පාඩු කරගන්නේ නැතුව හිමි හිමිහිට දාමුකෝ.)

      Delete
  8. එකක් වත් කලින් අහලා තිබුනේ නෑ!
    පලවෙනි දෙක නම් පට්ට! බට් තුන්වෙනි එක නම් මට ඇල්ලුවේ නෑ!!

    ReplyDelete
    Replies
    1. මම ඔය සිංදු තුන දැම්මේ මම කැමති අනුපිලිවෙලට :) කමෙන්ටු වලින් තේරෙනවා හැමෝම වැඩියෙන්ම ආස මුල් සිංදු දෙකට කියල .සින්දු අහල රසවින්දනම් සතුටක් :)

      Delete
  9. ඔන්න සද්දේ අඩුකරලා ඔෆිස් එකේදිම සින්දු තුනම ඇහුවා හරිය.. :)
    විෂුවල්ස් නම් සැහෙන්න හොඳයි. වැඩියෙන්ම පලවෙනි එකේ.. පලවෙනි සින්දු දෙකමත් හිතට ඇල්ලුවා. ත්න්වෙනි එකනම් ටිකක් මල් මල් වගේ :)

    දැන් ඔය සින්දු වලට හන්සි ගේ දායකත්වය මොනවගේද? :)

    ReplyDelete
    Replies
    1. සිංදු ලස්සනනම් සින්දු අහන්න දුන්න මට සතුටක් :) කල්‍යාන මිත්‍ර අනේ මගේ කිසි දායකත්වයක් නැහැ මේ සිංදු වලට. මම විද්‍යා අංශයෙ මේ සිංදු කලා අංශයෙ අය කරපුව. කලා අංශයෙ ළමයින්ට තියන නිදහස දැක්කම ටිකක් විතර ඉරිසියයි ඉතිං අපේ නිදහස අඩුයි අපි පොත් ගුල්ලෝ වගේ assignment ,exam ,project වලට හිරකරවල ....අපි සින්දුවක් හැදුව දවසක කියන්නම්කො :)

      Delete
  10. සින්දු තුනම ඇහුවේ visual එක බලන්නේ නැතුව. තාම කැමති පරණ තාලෙට සින්දු රස විඳින්න. මම ඉතින් millennial කෙනෙක් නෙවෙයි. කැමතිම පළමු එකට. සංගීත රචනය කාගෙද?

    ReplyDelete
    Replies
    1. සරුංගලේ සිංදුවත් ලස්සනයි :) පලවෙනි සින්දුවේ පද රචනය රසංග ලක්මාල් කියල කෙනෙක් මමත් සිංදුවේ තිබිල දැකල හොයාගත්තෙ. :)

      Delete
    2. කියන්න බැරිඋනා පුලුවන්නම් සිංදු ආයෙත් ඇහුවොත් ඒවයේ රූපරචනය බලන්න පද රචනය වගේම රූප රචනයත් හරි අපුරුවට අර්ථවත් විදිහට කරලා.

      Delete
  11. ඔන්න හංසියෝ අද ඉදලා මහේෂ්ලා දෙන්නෙක් මේකට ගොඩ වෙනෝ...
    නව වසරට සුබ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. මහේෂ්ල දෙන්නෙක් ..සතුටුයි :) ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් :)

      Delete