මම : අය්යේ .. අය්යේ ...
අය්ය : ඕ ...
මම : අය්යේ ..මට කතාවක් ලියන්න මාතෘකාවක් කියන්නකො.
අය්ය : "අය්ය " :D
මම : අය්ය ? එහෙනම් ලියන්න වෙන්නෙ කරපු මගෝඩි වැඩ තමා.
අය්ය : ඕ .. ^_^
මම : එහෙම නෙවේ .. මට සුරංගනා කතාවක් ලියන්න එකක් කියන්නකෝ
අය්ය : "සුරංග අය්ය “ :D
මේ සති දෙහෙකට විතර කලින් අපේ අය්යගෙන් කතාවක් ලියන්න අහද්දි කීව දෙයක්. මං හිතන්නෙ මගේ බ්ලොගේ ගැන දැනගත්තට පස්සෙ එයා ගැන ලියවගන්න ඕන වෙලා ඇති. ලියන්නම්කො ....හැක්
දන්නවද වැඩක්. මං ඉපදෙන්න කලියෙන් අපේ අම්ම මට කලින්ම සුරංගනා ලොවෙන් තෑග්ගක් ගෙනාවලු. ඒ තමා සුරංග අය්ය. මං වගේ කැත කෙල්ලෙක් නෙවේ එයා හරි කඩවසම් කොල්ලෙක්. ඒ නිසාමයි මං හිතන්නෙ එයා සුරංගනා ලෝකෙන් ආපු ලස්සන කොල්ලෙක් කියල. (මේ ටික කියවද්දී නම් එයා කොලර් එක උස්සයි ඒවා කොහෙද , දැන් එයා නිකන් කලයක් වගේ බඩක් තියන මුදලාලි මහත්තයෙක් වගේ ..එකට නංගි ෂා ..^_^ .... ) හැබැයි එහෙම හිතෙන්නෙ වෙලාවකට විතරයි පොඩි කාලේ නම් මට හිතුනෙම මේ නම් සුරංගනා ලෝකෙන් පන්න ගත්ත වසවර්තියෙක් කියල. අද මේ දොඩන්නේ ඒ වසවර්ති කඩවසම් කොලුවා ගැන.ටිකක් පරක්කු වෙලා තමා මේ කොල්ල ගැන ලියන්නෙ. ඒත් ඉතින් ලියන්න එපැයි කවද හරි.ඒ නිසා ඔන්න අද මම ලියන්නෙ මගේ අය්ය ගැන :)
අපෙ අම්මට මුලින්ම බබෙක් හම්බවෙන්න ඉන්නකොට දොස්තර මාම කිව්වලු හම්බෙන්නෙ නිවුන්නු කියල. ඒ කාලේ අපේ අම්මට ගොඩක් අමාරු උනාලු. වැඩියෙන්ම සස්ටජන් එහෙමත් බිව්වලු.කොහොම කොහොම හරි අම්මට මුලින්ම හම්බෙල තියෙන්නෙ සුදු කොලු පැටියෙක්.පස්සෙ කාලෙක අපේ අය්ය මට කියපි මං ඔයාව ඒ කාලෙ දැක්කනෙ. මං පයින් එකක් දීල ඔයාව තල්ලු කරලා ටටා කියල එලියට පැන්න.මාත් ඒ කාලේ ඇස් ලොකු කරගෙන ඒවා අහන් හිටියලු.
අපේ අම්ම නම් කියන්නෙ මං අය්ය වගේ නෙවේලු කවදාවත් වද දුන්නේ නෑලු.ඒකට අපේ අය්ය.පොඩි කාලෙ තාත්ත වෙල දිගේ මැරතන් එකක් දුවවල තමා අය්යව අල්ලගන්නෙ ඊට පස්සෙ ඉතින් ගුටි පූජාවක්. ඉස්සර අය්ය ගෙදර හිටිය ආයා ට ඉන්න දෙන්නෙම නෑලු කොයි වෙලෙත් මකර වගේ අඬනවලු .දවසක් අපේ අම්ම ගෙදර එද්දි අය්ය කිසි සද්දයක් නෑලු බලද්දි ආයා මුට්ටියක යකෙක් ඇඳල ඔන්න මුට්ටි යකා එනවා කියල බය කරලලු. අය්යගෙ දැඟලිල්ල නවත්තල තියෙන්නේ එහෙම.
මට මතකයි චූටි කාලෙ අපේ අය්ය හරි වසයි.ඒ කාලේ එයා කැමති නෑලු මං ඉන්නවට. පොඩි කාලෙ අය්යයි මායි ඉන්න ෆොටෝ එහෙම බලන්න ඕන.මං හෙන අහිංසක විදිහට හිනා වෙලා ඉඳිද්දී ඔරන්ඔටෙක් වගේ ඔරෝගත්තු මූණක් දික්කරගෙන එයා ඉන්නවා.
ෂා ....අපේ අය්යගෙ මූණ .... :D
අපි සෙල්ලං කලේ මෙහෙමලු
ඉස්සර අපිට තිබ්බ වැඩ රාජකාරි වලින් එකක් තමයි මාළු ටැංකි හදන එක. වෙලට ගිහින් ගප්පි අල්ලන් ජෑම් බෝතල් වලට දාගෙන එන එක තව වෙලේ කොනටම යනකොට හම්බෙන ඇලට බැහැල තඩි හයිඩ්රිල්ල උස්සගෙන එන එක. ඒ කාලෙ මායි අය්යයි බූල යි (බව්ව) තුන්දෙනාම යනව හයිඩ්රිල්ල අරන් එන්න. දවසක් මරු වැඩක් උනා. මාත් මල් මල් ගවුමක් ඇඳන් නැට්ට වගේ අය්යගෙ පිටිපස්සෙන් ගියා. ඉස්සරහින්ම බූල යනවා ඇල ගාවටම ගියාම බූල ඉව අල්ල අල්ල වටේ කැරකෙනවා. අපේ අය්ය පයින් පාරක් ගහල ඌව ඇලට විසික් කලානෙ(පුදුම වෙන්ටෙපා මං කීවනෙ එයා කලේමවසවර්ති වැඩ ...). මාත් එක පාරටම බක බකා ගාල හිනා උනා හිනාව නවත්ත ගන්න ලැබුනේ නෑ ඊළඟට මාවත් අහස් කූරක් වගේ විසික් වෙලා ගිහිං ඇලට වැටුන.වැටුන නෙවේ අර වසවර්තිය තල්ලු කලා. -___- එදා මුළු ඇඟේම හයිඩ්රිල්ලයි මඩයි නාගෙන මං ගෙදර ගියා. එදා ගෙදර ගිය හැටියට මං තමා මාළු ටැංකියට බැහැල හයිඩ්රිල්ල ගහක් වගේ ඉන්න ඕන. :(
ඔය විතරක් යැ කරවනැල්ලේ අපේ පුංචිලා ගෙදර ගේ ලඟින්මයි කැළණි ගඟ ගලන්නෙ. අපිත් එහෙ ගිය ගමන්ම කරන්නෙ කැළණි ගඟේ නාන්න යන එක. දවසක් මම හොඳට වතුර තල තල විසික් කර කර නනා ඉඳිද්දි අය්ය ඇවිත් කියපි ඔට්ටුයි තමුසෙට බෑ දහයට වෙනකන් මම ගණන් කරනකන් වතුරේ ඉන්න කියල. ඔයාලට කියන්න ඒකාලෙත් මට පීනන්න බෑ. ඉතිං දෙය්යනේ කොහෙද වතුර යටට යන්නෙ... ගියත් කරන්නෙ අතින් නහය තදකරල පහලට එබිලා ඔලුව තෙමන් ආයෙ වතුරෙන් උඩට පැනල හොඳ හුස්මක් ගන්න එක. ඉතිං මං ගත් කටටම කිව අපෝ බෑ කියල. ඒත් අය්ය කියනව නෑ .. නෑ .. මම ළඟ ඉන්නවා ඔයා වතුර යටට ගිහින් දහයට ගණන් කරලා උඩට එනව කියල. මගේ කුරුළු මොලේ ඒ වෙද්දිත් වතුරට පෙඟිල තිබ්බේ ඉතිං මාත් ලොකු හුස්මක් අරන් නැති වීර කමකුත් ආරුඩ කරගෙන වතුර යටට ගියා.අය්ය මගෙ ඔලුව අල්ලා ගෙන වතුර උඩ ඉඳන් ගණන් කරනව මම වතුර යට ඉඳන් අතෙන් නහය වහගෙන ගණන් කරනවා හතයි .. අටයි .. නවයායි .. දහයායි .....දහයායි කියල උඩට එන්න බෑ ඔලුව හිරවෙලා .....මේක මගේ ඔලුව තදකරගෙන මම දඟලනවා දඟලනවා හුස්ම ගන්න බැරිව අන්තිමට වතුර ගසල ගසල උඩට පැනල මරණ බියෙන් හුස්ම ගද්දි අය්ය කියපි ..හැක් .. මම විස්සට ගණන් කළානෙ .. ඇත්තටම ඒ වෙලේ ලඟපාත තඩි ගලක් වත් තිබ්බේ නැහැ ඒ කිව දේට.හරියන්න හොඳවයින් නෙලන්න. ගලක් .. දෙය්යනේ ගලක් කිවමයි මතක් වෙන්නේ මගේ දකුණු අතේ මැණික් කටුව ගාව තාමත් මේ වසවර්තිය ගහපු ගල් පාරක සලකුණක් තියනව.
මේවා අහන්නත් දෙයක්ද නේ .. අර මගේ දත් කතාවේ ඉස්සරහ දතට වැඩේ දුන්න අය්යන්ඩි. -_- මෙහෙම නොවෙනවානම් නේ පුදුම. අර මම හැමතැනම ලියල තියන කොට්ට පොර කතා තියෙන්නෙ ඉස්සර අය්යගෙ ප්‍රියතම විනෝදාන්ශේ ඒක. උදේට ඇහැරවන්න යද්දී මාව ඇහැරවන දරුණුම විදිහ තමයි කොට්ටෙ මගේ ඔලුව උඩින් තියල මූ ඉඳගන්න එක. ඉතිං අර අහස කඩන් වැටුන කියල දුවන හාවා වගේ මාත් ගැස්සිලා ඇහැරෙනවා.හිතන්නකො උදේ පාන්දරම කොට්ට ප්‍රහාරයකින් ඇහැරෙන් අහිංසක ළදරියක් ගැන. පව් නේ මං ..හා නැද්ද ? හැබැයි ඉතිං ඔය අය්ය ගහන ගැහිලි වලට නංගීත් ඉතින් නිකන් හිටියේ නෑලු .ගැහුවා ගැහුවා අම්බානෙක .රණ්ඩු උනා ඇස් වලින් කඳුළු පනිනකන්ම. හැබැයි මොනවා කලත් අන්තිමට බැනුම් අහන්නෙ මම. අඩුම තරමේ අය්ය මට ගැහුවත් අම්ම බනින්නේ මටනෙ :(
නංගිට තරහ ගිය අවස්ථාවක ගත්ත පින්තුරයක් ..... :P
ඊළඟ කතාව නම් කියන්න ලැජ්ජයි .. හැබැයි මේක කීව කියල මාව බයිට් කරන්නේ නෑ හොඳේ .ඉස්සර ඉංගිරිසි පන්ති ගියේ අය්යයි මායි එකට ලු. හවස පන්ති ඉවර වෙලා අපි දෙන්නම එකට එනවා. දවසක් මේ දැරිවිට හදිසි අවශ්‍ය තාවයක් ඇවිත් (පොඩි අවශ්‍යතාවයක් ) .. අය්යේ .. අය්යේ ..අනේ අමාරුයි ..අපි දුවමුකො .. ඉතිං ඔන්න දෙන්නම් දුවල එනවලු ... දුවල දුවල මුලින්ම හම්බෙන ආච්චි අම්මලගේ ගෙදර යන්න හම්බුනේ නෑ. ලයිට් කනුව පහුවෙනකොටම අය්ය මගෙ අත තදින් අල්ල ගත්ත. අනේ .. අතාරින්න කෝ ..අනේ අමාරුයි .. යයි අනේ ...ඒත් අපේ අය්ය නෙමේ කනකට වත් ගත්තෙ ඉහි ඉහි එදා අන්තිමට කලිසම තෙමාගන්න කන්ම අපේ අය්ය මාව අල්ලාගෙන හිටිය :'( අන්තිමට මං අඬ අඬා ගෙදර යද්දි මේ වසවර්තිය හිනාවෙනවා. :( එච්චර විතරක් යැ. මූ ගෙදර ගිහින් කියපි නංගිට පාරේ චූ ගිහිං ඔය අඬ අඬා එන්නෙ කියාල ..එදා කිසිකෙනෙක් මගේ දුක ඇහුවේ නැහැ.වසවර්තිය කීව දේට හිනා උනා මිසක් :(
තව එකක් ඉස්සර ඔය නත්තල් කාලෙට අපි හැමෝම හිතන් ඉන්නවනෙ නත්තල් සීය එනවා කියල අර මේස් කකුලක් එල්ලුවම තෑගී දාල යන්නෙ. දවසක් මාත් ඔහොම අය්ය එක්ක මේස් කකුලක් ගේ ඉස්සරහ මාළු ටැංකියෙ එල්ලලා නිදාගන්න ගියාලු.පහුවෙනිදා හරි බැරි ගැහිලා එතනට යද්දි අය්ය හොර ගල් අහුලා අහුලා ඉන්නවා
මොකෝ .. මම ඇහුව
නෑ .. මොකුත් නෑ
නත්තල් සීය තෑගී දාලද ?
ම්ම්ම් ... ගිහින් බලන්න
මමත් අත්පුඩි ගහල දුවල දුවල ගිහින් මේස් කකුල ඇල්ලුවා ..හී ..මොකක්දෝ අහුවෙනව...
හරි සතුටින් අත දාල එලියට ගත්ත ... ඊට පස්සෙ හය්යෙන් හිනාවෙන අර අය්යන්ඩියට රැව්ව
දන්නවද මේස් කකුල ඇතුලෙ තිබ්බෙ ........... ගලක් -_-
වම් පැත්තෙ ඉන්නෙ කරවනැල්ලේ ඉන්න අය්ය දකුණු පැත්තෙ අපේ අය්ය මං හිතන්නෙ ඔය අත් උස්සන් ඉන්නෙ ඒ වෙලේ උච්ච ස්වරයෙන් ගීයක් ගායනා කළා වෙන්න ඕන .. :P
මේ චූටි කාලේ රසවත් මතක.ඒව එකින් එක මතක මල්ලෙන් එලියට දාල ලීවෙ.ලියද්දි ලියද්දි තව මතක් වෙනවා එහෙම උනොත් ලිපිය දිග වැඩිවෙයි.කොහොමත් මේ වගේ කාලයක් තිබ්බේ චූටි කාලේ විතරයි ලොකු ලොකු වෙද්දී අපේ අය්යත් 'හ්ම් ..හ්ම්ම් .. "කියන වැඩිය දඟලන්නෙ නැති බසු ටයිප් උනා. මේ පුංචිම කාලෙයි තව අය්ය ටිකක් ලොකු කාලෙයි දැන් කාලෙයි කියල වෙන් කරලා කියන්න පුළුවන් විදිහට වෙනස් විදිහේ මතක තියෙන්නෙ.එකා යකා උනත් ඉන්නෙ එකයි නෙ :D මම ලොකු උනාම කියවන්න හරි කියල මේ මතක මෙතන ලියල දැම්ම.කවද හරි වයසට ගියාම අපිටත් මේ වගේ පිස්සු කාලයක් තිබ්බ කියල සතුටු වෙන්න පුලුවන්නෙ... ඉවර නැහැ තව නම් ලියන්න දේවල් එමටයි ..ඒවා පසුවට .. කම්මැලි කම කියන ලෙඩේ හැදුනේ නැතිනම් ඒවත් ලියල දාන්නම්කො ;) අමාරුවෙන් හරි කියවල දැම්මට ස්තූතියි :P ඔය අය්යල නංගිලා මල්ලිලා ඉන්න අයට දැන් තම තමන්ගෙ චූටි කාලෙ එහෙම මතක් වෙනව ඇති නේද :)
අපි චූටි කාලේ කැළණි පන්සල ගාව ගත්ත ෆොටෝවක් ... ලොකු උනාට පස්සෙත් එතනම ඉඳල ෆොටෝවක් ගත්ත ..... :)
ප.ලි : නංගි ඉල්ලගෙන කෑමේ සිද්දියක් මත අය්ය දැන් නංගි ගෙ බ්ලොගේ දෙපාරක් තුන්පාරක් විතර කියෙව්වලු.ඒත් මං හිතන්නේ දැන් නම් එයාට මගේ බ්ලොගේ අමතකයි (ෂුවර් නැහැ .. මං දිහා බලල පල් හිනාවක් එහෙම දැම්මොත් පොඩ්ඩක් අනුමාන කරන්න පුළුවන් මෑන් බ්ලොගේ කියවල තමයි කියල .. ) මේවා ලියන්නේ ජිවිත අවදානම තියල ඕ යැස් ...සෝ ..සියලු දෙවි දේවතාවුන් මේ අහිංසක දැරිවි ව රැකදේවා .....
දන්නවද මේස් කකුල ඇතුලෙ තිබ්බෙ ........... ගලක් -_-///
ReplyDeleteමං එහෙම නං දාන්නෙ පත ගෙම්බෙක්.. හැක්...
අයියල ඉන්න නංගිල වාසනාවං බං.. දෙයියනේ කියල මං අපේ උන්දැට කරපු වසවර්ති වැඩ ලියන්න එහෙම ගියොත් විනාසයක් වෙලා තමා නවතින්නෙ.
අම්මල කෝමත් අයියලාට ආදරෙයිනෙ බොලං හිහි.. අබ සරණයි නේ
මේ අය්යත් හොඳ හොඳ වැඩ කරල තියනව වගේ :P ..අම්මල වැඩියෙන්ම ආදරේ ඉතිං පුතාලටනේ ඉස්සර මං ඔය හේතු නිසාම රණ්ඩු වෙනවත් එක්ක
Deleteසිස්ටර්ස්.... හැක්.....
Deleteමොනව කරන්නද. හිහි
යා යා ෆීලින් සෑඩ් :/
Deleteඅපෝ ඒක නං හරි අස්පුට වැඩක්.. වැඩිපුර පුතාලට ආදරේ වෙන එක.. මං ඉතින් එකා යකා නිසා ඕවා දන්නෙ නෑනෙ.මට ළමයි ඉන්න කාලෙට නං ඔක්කොටම එක හැන්දෙන් තමා බෙදන්නෙ..))
DeleteMata penna be oya air force goyiyo.. :(
ReplyDeleteහය්යූ දැන් හැම ගුවන් නියමුවෙක් එක්කම තරහද :D කලණ අය්යට වෙච්ච සිද්ධිය අපේ අය්යට කියන්න බැරිඋනා
DeleteOyage lipi pelama harima sundarayi!Harima asawen kiyewwa.
ReplyDeleteලිපි ආසාවෙන් කියෙව්ව කියල මෙහෙම අහන්න ලැබෙන එකම ලොකු සතුටක් :) බොහොම ස්තූතියි :)
Deleteඇත්ටම පොඩි කාලේ මතක් උනා තමයි..
ReplyDeleteඔය අයියා දැන් කලාතුරකින්වත් ඒ වගේ වසවර්ති වැඩක් කරන්නේ නැද්ද??
ඉස්සර තරම්ම දඟ වැඩ නැහැ දැන් ඒත් පරණ පුරුදු අත අරින්න බෑනේ.තාමත් උදේට නිදාගන්න දෙන්නේ නැහැ කකුලෙන් හරි ඇදල යනව :)
Deleteමොනව උනත් හරිම සුන්දර මතකයන් නේද??
ReplyDeleteඔව් නිර්මාණි කාලේ අපි හිතුවෙ ඉක්මනට ලොකුවෙන්නෙ කවද්ද කියල දැන් ටික ටික ලොකු වෙන අපි ආයෙම හිතින් පොඩි කාලෙට දුවනවා. ඒ මිහිරි මතක වල රස වැඩියෙන් දැනෙන්නෙ දැන්
Deleteඅපූරු මතක ටිකක්... හි..හි. කෝකටත් ටික දවසක් අයියගෙන් පරිස්සම් වෙලා ඉන්න...
ReplyDeleteඔව් අක්කෙ අය්යව ෂුවර් නැහැ කෝකටත් කිසි දෙයක් ලීවෙ නැහැ වගේ ඉන්ට ඕන ;) :D
Deleteඔහොම තමයි අයියලා.
ReplyDeleteෂුවර් එකටම මේත් නංගිලා මල්ලිල ඉන්න අය්යෙක් වෙන්න ඕන :D
Deleteඅක්කා කෙනෙක්නේ ඉන්නේ.
Deleteහැබැයි ඉතින් ඥාති සහෝදරයෝ ඉන්නවනේ නංගිලා මල්ලිලා. උනුත් එක කුසේ උපන් සහෝදරයෝ වගේ තමයි. උන්දලටනම් ඔය වගේ වැඩ කරලා තියනවා.
අක්කලත් නරක නැහැ මම වැඩියෙන්ම ආස අය්යලටයි මල්ලිලාටයි. අක්කල නංගිලා රණ්ඩු කෙක්කවල් කිසි විනෝදයකුත් නැහැ...හොඳ අක්කලත් ඉන්නවා ඉතින් ;) ඔය මල්ලිලා එහෙම එකතු උන වෙලාවක හරිම විනෝදයි එතකොට මමත් ඒ පොඩි එවුන්ගෙ තාලේටම වැඩ :D
Deleteසිත සනසන මතක..
ReplyDeleteචු කෙල්ල.. හැක්..
හය්යූ මෙන්න මට නමක් හදල...දේශකයා ට කියන්න අපේ අය්ය මට කියන නම ප්‍රසිද්ධියේ කියන්න බැහැ ඒ තරම්ම අවුල් :/
Delete//කරවනැල්ලේ අපේ පුංචිලා ගෙදර ගේ ලඟින්මයි කැළණි ගඟ ගලන්නෙ.//
ReplyDeleteade me ape eriyal eka...hik hik....
එහෙනම් අපේ පුංචිලත් ඉන්නෙ ඔය ළඟ පාතකම වෙන්නැති ;)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඒකට අපේ අයියයි මන් තුමයි :D හැක් ඔක්කොම මගෝඩි වැඩ මන් තුමාගේ ඒ කාලේ, කොච්චර මගෝඩියෙක්ද කියනවනම් අයියගේ ඔළුවට ටින්ටස් ඇනත් ගහන්න ගිහින් :D එකා නිදාගෙන ඉඳිද්දී. හැක් අන්න එහෙමයි මගෝඩි වැඩ කරන්නේ, හංසිලා කොහෙද ඒවා කරන්නේ ඔය කුරුළු මොලෙන් ප්ලෑන් කරලා.
ReplyDeleteඅර මවුල ට කරපු වැඩ වලින්ම හිතා ගන්න පුළුවන් පොඩි කාලෙත් කොහොමට ඇත්ද කියල :D පව් අර අහිංසක අය්ය : P
Deleteලස්සන ලිපි ටික ...එක හුස්මට කියවල දාන්න පුලුවන්
ReplyDeleteස්තූතියි තාරක. බ්ලොගේට සාදරයෙන් පිළිගන්නවා... මේ කුරුටු ගාන අකුරු කියවල රස වින්ද නම් ඒක මට සතුටක් :)
Deleteපුංචි කාලේ මතක් වුණා....... සුන්දරයි
ReplyDeleteකුරුටු පවුලෙ ගොඩක් අය ඉන්න නිසා සුන්දර මතක ගොඩක් ඇති :)
Deleteමට නෑ නේ අප්පා අයියෙක්.. මං ඉතින් ඔය හුඟක් අහිංසක සාන්ත දාන්ත අක්කෙක් වෙච්චි.. නංගිට ඔහොම අරියාදු නොකරපු..
ReplyDeleteඅය්යල හොඳයි ..අක්කල ගැන වැඩිය දන්නේ නැහැ. සිතූගෙ වැඩ නංගි ගෙන්ම තමා අහන්න ඕන :P
Deleteමටත් හිටියා නංගියෙක්.මගේ නෑනා. ඒකී තමයි ඉස්සර මගේ පර වැඩ ඔක්කොම කරන්නේ. අරක කරන්න, මේක කරන්න කියන පරක්කුවෙන් ඔක්කොම කරනවා. හැබැයි මම ඒකාට ගැහුවේ නෑ.පොඩිකාලේ අහිංසක සුට්ටන් දරුවෙක්නේ. දැන්නම් ඒකා පොඩි කෙල්ලෙක්ගේ අම්මා කෙනෙක්.පවුලේ බාලම එවුන් වුන අපිට කවුරුත්ම වඳින්නේ නෑනේ ඉස්සර අවුරුද්දට.මම කරන්නේ ඒකාට රුපියල් 2ක් දීලා වන්දගන්නවා.මේ පාර අවුරුද්දට ආවහමත් ඕක මතක්කරලා මට වැඳලා ගියා.
ReplyDeleteකාලය හරි ඉක්මනට ගෙවිලා යනවා. මතක විතරක් ඉතුරුවෙනවා.
//අහිංසක සුට්ටන් දරුවෙක්නේ
Deleteඒ කාලේ ඔය දැන් වගේ කෙට්ටුවට හිටියෙ නැද්ද ? :P අපේ පොඩි නංගිල මල්ලිලා ලේසියෙන් වඳින්නේ නෑ. ලඟට ඇවිත් 'වඳින්න ඕන නැහැ නේ' කියල යනවා. මාත් පොඩි එකා වගේ ඒ අය එක්කම ඉඳිද්දි මටත් ඉතින් පොඩි එවුන් වඳිද්දී මොකක්ද වගේ ;)
අයියල කොච්චර විහිලු කරත් නංගිලට ආදරෙයි.. මං හිතන්නෙ අපේ අයිය මට කරදර කලාට වඩා මං එයාට වද දීලා ඇති..
ReplyDeleteමේ නංගිත් සූටි කෙල්ල කාලෙ හරි චන්ඩි වගේ නෙ :D
මං චුට්ටි කාලෙ අහිංසකයි දැන් තමා චන්ඩි කෙල්ල වගේ ඉන්නෙ :D
Deleteමේ දැරිවි මෙච්චර දවසක් කොහෙද අතුරුදහන් වෙලා හිටියෙ ? ....
.සියලු දෙවි දේවතාවුන් මේ අහිංසක දැරිවි ව රැකදේවා .....
ReplyDeleteඅනේ දෙවියනේ අපේ නගාට නම් බ්ලොග් කෙරුවාවට සිත් පහළ නොවේවා!!!
හසඟන සූටි කාලෙ හලී ලස්සනයි !!!!! හා හා පරිස්සමින් හෙමිහිට පහළට බැහැ ගන්න . විහිළුවක් කලේ ....
Deleteහික්ස් ... නගෙක් සිටීද? යහපති :P අපි නංගිටත් එන්න කියමු ;) (අක්ක ගැන යහමින් දැනගන්න ...) චූටි කාලේ මං තව හොඳයි සුදුයි මහතයි දැන් තමා නිකන් උණ බම්බුවක් වගේ ඉන්නෙ :)
Deleteහංසි ගේ කතාව අහල මටනම් හිතුනේ මෙන්න මෙච්චරයි..
ReplyDelete"හොඳ වෙලාවට අපේ නගා බ්ලොගක් නොලියන්නේ..."
-------------------------------
පරණ ඇල්බම් එකක් හදිස්සියේ හම්බුනාම, අපේ ඥාති සහෝදර සේනාව කොහේ හරි සැට් වුනාම ඔය අතීත මතක සටහන් බොහොම අපූරුවට මතක් වෙනවා..
අපි වයසට නොගිහින් එහෙම්මම හිටියානම් කොච්චර ශෝක් ද කියලා හිතෙන වාර අනන්තයි...
විභී ට නංගියෙක් ඉන්නවා එහෙනම් :D අය්යල හරි බයයි වගේ නංගිලට ;)
Delete//අපි වයසට නොගිහින් එහෙම්මම හිටියානම් කොච්චර ශෝක් ද කියලා හිතෙන වාර අනන්තයි... දැන් ඒක තදින්ම හිතෙන කාලයක්
අයියෝ මේ අයියා නපුරුයිනෙ. ඔලුගෙඩිය වතුරෙ ඔබන් ඉද්දි චුට්ටක්වත් හිතුන්නැද්ද අප්ප මේ මැට්ටි මළොත් කියල...
ReplyDeleteකොච්චර නපුරු කතා ලිව්වත් මංනම් තාම හිතන්නෙ මට අයියෙක් හිටියනං කියලයි හංසි ඔන්න. අපේ අම්ම ගෙනාවෙ නෑනෙ අයියෙක් මට.
හි හී මැටි මොලේ පොඟවල ගන්න ඕන කියල හිතෙන්න ඇති ;)
Deleteඅය්යල හොඳයි තමා ලේ ... ඕන වෙලාවක උදව් කරනව එකට ඉන්නවා :)
සුන්දර මතකයන් අපූරුවට ලියලා හංසි...
ReplyDeleteස්තූතියි පොකුරු ..ඔය පැත්තෙ කතාවක් ලියල තියනවා දැක්ක මම එන්නම් ඉක්මනින් :)
Deleteම්ම්ම්ම් ම්ම්ම්ම් .... අපෙත් ඉන්නවනේ ඔය ජාතියෙන් එකෙක්.. අනේ මන්ද.. මේවා කියලත් බැහැ , නොකියත් බැහැ
ReplyDeleteඌ ගැන නම් මම ලියල ඇති. දැන් නම් පව් කියලත් හිතෙනවා. මොකද මේ වෙනකොට මම උන්දැගේ සහතික ටික බ්ලොග් එකේ දාල ගානක් හොයාගෙන ඉන්න හින්ද.. හි හි හි...
හි හී උපේක්ෂ අක්කගෙ අය්ය ගැන නම් ගොඩක් දේවල් දැනගත්ත :P අය්ය බ්ලොගේ දන්නේ නැතිනම් අවුලක් නැහැ .. දන්නවනම් තමා :P
Deleteමට නම් මලයෙක් ඉන්නෙ. රණ්ඩු තමයි හැම වෙලේම ඉතින්.
ReplyDeleteඅය්යල මල්ලිලා කොයි වෙලෙත් රණ්ඩුලු තමා අපේ ඔය නෑදෑ පොඩි එවුන් දිහා බලලම කීව හැකි :D
Delete