Tuesday, July 14, 2015

පොඩ්ඩො


දැන් කලේ මොන්ටිසෝරි ළමයි  'රෝස මලේ නටුවෙ කටූ' කිව්ව කාලෙ ගිහින්. ඒ වෙනුවට දැන් කියන්නෙ 'රාජ මාලිගේ පරවියා ' වගේ කියල.බොරුනම් ඔය ගෙදර ඉන්න පොඩි එකාගෙන් හරි අහල පහල ඉන්න පොඩි එවුන්ගෙන් හරි අහල බලන්න අපිට වඩා හොඳට මුළු සින්දුවම කියයි.

මොන්ටිසෝරි ටීච කෙනෙක් වෙච්ච අපේ අම්ම ගෙදර ඇවිත් කියන කතා තමයි ඔය.මට මතකයි අම්ම කිව්ව  ගිය අවුරුද්දෙ  එම්. ඩී. ධනුෂ්ක දෙරණ ඩ්‍රීම් ස්ටාර් වුන කාලෙ දවසක් දා  පාන්දරම අම්ම ගාවට ආව පොඩි එකෙක් සාරි පොටේ එති  එති කියනවලු  
'හිස් ටින් එකක් වගේ මේ ජීවිතේ මල්ලී  ' කියල.මම අම්මට කිව්වෙ  තව ටික දවසකින් පොඩි එවුන් ලඟට ඇවිත් 'Tune Maari Entriyaan  '  සින්දුව කිව්වත් බයවෙන්න එපා කියල  :D  

ඉඳල හිටලා මමත් අහම්බෙන් අම්ම උගන්නන මොන්ටිසෝරියට යනව ගිහින් කරන්නේ ඉතින් assistant වැඩේ තමයි. කොළ කපන්නයි ළමයි වැඩ කරද්දී එක එක්කෙනා  ලඟට ගිහින් කියල දෙන්න වගේ උදව් තමයි කරන්නෙ. තමයි පුදුමේ කියන්නේ ඒ පැය  4,5 වෙලාව යනවා වත් තේරෙන්නේ  නෑ. මාව ඈත දැක්ක ගමන්  ඔන්න හංසි අක්කේ ... කියල කෑගහනවා.ජනෙල් කම්බි වල එල්ලීගෙන පොරකාගෙන හැමෝගෙම අත  එලියට දාල  ට ටා කියනවා.එක දවසක් ගියාම ඇති හැමෝටම නම මතකයි :D හැබැයි  ඉතින් අඳුරන්නේ නැත්නම් ඉතින් ඔය මොකවත් නෑ.පිටසක්වල ජීවියෙක් දැක්ක වගේ බයවෙලා ඉන්නවා. එතකොට ඉතින් මාව පෙන්නලා පොඩි ළමයින්ව පොඩ්ඩක් බය කරනවා. මේ අක්ක සැරයි.  ඔයාල දඟ  කරනවද නැද්ද බලන්න මේ අක්ක ඇවිල්ල තියෙන්නේ කියල. හැබැයි ඉතින් පැය බාගයක් වත් යන්න ඕන නෑ අක්කගේ කරවටේ ළමයි :D සමහර අය  පිටිපස්සෙන් ඇවිත් තට්ටුවක්  දාල හැරෙනකොටම කෑගහගෙන හිනාවෙලා දුවගෙන යනවා.  එහෙම නැත්නම් හොරෙන් බලාගෙන ඉඳල මම දැක්කොත් ලජ්ජාවෙන් මේසේ  ඔලුව හංග ගන්නව.ඒ පැය ටිකේම ඇහෙන්නේ හිනා හඬයි කෑ ගැහිල්ලයි තමයි.

ඉඳල ඉඳල මම  අලුත්ම පන්තියකට අලුතින් ගිහින් පොඩි එවුන් එක්ක වැඩ කරද්දී අම්ම හරි ගයේෂ  අක්ක (පොඩි ටීච) හරි මාව අඳුන්නල දෙනවා මේ හංසි  අක්ක කියල.ඒ වුනාට වැඩක් නෑ පොඩි එවුන්ගෙන් සමහරක් කතා කරන්නෙම මට "නැන්දේ " කියල එහෙම නැත්නම් ඈත ඉඳල එකෙක් කෑගහනවා "ඇන්ටී...."  කියල  ලැජ්ජාවේ බෑ. ඒ වෙලාවට හෙමිට දුවල ගිහින් කනට කරලා කියනවා මට  නැන්දේ  කියන්නේ නැතිව අක්ක කියන්න පැට්ටෝ...  කියල ම්ම්ම් හරියනේ නෑ කියන්නෙම "නැන්දේ" කියල :( 


ඒ ඉන්න ළමයින්ගෙන් සමහර පොඩි අය හරි ෂෝයි. හිනාවෙලා දඟල දඟල ඉන්නව.සමහර අය නම් එහෙම නෑ.බුම්ම ගත්ත ගමන්. නම මොකක්ද කියල ඇහුවත් කියන්නේ නෑ.ඒ වෙලේ මට හිතෙනවා මාත් ඒ කාලේ කොහොම හිටියද දන්නේ නෑ කියල .සමහර අය අවුරුද්ද පුරාම අඬන බබාලා.සමහර අය නම් එහෙම නෑ.මේ ලඟදි පොඩි එකෙක් පොඩි හෙල්මට් එකකුත් දාගෙන  මොන්ටිසෝරි  යුනිෆෝර්ම් එකත් දාගන්නේ නැතිව සුදු පාට ටී ෂර්ට් එකක් දාගෙන අඬාගෙන මොන්ටිසෝරි එනවලු .ඇහුවම හොටු පෙර පෙර අඬ අඬා කියනවලු
 "ටීච මට ඔපිස් යන්න ඕන" කියල  
"ඔපිස් යන්නේ කොහොමද අකුරක්  වත් දන්නේ නැතිව" කියල චුට්ටක් විතර සැර  කරලා තමයි ඔන්න ඇඬිල්ල  නවත්වල තියෙන්නෙ.
මම ගියදවසක් හිටිය ඔහොම අඬන  බබෙක්.පොඩි ටීච බබාගේ ඇඬිල්ල නවත්තල තියෙන්නෙ පාට කලොත් ගෙදර යන්න පුළුවන් කියල ඒ නිසාම මේ ළමය කරන්නේ හැමතිස්සෙම ඉක්මනට පාට කරලා ටීච ගාවට ගිහින්  "ටීච පාට කරලා ඉවරයි මම යන්නද " කියල අහන එක මම යන දවසෙත් එහෙමයි ඉන්ටවල් එකෙනුත් ලඟට ඇවිල්ල ඇස් දෙකේ කඳුළු පුරෝන අහනව ටීච, "කිඹුලා කාල (කිඹුලා බනිස් ),පාට කරලා ,
යන්න දෙනවද කියල " :D  මුලකාලේ තමයි  එන්න බැරිව අඬන්නේ අන්තිම කාලේ අඬන්නේ
 "මොන්ටිසෝරියෙ  ඉන්න ඕන ගෙදර යන්න බෑ" කියල :) 



                                              මම ඔහොම උදව්වට ගියාට මට  සින්දු කියන්නත් බෑ  නටන්නත් බෑ  කරන්න පුළුවන්  එකම දේ චිත්‍ර අඳින එක. ඒ නිසාම අනෙක් වෙලාවට නැතත් පොඩි ළමයි චිත්‍ර අඳින වෙලාවට නම්  පූර්ණ දායකත්වය සපයනව :D .ආසම හිතෙන්නේ  ලඟට වෙලා අඳින චිත්‍රෙ  මොකක්ද  කියල අහන එක.  මොකද එයාල අඳින සමහර ඒවා තේරෙන්නේ නෑ.ඒත්  අඳින්නේ මොකක්ද කියල ඇහුවම කියන්නේ හිතාගන්න බැරි ලොකු කතාවක්.මේ ලඟදි දවසක පොඩි නංගි  කෙනෙක් රැලි රැලි රවුම් ගොඩාක් අඳිනවා.තාම ඇවිල්ල මාස 6 වත් නෑ අඳින්නෙ මොනවද කියල ඇහුවම කියන්නේ  හාවෙක් අඳිනවා කියල.
"කෝ ඉතින් හාවාගේ කන්  " කියල ඇහුවම කියනවා "කන හැලිල"ලු   :D  තවත් දවසක මල්ලි කෙනෙක් වැස්සෙ සරුංගල් අරිනව ඇඳලා. මම ඒත්  ඇහුව වැස්සේ කොහොමද මල්ලි  සරුංගල් අරින්නෙ  වැස්සේ බෑනේ තෙමෙනවනේ කියල. එතකොටම මල්ලි කියනවා ඇයි අක්කෙ  ඉටිකොළ වලින් හදන ඒවා. :P හි හී ඒ වෙලාවට නම් හිතෙනව  පොඩි එවුන්ට මට වඩා  මොලේ තියනව  කියල  :D 

පුංචි ළමයි බලාගන්න එක හිතන තරම් ලේසි නෑ ළඟ ඉඳිද්දී තමයි තේරෙන්නේ මොන්ටිසෝරි ටිචල කොච්චර මහන්සියක් වෙනවද කියල. ගෙදරදී ළමයි වෙනුවෙන් කැපවෙන අම්මල කවුද නැද්ද කියල මොන්ටිසෝරි ළමයින්ගෙන් හොඳට පේනවා .අම්මල මහන්සිවෙලා  වැඩ කරවන ළමයි ක්‍රියාශීලි වගේම වැඩත් හොඳයි අනෙක් ළමයින් සමහර අය  කන්න තියා අඩුම තරමෙ  චු දාන්න පවා දන්නේ නෑ. කොහොම උනත් ඔය අවුරුද්ද දෙක පුරාම මොන්ටිසෝරි ටීච කෙනෙක් ලමයව සම්පූර්ණයෙන්ම හදල වෙනස් කරන හැටි නම්  හරි පුදුමයි.අවුරුද්දෙ මුල්ම දකින කිසිම දෙයක් කරගන්න බැරි පොඩි ළමය අවුරුදු දෙකකට පස්සේ දැක්කම පුදුමත් හිතෙනවා ඒ තරමට හැම පැත්තෙන්ම ඒ ළමයි ඉදිරියට ගිහින්.ගුරුවරයෙක් විදිහට ඒ වෙනුවෙන් අම්ම කරන කැපවීම ගැන මට තියෙන්නේ සතුටක්.හැබැයි ඔය අතරේ පොඩි පොඩි රණ්ඩුත් වෙනවා "අම්ම පොඩි ළමයින්ට විතරයි ආදරේ මේ ගෙදර ඉන්න මට ආදරේ නෑ " කියල  ;)

  පොඩි ලමයි  එක තැන ඉන්නේ නෑ වයින් කරා වගේ තමයි  දුවනවා පනිනවා ඔන්න එක්කෙනෙක්ට වතුර බොන්න ඕන උනොත් හැමෝටම වතුර බොන්න ඕන.එක්කෙනෙක් චු දාන්න යන්න ඕන උනොත් අනෙක් හැමෝම නැගිටලා පෝලිම් ගැහිලා. වෙලාවකට මේ දේවල් බලද්දී  හිනාත්  යනවා මල් වගේ අහිංසක ළමයි ගොඩක් මැද්දේ ඉන්න එක ඇත්තටම හරිම  සුන්දරයි.

පොඩි ළමයි එක්ක ඉන්නකොට මට තේරුණා එක  දෙයක් තමයි දැන් කාලේ ළමයි අපි පොඩිකාලේ හිටියට වඩා නම් පැහිල. අපි වගේම තමයි මොන්ටිසොරියේත් එක එක යාළුවො කල්ලි ඉන්නවා. සමහර පොඩි කොලු පැටවූ අය්යල වගේ කරට අතදාගෙන බෙන්ටෙන් ඔරලෝසු එහෙම බැඳගෙන ඉන්නේ. අපි වගේම තමයි මෙහෙත් යාළුවෙනවා තරහ වෙනවා කේලම්  ඔපදූප කියනවා  එකම වැඩ ගොඩයි. කිව්වට මොකද සමහර චූටි  කොලු  පැටවුන්ට (පැටවු කියන්න බෑ අය්යල වගේ වැඩ :P ) මොන්ටිසෝරි යන කාලෙම කෙල්ලෙක් සෙට් වෙලා :D .උදේම ඉතින් එයාගේ යාලු ගෑල්ලමය  ආවම එයාගේ බෑග් එක අරන් එනවා.අකුරු ලියද්දිත් එයා ලඟින් ඉඳන් ඉන්නවා.කද්දීත් එහෙම තමයි .ආයේ වෙන කොල්ලන්ට එන්න දෙන්නේ නෑ  ආවොත් ගුටි තමයි  :D  තව දවසක ගෙදර ගිහින් කියනවලු ''අම්මේ මම කවද හරි බඳින්නේ අර ගෑනු ළමය තමයි කියල " 




මන් බොරුද  කිව්වෙ  දැන් කාලේ ළමයි අපිට වඩා පැහිල  :D 

ඕවගේ පොඩි පොඩි රස කතා ගොඩයි.ලිව්වොත් ලිපිය දිග වැඩිවෙනවා ඒ නිසාම ඕං කෙටිකලා කොහොම උනත් කියන්නත් දෙයක් තියනව .මම කතාවේ මුලින්ම කිව්වේ  අර සින්දු ගැනනේ .ඒකෙන්  මම කියන්න හැදුව දේ ඔයාලට තේරුනාද දන්නේ නෑ.අපි පොඩි කාලේ කිව්ව ' රෝස මලේ නටුවේ කටු' එහෙම නැත්නම් 'හා හා හරි හාවා' මේ වගේ අපි එක්දාස් නවසිය බර ගණන් වල ඉගෙන ගත්ත සින්දුමයි තාමත් පොඩි ළමයි කියන්නේ.නිකමට හිතල බලන්න පොඩි ළමයින් වෙනුවෙන්ම හදල තියන සින්දු ඇත්තෙම නැති තරම්නේද?  ගුවන් විදුලියකින් වත් රූපවාහිනියෙන් වත් ලේසියෙන් වත් ඒවා ඇහෙනවද? මොන්ටිසෝරියේ ඇහෙන සින්දු විතරයි ගෙදර ගියාම ඇහෙන්නේ ඉතින්  'රාජමාලිගේ පරවිය' තමයි . නාට්‍ය වුනත් එහෙමයි.අම්මල බබාලා එකතුවෙලා  රෑ  නිදිවරන් බලනඉෂිතගේ ,රමන්ගේ එහෙම නැත්නම් අනෙක් ආදර කතා ඔක්කොම පහුවෙනිදා මුල ඉඳන් අගටම පොඩි ළමයි කියනවා. අපේ කාලේ තිබ්බ හරවත් ළමා වැඩසටහන් දැන් නැති තරම්.ඉතින් පොඩි ළමයි ලොකු ලොකු වැඩ කරන ලොකු ලොකු කතා කියන එකේ වැරැද්ද කොතනද කියන එක තමයි මූලිකවම  හිතන්න ඕන.

 තව එක දෙයකුත් කියන්න ඕන පොඩි කාලේ ළමයි අසීමිතව ආදරේ බලාපොරොත්තු වෙනවා.ඒ ළමයින්ට අම්මගේ තාත්තගේ ආදරේ ඕන .මොන්ටිසෝරියේ එක ළමයෙක් ඉන්නවා පවුල් ප්‍රශ්න නිසා අම්ම තාත්ත දෙන්නම රට ගිය මල්ලි කෙනෙක් .හැදෙන්නේ ආච්චිඅම්ම ගාව .අහල පහල දන්න අය  නම් කියන්නේ ආච්චි අම්ම අත  දිග ඇරලා අර පොඩි ළමයට ගහනවා කියල. කියන කිසිම දෙයක් කනකට ගන්නේ නැති මේ ළමයට අම්ම කියන්න කෙනෙක් නෑ.උගන්නන ගුරුවරයට තමයි  අම්ම කියන්නේ හදිසියේ හරි සැර  කරලා කොටුපාරක් දෙන්න වගේ හැදුවොත් මේ ළමය  "අම්මේ" කියාගෙන ටීච  බදාගන්නවලු .අහද්දී හරි දුකයි. එහෙම ළමයි ඇත්තටම පව්.ළමයි හැදුවේ ඒ විදිහට  ළමයින්ට දුක් දෙන්න නම් මම කියන්නෙ ළමයි නොහද හිටිය නම් ඊට වැඩිය  හොඳයි.

පොඩි ළමයි මල් පොහොට්ටු වගේ  මල් පොහොට්ටු චුටි කාලේ ඉඳලම හොඳට බලාගන්න ඕන හදිසියේ හරි පනුවෝ කාල පෙති විනාස උනොත් හැදෙන මලත් එහෙමයි පෙති ඉරිලා ගිය මලක් තමයි අන්තිමට පෙනෙන්නේ .හොඳට පොහොර දාල වතුර දාල ආදරෙන් රෑක  බලාගන්න මල පරිපූර්ණයි. ලෝකෙටම ලස්සනයි. 




21 comments:

  1. ඒක නම් ඇත්ත හංසි , අපේ අක්කගේ පොඩි පුතත් කියන්නේ 'රාජමාලිගේ පරවිය' සින්දුව ඒක මම ඇහුවෙත් මුලින්ම එයා කියද්දි. එයත් මොන්ටිසෝරියේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. හි හී මමත් පළවෙනියටම ඇහුවෙ ඉස්කෝලේ යන පොඩි නංගි කෙනෙක්ගෙන් :D.

      Delete
  2. පොඩි උං හම්මේ මතක් කරනන එපා. අපේ පොඩි උං ටිකක් ඉන්නව උංට මාව එහෙම අහුවුනොත් ඉවරයි. ඊට සැපයි ලෑන්ඩ මයින්ස් එක්කට අහුවෙනව. හම්මේ කොටිංම ත්‍රස්තවාදීන් සෙට් එකක්.
    හංසි මොන්ස්ටර් ඉන්කෝපරේටඩ් බලල තියේද. ඒකෙ අර ළමයි බය කරන්න යන යක්කුන්ගෙ ඇගේ ළමයෙක් හරි ඒ ළමයි පාවිච්චි කරන දෙයක් හරි උංන ඇගේ ගෑවුණාම උංව ජීවානුහරණය කරනව වගේ වැඩක් කරන්නෙ මාත් ඒ වගේ තමා හිහි

    අර අම්ම තාත්ත රට ගියමෙය නං ඇත්තටම පවු. මොකද අම්මලගෙ වැරැද්දක් හංද එ ළමයි මුලු සමාජෙටම වෛර කරන්න ගන්නව.
    කතා කරල වැඩක් නෑ බං ඕව

    ReplyDelete
    Replies
    1. හි හී පොඩි එවුන්ගෙන්නම් දෙවියන්ගේ පිහිටයි.අහුවුඋනොත් සොරිම තමයි .හැබැයි අය්යේ පොඩි ළමයිනුත් හැමෝම එක්ක යාලුවෙන්නේ නෑ එයාලගෙම තාලෙට ඉන්න එයාලටම ගැලපෙන අය්යල අක්කල එක්ක තම සෙට් වෙන්නෙ ෂුවර් එකටම ඔයත් එයාලත් එක්ක පොඩි එකෙක් වගේ ඇති :D

      Delete
  3. පට්ට ඇත්ත
    පොඩි මෙන්ඩා එක්ක ඉන්න ටික වෙලාව තනිකර පිස්සු ලෝකයක්

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩයි ලොකු මෙන්ඩයි එකතු වුන වෙලාවට ගෙදර අයටත් පිස්සුම හැදෙනවා ඇති ;) ස්තුතියි මේ පැත්තට ආවට :)

      Delete
  4. පෙරපාසල එක දෙක තුන වසර කියන්නෙ
    අමුතු ලස්සන වෙනම ලෝකයක් නේද හංසියෝ...
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඒ ළමයි එක්ක ඉඳිද්දි අපි පොඩ්ඩෝ වගේ එයාල ලොක්කෝ වගේ හරිම සුන්දරයි තමයි :)

      Delete
  5. පොඩි උන් නම් මෙලො රහක් නෑ....උන්ට තලන්ඩ ඕනේ!!! (අපි හැමදාම ලොකුවට හිටියේ...හරිය!!)
    වත්සලා අක්කාත් ලියන්නේම පොඩි උන් ගැන තමා!!!
    කතාව වටිනවා!!

    ReplyDelete
    Replies
    1. මේ පොඩි එවුන්ට ඇහෙන්න නම් ඔය ගුටි දෙන කතා කියන්න එපා :D .ඔය කතා ඔහොම කිව්වට පොඩි කාලේ රූපෙ කීපාරක් නම් ගුටිකාලා ඇත්ද නේ :P

      Delete
  6. හංසි අක්කි, ඔයා මං ඉන්න මොනිසොරියටත් එන්නකෝ

    ReplyDelete
    Replies
    1. හි හී .... එන්නම් එන්නම් හැබැයි දඟ කරන්නේ නැතිව හොඳ ළමයෙක් වගේ ඉන්න ඕන හරිද :D

      Delete
  7. හංසි අක්කා.. ? හෙක් හෙක්.. අපේ පොඩිම එකාගේ මොන්ටිසෝරි ටීචර් නංගි වගේ ඔයත් හැක්.. අපේ මෑන් මුලින්ම කියුවේ 'සීත මාරුතේ..දිලිසෙන ඇස් දිහා බලා..' කියල.. අදටත් හෙන පැණියා.. ඔක්කොම යාලුවෝ ඉන්නේ කෙල්ලෝ තමයි. මං ඉතින් ඒක නිසාම මෙද සැරේ කොන්සර්ට් එකට සින්දුවක් සෙට් කරල දුන්න ඩාන්ස් කරන්න.. බඹර වගේ විසේ කාරයා.. කියනෙක..

    ReplyDelete
    Replies
    1. ෂා බලන්න වටිනා පොඩ්ඩෙක් :D :D අවුලක් නෑ ආයේ පුතාට ගෑනු ළමයි හොයා හොයා වදවෙන්න ඕන නෑනෙ පොඩ්ඩ අනාගතේ ගැනත් දැන්මම හිතලනෙ ;) දැන් ඔය පොඩ්ඩ වගේමද දන්නේ නෑ ඉස්සර පොඩ්ඩගේ තාත්තත් :D :D

      Delete
  8. අපේ පොඩි කෙල්ල දවසක් අහනවා තාත්තට girl friend කෙනෙක් ඉන්නවද කියලා හිහ්..ඔන්න වැඩ..පොඩ්ඩෝ එක්ක ඉඳිද්දි වෙලාව යනවා තේරෙන්නේ නැහැ තමයි..ඔය පොඩි ලමයි නම් කනට ඇහෙන සින්දු කියන්නේ තේරුමක් නැතිව.. නමුත් මං හිතන්නේ හැම පරම්පරාවක්ම ඒ ගොල්ලන්ගේම රුචිකත්වයක් හදා ගන්නවා අවුරුදු 9-10 වෙද්දි, අපි ඔය කාලේ කියවපු පොත්, අහපු සින්දු නෙමෙයි ඒ ගොල්ලන්ට ඕනේ.

    ReplyDelete
    Replies
    1. :D කිව්ව ඔක්කොම හරි ඒත් මං හිතනවා චුටි ළමයි ලොකු සින්දු කියද්දි අපි ආසාවෙන් අහන හිටියට ළමයින්ට එකෙන් වැඩක් වෙන්නේ නෑනෙ ඔලුවට ගන්න දේකුත් නෑනෙ සමහර සින්දු නම් කොහොමත් ගැලපෙන්නෙ නෑ .ළමයින්ගේ මනසට ගැලපෙන සින්දු තව තිබ්බනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.ඒ සින්දු නැති අඩුව නම් හොඳටම තේරෙනව .

      Delete
  9. පොඩි එවුන්ගෙ ඔලු ටික නරක් කිරීමේ සම්පූර්ණ වැරදි කාරයා වෙන්නෙ ටෙලිවිෂන් එක. කාලෙත් එක්ක සමාජෙත් වෙනස් වෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.අන්තිමට ලොකු ලොකු දේවල් බලලා ඒ අය හැසිරෙනකොට අර හුරුබුහුටි ළමාගති ගිහිං.ළමයිනුත් නරක්වෙලා

      Delete
  10. පොඩි උන්ට මාවත් මට පොඩි උන්වත් ච්චර දිරවන්නෙ නැත්තෙ ඇයි කියල නැන්දි/ඇන්ටි/අක්කා චූටි මිස් ට වත් තේරෙනවද? :/

    ReplyDelete
    Replies
    1. බටපොලයට පොඩි එවුන්ව දිරවන්නේ නැත්තේ බටපොලය වගේම නාහෙට අහන්නේ නැති පොඩි එවුන් දක්කම් ඉවසුමක් නැතිනිසා වෙන්ට ඕන.පොඩි එවුන්ටත් බටපොල අය්යව දැක්කම ඉතින් හිසේ ගිනි ඇවිලෙනව ඇති.අපි වගේ සුන්දර අක්කල නම් දැක්කම පොඩි එවුන්ට ඉහේ මල් පිපෙනවලු :D

      Delete