Monday, July 25, 2016

විහඟුනේ නික්ම යනු ...


විහඟුනේ නික්ම යනු 
මේ කවුළු අද්දරින්  
වලා අතරින් සැඟව 
යනු දෑස් මානයෙන්  
ප්‍රේම ගී මුතු පබළු 
දමා  සැඩ  ගං මතින් 
මේ පාළු මකන්නට 
යලිදු මෙහි එනු සැනෙන් 

හදේ විල් දිය කැළඹි 
නැගී ආ දුක් රසෙන් 
ප්‍රේමයේ  රස අමා
වියැකිලා හදවතින් 
මා ගයන වියෝ ගී 
අමුණාල සීරුවෙන් 
විහඟුනේ  ගයනු මැන 
මේ සවන් අද්දරින් 

මේ ඉරත් සඳ තරුත් 
හිනැහෙනා මානයෙන්
ඔහු ගෙවන නව දිවිය 
නුඹ දකී මට හොරෙන් 
මා සොවින් නිදන විට 
ඔහු වෙතට නුඹ ගොසින් 
නුඹේ පෙම් ගී ගයනු
ඇයත් තුටු වන ලෙසින් 






29 comments:

  1. කුරුල්ලෙක්ට වුණත් කියන්මෙහ සුවිසයිඩ් මිෂන් එකක් ගැනනෙ අප්පා..
    පව් නැද්ද ඌ.. මොනා වුණත් අහිංසක කුරුල්ලෙක් නෙව...
    හිහි

    ලස්සනයි හංසියේ... රිප්ලයි කවියක් නැති වට වල් පල් කෙටුවට ගණං ගන්ට නාකයි ඔන්න

    ReplyDelete
    Replies
    1. හික්ස් .. එහෙට මෙහෙට පියාඹල සිංදු කියලම කුරුල්ලන්ට දැන් එපා වෙලාලු. උනුත් දැන් වර්ජනය කරනව කියන්නෙ :D ස්තූතියි අය්යෙ :)

      Delete
    2. කුරුල්ල්ට කිරිල්ලියො සැට් කොල්ල දෙන්ට
      හිහි

      Delete
    3. හංසියා මහේෂ් කියන දේ ගැන ඔයිට වඩා හිතන්න.

      Delete
    4. @ මහේෂ් අය්යෙ උන් හැමදාමත් ඔහොම පියාඹද්දී හම්බෙනවත් ඇති කවුද දන්නෙ ;) @ඉයන් මාමෙ හා හා පොඩි ළමයි නරක් කරන්නෙපා :D

      Delete
  2. විහඟුනේ එන්නෙපා
    මා සොයා නැවත මෙහි
    මම හිඳී සිත තොසින්
    ප්‍රිය බිරිඳ හා හොඳින්

    මම ගියේ ඈ දමා
    නැවත පතන්ට නොවේ
    ආලයක තිත්ත රස
    නැවත විඳිනට නොවේ

    ගුවන පීරා
    දෙරණ කළඹා
    මහා දූවිලි
    අවුස්සාලා
    රණ බිමට යන
    සෙනවියෙකු සේ ගොස් කියණු මැන
    ඇයට මේ වග




    ReplyDelete
    Replies
    1. අගෙයි මලයෝ :) :) :) මේ කවියේ නම් ඇයට ඔහුව ආයෙ හිමි කරගන්න බලාපොරොත්තුවක් නැහැ.දුර ඉඳන් සුබ පතනවා ...ඔහුට ..ඇයට :)

      Delete
  3. ලස්සන කවියක් හංසි, ජයවේවා ......

    ReplyDelete
    Replies
    1. හෑ ...මේ කුරුටු අය්යෙක් :D මෙහෙම ආවම කොහොමද අප්ප හොයාගන්නෙ :D ..ස්තූතියි අය්යෙ :)

      Delete
  4. මෙයා මොකද මේ ටිකේ දුක හිතෙන ඒව ලියන්නේ???

    කොහොම උනත් ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. හිතේ දුකක් නෑ :D ඔහේ ඉතින් කුරුටු ගානව ;) ...ස්තූතියි නිර්මාණි

      Delete
  5. දෑගිල්ල පටලවා රනින් කල කෙන්දකින්
    ඔහු විදී ජීවිතය ඈ සමග සෙනෙහසින්
    පියාඹන්නට බැරිය මට නුඹ දමා මේ ලෙසින්
    මාලුවෙක් තවත් එක ඉගි බෙදයි නුබ නමින්...
    ......විහග......

    අපූරු කවියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්දගෙ කවි පද ගැලපුම හරි අපූරුයි. කෙටි උනත් හිත ගියා ^_^

      Delete
  6. ලස්සනයි... අවංකව ම ලස්සනයි.... සංදේශ කාව්‍යයක් වගේ ද කුරුල්ලව යවන්නෙ....

    ReplyDelete
    Replies
    1. කුරුල්ලා තමා ඇයගෙ ඉල්ලීමට ඔහුගෙ අලුත් ජිවිතයට සුබ පතන්නෙ. :) ස්තූතියි ආර්යන් :)

      Delete
  7. ලස්සන පද ගැලපීමක් හංසි...රස වින්දා...

    ReplyDelete
  8. // ඔහු ගෙවන නව දිවිය
    නුඹ දකී මට හොරෙන්
    මා සොවින් නිදන විට
    ඔහු වෙතට නුඹ ගොසින්
    නුඹේ පෙම් ගී ගයනු
    ඇයත් තුටු වන ලෙසින් // ඒ කොටසට කියවනකොට ගීත රචනා කීපයක්ම මතක් වුනා..

    හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. මම මතක් උනේ මේ සිංදුව

      හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න ... :)

      ස්තූතියි අක්කේ :)

      Delete
  9. කෙල්ල සංදේශ කවි ලියන්න යනව වගේ... අසරණ වුණාම, තනි වුණාම වලාකුලත් දූතයෙක් වුණානෙ නේද.
    අපූරුයි හංසි

    ReplyDelete
    Replies
    1. කුරුල්ලන්ටත් කරන්න වැඩක් තියෙන්න එපැයි :D වත්තේ බත් ඇට අහුල අහුල කිචි බිචි ගානවා විතරයි මේ වගේ වැඩක් වත් කරලා දෙන්න දෙමලිච්චෙක් නැති හැටි :( ....... අනෙක් දවසෙ යවන්නෙ කළු වලා කැටියක කඳුළු ඔක්කොම හිර කරල. කවි පද ටික ඕනනම් හඳේ කුරුටු ගාන්නම්. තරු එලි අඳුරු කරන්නම් දුක්බර ගතියක් මවන්න . එතකොට ඔයාලටත් පෙනේවි මේ ලියන ගීත .... :)

      Delete
  10. ලස්සනයි
    ජයෙන් ජය

    ReplyDelete
  11. කිචි බිචි...
    කිචි බිචි...
    කිචි බිචි...කිචි බිචි...
    කිචි බිචි...කිචි බිචි...කිචි බිචි...

    ඔන්න කුරුල්ලාගේ රිප්ලයි කවිය...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් කුරුළු බාසාවත් ඉගෙන ගන්න එපැයි ... :D එක්කො මම කුරුළු භාෂා පරිවර්තකයෙක් හොයාගන්නව ;) :P

      Delete