Friday, August 29, 2014

මධු අක්කා

අන්න මධු අක්කා  අලුත් කඩයක් දාලලු .. ඒ අම්මගේ කටහඬ 

ආ  එහෙමද ..කොහෙද දාල තියෙන්නෙ ?මොන කඩයක්ද ?දානවැයි කිව්වට මං හිතුවේ නෑනේ ඔච්චර ඉක්මනට කඩයක් දායි  කියල

කෑම කඩයක්ලු දාල තියෙන්නෙ...  ස්වර්ණ ඇන්ටි තමයි කිව්වේ. මධු අක්කත් පස්සේ අපිට කෝල් කරනවයි  කිව්වෙ.ඔහොම හරි නැගිටිනවානම් හොඳයි හැමදේම පිරිමියෙක් වගේ තනියම නෙ  කරන්නෙ ..

 හ්ම්ම් බලමුකෝ මම පස්සේ  ෆ්‍රී වෙලාවක අක්කට කතාකරන්නම්කො ... 

මේ මාසෙකට කලින් අම්මයි මායි අතර වෙච්ච කතාබහක්.මධු අක්ක කියන්නේ අපේ ගෙදරට ගෙවල් දෙකකට විතර එහායින් ඉන්න ස්වර්ණ ඇන්ටි ගෙ නංගි වයස අවුරුදු 38,39  විතර එත් වයස වැඩි උනාට මං කියන්නේ එයට මධු අක්ක කියල .ඒ පොඩි කාලේ ඉඳල අපේ ගෙවල් ළඟ අය්යල අක්කල එයට ආදරේට මධු අක්ක කියල කතාකළ නිසා වෙන්නැති.නම වගේම තමයි මධු  අක්ක පෙනුමින් තරුණයි සුදුම සුදුයි  ලස්සන රෝස පාට හමක්,පවුලෙන් එයාටම ආවේනික උන ලස්සන බළල් ඇස් දෙකක්  ඒ වගේම තමයි  හිනාවත්.. දැක්කොත් කෙනෙක් ආයේ  වතාවක් හැරිලා බලනවා.සුදු වගේම තමයි ගොඩක් උසයි ඒවගේම උසටම හරියන්න මහතක්. (....දැන් නම් ගොඩක් මහතයි . ;) ....)

මධු අක්ක පොඩි කාලේ ඉඳලම අපිත් එක්ක හරිම හිතවත්  .මට මතකයි මං පොඩි කාලේ මට ලස්සන හෙයර් බෑන්ඩ් (hair band ) එකක් ගෙනැල්ල දුන්න .(..ඒකනම් දැන් නැ අපේ අය්ය කඩලා :( ...  )   ඇත්තම කිව්වොත් මධු අක්ක මට පවුලේ කෙනෙක් වගේ.මට වගේම අය්යටත් එයා ගොඩක් ආදරෙයි .පොඩි කාලේ අපේ තාලේටම වැටිල අපිත් එක්ක සෙල්ලම් කරපු කෙනෙක් .ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගෙවුවේ.


         මට මතක හැටියට මධු අක්ක ඒ කාලේ වැඩකළේ පොලීසියේ ඒ මං පහ වසරේදී විතර හැබැයි .......එකපාරටම මධු අක්ක අතුරුදහන් උනා .......... සති දෙක තුනක් යනකං මධු අක්ක දැක්කේ නෑ . මං අම්මගෙන් ඇහුවම කිව්වෙ මධු අක්කට දුර පලාතකට  ට්‍රාන්සර් එකක් හම්බුනා කියල .ඒත්  ඉතින් එහෙම උනත් අය්යට  හරි මට හරි කියලනේ යන්නෙ ...මං  ස්වර්ණ ඇන්ටි ගෙන් ඇහුවමත් කිව්වෙ ඒ දේමයි හැබැයි ස්වර්ණ ඇන්ටි එච්චර කැමැත්තකින් නෙමේ අපිට උත්තර දුන්නෙත්.අපිට දැනුනෙ මොකක්දෝ ගුප්ත බවක් ......ඒ කාලේ ස්වර්ණ ඇන්ටි ,ඒ ගෙදර ආච්චි   එහෙම අපේ ගෙදර ආපු දවස් වල මධු අක්ක ගැන මොනවදෝ මුමුනනවානම් ඇහුන .බනින ,අඬන සද්දත් ඇහුන මොනවදෝ සිද්දවෙනවා වගේ දැනුනේ ඒ කාලේ ලොකු අයගේ කතාවලට ඇහුම් කන් දෙන්නත් තහනම් නෙ. ඒ නිසා ඇත්තටම උනේ මොකක්ද කියලවත් හිතාගන්න බැරිව තිබ්බේ ..හැබැයි පස්සෙ ...අපි ටිකක් ලොකු උන වයසෙදි  අම්ම මට හැමදේ ම කිව්වා .

මධු අක්ක ඇත්තටම ගෙදරින්  ගිහින් තියෙන්නෙ ට්‍රාන්සර් එකක් නිසා  නෙවේ . එය ගෙදරින් පැනල ගිහින් .එයාගේ ආදර   සම්බන්ධෙට ගෙදරින් අකමැති උන නිසා එයා ගෙදරින් ගිහින්.අම්මල නම් කියන විදිහට ඒ කෙනා අක්කට කොහොමත් ගැලපෙන්නේ නෑලු .රස්තියාදු කාරයෙක්ලු .
අපරාදෙ ඉටි රූපයක් වගේ ලස්සනට හිටිය කෙනෙක් එහෙමත් කාලකන්නියෙකුට රවටුනානේ .කරුමේ තමයි 
                                                                   අපේ අම්ම ඉස්සර කිව්වේ එහෙමයි ....අන්තිමට මධු අක්ක රැවටිලා .මේක ඇහුව දවසේ මට මහ දුකක් දැනුනේ.හිත හරියට දුක් උනා .ඒ මං මධු අක්කට ගොඩක් ආදරේ කල නීසා .එයා මෙහෙම දෙයක් කරගත්ත කිව්වම ගොඩක් දුක හිතුන .

පොඩි කාලේ මතකෙත් එක්ක  එහෙම්මම අපිට  මධු අක්කවත් අමතක වෙලා තිබ්බේ .පස්සේ කාලේදී අපේ තාත්තට මධු අක්කව අනුරාධපුර බස් හෝල්ට් එකේදී හම්බවෙලා තිබ්බ .එදා ඉඳල තියෙන්නේ පොඩි පුතෙක් එක්ක .එදා මධු අක්ක තාත්ත එක්ක ගොඩක් වෙලා කතාකලාලු .ජීවිතේ ගත්ත වැරදීම තීරණය හින්ද අද විඳවනවා කියල මධු අක්ක තාත්ත එක්ක අඬ අඬ පැය  ගානක් කතාකරල .  ආදරේ නාමෙන් ගෙදරින් පැනල ගියාට මධු අක්කට හිතපු සැප ,ආදරය ලැබිල නෑ.රණ්ඩු ගහ බැන ගැනීම් එක්ක ජීවත් වෙලා තියෙන්නේ . මධු අක්කගේ මහත්තය රස්සාවෙන් අයින් වෙලා .මධු අක්ක විතරයි වැඩ කරලා තියෙන්නේ .මධු අක්ක මහන්සිවෙලා හම්බ කරන දේ අර මනුස්සය බොන්නම නාස්ති කරලා .වැඩ ඇරලා මහන්සිවෙලා   ගෙදර එද්දී  රෑට උයන්න පරක්කු උනාම ගෙදර හට්ටි වලන් පොලේ ගගහ අර මනුස්සය මධු අක්කට ගහනවලු .මධු අක්ක ලස්සන නිසා හැමවෙලේම එයාව සැක කරල  ඒ නිසාම හැමදාම ආරවුල් ලු  කොච්චර වෙනස් කරන්න හැදුවත් ඒ මනුස්සයාගේ කාල කන්නි ගති අත් ඇරලා නෑ .

මේ දේවල් අපිට වගේම මධු අක්කගේ ගෙවල් වලටත් ආරංචි වෙලා තිබ්බේ .ස්වර්ණ ඇන්ටි නම් මධු අක්කත් එක්ක හරිම තරහින් හිටියේ .ඒ පවුලේ නම්බුව විනාස කලා කියල . එත්  අම්මකෙනෙක්ට එයාගේ දරුවා දුක් විඳිනවා අහන් ඉන්න බලන් ඉන්න බෑනේ.ඒ නිසාම කොහොම කොහොම හරි මධු  අක්කගේ  අම්ම කොච්චර තරහ තිබ්බත් එයා ගැන හොයල තිබ්බ වරක් දෙවරක් එයා එක්ක කතා කරලා තිබ්බ.

ඔය විදිහට අවුරුදු 6,7 ගියා .මධු අක්කගේ ජීවිතේට නම් ආලෝකයක් ලැබිල නෑ .එන්න එන්නම ජීවිතේ එපාවෙන  සිදුවීම් තමයි  වෙලා තියෙන්නේ .පවුල් ජීවිතේ තිත්ත වෙලා.දෙපාරක් තුන්පාරක්ම ගෙදරින් ගිහිං යාළුවන්ගෙ ගෙවල්වලත් ඉඳල .දවසක් රණ්ඩුවක් හොඳටම  උත්සන්න වෙලා අතට ආපු සවලකින් මහත්තයා එයාට ගහද්දි කොහොමහරි බේරිලා පැනල ඇවිත්.කෙලින්ම ආවේ මධු අක්කගේ අම්මලාගේ ගෙදර .ස්වර්ණ ඇන්ටි කොච්චර තරහින් හිටියත් එදා මධු අක්කට අනුකම්පා කළා.
ඒ වෙද්දි මධු අක්කට මුළු ජීවිතේම නැතිවෙලා තිබ්බේ . මධු අක්ක මහගෙදරට ආවට පස්සේ එයා හම්බකරලා  ගොඩනගපු හැමසේසතම විකුණලා මල්ලිවත් අරගෙන එයාගේ මහත්තය ත්‍රිකුණාමලේ ගිහින්.මල්ලිව ඉත්තෙක් කරලා තමයි අයෙත් මධු අක්කාගෙන් සල්ලි අරන් තිබ්බේ .කොහොම කොහොම හරි අන්තිමට උසාවි ගානේ බඩගාලා බඩගාලා  එයාට එයාගේ පුතා අයෙත්එයාගාවට ලැබුන .මල්ලිගේ නම කවීෂ. ජීවිතේ පොඩි කාලේ ළමයෙක් හීනෙන්වත් හිතන්නැති තාඩන පීඩන හැමදෙයක්ම වින්ද ළමයෙක්. ඉගෙනීමත උනන්දුවක් නැ ...පොඩි කාලේ ඉඳලම හැදිච්ච පරිසරය එක්ක කාලකන්නි ඔහේ යන ජීවිතයකට හුරුවෙලා .


ආයෙත් මධු අක්ක අපිට හම්බුනා  හැබැයි මධු අක්ක හුඟක් වෙනස් වෙලා ඉස්සරට වඩානම් මහත් වෙලා .කාලෙකට පස්සේ මාව දක්කගමන් කඳුළු පුරෝගෙන මාව බදන් ගොඩක් වෙලා ඇඩුව.ප්‍රශ්න ගොඩක් හිතේ තදකරගෙන්හිටියත් ඉස්සර වගේම  අයෙත් අපිත් එක්ක හිනාවෙලා ඉන්නයි උත්සාහකලේ .මධු අක්කට ජීවිතේ වැරදුන....වැරදුනාද වැරැද්ද ගත්තද ? .....මේ හැමදේම එක්ක මධු අක්ක ආයේ නැගිටිනවා . හැමදේම..  අවුරුදු ගානක් හම්බකළ හැමදේම විනාසවෙලා ජීවිතේම කාලකන්නි වෙලා. ඒත්  දැන් එයාට ඕන කාටවත් අත නොපා අයෙත් ජීවත් වෙන්න .එයට තියන එකම බලාපොරොත්තුව මල්ලි . මල්ලිගේ ජීවිතෙත් විනාසවෙලා.එත් මධු අක්කට ඕන  මල්ලිට දෙන්න පුළුවන් හැම සැපක් ම  දෙන්න .දැන් මල්ලිගේ අම්මත් තාත්තත් එයයි. 

ජීවිතේ නගපු හැම හීනයක්ම නපුරුහීනයක් උන මධු අක්කට ජීවිතේ ආයෙත් හීන ඇතිකරගන්න ,බලාපොරොත්තු ඇතිකරගන්න ඕන වෙලා එයාට දැන් හිතේ තියන එකම හීනෙ පොඩි ගෙයක් හදාගන්න.එතකොට කාටවත්  වදයක් නොවී එයාට මල්ලිත් එක්ක ජීවත් වෙත හැකි....පොඩි ස්කූටි බයික්  එකකකුත් පැදන්  පිරිමියෙක් වගේ  දැන් හැම වැඩක්ම කරනවා. කාලයක් සිකුරිටි රස්සාවක් කලා.දැන් තමන්ගේම කියල පොඩි කඩයක් දාගෙන.කොහොම හරි ජීවිතේ ගොඩ එන්න.කරපු වැරදි වලට පසුතවීම් වලට සමුදෙන්නයි එයාට  ඔනා
  
මට ජීවිතේ කවද සැපක් හම්බ වෙයිද  දන්නෑ නංගි  

කලාතුරකින් මෙහෙම කිව්වත් එයා එයාගේ දුක කාටවත්ම කියන්නෑ ඒ වෙනුවට හිතේ ඒ හැමදේම තෙරපගෙන   ජීවිතේ ආයේ මුල ඉඳල  හෙමීට හෙමීට ගොඩනගනවා .හිතන්න දික්කසාද  ගැහැනියක් කොහොමද මේ සමාජයේ තනියම ජීවත්වෙන්නෙ .තනියම දරුවෙක් හදාගෙන ඉන්න හිටින්න තමන්ටම කියල ගෙයක් දොරක් වත්කමක් නැතිව ඒ මදිවට සමාජයෙන් එන නොයෙක් කතා අවලාද එක්ක කොහොමද ආයෙත් ජීවිතේ ගැටගහන්නේ .මධු අක්ක ඒ හැමදේටම ලෑස්තියි හිතේ ලොකු දහිරියක් තියන ගැහැනියක් ..ජීවිතේ විඳවපු කටුක බවත් එක්ක ජීවිතය විඳින්න  මගක් හොයන ගැහැනියක් ..ඒ නිසා මට ඇයව  පේන්නෙ  යකඩ ගැහැනියක් විදිහට ......... ඔව් ඇය ඇත්තටම යකඩ ගැහැනියක් .
















8 comments:

  1. උදේ පාන්දරින්ම.. හැඟීම් බර කතාවක් කියෙව්වේ.. ලස්සනයි.. පැටලිලි සහගත තැන් නැතුවාම නොවේ...

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දරින්ම මෙහෙට ගොඩවැදුනට ස්තූතියි.:) කතා නායිකාව මට ගොඩක්ම සමීප කෙනෙක් නිසා එයා ගැන ලියද්දි ගොඩක් පරිස්සම් උනා .ඒ නිසාම කතාව පැටලිලි සහගත උනාද දන්නෑ.

      Delete
  2. ඇහැ අැරල බලන්න කොයි තරං මධුලා වටේ ඉන්නවද කියලා..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත දේශක ....මේ ඒ අය වගේම තවත් කෙනෙක් ...

      Delete
  3. කවත් එක මනුස්ස ජීවිතයක කතාවක්, මට නම් හිතෙන්නේ මනුස්ස ජීවිත වලට අර්ථ කතන දෙන්න ඒවා විග්‍රහ කරන්න, ඒවාට අනාවැකි කියන්න කාටවත්ම බෑ, පුළුවන් වෙන්නේ ඒ ජීවිතත් එක්ක වෙන එකට බැඳිලා පවතින සිද්දි දිහා ඔහේ බලන් ඉන්නත් හැකියාවක් ඇතොත් ඒ සිද්දි වල දිශානතිය කිසියම් අයුරකින් හෝ වෙනස් කරන්නත් විතරයි. මේ ජීවිත එහෙම පිටින්ම සිදියකින් සිදියකට මොහොතින් මොහොත පැන පැන යනවා වගේම ඒ එක සිද්දියක් අනෙත් සිද්දියට පටිච්ච් සමුප්පන්නයි කියලයි මට හිතෙන්නේ. මනුස්සයෝ වශයෙන් අපි හරිම බොළඳයි, එක එක ආස කරන දේවල් වලට ලොල් වෙනවා, අන්තිමේදී තමන්ට කෙලවෙනකන්ම දන් නෑ කෙලවෙලා නේද කියලා. අන්න එක නිසා ම ඔය වගේ මධු අක්කලා ඊයෙත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් බිහි වෙනවා, තමන් ඇත දැක්ක සිද්දීත් එක්ක වැටී වැටී නැගිටනවා, ඒ තමයි මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. නියම අර්ථකතනයක් ... සම්පූර්ණයෙන්ම එකඟයි.....ජීවත් වීම සහ ජීවිතය ගොඩනැගීමේ එක එක කෝණ ....ජීවිතය ගොඩනගන්නෙත් අපිමයි ජීවිතය විනාස කරගන්නෙත් අපිමයි ..අන්තිමට විඳින්නෙත් අපිමයි විඳවන්නේත් අපිම තමයි .....

      Delete
  4. මේ වගේ ය කොච්චර අපි අතර ඉන්නවද...

    අන්න කතාකරන්න වටිනා කියන කාන්තා චරිත...

    ReplyDelete
    Replies
    1. ඒ චරිතයෙන් ජීවිතේට ගන්න පාඩම් ගොඩක් තියනව කියලයි මට හිතුනෙ.

      Delete