ඔයාගේ ආදරේ මම තේරුම් ගන්න මෙච්චර කල් ගත්තේ ඇයි කියල මම තාමත් පසුතැවෙනව.මිනිස්සු කියන්නේ ආදරේ අන්ධයි කියල.නැහැ ආදරවන්තයොයි අන්ධ..........එදා මේ දේ මම හරියට තේරුම් ගන්තනම් මම අද හිතින් මෙච්චර අඬන්නේ නෑ.
මම මේ පොත කීපාරක් පෙරලුවද කියල මම දන්නේ නෑ.දහපාරක් සිය පාරක් දස දහස් පාරක් නෑ ඊටත් වැඩිය වෙන්නැති.දවස පුර මතක් වෙන මතක් වෙන හැම තත්පරේටම,පැය, සති, දවස්, අවුරුදු ...හැම තිස්සෙම මේ පොතමයි අත්වල රැඳෙන්නෙ.අල්මාරියේ තියන අනෙක් හැම පොතක්ම දූවිලිවලින් පිරෙද්දී මේ පොත විතරක් පිරිසිදුව තියෙන්නේ මගේ අත්වලටම ගෙවිල.පොත මැද්දේ තියන තැලිච්ච පොඩිවෙච්ච රෝස මලට මම ඉස්සර වගේම තවමත් ආදරෙයි.....මාව ජීවත් කරවන වගේම මාව විඳව විඳව මරවන එකම මතකයට තියෙන්නෙත් මේක විතරයි.
හ්ම්ම් මතකද ..මේ ඔයා මට පළවෙනියටම දුන්න රෝසමල.
ඒ ලස්සන අතීතය තාම මට අමතක නෑ .අත්දෙක පිටිපස්සට කරලා හංගගෙන ඉඳල ලේ රතුපාට ලස්සනම ලස්සන රෝසමලක් එකපාරටම මගේ ඇස් ඉස්සරහට ගෙනෙද්දී ඇත්තටම මට හිත ගන්න බැරි උනා.මතකද සතුට වැඩිකමට ඇස් වලින් කඳුළු කැට පැන්න හැටි.......
ඒ ලස්සන රෝස මලෙන් දැනිච්ච සුවඳ දවස් ගානක් යනකන් දැනෙන්න ගත්ත. වචනයෙන් විස්තරකරන්න බෑ අපේ ආදරේ මුල්කාලේ වගේම ඒ රෝසමලත් නැවුම් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ ඒ තරමට ලස්සනයි. ඒ දවස හරියට අලුතෙන් ජීවිතයක් ලැබුන වගේ.මතකද....මතකද මම බොහොම පරිස්සමින් පෙති කැඩෙන්න නොදී මල තියාගත්ත හැටි.පුංචි රෝස කටු ඇඟිලි තුඩු වලට වැදිලා ලේ බිංදු ආවත් මම නම් නෙවෙයි ගණන් ගත්තේ.පරිස්සමට ගෙදර අරගෙන ගිහින් රෝස මල පපුවට තුරුළු කරගත්ත හැටි .සතුටින් නටපු හැටි රෝස මල දිහා බලාගෙන හිතින් ගොඩාක් දේවල් කතාකරපු හැටි මට තාම මතකයි. දන්නවද එදා තමයි ඔයා නිසා මම වැඩියෙන් ම හිනා උන සතුටු උන දවස.
එදා ගෙදර ගිය ගමන්ම කලේ මම පුංචි වතුර වීදුරුවකට අර රෝස මල දාපු එක.ඉක්මනින් මල මැලවිලා යන්න ඉඩ දෙන්න බෑ.ඒ තරම්ම මම ආදරෙයි........ගොඩාක්...ගොඩාරියක්.... පුංචි රෝස පෙති වලට වතුර බින්දු ඉහල ඒවා පිනි බින්දු වගේ දිලිසෙන හැටි ආසාවෙන් බලාන හිටිය.දවස් දෙක තුනක් සුවඳ මලේ සුවඳ කාමරේ පුරාම ඉතිරිලා තිබ්බ. මලේ ලේ පාට ලස්සන අඩු නැතිව පිරිලා තිබ්බ.වතුර පල් වෙන්න නොදී දවසින් දවස මාරු කලා.... හ්ම්ම්... ඒත් .....මලේ අග්ගිස්සෙන් මැලවෙන්න පටන් අරන්. නටුවත් අග්ගිස්සෙන් කුණුවෙලා ගිහින්.එදා ඒක දැකල මට ගොඩක් දුක හිතුන.මතකද මම දුකෙන් කිව්ව හැටි.
මට බැරි උනා ...ආයෙත් වතුර වලින් මල ජීවත් කරන්න බැරිඋනා.ටිකෙන් ටිකේ මල පරවෙනවා සුවඳ ටික ටික අඩුවෙනවා .පෙති ඇකිලිල යනවා.මට මේක දරාගන්න බැරිඋනා.මේ ඔක්කොටම වඩා මට ඔයාගේ වෙනස දරාගන්න බැරිඋනා .හ්ම්ම්...රෝස මල වගේමයි ඔයත්.. දවසින් දවස වෙනස් වෙන්න ගත්ත ..........
දවසින් දවස පෙති ඇකිලිල පරවෙලා යන එක කොච්චර උත්සාහ ගත්තත් නවත්වන්න බැරිඋනා.එදා මම එක රෝස පෙත්තක් වත් බිම වැටෙන්න නොදී හෙමින්සිරුවට පරිස්සමින් මේ පොත අස්සේ තිබ්බ.ආදරෙන් මලේ පෙති අතගෑව.එත් බයයි පෙති ගැලවිල වැටෙයි කියල.මට දවසින් දවස ඔයාගේ වෙනස්වීම බලාගෙන ඉන්න බැරිඋනා.ඔයා ඈත් වෙද්දී දවසින් දවස මග අරිද්දි මලවගේම ඔයාගේ ආදරෙත් ටික ටික මැරෙද්දි.මම කොච්චරවත් විඳෙව්ව ..හ්ම්ම් අන්තිමට ඉතිරිඋනේ වේලිච්ච ,දුඹුරු ගැහිච්ච,කරකුට්ටන්වෙච්ච,පෙති ඇලුන රෝසමලක්.
ඔයාගේ ආදරේ මැරිලා.මේ රෝස මල වගේම ඔයාගේ ආදරේ මැරිලා.මැරිච්ච මල කඳ විතරක් ඉතිරිකරන් ඔයා ජීවිතය අරන් ගිහින්.....
දවස දවස ගානේ ඔයාගේ ආදරය දැනෙද්දී ආයේ ආයේ මතක්වෙද්දී මේ වේලිච්ච රෝස මල දිහා බලල මම ඇඬුව .කඳුළු කැට ඕන තරම් මේ රෝසමලට වැටෙන්න ඇති.ඒත් ඔයා වගේ ගල් හිතක් ... මේ රෝසමලට ආයේ පන එන්නේ නෑ...ඔරලෝසුවේ කටු තොරතෝංචියක් නැතිව කරකෙද්දී, දවස් ගණන් ඉර නැගල බැහැල යද්දී ,වටේ පිටේ, පාරේ නගරේ රෝසමල් පිපිලා පරවෙලා යද්දි මම මැරිච්ච පුස් බැඳිච්ච රෝස මලක් දිහා බලාගෙන හීල්ලුව .හ්ම්ම්...මම පොඩ්ඩක් හරි ඇස් ඇරලා බැලුවනම්..ඔයාගේ ආදරෙත් මේ රෝසමල වගෙයි කියල පොඩ්ඩක් හරි හිතුවනම් ... මම මෙච්චර විඳවන්නේ නෑ ..හ්ම්ම්... මම පරක්කු වුනා වැඩි ......
ඉස්සර දැනිච්ච රෝස මල් සුවඳ දැන් දැනෙන්නෙ නෑ ඒ වෙනුවට දැනෙන්නේ මියගිය මැරිච්ච රෝසමලේ මිනී ගඳ.මට තවදුරටත් මේ ගඳ දරාගන්න බෑ මේ මලට ආදරේ කරන්න තවත් හිතෙන්නේ නෑ.තවදුරටත් ආදරේ කරන්න බෑ...මොකටද මම විඳවන්නේ මේතරම්?..නැහැ මට තවදුරටත් ඔයාගේ බොරු ආදරේට වටිනාකමක් දෙන්න ඕන නෑ....ආයේ පේන්නැති තැනකට මේ මල විසික්කරලා දන්නා ඕන.
මම පොත පෙරරලා හෙමින්සිරුවෙන් වේලිච්ච රෝස මල එලියට ගත්ත.හුලන් සැරත් එක්ක ඇකිලිච්ච වියලිපෙති එකින් එක ගැලවිලා විසිරිලා ගියා.ආයේ ඇහැට පෙනෙන මානයටවත් නොපෙනෙන්න රෝස මල ඈතටම විසිකරලා දැම්ම ............හ්ම්ම්ම් ඒත් ....මැරිච්ච රෝසමලේ පැල්ලමක් පොත් පිටු අතර ඉතිරිකරලා ගිහින් .............
හොඳට බලන්න හංසි පැල්ලමක් විතරක් නෙවෙයි සුවඳත් ඉතිරිවෙලා තියනව නේද?
ReplyDeleteඒ සුවඳ නැවුම් නෑ ..කටුකයි.
Deleteස්තූතියි ඉමා මේ පැත්තට ආවට :)
කියන්නට බැරි හැගුමන්
ReplyDeleteවේලෙද්දි හිත් කොණක
ඉගිල ගිය පැතුමන්
හිත වීසි කර අනන්තයට
ඒ වුණත් තවම
නොහැගිනෙන හැගුමක් ඇත
හදවතේ කොණක
එකමෙක පාරකට බැරිද
ඇවිත් පහදලා යන්න...
මල් පිපෙන කොට රෑට
සුවද පුරවාන හැමදාම
මතක් වෙයි නුඹෙ සුවද
ඇවිත් යන්නට බැරිවාද
කාටවත් හොරෙන් හැම රෑට
සුසුම් ලන පපුව උඩ
හිස තියන් මොහොතකට
සනසවා යනවාද
මම ආසයි මේ කවියට. :) :) හිතට ආපු අදහසක් එක්ක කවියක් ලියන්න තමයි මටත් ඕන උනේ ඒත් මුල් පද පේලි දෙක ලියද්දි හිතුන හරියන්නේ නෑ මම කවි ලියන විදිහෙන් ලියන්න ඕන දේ ලියවෙන්නේ නැතිවෙයි කියල.....මේ වගේ ලස්සනට කවි ලියන්න පුලුවන්නම් මම හැමදාම කවි ගොතල ;)
Deleteලස්සනට දුක අකුරු කරලා... අගෙයි
ReplyDeleteස්තුතියි කුරුටු :) හැබැයි මේ මගේ අත්දැකීමක් නම් නෙවෙයි ඔන්න.හිතින් මවාගෙන ලිව්ව ලිපියක් :)
Deleteමං කැමතියි වේලිච්චි රෝස මල විසි කරල දැම්මට.. පොඩි පැල්ලමක් තියෙයි.. ගනන් ගන්න එපා.. අළුත් රෝස මලක සුවඳත් එක්ක ඒ ඔක්කොම අමතක වෙලා යයි..
ReplyDeleteකල්‍යාණ මිත්‍රගේ කතාව ඇත්ත ...හැබැයි ආයෙත් අලුත් නැවුම් රෝස මල් ළඟ තියාගන්නේ නැතිවෙයි සමහරවිට කිසිම හැඟීමක් දැනීමක් නැති ,පරවෙන්නැති කෘතීම රෝසමලක් ළඟ තියාගනිවී.... අවිනිශ්චිතයි .
Deleteහැමදේම තාවකාලිකයි, ඉතින් පැල්ලම ටික කාලෙකින් මැකිලා යයි , ජීවිතය අලුත් වෙන්න ඕඅන නිතරම. ඉවතට යන දේවල් වලට යන්න දීලා
ReplyDeleteපැල්ලම් මකන්න අමාරුයි ඒත් පුළුවන් අර පැල්ලම් රැඳුන පොත් පිටුව ඉරල දාන්න....අලුත් පිටුවක් පෙරලන්න :)
Deleteපැල්ලමක් උනත් ඒකත් මතකයක්! හීනියට මැකිලා යන සෙනෙහසක ශේෂයක්!
ReplyDeleteඉතිරිවෙච්ච මතකය තමයි පැල්ලමකට උපමා කලේ :)
Deleteහ්ම්ම්ම් ඒත් ....මැරිච්ච රෝසමලේ පැල්ලමක් පොත් පිටු අතර ඉතිරිකරලා ගිහින්
ReplyDeleteහ්ම්ම් ඔවු හංසියෝ මතක මරන්න ලේසි නෑ
අර සින්දුවක් තියෙන්නෙ ඒ වගේ තමයි
Delete"මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නෙ නෑ"
සර්ෆෙක්සෙල් දාලා හදවතේ පැල්ලනුත් මකන්න පුළුවන් වුනානම් මාර්කට් එකේ වැඩියෙන්ම විකිනෙන්නේ සර්ෆෙක්සෙල්.
ReplyDeleteජීවිතය කියන පොතේ පැල්ලම් නොතිබුනොත් අපි කොහොමද ආපහු අතීතය දිහා බලලා හිත රවට්ටගන්නේ?
ඇත්ත කටුසු අතීතය අපිට පාඩමක්
Deleteඅපේ හිත්වල ඒ වගේ රෝස පැල්ලම් කොච්චර නම් තියෙයිද හංසියෝ
ReplyDeleteජයවේ හංස්!
ඇත්ත වර්ණ කාගේම හරි හිතක එකම මතක පැල්ලමක් වත් නෑ කිව්වොත් ඒක පුදුමයක්
Deleteනියමයි හංසි! අපේ හිතේ සිතුවිලි බැඳීල තියෙන විදිය ලස්සනට උපමා කරල තියෙනවා. කවද හරි පොතේ අලුත් පිටුවක අලුත් රෝස මලක් වැටෙනකල් අර පැල්ලම ලොකුවට පෙනෙයි. ඊට පස්සෙ පැල්ලම නිකන්ම නොපෙනී යයි.
ReplyDeleteස්තූතියි ගිමන් :) කිව්ව කතාව නම් හරියටම හරි .අලුත් රෝසමලක් හම්බුනදාට යාන්තමට පැල්ලම හිතින් මැකිලා යනව.තනිවෙනකොටනෙ හැමදේම මතක් වෙන්නෙ :)
Delete