මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද .... ?
පාට පාට සමනලුන්ට
හිනා පපා හාද වෙන්ට
පැණි කුරුල්ලො වටකරගෙන
සියුම් හඬින් ගී ගයන්න
ඒ ඔක්කොම යනෙන විටදි
මා කොහිදැයි මතක් වෙන්න
චපල මලේ චපල මලේ
මටනම් බැහැ තවත් ඉන්ට
මුහුදේ මාළු එකෙක් නොවේ
තව ඉන්නව මං දන්නව
ඒත් ඉතින් මල් හැමෝම
චපල බවත් මට හැඟෙනවා
තවත් මොකට ආලෙ වෙන්නෙ
මගේ සිතම මට කියනව
නුඹ නොමැතිව මට ඉන්නට
හිතේ හයිය මට තියනව
පාලු සිතට තනි රකින්න
මද අඳුරත් ළඟම එනව
හිතේ තියන දුක නිවෙන්න
පෙප්සි කඩේ ළඟ තියනව
නුඹ මට දුන් පැණි වගේද
පෙප්සි බොද්දි මට හිතෙනව
බමන මතින් මත් වීලා
පෙප්සි කඩේ මම නිදනවා
නිමිත්ත : පොත් සල්පිලේ පැත්තක තිබ්බ පෙප්සි විකුණන කුටියක හිටිය මී මැස්සන් මතක් වී ලියන ලදී :D
දැන් ඉතින් මේ කවි නොවන කවි වගේ ඒවාට මේවත් කවිද කියල අහල බනින්න එපා මට කවි ලියන්න බැරිය ;) කාලේකින්ම මම මොකවත් ලිවේ නැහැ වැඩ වැඩි උනා හේතු කාරණා ආයෙම කියන්න ඕන නැහැ ඉක්මනින් කතාවක් ලියන්න පොරොන්දු වෙන්නම්කො ඒ ඇතිනෙ :)
හෙහ් හෙහ්, පැණි බොන්න මල් නැති හන්දා පෙප්සි බීලවත් වැඩේ ගොඩ දාගන්න හිතුවද දන්නේ නෑ.
ReplyDeleteදැන් කාලේ මී මැස්සො මල් නැහැ කියල අඬන්නේ නෑලු :D
Delete\\බමන මතින් මත් වීලා
ReplyDeleteපෙප්සි කඩේ මම නිදනවා//
හෙහ්...
\\දැන් ඉතින් මේ කවි නොවන කවි වගේ ඒවාට මේවත් කවිද කියල අහල බනින්න එපා මට කවි ලියන්න බැරිය ;)//
ඔයා මගේ බ්ලොගට ආපු මුල්ම එකෙත් තිබුණේ එහෙම එකක් නේ???
ඉතින් හායි...
ගස් බඳින පැත්තේ එකේ මොන අංශයේද ඉන්නේ???
කොහොමද ඉගෙනීමේ වැඩ???
මේවා කවි නොවේ වෙන මොකක්ද එකක් මම මේ නමක් හොයනව .. මම ඉන්නෙ විද්‍යා අංශයෙ ඉගෙනිමේ වැඩ මතක් කරන්නෙපා හුස්ම හිරවෙන්න වැඩ තිබ්බ තව දවස් දෙකකින් ආයෙම විභාගෙත් තියනවා ඕන දෙයක් කියල මම මෙහෙ ආව
Deleteලස්සනයි. ලොකු කතාවක් පොඩි පැදිපෙලකින්
ReplyDeleteස්තූතියි ඉයන් ...අනේ මට මේ පින්තූරේ දැක්කම 'ඉයන් සීය' කියලයි කියන්න හිතෙන්නෙ :P
Deleteඒකට කමක් නෑ හන්සියෝ, මොනව කරන්නද වයස යන එක වලක්වන්න බැහැනෙ. ඔය පින්තූරෙ වගේ හැරමිටියකින් නොගියට වයස වැඩියි තමයි. නෑදෑකමින් මට සීය කිවයුතු අය ඇත්තටම ඉන්නවා.
Deleteනැහැ නැහැ මම සීය කියන්නේ නැහැ පොඩි විහිළුවක් කලේ :)
Deletepepsi honey..))
ReplyDeleteHoney bee
DeleteLazy bee ;)
මොකද අප්පේ මාස ගානක් පෙන්නවත් නැතිව හිටියේ...
ReplyDeleteමී මැස්සන්ගේ වැඩ දැකලා ලොකු කතාවක් ලියලා වගේ...
කැම්පස් එකේ 3rd year project එකට වැඩ කරපු නිසා ලියන්න කියවන්න කාලේ නැති උනා මනෝ. දැන් නම් ඒ වද ඉවරයි මේ දවස් වල විභාග ආයෙම දිගටම ලියන්න තමයි හිතේ තියෙන්නේ ..සමාවෙන්න ඒ පැත්තේ ආවේ නැතිවට.
Deleteමි මැස්සොද දන්නවද දැන් කාලේ මී මැස්සෝ හරි කම්මැලියො මලින් මලට රුං ගාල යන්න කැමති නැහැ පෙප්සි හරි කොකා කෝල කඩේක ගෙවල් හදාගෙන ආතල් එකේ ඉන්නව :D
මමත් මේ පැත්තට මුල්ම වතාවට ගොඩ වුනේ...කවි පන්තිය ලස්සනයි.
ReplyDeleteසුබ නත්තලක්....
ස්තූතියි මහේෂ් .. සාදරයෙන් පිළිගන්නව මෙහෙට :) ඔයාටත් පවුලේ හැමෝටමත් සුබ නත්තලක් :)
Deleteනරකම නෑ හංසි පෙප්සිත්...
ReplyDeleteපැණි වගේද පෙප්සි නේ ;)
Deleteලස්සනයි... ;) මමත් මේ පැත්තට මුල්ම වතාවට ගොඩ වුනේ..
ReplyDeleteස්තූතියි අන්ධකාර තාරකාව :) සාදරයෙන් පිලිගන්නවා මෙහෙට :)
Deleteඉඳලා ඉඳලා ගති එකක් ලියලා තියෙන්නේ
ReplyDeleteජයවේවා හංසියෝ!
මේක ගතිද එහෙනම් අවුලක් නැහැ :D ස්තූතියි වර්ණ ..ජයවේ ජයවේ :)
Deleteහංසි............. කවියා කියන්නේ... නිර්මාණකරුවා කියන්නේ මේ සංවේදීකම තියෙන කෙනා තමා.... කාෙහෝ හරි මුල්ලක වැටිලා හිටපු මී මැස්සෝ ඔබට නිර්මාණයක් විදිහට ලියන්න හේතු වෙලා.....
ReplyDeleteහැමදාම කවි ලියන කුරුටුලගේ මේ අදහස් වටිනව ^_^ ස්තූතියි කුරුටු :)
Deleteඑතකොට මු මී මැස්සද , මැස්සිද ??
ReplyDeleteමූ මී මැස්සෙක් පෙප්සි බාර් වල රස්තියාදු ගහන අපේ කාලෙ මී මැස්සෙක් :D
Deleteමැලේ මෙහෙට අලුතින් නේද එහෙනම් සාදරයෙන් පිළිගන්නව ..ගමුද පෙප්සි වීදුරුවක් :D :V
ලස්සන මී මැස්සෙක්.
ReplyDeleteගුගල් සහෝදරයා තමා මට ඔය මී මැස්සව අල්ලල දුන්නෙ මමත් බ්ලොගේ අලවගත්ත ;)
Deleteඔයාට පිච්චුද?
Deleteමම කිව්වේ කවියේ මී මැස්සා ගැන.
Lalith.
මම හිතන්නෙ පොඩ්ඩක් විතර පිස්සු තමා ;)
Deleteබිගුවෙක්
ReplyDeleteරොන් බිඳක්
සොයා
කඩ වීදියක
මලක්
මන බිඟුවෙක්
සොයා
නටුවගක
කොතැනක
වීද අඩුවක්
මලකින්
වීද වෙනසක්
අය්යෙ මට මගේ කවිය දාල පස්සේ ලියන්න හිතුන මේ මාතෘකාවම අරන් තමන්ට හිතෙන දේ කවියට ලියන්න කියල බ්ලොග් යාලුවන්ට කියන්න.ඒත් හැමෝම කවි ලියයිද දන්නේ නෑ කියල හිතුන.ඔයාගෙ කවියට ස්තූතියි. ඒක කෙටි රහ කවියක් :)
Deleteඅද තමයි මේ පැත්තේ ආවේ ඉස්සෙල්ලම.. සමහරවිට මී මස්සොත් මී පැණි සෑදීමේ පලදායීතාවය වැඩිකරගන්න වැඩිපුර සීනි තියන ජාති හොයනවා වෙන්නත් පුළුවනි. හැමදාමත් මල්පැණි බොන එකේ චේන්ජ් එකට ආව වෙන්නත් පුළුවනි.. ඉස්සරහට මී මැස්සන්ට බොන්න වෙන්නේ පැණි බීම තමයි කොහොමත්.. ඒ හින්ද දැම්ම ඉඳන් පුරුදු වෙනවා වෙන්නත් ඇති..
ReplyDeleteඅනාගතේ අපිටත් පෙප්සි රහට මී පැණි කන්න පුලුවන්නෙ :) අම්බලන්ගොඩව මෙහෙට සාදරයෙන් පිළිගන්නවා :)
Delete