Sunday, November 9, 2014

කෘතිම හදවතක්

මුල්ම දවසේ ඔහු  දුටු විට 
ලබ් ඩබ් ගා ගැහුණු මෙ හද 
ඩග් ඩග්  ගා  මහහයියෙන් 
කම්පන දුන්නා 

මල් හීසර කොහේ වැදුනද 
රිදුනෙත් නෑ මගෙ හදවත 
හදේ කොතැන ආල කවක් 
ගෙතෙමින්  තිබුණා

නෙතට නෙතක් එක වුන විට 
හදට හදක් යාවුනාද 
ආල හැඟුම් මෝදු වෙවී 
දළු ලා වැඩුනා 

මුළු හදින්ම  ආදරෙලු 
ඔහු ජීවය පුදනවාලු 
රෝස මලක් මට දීලා 
ආදරෙ කිව්වා 

එහෙම කියූ මා පෙම්බර 
දෑ අවුරුදු ගෙවෙන්න පෙර 
මා  හැරදා වෙන හදකට 
ආලය පෑවා 

රෝසමලේ නටුවේ කටු 
මා හදවත රිදපු කටු 
මතකය හා බැඳී ආලය 
වේදනා දුන්නා 

අමතක කරනට ඔහු අද 
සොයනෙමි ඔහු බැඳි ආලය 
හදෙහි කොතැන  ඉතිරිවීද 
විමසා බැලුවා 

ධමනි ශිරා පිරි හදවතෙ
රුහිර පිරුණු කෝෂිකාවේ 
කොහි ඇත්දැයි මගේ ආලය 
සොයල බැලුවා 

සොයා ගන්න නොහැකිම තැන 
වෙනත් විසඳුමක් නැතිකොට 
තිබුණු එකම එක හදවත 
ගලවා  දැමුවා 

ජීවත් වෙන්නට රිසිතැන 
කෘතිම හදවතක් අරගෙන 
බද්ධ කරල හරි ගානට 
සකසා තැබුවා 

ආලය හදෙහී  ඇත්නම්
පලවා හරිනට රිසිනම් 
තිබුන එකම එක විසඳුම 
මෙය බව සිතුනා 

අහෝ දුකකි ඉරකි තිතකි 
නැත මාහද සුව වූයේ 
තාමත් ඔහු බැඳි  ආලය  
සිහියේ ඇතුවා 

ආලය හදෙහී නැත්නම් 
ආලය කොහිදැයි කියපන් 
අරුම පුදුම මේ ආලය 
තවමත් සෙව්වා 







30 comments:

  1. කෘතිම මොලයක් බද්ධ කරන්නම වෙනවා මේ ලෙඩේට..

    නිහිංසා. මේ පැදි පේලි ටික නං මරු..ජය

    ReplyDelete
    Replies
    1. නිහිංසා කීව...
      ඇත්තද බං මේ කියන්නෙ හංසියෙ

      Delete
    2. දේශො මේ නිහිංසා නෙවේ හංසි.. දේශගෙ මොළෙත් අයින් කරල කෘතිම එකක් දාන්න වෙයි වගේ. :D

      Delete
    3. @ දේශක යා ඕකනේ කියන්නේ උදෙපාන්දරම හීනෙන් කවි කියවද්දි මගේ නමත් අමතක වෙනව. :D මොකද මේ අලුත් නමක් ? මගේ තියන නම හොඳ නැද්ද? :P
      කවිය ලස්සනයි කිව්වට නම් ස්තුතියි ඒත් ඉතින් මගේ නම අමතක උනාට නම් දුකයි :(

      @ මහේෂ් ..අනේමන්ද මේ උදෙපාන්දරම මගේ නමත් පැටලිලානේ දේශකතුමාට :(

      @ සංචාරක අන්න වැඩේ ..අපි බද්ධ කරමු කෘතීම මොළයක් ..හික්ස් :D

      Delete
    4. සමාවෙන්න.. වැරදීමක්.. මම හුගක් වෙලාවට ප්‍රොපයිල් පින්තුරෙන් තමා නම හිතාගන්නේ. ඉතිං සමාර වෙලාවට වරදිනවා.. මෙතැනදි නං නිහිංසාගේ එකත් එක්ක මොකක් හෝ මාරු වීමක් වෙන්ට ඇති.. සොරි අනේ.. අපි වයසක අයනේ..

      Delete
    5. :D දේශකතුමාට නම පැටලිලා කියල හිතුන :) .. ඔන්න එහෙනම් සමාව දුන්න ;) :)

      Delete
  2. මලකඩ කයි මචං
    කොහෙන්ද ගත්තෙ ඕක
    පංචිකාවත්තෙන්ද
    බලාගෙනයි පරිස්සමෙන්
    හැම තැනම බාල බඩු
    නැද්ද හම්බුනේ
    ඇත්තටම හොද
    ජෙනුයින් පාට්ස් එකක්.......

    ReplyDelete
    Replies
    1. ඒකමයි මචං
      මටත් දැන් සැක
      ගත්ත හදවත
      බාලයිලු දැන්
      අරඹමි මෙහෙයුමක්
      යලිත්
      ජෙනුයින් හදකට .... :P

      Delete
  3. මේ දැරිවිගෙ මුළු සරුවාංගෙම කෘතිමව බද්ධ කරන්න වෙයි වගේ... :D

    ReplyDelete
    Replies
    1. හික්ස් .... එහෙම කරලා හරි විසඳුමක් ලැබෙනවානම් බද්ධ කරමු ඉතිං මදි නොකියන්න :D

      Delete
  4. ලෝක ලෙඩක් වගේ පේන්නේ...

    මොනවා බද්ද කලත් හොඳ වෙයිද කියල නම් ෂුවර් නැහැ...

    ReplyDelete
    Replies
    1. මේක සුව නොවෙන ලෙඩක් වගෙයි ;)

      Delete
  5. අනේ මට කවි හරියන්නේ නෑ බන්... තේරෙන්නේ නෑ මුකුත් කියන්ඩ... සොරි ඈ..

    ReplyDelete
    Replies
    1. හි හී ... කවි දිරවන්නේ නැද්ද මේකයි සිද්ධිය ... මටත් ඉඳල ඉඳල කවියක් ලියන්න හිතුනනෙ.ඉතින් ඉරිදා පත්තරේ බලද්දි දැක්ක කෘතීම අවයව බද්ධ කරන එක ගැන තියන ලිපියක් .ඒ ලිපිය කියවද්දී තමයි මෙන්න මේක ලියන්න හිතුනෙ . දැන් කාලේ ආදරේ ගැන කියද්දී හැමෝම කියනවනෙ මගේ හද පත්ලෙන්ම ආදරේ , හදවතේ ආදරේ පිරිල..ඔන්න ඕවගේ හදේ තියන ආදර ගැන සින්දු, කවි ,වැකි හැම දෙයක්ම තියනවනේ .ඇත්තම කිව්වොත් ඔය ආදරේ කොහෙන් මතුවෙනවද කවුද දන්නෙ.හිත කියන එක තුල තියන ආදරේ මිනිස්සු කියනවා හදවතේ කියල.හි හී ..ආදර වැකි කියද්දී හිතයි හදවතයි එකක් කියලනේ ගන්නෙ ..ඉතින් එක්කෙනෙක්ට ප්‍රශ්නයක් ආවලු ආදරේ හදවතේ තියනවනම් තියන හදවත නැතිව කෘතීම හදවතක් බද්ධ කලොත් මොකෝ වෙන්නේ කියල. ඔන්න ඕවගේ විකාර ගොඩක් ඔලුවේ තියාගෙන අන්තිමට කවියක් ගෙතුනලු .මෙන්න මේකයි නිධාන කතාව :P

      Delete
    2. හංසියේ ඉදල ඉදල කවි මෙහෙම ලියනවනම් හැමදාම කවි ලිවුවොත් :o :D

      Delete
    3. හැමදාම ලිව්වොත් මොනා ලියයි ද කියල මමවත් දන්නෑ ;)

      Delete
  6. ධමනි ශිරා පිරි හදවතෙ
    රුහිර පිරුණු කෝෂිකාවේ
    කොහි ඇත්දැයි මගේ ආලය
    සොයල බැලුවා

    සොයා ගන්න නොහැකිම තැන
    වෙනත් විසඳුමක් නැතිකොට
    තිබුණු එකම එක හදවත
    ගලවා දැමුවා ....

    මෙන්න මේ කෑල්ල නම් පට්ටටම වැදුන :D සැරයි හංසියේ සැරයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :D :D .. හොරාගේ බ්ලොගේට කවි උත්තර බඳින්න ගිහිං කුරුටු කිව්ව යෝජනාවට ඔන්න මේ විදිහට කවියක් ගෙතුවලු ;)

      Delete
  7. එහෙනම් ඉතින් දැන් අපිට තනිකරම රොබෝලා කරන්න වෙනවා.. ඔක්කොම බද්ද කරලම..

    ReplyDelete
    Replies
    1. හි හී එක තමා ..ප්‍රශ්නේ තියෙන්නෙ ඔය 'හිත' කියන එකාව අල්ලගන්න බෑනෙ .කොහේ තියනවද මන්ද :)

      Delete
  8. හපොයි..... මං හිතුව බොට ඔහොම වෙයි කියාල අර මල්සරාද මොකාද කියන එකා හොයාන යනකොට. හොඳ වැඩේ පණ්ඩිතකමට.

    (පද ටික සුපිරි හංසියෝ)

    ReplyDelete
    Replies
    1. හි හී ස්තූතියි තනුජා .. අන්තිමට මල්සරා අය්යත් බූට් එක තිබ්බනෙ ..... 'හිතේ දුකට එතකොට කවි කියවෙනවා' :D :D

      Delete
  9. ආල කවි කතන්දරයක්.

    අපි හිතන්නෙ මොළයෙන් නේද.. එතකොට ඔය සංවේදී හැඟීම් පපුවට දැනෙන්නෙ ඇයි. බස්සිගෙන් ඇහුව නම් කියල දෙයි. ඇවිත් නෑ වගෙ මේ පැත්තෙ. :)

    ලස්සන පද ටික. //හදේ කොතැන ආල කවක් // හදේ කොණක කියල ලියන්න ගිය එක වැරදිලා 'කොතන' කියල ලියවෙලා ද ? (ආපු ගමන් ඇදකුද හොයන්න ගත්ත කියල එලව ගනී ද දන්නෙත් නෑ :D )

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නෙ ඇයි මේ මිනිස්සු 'මගේ මුළු හදවතින් ම ආදරේ' කියන්නෙ 'මගේ මුළු මොලෙන්ම ආදරේ' කිව්වනම් හරිනෙ :P හික්ස් .. මේවා හිතුවොත් පිස්සු හැදිලා නවතියි....

      //හදේ කොතැන ආල කවක්
      මේක ඕනකමින් මයි ලිව්වෙ කවියෙ ආදරය දැනුන කෙනා කලින් අහල තියනව හද පත්ලින් දැනෙන ආදරය ,මුළු හදින්ම දැනෙන ආදරය කියන වචන ඒත් එයා ඇත්තටම දන්නෙ නෑ ආදරය කොහේ ඇතිවෙනවද ,හදවතේද ඇතිවෙන්නෙ කියල. එයා එයාගෙන්ම අහනව හදවතේ කොතනද ආල කවක් ලියවුනේ කියල . මේකේ තව පදයක් තියනවා

      //මල් හීසර කොහේ වැදුනද
      රිදුනෙත් නෑ මගෙ හදවත

      එකේදිත් කියන්න හැදුවේ කවියෙ ආදරය දැනිච්ච කෙනා දන්නවා එයාට ආදරයක් දැනිල කියල.එය එයාගෙන්ම අහනවා ආල හැඟුම් ඇතිවුනේ මල්සරා හීයක් විද්ද නිසාද ? එහෙනම් ඒ හදවතටද විද්දෙ ..එහෙමනං ඇයි මගේ හදවත හී පහරින් රිදුනේ නැත්තෙ (හදවතට දැනුනේ නැත්තෙ ) කවිය පුරාම තියෙන්නෙ ආදරය දැනිච්ච කෙනා හිතන් ඉන්නේ ආලය හට ගන්නේ හදවතේ කියල (එයා කලින් අහපු දැකපු කතා ,කවි එක්ක ) අන්තිමට ඒ ආදරයෙන් මිදෙන්න හදවතෙන් ගැලවෙන්න උත්සාහ කිරීමක් ..

      තව ප්‍රශ්න තිබේනම් අහන්න. එලවන්නේ නෑ මට බැන්නත් .. :D පලවෙනි වතාවටනේ මේ පැත්තට ආවේ සාදරයෙන් පිලිගන්නවා .. :)

      Delete
  10. ප්‍රශ්නේ හදවතෙවත් මොළේ වත් නෙමේ සිතුවිලිවල
    ඔන්න අපිත් ගොඩ වැදුනෝ හරි අපුරුවට කවි පද ගලපලා තියනවා

    ReplyDelete
  11. එහෙනම් ඔය සිතිවිලි ඔක්කොම අල්ලලා විසිකරන්න ඕන..... ස්තූතියි ෂැගියෝ :) සාදරයෙන් පිළිගන්නව :)

    ReplyDelete
  12. මටත් එකක් හොයා ගන්න ඕන හන්සියෝ....2nd හෑන්ඩ් එකක් හරි අඩුවට එකක් හරි හම්බ උනොත් මටත් කියනවද?

    ReplyDelete
    Replies
    1. අපෝ අපෝ ... අඩුවට වත් පාවිච්චි කරපුවවත් ගන්න එපා ගන්න එකේ අලුත් ම එකක් ගමු :)

      Delete
  13. Replies
    1. ale mnda indala hitala kawi sithuwilith pahala wenoo :P :D

      Delete