මුල්ම දවසේ ඔහු දුටු විට
ලබ් ඩබ් ගා ගැහුණු මෙ හද
ඩග් ඩග් ගා මහහයියෙන්
කම්පන දුන්නා
මල් හීසර කොහේ වැදුනද
රිදුනෙත් නෑ මගෙ හදවත
හදේ කොතැන ආල කවක්
ගෙතෙමින් තිබුණා
නෙතට නෙතක් එක වුන විට
හදට හදක් යාවුනාද
ආල හැඟුම් මෝදු වෙවී
දළු ලා වැඩුනා
මුළු හදින්ම ආදරෙලු
ඔහු ජීවය පුදනවාලු
රෝස මලක් මට දීලා
ආදරෙ කිව්වා
එහෙම කියූ මා පෙම්බර
දෑ අවුරුදු ගෙවෙන්න පෙර
මා හැරදා වෙන හදකට
ආලය පෑවා
රෝසමලේ නටුවේ කටු
මා හදවත රිදපු කටු
මතකය හා බැඳී ආලය
වේදනා දුන්නා
අමතක කරනට ඔහු අද
සොයනෙමි ඔහු බැඳි ආලය
හදෙහි කොතැන ඉතිරිවීද
විමසා බැලුවා
ධමනි ශිරා පිරි හදවතෙ
රුහිර පිරුණු කෝෂිකාවේ
කොහි ඇත්දැයි මගේ ආලය
සොයල බැලුවා
සොයා ගන්න නොහැකිම තැන
වෙනත් විසඳුමක් නැතිකොට
තිබුණු එකම එක හදවත
ගලවා දැමුවා
ජීවත් වෙන්නට රිසිතැන
කෘතිම හදවතක් අරගෙන
බද්ධ කරල හරි ගානට
සකසා තැබුවා
ආලය හදෙහී ඇත්නම්
පලවා හරිනට රිසිනම්
තිබුන එකම එක විසඳුම
මෙය බව සිතුනා
අහෝ දුකකි ඉරකි තිතකි
නැත මාහද සුව වූයේ
තාමත් ඔහු බැඳි ආලය
සිහියේ ඇතුවා
ආලය හදෙහී නැත්නම්
ආලය කොහිදැයි කියපන්
අරුම පුදුම මේ ආලය
තවමත් සෙව්වා
කෘතිම මොලයක් බද්ධ කරන්නම වෙනවා මේ ලෙඩේට..
ReplyDeleteනිහිංසා. මේ පැදි පේලි ටික නං මරු..ජය
නිහිංසා කීව...
Deleteඇත්තද බං මේ කියන්නෙ හංසියෙ
දේශො මේ නිහිංසා නෙවේ හංසි.. දේශගෙ මොළෙත් අයින් කරල කෘතිම එකක් දාන්න වෙයි වගේ. :D
Delete@ දේශක යා ඕකනේ කියන්නේ උදෙපාන්දරම හීනෙන් කවි කියවද්දි මගේ නමත් අමතක වෙනව. :D මොකද මේ අලුත් නමක් ? මගේ තියන නම හොඳ නැද්ද? :P
Deleteකවිය ලස්සනයි කිව්වට නම් ස්තුතියි ඒත් ඉතින් මගේ නම අමතක උනාට නම් දුකයි :(
@ මහේෂ් ..අනේමන්ද මේ උදෙපාන්දරම මගේ නමත් පැටලිලානේ දේශකතුමාට :(
@ සංචාරක අන්න වැඩේ ..අපි බද්ධ කරමු කෘතීම මොළයක් ..හික්ස් :D
සමාවෙන්න.. වැරදීමක්.. මම හුගක් වෙලාවට ප්‍රොපයිල් පින්තුරෙන් තමා නම හිතාගන්නේ. ඉතිං සමාර වෙලාවට වරදිනවා.. මෙතැනදි නං නිහිංසාගේ එකත් එක්ක මොකක් හෝ මාරු වීමක් වෙන්ට ඇති.. සොරි අනේ.. අපි වයසක අයනේ..
Delete:D දේශකතුමාට නම පැටලිලා කියල හිතුන :) .. ඔන්න එහෙනම් සමාව දුන්න ;) :)
Deleteමලකඩ කයි මචං
ReplyDeleteකොහෙන්ද ගත්තෙ ඕක
පංචිකාවත්තෙන්ද
බලාගෙනයි පරිස්සමෙන්
හැම තැනම බාල බඩු
නැද්ද හම්බුනේ
ඇත්තටම හොද
ජෙනුයින් පාට්ස් එකක්.......
ඒකමයි මචං
Deleteමටත් දැන් සැක
ගත්ත හදවත
බාලයිලු දැන්
අරඹමි මෙහෙයුමක්
යලිත්
ජෙනුයින් හදකට .... :P
මේ දැරිවිගෙ මුළු සරුවාංගෙම කෘතිමව බද්ධ කරන්න වෙයි වගේ... :D
ReplyDeleteහික්ස් .... එහෙම කරලා හරි විසඳුමක් ලැබෙනවානම් බද්ධ කරමු ඉතිං මදි නොකියන්න :D
Deleteලෝක ලෙඩක් වගේ පේන්නේ...
ReplyDeleteමොනවා බද්ද කලත් හොඳ වෙයිද කියල නම් ෂුවර් නැහැ...
මේක සුව නොවෙන ලෙඩක් වගෙයි ;)
Deleteඅනේ මට කවි හරියන්නේ නෑ බන්... තේරෙන්නේ නෑ මුකුත් කියන්ඩ... සොරි ඈ..
ReplyDeleteහි හී ... කවි දිරවන්නේ නැද්ද මේකයි සිද්ධිය ... මටත් ඉඳල ඉඳල කවියක් ලියන්න හිතුනනෙ.ඉතින් ඉරිදා පත්තරේ බලද්දි දැක්ක කෘතීම අවයව බද්ධ කරන එක ගැන තියන ලිපියක් .ඒ ලිපිය කියවද්දී තමයි මෙන්න මේක ලියන්න හිතුනෙ . දැන් කාලේ ආදරේ ගැන කියද්දී හැමෝම කියනවනෙ මගේ හද පත්ලෙන්ම ආදරේ , හදවතේ ආදරේ පිරිල..ඔන්න ඕවගේ හදේ තියන ආදර ගැන සින්දු, කවි ,වැකි හැම දෙයක්ම තියනවනේ .ඇත්තම කිව්වොත් ඔය ආදරේ කොහෙන් මතුවෙනවද කවුද දන්නෙ.හිත කියන එක තුල තියන ආදරේ මිනිස්සු කියනවා හදවතේ කියල.හි හී ..ආදර වැකි කියද්දී හිතයි හදවතයි එකක් කියලනේ ගන්නෙ ..ඉතින් එක්කෙනෙක්ට ප්‍රශ්නයක් ආවලු ආදරේ හදවතේ තියනවනම් තියන හදවත නැතිව කෘතීම හදවතක් බද්ධ කලොත් මොකෝ වෙන්නේ කියල. ඔන්න ඕවගේ විකාර ගොඩක් ඔලුවේ තියාගෙන අන්තිමට කවියක් ගෙතුනලු .මෙන්න මේකයි නිධාන කතාව :P
Deleteහංසියේ ඉදල ඉදල කවි මෙහෙම ලියනවනම් හැමදාම කවි ලිවුවොත් :o :D
Deleteහැමදාම ලිව්වොත් මොනා ලියයි ද කියල මමවත් දන්නෑ ;)
Deleteධමනි ශිරා පිරි හදවතෙ
ReplyDeleteරුහිර පිරුණු කෝෂිකාවේ
කොහි ඇත්දැයි මගේ ආලය
සොයල බැලුවා
සොයා ගන්න නොහැකිම තැන
වෙනත් විසඳුමක් නැතිකොට
තිබුණු එකම එක හදවත
ගලවා දැමුවා ....
මෙන්න මේ කෑල්ල නම් පට්ටටම වැදුන :D සැරයි හංසියේ සැරයි
ස්තූතියි :D :D .. හොරාගේ බ්ලොගේට කවි උත්තර බඳින්න ගිහිං කුරුටු කිව්ව යෝජනාවට ඔන්න මේ විදිහට කවියක් ගෙතුවලු ;)
Deleteඑහෙනම් ඉතින් දැන් අපිට තනිකරම රොබෝලා කරන්න වෙනවා.. ඔක්කොම බද්ද කරලම..
ReplyDeleteහි හී එක තමා ..ප්‍රශ්නේ තියෙන්නෙ ඔය 'හිත' කියන එකාව අල්ලගන්න බෑනෙ .කොහේ තියනවද මන්ද :)
Deleteහපොයි..... මං හිතුව බොට ඔහොම වෙයි කියාල අර මල්සරාද මොකාද කියන එකා හොයාන යනකොට. හොඳ වැඩේ පණ්ඩිතකමට.
ReplyDelete(පද ටික සුපිරි හංසියෝ)
හි හී ස්තූතියි තනුජා .. අන්තිමට මල්සරා අය්යත් බූට් එක තිබ්බනෙ ..... 'හිතේ දුකට එතකොට කවි කියවෙනවා' :D :D
Deleteආල කවි කතන්දරයක්.
ReplyDeleteඅපි හිතන්නෙ මොළයෙන් නේද.. එතකොට ඔය සංවේදී හැඟීම් පපුවට දැනෙන්නෙ ඇයි. බස්සිගෙන් ඇහුව නම් කියල දෙයි. ඇවිත් නෑ වගෙ මේ පැත්තෙ. :)
ලස්සන පද ටික. //හදේ කොතැන ආල කවක් // හදේ කොණක කියල ලියන්න ගිය එක වැරදිලා 'කොතන' කියල ලියවෙලා ද ? (ආපු ගමන් ඇදකුද හොයන්න ගත්ත කියල එලව ගනී ද දන්නෙත් නෑ :D )
ඒක තමයි නෙ ඇයි මේ මිනිස්සු 'මගේ මුළු හදවතින් ම ආදරේ' කියන්නෙ 'මගේ මුළු මොලෙන්ම ආදරේ' කිව්වනම් හරිනෙ :P හික්ස් .. මේවා හිතුවොත් පිස්සු හැදිලා නවතියි....
Delete//හදේ කොතැන ආල කවක්
මේක ඕනකමින් මයි ලිව්වෙ කවියෙ ආදරය දැනුන කෙනා කලින් අහල තියනව හද පත්ලින් දැනෙන ආදරය ,මුළු හදින්ම දැනෙන ආදරය කියන වචන ඒත් එයා ඇත්තටම දන්නෙ නෑ ආදරය කොහේ ඇතිවෙනවද ,හදවතේද ඇතිවෙන්නෙ කියල. එයා එයාගෙන්ම අහනව හදවතේ කොතනද ආල කවක් ලියවුනේ කියල . මේකේ තව පදයක් තියනවා
//මල් හීසර කොහේ වැදුනද
රිදුනෙත් නෑ මගෙ හදවත
එකේදිත් කියන්න හැදුවේ කවියෙ ආදරය දැනිච්ච කෙනා දන්නවා එයාට ආදරයක් දැනිල කියල.එය එයාගෙන්ම අහනවා ආල හැඟුම් ඇතිවුනේ මල්සරා හීයක් විද්ද නිසාද ? එහෙනම් ඒ හදවතටද විද්දෙ ..එහෙමනං ඇයි මගේ හදවත හී පහරින් රිදුනේ නැත්තෙ (හදවතට දැනුනේ නැත්තෙ ) කවිය පුරාම තියෙන්නෙ ආදරය දැනිච්ච කෙනා හිතන් ඉන්නේ ආලය හට ගන්නේ හදවතේ කියල (එයා කලින් අහපු දැකපු කතා ,කවි එක්ක ) අන්තිමට ඒ ආදරයෙන් මිදෙන්න හදවතෙන් ගැලවෙන්න උත්සාහ කිරීමක් ..
තව ප්‍රශ්න තිබේනම් අහන්න. එලවන්නේ නෑ මට බැන්නත් .. :D පලවෙනි වතාවටනේ මේ පැත්තට ආවේ සාදරයෙන් පිලිගන්නවා .. :)
ප්‍රශ්නේ හදවතෙවත් මොළේ වත් නෙමේ සිතුවිලිවල
ReplyDeleteඔන්න අපිත් ගොඩ වැදුනෝ හරි අපුරුවට කවි පද ගලපලා තියනවා
එහෙනම් ඔය සිතිවිලි ඔක්කොම අල්ලලා විසිකරන්න ඕන..... ස්තූතියි ෂැගියෝ :) සාදරයෙන් පිළිගන්නව :)
ReplyDeleteමටත් එකක් හොයා ගන්න ඕන හන්සියෝ....2nd හෑන්ඩ් එකක් හරි අඩුවට එකක් හරි හම්බ උනොත් මටත් කියනවද?
ReplyDeleteඅපෝ අපෝ ... අඩුවට වත් පාවිච්චි කරපුවවත් ගන්න එපා ගන්න එකේ අලුත් ම එකක් ගමු :)
DeleteMenna meya kavi th liyanawa :O
ReplyDeleteale mnda indala hitala kawi sithuwilith pahala wenoo :P :D
Delete