Wednesday, August 20, 2014

ජයන්ත්

ලෙක්චර්ස් ලෙක්චර්ස්  ලෙක්චර්ස්  ...හැමදාම ලෙක්චර්ස් ...එක දිගටම ලෙක්චර්ස් අහද්දිත් එපා වෙනවා .නිදිමත ලෙක්චර් කෙනෙක් ආවොත් සොරි තමයි .ඒ වෙලාවට ඇස් දෙකට නොකරන දෙයක් නෑ .සමහර වෙලාවට ඇස් දෙක අරගෙනම නින්ද යනවා .සමහර වෙලාවට සීගිරි කුරුටු ගී වගේ notes පොතේ ලියවෙනවා .නිදිමත දරාගන්නම බැරිවුනොත් කොහේ හරී බෑග් එකක් අස්සේ තියන ටොෆි එකක් අරන් කනව එකත් නිදහසේ කන්න බෑනේ.  :(
ටොෆි කොලය දිග අරින සද්දෙට ඉස්සරහ පේළියෙයි පස්සෙ පේළියෙයි මගේ පේළියෙයි ඇස් ඔක්කොම මං දිහා බලන්නේ මං ගාව දිව්‍යමය වස්තුවක් තියනවා වගේ .ඕක ඉතින් වෙරළු ගෙඩිය හතකට කැපුව වගේ කෑලි කෑලි වලට හපල පේලිය වටේම යද්දි කෑවේ නෑ  වගේ තමා . ඔය අතරෙ නිදිමත නැතිවෙන්න කොටු පුරවනව, sos සෙල්ලම කරනවා ,චිත්‍ර අඳිනවා නැත්නම් පොඩ්ඩක් වටිපිට බලනවා යාළුවො දිහා ..බැලුවම බාගෙට බාගයක්ම කිරනව   ඒවා බලල හිනා යද්දි නිදිමත ඉබේම නැතිවෙලා : D  මෙහෙම ලෙක්චර් වල නිදි කිරන යාලුවෝ අතරේ හැමදාම නෝට්  කරපු එක කොල්ලෙක් ඉන්නව .අපි බයටම ඇහැරිලා  ඉන්න ලෙක්චර්ස් වල  උනත් මෙයා  නිදි. මෙය නිදා ගන්නෙත් අයෙ හාන්සි පුටුවක නිදා ගත්ත වගේ තමයි .ඒ......... ජයන්ත් ..........


 
   නම කිව්වම තේරෙනවනෙ ජයන්ත් සිංහල යාලුවෙක් නෙවෙයි .අපේ batch  එකේ ඉන්න දෙමළ  යාලුවෙක් . පන්තියේ ඉන්න දෙමළ යාලුවන්ගෙන් මම ආස ළමයෙක් තමයි ජයන්ත් .ගම ට්‍රින්කෝ ,කැම්පස් එක හරියේ  නැවතිලා ඉන්නෙ .හැමදාම ලෙක්චර් එකට ඔන්න මෙන්න තියාගෙන හිනා වෙවී  පන්තියට එන කෙනෙක් . ජයන්ත් ගේ හිනාව ගැනත් කියන්න ඕන .නව ගිලුනත් ලෝකෙ පෙරලුනත් ජයන්ත ගේ හිනාව නම් නැතිවෙන්නේ නෑ .
                                                           ජයන්ත් ට ඉංග්‍රීසී එච්චරම බෑ  සිංහල ඒ තරම් වත් බෑ .ඒ නිසාම ජයන්ත්ට subjects සමහර ඒවා තේරුම් ගන්න අමරුලු .එක වෙන්නැති ජයන්ත් ට පන්තියේම ලකුණු අඩු .ඇත්තටම වෙලාවකට හිතෙනවා කොහොමද ජයන්ත් අපි කරන degree එකට තේරුනේ කියල ..මේ මොනවා උනත් ලකුණු අඩු උනත් ,repeat උනත් ජයන්ත් නෙමෙයි නින්ද නවත්වන්නෙ .ලෙක්චර්ස් වල නිදි කොච්චර වත් ..අනේ මන්ද ?

මම වැඩියෙන්ම ආස ජයන්ත් ගේ හිනාවට ,මට හිතෙන්නේ ජයන්ත් අහිංසකයි කියල ,රණ්ඩු  වලට යන්නේ නෑ ,තරහ යන්නෙ නෑ  හය්යෙන් කතා කරනවා වත් ඇහිලා නෑ .හැබැයි කොහේ දැක්කත් ජයන්ත් ගේ මූනේ හිනාව පිරිලා .ආයෙ  ලෙක්චර්ස්  ල ප්‍රශ්නයක් ඇහුවත් ඒ හිනාව මැකිලා යන්නේ නෑ .ඒ ජයන්ත් ගේ අනන්‍යතාවය  ;)
                      ඇත්තටම ජයන්ත් පව් කියල හිතෙනවා ..එයාට්  ගොඩක්  subjects  අමාරුයි .ඒ වගේම භාෂා ප්‍රශ්න.. අපිට කියල දෙන්නත් අපි දෙමළ එච්චර දන්නේ නෑනෙ .එයාගේ දෙමළ අනෙක් යාළුවො ජයන්ත් ට කොහොම උදව් කරනවද දන්නෙ නෑ .අපිට පුළුවන් විදිහට notes දෙනව .ඒත්  මගේ වචනවලින් නම් ජයන්ත්  නිදිකුම්බරයෙක් :D  උනන්දුව නෑ කියන්නත් බෑ ..ඒත් මන්සිවෙලා පාඩම් කරන්න ජයන්ත්  ට උවමනා නෑ ...... විභාග ලියද්දි ජයන්ත්  හැමදාම ඉන්නේ එක්කො මට ඉස්සරහ නැත්නම් මට පිටිපස්සෙන් .paper එකට කලින් හැමදාම "Hi Hansi good  luck " කියල සුපුරුදු හිනාවම දානවා එත් කියන්න දුකයි .මට wish කරන ජයන්ත්ගේ paper  එක අන්තිමට දෙද්දි බාගෙට බාගයක්ම හිස් ...

ජයන්ත්  ගැන ලියද්දි එක එක ඒවා මතක් වෙනවා .ජයන්ත් ට කම්මැළි වෙලාවට ඇවිල්ල "hi hansi " ,"hi nadee  how  are  you " කියල මොන හරි කියනව එක්කො අහනවා  .සිංහල අවුරුද්දට මුල්ම සුබපතුමත් ජයන්ත් ගෙන් .පන්තියේ හැමෝටම එහෙමයි . මේක ලියද්දිනේ මතක් උනේ එක දවසක් මටයි මගේ යාලුවාටයි ජයන්ත් ව town එකේදී හම්බුනා .බැලින්නම් ජයන්ත් සෙරෙප්පු දෙකක් ගන්න ගිහිං .අපිත් එක්ක කතාකරල ජයන්ත් ගියාම අපිට හරි ප්‍රශ්නයක් උනේ ජයන්ත් කොහොමද සිංහල කඩේකින් සෙරෙප්පු තේරුවේ කියල ..පස්සේ පහුවෙනිදම මම ජයන්ත ගෙන් ඇහුව....  බැලින්නම් ජයන්ත් කරලා තියෙන්නේ එයාගේ size එකට හරියන බිල ගහලම තියන සෙරෙප්පු දෙකක් ගත්ත එකලු ආයෙ  කතාකරන්නත් ඕනේ නැනේ .අය්යෝ එක ඔලුවට අවේ නෑනේ අපිට  :D  ..
                          මෙහෙම හිටියට ජයන්ත් ෆොටෝ ගන්නත් ආසයි .කොහේ හරි ට්‍රිප් එකක් ගියාම ජයන්ත් ට කියල තමයි අපි ෆොටෝ ගන්නෙ .ෆොටෝ වලට එක එක කෝණ වලින් නළුවා වගේ පෙනී ඉන්නත් ජයන්ත්  ආසයි :D  එක දවසක් මටයි  මගේ යාලුවාටයි පින්තුරයක් ගන්න ඕන වෙලා .මම මුලින්ම කලේ ළඟ හිටිය ජයන්ත් ව ඇදගෙන ගිහින් මම කියන විදිහට ඉන්න කියල ෆොටෝ එකක් අරන්  යාලුවට පෙන්නලා ඒ විදිහට ගන්න කිව්ව එක :P :D :D  ජයන්ත්තුත් හිනා වෙවී  අපේ පිස්සු වැඩ වලට උදව් වෙනව .සිංහල දෙමල කියල නෑ අපි එකමුතුයි .භාෂාව ප්‍රශ්නෙකුත් නෙමෙයි මොකද අපේ
භාෂාවේ වැඩිහරියක්ම තියෙන්නෙ සිනහව .ඇත්තටම ජයන්ත් ගැන ලියන්න හිතුනෙ මම දකින අහිංසක කියන මිනිස්සු අතරේ ඉන්න සුවිශේෂී චරිතයක් නිසා ..අපි සතුටින් ජයන්ත් විතරක් නෙමෙයි ,රාජ් ,සුභා ,කෝබි ,මංජු  මේ හැම දෙමල යාලුවෙක්ම අපිත් එක්ක එකමුතුයි ජාතිබේද ආගම්බේද අපිට නෑ රටේ මිනිස්සු මුස්ලිම් අයට විරුද්ධ  උනොත්  ආගම් වාදයට එරෙහිව කෝල හාල කරන අයත් එක්ක අපි විරුද්ධයි  දෙමළ සිංහල  ප්‍රශ්න  කතාකරල නැති ප්‍රශ්න ඇති කරන්න අවොත් එක batch එකක් විදිහට අපි හැමෝම එකමුතු යි  ..අපේ රටේ මිනිස්සු ආගම් වාදයට රණ්ඩු  කරාවි ජාති වාදයට රණ්ඩු  කරාවි  එත් මේ හැමෝම මිනිස්සු කියන සංකල්පයෙන් අපි එකටයි :) එහෙම නැති උනොත්  ජයන්ත් ගේ හිනාව  ඔයාටත් මටවත් දකින්න වෙන්නෙ නෑනෙ  ඉන්න ටිකේ මිනිස්සු මිනිස්සු මරාගන්නේ මොකටද  හිනාවෙන් සතුටින් ජීවිතේ ජීවත්වෙනවා මිසක .

....................හිතන්න...............







14 comments:

  1. හ්ම්ම්, විභාග බීතිකාවෙන් ගැලවිලා අයෙත් ලිවිල්ල පටන් අරන් වගේ, හොඳ හොඳා, කොහොමද වොභාග කටයුතු? සාර්ථකව නිමා කර ගත්තද? මගෙත් විභාග වැඩ නිසා බ්ලොගේට මොකුත්ම කුරුටු ගෑවේ නෑ, දැන් නම් ෆයිනල් එක්සෑම් එකත් ලියලා කෝස් එකත් ඉවර නිසා අයෙත් හිමීට ලිවිල්ල පටන් ගන්න ඕන, අවුරුදු හතරක් දීර්ග වෙහෙසකින් පස්සේ දැන් ඉතින් ගජරාමෙට ජොබ් හන්ටින්, :D, ඔයාගේ ජයන්ත වගේ මටත් ඉන්නවා යාලුවෙක් නන්දන්(හැබැයි හරි නම නාතන්) පොරත් ඔය ගති ලක්ෂණම තමා, හිනාවෙන්ම තමා දවසම, සිංහල දැන් පුළුවන් අපිත් එක්කම වසල, හැබැයි එකම නරක පුරුද්ද දුම දාන එක තමා, අපූරු චරිත අපිට හම්බ වෙනවා, දන්නවද අපේ ෆස්ට් ඉයර් එකේ ටැග සීසන් එකෙන් පස්සේ සින්නො ඇවිත් කට්ටියම ඉන්න තැන මෙයාගෙන් ඇහුවා රග එකෙන් මොනවාද ඉගෙන ගත්තේ කියලා, පොර කිව්වා "ඩිෆ් ගහන්න ඉගෙන ගත්තා කියලා හිනා වේවි" අන්තිම දවසේ බැච් 4තො එක ගන්න දවසේ පොරත් එක්ක ඉඳන් ගත්ත 4තො ටික නම් මරු. (හෙක් හෙක් ලෙක්චර් නිදිමත නම් අපි ඉන්විසිබල් වෙනවා, එත් ඇටෙන්ඩන්ස් වලට සයින් එක වදිනවා, තේරෙනවනේ කිව්වා එක, හැබැයි අන්තිමට ලෙක්චර් හිටපු කෙල්ලෙක්ගෙන් නොට් එක ෆොටෝ කොපි කරන් අන්තිමට එක බලලා එවුන්ටත් කුප්පියක් දාලා එක්සෑම් එකත් හොඳට කරගන්නවා. එකම අවවාදය ලෙක්චර් වල නිදාගන්න නැතිව වැඩ කරනවා හලෝ :D )

    ReplyDelete
    Replies
    1. විභාග ..අපෝ මාසයක්ම විභාග භීතිකාව තිබ්බ .මේපාර පොඩ්ඩක් උනන්දු උන නිසා ප්‍රතිපල සතුටුදායකයි .අය්යටත් ඉන්නෙ මේ ජයන්ත් වගේම යාලුවෙක් :) හැබැයි ජයන්ත් මෙච්චරම නරක නෑ :D ලෙක්චර්ස් ගැන නම් කියල වැඩක් නෑ .සමහර ඒවා ගොඩාක් හොඳයි ඒත් නිදිමත ලෙක්චර් කෙනෙක් ගේපැය 2ක ලෙක්චර් එක දැනෙන්නේ අවුරුදු 2ක් වගේ ඒවගේ ලෙක්චර්ස් වල ඉන්න එක තරම් ඛේදාන්තයක් කැම්පස් එකේම නෑ .අවවාදය පිළිගන්නම් හැබැයි නින්ද අනිච්චනුග ක්‍රියාවක්ලු (o/l විද්‍යා පොතේ තිබ්බ වගේ මතකයි ;) ) ඒ නිසා නින්ද යද්දි බොහොම අමාරුවෙන් ඇහැරන් ඉන්නව :D . ඔයාගෙත් exam ඉවරලු නෙ........ ලියමු ආයෙත් ... :)

      Delete
  2. ආයි ඇවිත් ලියමු ලියමු...

    ReplyDelete
    Replies
    1. හි ..හී .. exam ඉවරයි ඒ නිසා අයෙත්ටික ටික වෙලාව අරන් ලියන්න පුළුවනි . ලියමු ලියමු :D

      Delete
  3. අපිත් වැඩිය කැමති දේශන වෙලාවට නිදියන්න තමයි..

    ReplyDelete
    Replies
    1. බලගෙන ගියාම හැමෝම ලෙක්චර්ස් වල නිදගෙනනේ :P ..මං හිතන්නේ ඉස්සර ලෙක්චරස් ලත් එයාල ශිෂ්‍යයෝ වෙලා ඉන්නකොට නිදා ගන්නැති එකනේ දැන් අපි නිදි කිරද්දී බනින් නැත්තෙ :D

      Delete
  4. ලෝකෙ තියෙන සැපම නින්ද තමා ක්ලාස් එහෙක නිදියගන්න එක.. :D මතක් වෙද්දිත් මාර චූන් ඈ.. බොරු කියන්න ඕන්නෑ මං නං එක්සෑම් වලදිත් නිදාගෙන තියේ..
    යහළු මිත්‍රකම් වලට භාෂාව ප්‍රශ්නයක් නෙවේ..
    ලස්සනට ලියල තියේ..

    ReplyDelete
  5. ලෝකේ තියන දුකම නින්දත් ඒකනෙ ..සර් ලට මිස් ලට තියන බයට හරියට නිදා ගන්නත් බෑනෙ :D ...exam වලදීත් නිදි ? :O .. මට නම් exam වලදි බයටම නින්ද යන්නේ නෑ ...සංචාරකයා මෙහෙ සංචාරය කලාට ස්තුතියි :)

    ReplyDelete
  6. කතාව කියෙව්වම ජයන්ත ගැන පව් කියලා හිතුණා..නරකද ඔයාලා පුළුපුළුවන් හැටියෙන් එයාවත් කුප්පියකට සෙට් කරගත්තොත්..සමහරවිට එතකොට එයාගේ භාෂා ප්‍රශ්නෙ විසඳේවී..අපෙත් එහෙම යාළුවෙක් හිටියා..කොළඹ එද්දි යන්තම් වචන 3-4යි කතා කළේ..ඊටපස්සේ එයා නැවතිලා ඉඳලා තියෙන්නේ සිංහල ගෙදරක..ඒ ගෙදර මිනිස්සු කතා කරන හැටියි ටීවී එකයි බලලම දැන් අපි වගේම සිංහල කතා කරනවා...කතුර වගේ...:D

    ReplyDelete
  7. උදව් කරන්න නම් ඉහලින්ම කැමතියි ..ඒත් මට වගේම ජයන්ත් ටත් උනන්දුවක් තියෙන්න එපැයි .කොච්චර කිව්වත් ලෙක්චර්ස් වල නිදිනෙ .ලොකුවට කියල දෙන්න උගන්නන්න මට බැරිඋනත් පුළුවන් හැම වෙලේම දන්නා විදිහට උදව් කරන්නයි බලන්නෙ.

    ReplyDelete
    Replies
    1. උත්සාහය අගය කරනවා නංගි, එත් බීරේ අලින්ටත් වීන ගහන සීමාවක් තියෙනවානේද :D

      Delete
    2. ඒකනම් සහතික ඇත්ත අය්යේ ..ඒත් මොනා උනත් ජයන්ත් පව් .....

      Delete