Wednesday, September 10, 2014

තවත් දවසක්

අද විශේෂ දවසක් .වෙන මොකවත් නිසා නෙමෙයි අද මගේ  අතිජාත අති ප්‍රේමණීය  අතිසුන්දර  අය්යන්ඩිය ගෙ උපන්දීනේනේ. හි හී  වර්ණනා වැඩිද මන්දා කමක් නෑ අදවගේ දවසක තමයි ඔහොම කියවෙන්නෙ .තරහ ගිය වෙලාවක නම්  ඔය අති ප්‍රේමණීය වදන් මොකවත් නෑ .ගස් ගෙම්බා , ඇට ගෙම්බා ,වල් ඌරා .. හාවෝ මුවො අරුණු කොට ලෝකේ ඉන්න හැමසතාම ඉතිං කියවෙනවා . කොහොම කොහොම හරි සැප්තැම්බර් 10ත් ලං උනා .අය්යගේ  උපන්දිනේ නෙ......... 
මොනාද දෙන්නෙ මට හිතාගන්න බෑ .shirt  එකක් ? මං ගන්න ඒවා එයාට  හරියන්නැතිවෙයි .එහෙනං  මොන හරි සෙන්ට් එකක් :D ඒකත්  වැඩක් නෑ එයා ගාන්නෙ  රුපියල් 2000 ,3000 ඒවානේ මං  අරන්දෙන්න ගියොත් මාව විකිනෙයි අනෙක එච්චර ට ඉතිරිකරපු සල්ලිත් නෑ .අනෙක 2000?? අම්මෝ වැඩි වැඩි  එච්චර  එයා වටින්නේ නෑ හික්ස් :D ...ගිය පාර මොනාද අරන් දුන්නෙ හි හී Fair & Lovely Menz Active Fairness Cream  ... එකත් එයා  ගෑවේ ටික දවසයි. අපරාදේ biona (for men ) එකක් අරන් දෙන්නයි තිබ්බේ ඇයි  ඉතින් මට වඩා රූපේ ගැන හිතන නිසා ආසාවෙන් ඕක බි බී ඉඳී .සුදුවෙනවානම් එයාට මොනවා  උනත් කමක් නෑ හා කියයි :D  ...මං අරන් දෙන ඒවා පාවිච්චි කරන්නේ නෑ කියල  ඉතින් නොදී ඉන්නත් බෑනේ මගේ උපන්දිනේට ලොකු ලොකු ඒවා අරන්දෙද්දී .කොහෙද එයා  ඉතින් සල්ලි කාරය මං  තාමත් දුප්පතානේ :( 

 කොහොම හරි හිතල හිතල තීරණයක් ගත්ත .මේ පාර මොනාද දෙන්නෙ ..හ්ම්ම් ...මං දෙනව පොතක් . එයාගේ හිතට දැනෙන්න කියවන්න ආස හිතෙන පොතක්.මේ දවස් වල එක දිගට බ්ලොග් කියවලම මගේ කියවීමේ පෙරේතකම ආයේ ඇවිල්ල තිබ්බේ .මටත් හිතුන අය්යටත් බෝකරන්න :) . 
හරි දැන්  ඊළඟට ප්‍රශ්නෙ ..මම මොකක්ද අරන් දෙන්නෙ 

එයා  කියවන්නේ නම් මනෝ විද්‍යා පොත්,බණපොත් ..එත් ඕව ඇත්තටම කියවනවද මං දන්නේ නෑනෙ ;) මගේ හිතේ තිබ්බ එක පොතක් ..ඒකෙ නම "අම්මා "  හැබැයි ඒ මැක්සීම් ගෝර්කි  ගේ පොත නම් නෙවෙයි.පොත ලිව්ව ලේඛකයාට  නම් ඔයාල කැමති වෙන්නේ නැතිවෙයි .ඒ උපුල් ශාන්ත සන්නස්ගල .ඇත්තම කිව්වොත් මම සන්නස්ගලයන්ගේ පොත් වලට පොඩ්ඩක්වත් ආස නෑ .හැබැයි දවසක් රූපවාහිනියේ වැඩසටහනකින් අහම්බෙන් ඒ පොත ගැන ඇහුවම කියවලම බලන්න හිතුන .අන්තිමට මම හිතාගෙන හිටියේ ඒ පොත  ගන්න .දැන් කොහෙන්ද ගන්නෙ.?කැම්පස් එක ලඟපාත පොත් කඩයක් වත් නෑ .හරී අන්තිමට මතක් උනා ..පොත් ප්‍රදර්ශනේ හුරේ රේ රේ ........මං මෙදා  පාර පොත් ප්‍රදර්ශනේට යනෝ :D 

..එත් යන්නේ කොහොමද කවද්ද ???..යන්න කෙනෙකුත් නෑනේ :( යාළුවොන්ටත් කතා කරා එකෙක්වත් එන පාටක් නෑ .:/ :/ ඔහේ ඕනා දෙයක්.. මේපාර මම තනියම යනවා.මම හිතාගත්තේ එහෙමයි .ඒත් හිතේ පොඩි බයක් තිබ්බ කවදාවත් කොහෙවත්ම තනියම ගිහින් නෑනේ ...කොහොම කොහොම හරි ගෙදරිනුත් අවසර ගත්ත .දැන් යන්නේ කොහොමද ?යනවා කිව්වට බස්  එකක්වත් දන්නේ නෑනේ පාරත් මතකත්  නෑ. කොළඹ පාරවල් බස් ගැන මගේ දැනීම බිංදුවයි කොහොම කොහොම හරි අමාරුවෙන් පාරත් අහන්  තනියම වීරයා වගේ යන්න හැදුවේ .මගේ වාසනාවට මගේ යාලුවත් මාත් එක්ක යන්න සෙට් උනා .(අනේ අම්මේ ඇති යාන්තං දැන් බයක් නෑ.....)

අන්තිමට කාලෙකට පස්සෙ  මම ආයෙත් පොත් ප්‍රදර්ශනේට ගියා .හරි සතුටුයි හේතුව අද ඕන තරම් නිදහසේ ඕන විදිහකට ඇවිද්ද හැකි .හවසට ඉවර උනාම තාත්තට එන්න කියනකන් දවසෙම පොත් ප්‍රදර්ශනේ ඉන්න හැකි .ඒ සතුටත් එක්ක පොත් එකින් එක බල බල ගියා. මෙන්න  මට හුරු පුරුදු පොතක් ..........දෙවියනේ.......... මං අවුරුදු ගානක් හෙව්ව පොතක්.........  2004 අවුරුද්දේ The Island පත්තරේ තිබ්බ ලස්සනම article  එකක්. ජීවිතේ සාර්ථකත්වය ගැන කියෙව්ව  අමුතුම තාලේ ලස්සනම පොතක් ගැන එකේ තිබ්බ.article එක කියවපු දවසෙම පරිස්සමට අරන් තියාගත්ත. අන්තිමටම මීට අවුරුදු ගානකට පෙර ගියපු පොත් ප්‍රදර්ශනෙන් පීරා පීරා හොයපු එත් හොයාගන්න බැරි උන  මේ පොත අද හම්බුනා ..මගේ වාසනාව  :)  අහ්හ් ..පොතේ නම කිව්වේ නෑනේ

The present -by Spenser Johnson 

             


මේ පොත තිබ්බෙ Jeya book  stall  එකේ  නිකං ඒ පැත්තේ ගිය වෙලාවක අරන් බලන්න .පොඩි පොතක් හැබැයි හරිම ලස්සන පොතක් .පොත දැක්ක ගමන් සතුට උතුරා ගියා .හරි එක පොතක් ගත්ත ...දැන් අනෙක ...

හදිසියේම ගෙදරින් කෝල් එකක්.අම්මගෙන් ... ඒ මං  යහතින් ආවද කියල බලන්න :D .අම්මටත් මං  එක්ක එන්න කිව්වට ආවේ නෑනේ දැන් දුක් වේවි අපරාදේ කියා කියා ඉන්නවා .හ්ම්ම් අම්මත් ඉල්ලුව පොතක් ...පොතේ නම "අම්මා "  හ්ම්ම්...

මොකද කරන්නේ දැන් ඒ මං අය්යට  අරන් දෙන්න හැදුව පොත ..කමක් නෑ එක අම්මට අරං වෙන එකක් අය්යට  ගන්නවා.අන්තිමේදී ඒ පොත ගත්ත. ඇතුලාන්තය ගැන දන්නේ නෑ හැබැයි උඩින් කියෙව්වම  සන්නස්ගලයන්ගේ සාම්ප්‍රදායක බොළඳ ආදර කතා වලට වඩානම් හොඳයි කියල හිතුන .කොහොම කොහොම හරි එකත් අරන් යනකොට .හැබැහින්ම සන්නස්ගලයන් දැක්ක නොවැ හික්ස් ..ආයේ ගත්ත පොත නිකන් ගෙනියන්නේ මොකටද සමරු අත්සනක්ම දාගෙන ගෙනිච්ච .මං නැතත් පොත ඉල්ලුව අම්මට එකට සතුටු හිතෙයි  කියල හිතුන.

හ්ම්ම් ..ඊළඟ පොත ...

හිතේ තිබ්බ ඊළඟ පොත සෙංකොට්ටං .....  

කාලයක් තිස්සේ එකතුකරලා ගෙනාපු රුපියල් 2000 න් 700 ඉවරයි . තව පුළුවන් ..මම ඊළඟට ආසම පොත...  කියෙව්වේ නැති හැමෝම ලස්සනයි කිව්ව සෙංකොට්ටං  පොත ගත්ත .හ්ම්ම් තව 240 ඉවරයි .එත් තවම අය්යට  පොතක් ගත්තෙ  නෑ .මේ වෙද්දී යාලුවත් ගිහිල්ල තිබ්බේ .මම විතරක් තනියම හැම ප්‍රදර්ශන කුටියක් වටේම  ඇවිද ඇවිද ගියා ..අය්ය කතා පොත් වත් කියවන්නේ නෑනෙ .... මොනාද දෙන්නේ ..අනේ හිතට මොනාවක්ම ආවේ නෑ .ඒ නිසාම අන්තිමට  ගත්ත අය්යට  කෝල් එකක් .

හලෝ 
ඔව් හංසි කියන්න 
මේ හලෝ ..ඔයා  කැමති පොතක්  කියන්නකෝ 
අහ්හ් ඒ මොකටද 
කියන්නකෝ ..මං අද BMICH ආවා  ඒකයි 
ඒ ඇයි 
මේ පස්සේ උත්තර දෙන්නම් දැන් කියන්නකෝ.. මං  ආවේ පොත් ප්‍රදර්ශනේට 
ම්ම්ම්..... එහෙනං චන්දන ගුණවර්ධන ගේ මනෝවිද්‍යා පොතක් ගන්න...

අහ්හ් හා ..අය්යෝ ..ඒ පොත් තොගයක්ම මං පහුකලානේ.දැන් ඒක කොහේ කියල හොයන්නද මට  මතක නෑ.මොනවා කරන්නද අය්ය වෙනුවෙන්නේ ආවේ අන්තිමට අය්යට  හා කියල stall  එකක් stall  එකක් ගානේ අය්යගේ  පොත හෙව්ව  සමහර අය   මනෝ විද්‍යා පොත ඉල්ලද්දී මට චන්දන මෙන්ඩිස් ගෙ  රහස්පරීක්ෂක කතා පොතුත් හොයල දුන්න  හි ..හී.. දෙන්නම චන්දන ලානේ  අන්තිමට තාත්ත මාව ගන්න එනකන්ම පොත නෑ .කරන්න දෙයක් නෑ .පරක්කුයි ........ :( 

අන්තිමට මම පොතක් ගත්ත

"ඔබ,ඔබටම ආදරය වන්න -පරිවර්තනයක්  ප්‍රදීප් කුමාර බාලසුරිය " 

මට හිත ගිය පොත මේක .....අය්ය  කියාවාවී  ද දන්නෙ නෑ :/   අය්යට  පොත් ගැනීම වෙතත් මං ආස පොත් 2ක් නම් මට හම්බුනා.බලනකොට මං ඇවිල්ල තියෙන්නෙ මට පොත් ගන්නනෙ  පැය  ගානක්ම මං තේරුවෙත් මං ආස පොත් නෙ හික්ස් ...හැබැයි පොඩි දුකක් තිබ්බ මගේ එකතුකරපු සල්ලි ටිකට අම්මගෙනුත් කීයක් හරි ඉල්ලා ගත්තනම් මං  තව පොත් ගොඩක් ගන්නවා.(චන්දන මෙන්ඩිස් ගේ අලුත් පොතුත් තිබ්බ අපරාදේ ඒවා ගන්න සල්ලි ළඟ තිබුනේ නෑ :( ....)ආයේ  පොත් ගන්න  එක ලබන අවුරුද්දට තියල ..මම ගෙදර ආව. කවුරුත් නැතිව නිදහසේ පොත් අතර ගැවසුන ඒ පැය  කීපය   ගැන නම් තාමත් හිතෙන්  මැකෙන්නේ නෑ ....මගේ පොත් කියවීමේ ආසාව ආයෙත් පටන්  ගත්ත වගෙයි දැනුනෙ.මේ කාලෙකට පස්සෙ ආයෙත් පොත් කියවනවා .ඕව සෑහෙන්න කාලෙකට පස්සෙ................

11 comments:

  1. අයියා කියෙවුවේ නැත්නම් නංගිට කියවන්න බැරිය පොත.. මොකෝ පොත් අහක යනවා කියලයි..

    සුබ උපන්දිනයක් වේවා අයියට..

    ReplyDelete
    Replies
    1. අය්යට පොතක් ගන්න කියල අන්තිමට නංගි ට නෙ පොත් ගත්තෙ. ;) ..අනෙක් ඒවත් මේ වගේම තමයි අය්යට චොකලට් එකත් ගත්තත් ඒකත් මං ආසම එක ..එයා කෑවෙ නැත්නම් එකත් මටනේ :D අය්යට සුබ පැතුවට ස්තූතියි :)

      Delete
  2. පොත් ගන්න ආපුවාමනං මෙලෝ සිහියක් නෑ මොකක්ද ගන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ගියාම පොත් ගොඩක අතරමං වෙනවා අරකද මේකද හිත යන හැම පොතක්ම ගෙනියන්නයි හිත .. ඔක්කොම ගන්න අතේ සල්ලි නැහැ කියල දැනෙන එක තමයි ලොකුම දුක ...

      Delete
  3. සාහිත්‍ය මාසෙත් ඇවිල්ලා නේද, අනේ පොත් කිව්වලු, පොත් ගන්න ගියාම නං මටත් මෙලෝ සිහියක් නෑ, තාමත් මතකයි රොටරි යන කාලේ සරසවියට ගිහින් කොටස් වශයෙන් පොත් කියවපු හැටි, මොකද ගන්න සල්ලි නෑනේ, දැන්නම් අයියට පානේය දාල කීයක් හරි ජදාගෙන පොත් දෙක තුනක්ම උස්සන් එනවා, යන්න ඕනා ආයෙත් ඒ පැත්තේ. අහ! අයියකාරොට සුබ උපන්දිනක් හරිය.
    අම්මට ගත්ත ටාග්ගට වටිනාකමක් එකතුකරලා, එකත් හොඳයි, දැන් කෝ තාත්තට පොතක්, තාන්තට පොත් මොකටද හැමදාම පොත පෙරලනවනේ නේද? ?D

    අයියෝ හන්සියෝ, ඔයාගේ ආසම පත අපේ බස්සි අක්කි සින්හලටම පරිවර්තනය කරලා තියෙනෝ ඒ බූක් එකක් විදියට, කමක් නෑ සොෆ්ට් කොපියට වැඩිය හාර්ඩ් කොපියක් ළඟ තියෙන කොට එකේ මාර ගතියක් තියෙනෝ, මෙන්න පාර ඒ පොතට

    කෝ බොලව් මගේ චීස්? (who moved my cheese?)

    ReplyDelete
    Replies
    1. http://bassigenawathana.blogspot.com/p/blog-page_10.html

      Delete
    2. යන්නෝ.....ඉවර වෙන්න කලින් ගිහින් පොත් ගොඩක්ම ගන්නෝ :D .මතක ඇතුව ණයට හරි කමක් නෑ සල්ලි වැඩිපුර ගෙනියන්න .මොකද පොත් ගනිද්දී හිතාගන්න බැරිවෙයි කෝකද ගන්නේ කියල ;) .......අපේ තාත්තා පොත් කියවන්නේ නෑ .පත්තරේ කියෙව්වත් ඒකත් අල්ලාගෙන නිදි . මගේ අය්යට සුබ පැතුවට තැන්කු :D ..බස්සි අක්කගේ e- book එක ගැන කිව්වට ස්තූතියි .ඒක බෑවා. මං ගෙනාපු පොත කියවලම ඒක කියවන්නම් ... :) :)

      Delete
  4. හම්මේ.. යන්න ඕනෑ පොත් බලන්ට.. අය්යට සුභ උපන්දිනයක්...

    ReplyDelete
    Replies
    1. මම නම් කලින්ම ගිහිං දැන් ගෙනාපු පොත් එක හුස්මට කියවගෙන යනවා :) සිහිනත් ගිහිං හොඳ පොත් අරන් හිතට දැනෙන ලස්සන පොතක් තියනවනම් අපිටත් කියන්න ..එතකොට ඊළඟ පාර ගනිද්දී ඒවා ගන්න පුළුවන්නේ :)......... අය්යට සුබපතුවට ස්තුතියි

      Delete
  5. අයියට හැපී බර්ත් ඩේ වේවා !

    ශෝක් නංගියෙක්, අපේ එකී නම් කටත් ඇරන් බලන් ඉන්නේ මගෙන් මොනවා හරි කඩා ගන්න තමා :P

    ReplyDelete
  6. තැන්කු :D මං ශෝක් නංගියෙක් කියල අපේ අය්ය කියන්නැති එකනෙ දුක :P

    ReplyDelete