පුංචි කාලේ ඉස්කෝලෙදි මට මතකයි අපි සමනල්ලු හැදුව.සමනල්ලු කිව්වම ඔයගොල්ලෝ හිතුවේ කඩදාසි වලින් හදන සමනල්ලු කියලද නෑ නෑ ඇත්තම ඇත්ත සමනල්ලු .කීය වසරේද කියල නම් මතක නෑ මම හිතන්නේ 5,6 වසර වලදී වෙන්න ඕන.
අර මතකද කතුරුමුරුංග ගස්වල කොළ අස්සේ හැංගිලා ඉන්න කොළ පාට දිග පනුවො ඔලුව ලඟම තියන පුංචි කකුල් අඬු වලිනුයි පස්ස හරියෙ තියන කකුල් අඬු වලිනුයි අත්ත බදාගෙන අඩකවයක් හදල පස්ස කකුල් අඬු ආයෙත් ඉස්සරහට තියල යන හැටි හරිම අපූරුයි.හැබැයිඔය පනුවෝ දිහා මම නම් බලන් ඉන්නේ ඈත ඉඳන් මොකද මේ පත ශරීරෙ අර පුංචි පනු පැටියට හරිම බයයිනෙ.හදිසියේ හරි ඇඟට වැටුනොත් හරි මල් කඩ කඩ ඉන්නකොට අත ළඟ හිටියොත් හරි මලුත් වට්ටලා හය්යෙන් කෑගහල ගේ ඇතුලට දුවන් එනවා. දැන් නෙමෙයි ඕන් ඒ චුට්ටන් කාලේ. දැන්නම් එච්චරම බය නෑ පාට පාට සැර පාට පණුවන්ට ඇරෙන්න ;)
කෝ කියා කියා හිටියේ සමනල්ලු හදන කතාවනෙ.මට මතකයි සමනල්ලු හැදුව විදිහ.මුලින්ම කලේ පොඩි ජෑම් බෝතලයක් අරන් ටිකක් ලොකු පනුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න කතුරුමුරුංග කොළ දෙක තුනක් ජෑම් බෝතලයට දාපු එක.මේ වැඩේ නම් මම කලේ නෑ බය නිසාම අම්මට හරි තාත්තට හරි කියල තමා කලේ.ඊටපස්සේ කලේ අර ජෑම් බෝතලේ කඩදාසියකින් වහන එක.වහල හොඳ රබර් පටියකින් ගැටයක් එහෙම දාල උඩින් පොඩි පොඩි සිදුරු ගොඩාක් තියනව.ඇයි පනු පැටවුන්ට හුස්ම ගන්න එපැයි.ඊට පස්සේ බලන් ඉන්නකො අර දිග පනුවෝ ටික කතුරුමුරුංග කොළ මැෂින් එකක් වගේ කාගෙන කාගෙන යන හැටි. උන් ඉන්නේ ජෑම් බෝතලේ අස්සෙනේ ප්‍රශ්නයක් නෑ මං ලඟට එන්නේ නෑ .මම ඉතින් ජෑම් බෝතලේට තට්ටු දදා අර අර පනුවෝ බය කර කර ඉන්නවා :D
අර මැෂින් කටින් කොළ කාගෙන කාගෙන යන පනුවන්ට දවස ගානේ කතුරුමුරුංග කොළ දාන්න වෙනවා.වැඩිය කොළ පුරවන්නත් හොඳ නෑ. කන්න හොඳ හැටි කතුරුමුරුංග කොළ දාල සතියක් දෙකක බලාන ඉන්නකො අර පනුවෝ කොහෙවත් යන්නේ නැතිව මුරුංග ඇත්තේ එක තැනක රැඳිලා ටිකෙන් ටික පුංචි පිලා කෝෂයක් හදනවා දවසින් දවස බලද්දී අර පිල කෝශේ චුට්ට චුට්ට ලොකු වෙනවා දැන් කොළ පාටේ පිල කොශේ දිහා බලාගෙන ඉවසුමක් නෑ කවද කහ පාට සමනලයෙක් එලියට එයිද කියල හිත හිතමයි ඉන්නේ.වෙලාවකට බෝතල එහෙට මෙහෙට හරව හරව පිලා කොශේ දිහා බලන් ඉන්නකොට හිතනවා ලස්සන සමනලය එකේ ඇතුලේ හිර වෙලා එලියට එන්න බැරිව වත් ඉන්නවද කියල.
ඔය විදිහට බලාගෙන ඉඳිද්දී පහුවෙනිදා බලද්දි එක පිල කෝෂයක් කඩාගෙන ලස්සන කහපාට සමනලයෙක් ඇවිදින් ඌ බෝතලේ ඇතුල පුරාම රවුම ගගහ ගගහ ඉන්නවා.කවුද මේ මාව හිර කල එකා කියල හොයාගන්න වගේ වගේ වීදුරු බිත්ති වල රැඳී රැඳී වටේම කැරකෙනවා.මං හෙමීට ජෑම් බෝතලේ ඇරලා යන්න දුන්න අරින පරක්කුව විතරයි ඉක්මනින් පියඹල ගිහින් වටයක් කැරකිලා එලියට පියඹල ගියා සමනලයෝ ආයෙත් මං බලන්න එන්නෝ මම කෑගහල කිව්වා. කොහෙද මම දිහා බලන්නේවත් නැතිය ඌ ඈතටම පියඹල ගියා.
හැබැයි ඉවර නෑ තවත් එක කෝෂයක් ඉතිරියි ඒක දැන් හෙමිට කඩාගෙන සමනලයෙක් එන්න හදනවා.ඇයි මේ සමනලය පරක්කු? පිලා කොශේ හය්යද දන්නේ නෑ මම පොඩ්ඩක් පිල කොශේ කැඩුවොත් ඌ එයිනේද? නැත්නම් අර හයිය පිල කොශේ කඩාගෙන එද්දී සමනලගේ තටු වලට මොන ව හරි උනොත් මට එහෙම හිතුන නිසාම මම දුවල අම්මගාව ට ගිහින් මේ විස්තරේ කිව්වා. ගත්ත ගමන් අම්ම කිව්වේ මොකුත්ම කරන්න එපා සමනල ට උගේ පාඩුවේ එන්න දෙන්න කියල.මාත් ඉතින් අකුල ගත්ත මූනෙන් හා කියල ඔන්න ඔහේ හිටිය.
හවස බලද්දී ඔන්න අර සමනලය කොශේ කඩාගෙන ඇවිදින් :) :) කහම කහ පාටයි. හරිම ලස්සනයි. අර කොළ පාට මෙලෝ රහක් නැති පනුවද මේ ලස්සන සමනලයෙක් වෙලා ඉන්නේ කියල හිතුන මම හෙමිට ජෑම් බෝතලේ මූඩිය ඇරලා ඌට යන්න දුන්න. ඌ ඈත අහසේ පියඹන හැටි ආසාවෙන් බලාන හිටිය.
................................................
ඕන දෙයක් කරන්න පුළුවන් ඒත් බත් කන එක තමා කම්මලිම වැඩේ උදේ හදිසියට කොහේ හරි යනකොට අම්ම කැවුවට අනෙක් වෙලාවට කවන්නේ නෑනේ. අද කොහේ වත් යන්නෙත් නෑ. ඒත් කන්නත් වස කම්මැලි. ඒ මදිවට හීන් බඩ ගින්නකුත් එනවා.අම්ම කැවුව නම් බත් ඔක්කොම කනවා :D මම හෙමිට හෙමිට අම්ම ගාව කැරකුන .
මොකෝ... අම්ම අහනවා. මම පූස් පැටිය වගේ අම්ම ළඟ කැරකෙද්දී අම්මට තේරෙන්නැති.
තාම බත් කාවේ නෑනේද.අර වට්ටිය යට බත් බෙදල ඇති ගිහින් කන්න ...අම්ම කියනවා
අම්මේ ...ම්ම්ම....ඇයි ..මේ .. අම්මේ අනේ මට කවන්නකො
අනේ බෑ පොඩි දූ මම මේ වැඩක් නේ
අනේ අම්මේ ..
ඒ මොකෝ හැමදාම කවන්නේ දැන් පොඩි ළමයෙක් නෙවෙයි නෙ.යන්න යන්න ගිහින් කන්න
ඔහොම කම්මැලි වෙන්න හොඳ නෑ ළමයි. යන්න ගිහින් කන්න
අනේ අම්මේ අද විතරක් කවන්නකෝ ....
බෑ ඔහොම බෑ ඔය අත් හැදෙන්න බත් අනාගෙන තනියම කද්දී.එතකොට තමයි ඔය මාංශ පේශි වැඩ කරන්නේ අම්ම හිනාවෙලා මට කියනවා
අනේ .....
බෑ බෑ ඔයා කම්මැලි වෙලා පොඩි දූ ,තාත්ත කිව්ව හරි අර සමනලගේ කතාව වගේ ලොකු උනාම ඔයාගේ වැඩ ඔයාට කරගන්න දෙන්න ඕන නැත්නම් අන්තිමට ළමයි කම්මැලි වෙනවා මොකුත් කරගන්න බෑ.
සමනලගේ කතාව ඒ මොකක්ද ? මම අහල නෑනේ...මම පුදුමෙන් වගේ අම්ම ළඟ වාඩිවෙලා වෙලා ඇහෙව්වා.
හරි කියන්න සමනලයෙක් කෝශෙන් එලියට එන්න කලින් කවුරු හරි කෝශෙ කඩල සමනලයව එලියට ගත්තොත් මොකද වෙන්නේ? අම්ම මගෙන් අහනවා
ෂෝයි නේ සමනලයට කලින් එලියට එන්න පුළුවන් ඌ ට ඉක්මනට ලෝකේ දකින්න පුළුවන්
නෑ ඔයා වැරදියි.
ඒ ඇයි
සමනලය එලියට එන්නේ සමනලය හැදිලා එයාට තනියම හැම තැනටම යන්න තරම් තටු ශක්තිමත් උනාම කලින් කොශේ කඩල සමනලයට එලියට එන්න උදව් කලා කියන්නේ සමනලයට උදව්වක් නෙමේ ඌ එතකොට වැඩිල නෑ තටු හය්යත් නෑ එතකොට එන්නේ මොකුත් කරගන්න බැරි දුර්වල සමනලයෙක්. ඔයාත් එහෙමයි ඔයාගේ වැඩ හැමදේම ඔයා ටික ටික පුරුදුවෙන්න ඕන පොඩි පොඩි වැඩ ඔක්කොම තනියම කරන්න ඕන. කම්මැලි වෙන්න හොඳ නෑ .හැමදේම අපිකලොත් ඔයත් අර කලින් පිලා කෝශෙන් එලියට ආපු තටු හයිය නැති දුර්වල සමනලය වගේ වේවි.
දැන් තේරුණා නේද මගේ චූටි දුවට. හා දැන් හොඳ ළමය වගේ තනියම ගිහින් බත් කන්න.
මහ ගස් යට හැදෙන පැල ලොකු වෙන්නෙ නෑ කියනවා. පොඩි උන්ට ජීවිතේට තනියම මුහුණ දෙන්න පුරුදු කරන්න ඕනෙ. හැබැයි උන්ට නොදැනෙන්න ලඟින් ඉන්නත් වෙනවා.
ReplyDeleteහරියටම හරි අත හැරලා දැම්මොත් කොහේ ගිහිං වල්මත් වේවිද දන්නේ නෑ .
Deleteඔන්න හංසිගෙ බ්ලොග් එකට ඡයාරූප ශිල්පියෙකුත් ඇවිදින් එහෙනම් :D සාදරයෙන් පිලිගන්නවා :)
මටනං පේන්නේ සමනල කතාව මොකක් වුනත් මෙයා තාම කවාගන්නවා වගේ . සමනලයෝ වගේද හංසයෝ නේද ? :P
ReplyDeleteහි හී තාමත් උදේට කැම්පස් යන්න කලින් කවන්නේ අම්ම තමයි .අම්ම ගෙදර හිටියේ නැති දාට තාත්ත කවනවා. හැබැයි ඒ මාව ඉක්මනින් යවන්න ඕනවට වෙන වෙලාවට කවාගන්න ඕනනම් ඉතින් ලොකුවට දුක හිතෙන මූණක් මවන් ඉන්න ඕන නැත්නම් කවන්නේ නෑ මේ වගේ සමනල කතා කියනවා :)
Deleteහෙක් සමනල්ලු
ReplyDeleteඋංට පිස්සු අප්ප හදිස්සියට පොටෝ එකක් ගහගන්න හිටපං කීවට ඉන්නෙ නෑ යනව හෙණ හදිසිය... හිහි
අර රතු පාටෙං ලියල තියෙන ටික නං පොඩි උංට පෙන්නන්ට හොදයි නේ
අර ඉවාන් අය්ය කීවත් වගේ තාම කවාගන්නව වගේ නං තමා හිහි
ඔය සමනල්ලු හරි ගණන් උස්සනව මහේෂ් අය්යේ. ලඟට යනකන්ම සද්ද නැතිව ඉන්නවා කැමරාව උස්සපු ගමන් පියඹල යනවා . පියඹල ඔලුව වටේ කැරකි කැරකි ඉන්නවා හරියට ඇත්ද මෙතන ෆොටෝ ගහන්න ආව කියන්න වගේ ඇත්තටම සමනල්ලුන්ට පිස්සු තමා :D
Deleteඇත්ත ඇත්ත තාමත් 'පොඩියට ' කවාගන්නව :D
හරිලස්සනයි හංසි
ReplyDeleteස්තූතියි :) අදමයි මං හිතන්නේ මේ පැත්තට ආවේ.හැමදාම වගේ සාදරයෙන් පිළිගන්නව :)
Deleteඑහෙම බලෙන් ගත්ත සමනල්ලු සමාජෙට ගියාම අසරණ වෙන පුවත් කොච්චර ඇහෙනවද?
ReplyDeleteලස්සනයි
ජයවේ හංසි!
සමනලය කොච්චර ලස්සන හුරුබුහුටි උනත් වැඩක් නෑ තටු හයිය නැත්නම්.
Deleteස්තුතියි වර්ණ
වර්ණටත් ජයෙන් ජය :)
බෙහෙත් පැලයේ උපමා කතාව මතක් උනා..
ReplyDeleteඒකෙත් වැඩේ හැටි.. පොඩි කාලේ අම්මල කතන්දර කිය කිය බලෙන් කවනව.. ලොකු වෙලා ආසාවට හරි කවා ගන්න ඇහුවම නොකව ඉන්න කතන්දර කියනව..
හි හී එකත් ඇත්ත තමයි .මේ හන්සිට නම් තාමත් කවන්නේ අට සැකිල්ලක් වගේ කෙට්ටුම කෙට්ටුයි කන්නෙත් නෑ හරියට කියා කියා බැන බැන තමයි. හැබැයි හැම වේලම කවන්නේ නෑ ඉතිං මම කම්මැලි වෙනවා කියල දන්න නිසා :)
Deleteසමනල්ලු අද වැහි වැහැල දළබුවොත් එහෙමයි. ඒත් කෑම කවාගන්න ලමේක් අද දැක්කමයි.. හැක්.
ReplyDeleteමේ ළමය නම් තාමත් හැමදාම අම්මට කියල කවගන්නව. :) :) අපේ අම්මට නම් කියන්නෙපා ඔන්න ළමයි නරක් කරනවා කියල ආයේ මට කවන්නේ නැතිවෙයි :D
Deleteparents should not prepare the road for the kids, instead they should prepare kids for the road - කව්ද පණ්ඩිතයෙක් ඔහොම කියලා තියෙනවා. බොහොම ලස්සනයි
ReplyDeleteඒ ලියපු දේ නම් හරියටම හරි හැමදේම අම්මල තාත්තල කරලා දෙන්න ගියොත් ළමයින්ට පුරුද්දක් තේරුමක් දැනුමක් නැතිවෙනව. අපේ අම්මලට තාත්තලට ඕන අපිව ශක්තිමත් සමනල්ලු කරන්නනෙ. එකනේ මේ හැමදේම අපිට කියන්නේ :) ස්තුතියි සහෝ හැමදාම කියන අදහස් වලට :)
Deleteමයේ හිතේ සැහෙන්න කාලෙකට පස්සේ බ්ලොගේකට ඔලුව දැම්ම වෙන්නැති. :(, කොහෙද මේ පස්තාච්චියක් බදාගෙන රස්සාවයි පස්තාච්චියයි, පස්තාච්චියයි රස්සාවයි, ඕක තමා ඉතින් දැන් ජීවිතේ, අනේ හාන්සි නංගියේ ඇත්තටම ඔයාට පින් කවර කාලෙකටවත් යේ මතක් වෙයි කියලා හිතෙන්නේ නැති ඒ සුන්දර අතීතයක් මටත් තිබුන බව මතක් කරලා දුන්නට. කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේ රැග් සීසන් එක කාලේ අපිත් ඔය කෝෂේන් එලියට නාපු පහිඳලා වගේ. හ්ම්ම් ඒ පහිඳලාම රැග් සීසන් එක ඉඅර වෙද්දී සමනලයෝ වෙනවා, ඒ සමනල කාලෙත් කියලා වැඩක් නෑ, අනේ රස්සාවට ගියාම ආයෙත් ජෑම් බෝතලේටම හිර උනා වගේ හැඟෙනවා. ආ....... මක්කෙයී මන් මේ දොඩන්නේ? මාත් යනවා හංසියේ අම්මට කියලා කවෝ ගන්න....., කොහොම හරි නංගි ලිපිය ඇතුලේ ලොකු පාඩමක් හංගලා තියෙනවා, ඒක කතාවත් එක්ක හොඳට ගැලපෙනවා. සුබ පැතුම්!
ReplyDeleteවෙල්කම් බෑක් සොමියා.. නොහොත් සොඳුරු මිනිසා..
Deleteසෑහෙන කාලෙකට හරි මෙහෙම වත් දැක ගන්න තියනවනම් කොච්චර හොඳද ඇත්තමයි දැක්ක කල් සොමි අය්ය රස්සාවක් කරන්න පටන් අරගෙන බ්ලොගේත් පාලුවෙලා සොමි අය්යාවත් හොයාගන්න බෑ :P ඉඳල හිටලා හරි කවියක් වත් ලියන්නකො.බ්ලොග් ලියන්න අපිට උදව් කරපු ඔයාල දැන් පේන්නවත් නෑනෙ මෙහෙම ලියන්න කිව්වට මමත් මාස ගානකින් තමයි ආයේ ලියන්නෙ ඒ තරමට කැම්පස් project වලට හිරවෙලා බ්ලොග් කියවන්නෙත් ලියන්නෙත් අඩුවෙන්. ඇත්තමයි අය්යේ මෙහෙම නිදහස් කාලයක් තිබ්බ. ඒවා දැන් ආයේ අතීතයට ගිහින් මතක් කරනවා මොකද වර්තමානේ හුස්ම ගන්නවත් බැරිව ඩිග්රි පස්සේ රස්සාව පස්සේ දුවන නිසා නිදහස විඳින්න තියන කාලේ අඩුයි . හරි දැන් ඔය ඔක්කොම අමතක කරලා කිව්වා වගේ ඉක්මනට ගෙදර දුවල එන්න :D ... ස්තූතියි අය්යේ. නිවාඩුවක් ලැබුන ගමන් ආයෙම ලියන්න :)
Delete@ දේශකතුමා මේ සොඳුරු මිනිසට ආයෙත් මොනව හරි බ්ලොගේ කුරුටු ගාන්න කියමු . :)
@ හංසි නංගි, ලියන්න පුලුවන්නම් නොලිය ඉන්නේ නැහැ නංගියෝ, මක් කරන්නද, පුළුවන් තරම් උත්සහ කරනවා, අපි බලමු, වෙනසක් වේවිද කියලා.
Delete@ දේශක අයියා, මොන වෙල්කම්ද අයියේ, අපිව තාමත් මතකේ ඉන්න එක ගැන නම් ගොඩක්ම සතුටුයි.
පරක්කු වෙලා පිළිතුරු ලියන්න වුන එකට සමාවෙන්න ආයෙත් විභාගේ පටන් ගත්ත .. හිතට නිදහසක් හම්බුනොත් ආයෙත් ලියන්න අය්යේ අනිවාරෙන් කියවන්න යන්න එනව :)
Deleteඒක නම් එකෙන්ම සිරා කතාව තමා....
ReplyDelete:D ස්තුතියි
Deleteපොඩියට පෙනුනට ගොඩක් වටින කතාවක්. අද කාලෙ ගොඩක් ළමයින් හදන්නෙත් අර කෝශෙ කඩල එලියට ගන්න සමනල්ලු වගේ.
ReplyDeleteස්තුතියි ගිමන් ... අපේ අම්ම මාව මෙහෙම හැදුවේ නැත්නම් මමත් වෙන්නේ එහෙම සමනලයෙක් තමයි :)
Delete