Thursday, May 22, 2014

මෙවන් අය්යල වාසනාවන් .... :P

Interval  ඉවරයි අපි ඔක්කොම  වාඩිවෙලා හිටියේ lecture  hall  එකේ ඊළඟට තියන වැඩසටහනට .කට්ටිය හැමෝම හිටියේ හිතට අරගෙන .අපි දැන් කුළුඳුල් ජේෂ්ඨයෝ නෙ juniors ල ගෙන් මාරම සැලකිලි  කොහේ හිටියත් කටපුරා හිනාවෙනව  ;)  
      හරි දැන් වැඩසටහන පටාන් ගන්න යන්නේ  වැඩසටහන ..හ්ම්ම් ...පොඩි 'පුනුරුත්ථාපන' වැඩසටහනක් .(මේකෙ වෙන්නෙ juniors ල එක එක්කෙනා ඉස්සරහට ගිහින් එයාල ගැන විස්තර කියල අන්තිමට අපි කියන දේ කරන්න ඕන එක්කෝ සිංදු  කියන්න , කවි කියන්න, රඟ  පාන්න නටන්න  මේ මොකවත්ම බැරි නම් සිංදු  කවි කරලා හරි කියන්න ඕන නැත්නම් වන්නමක් හදල හරි නටන්න ඕන .අන්තිමට හැමෝම එයාලගේ talents  පෙන්නනවා වගේම එක අතකින්  ඇතිවෙනකන්  හිනායන  වැඩක්   ... )
       ..මම හිටියේ මගේ යාලුවෝ එක්ක පිටිපස්සේ පේළියේ .ඉස්සරහ පේලියේ හිටියේ පොඩි එවුන් .මං ඉතින් පිටිපස්සේ පේලියේ ඉඳල බෙල්ල දික් කරලා බැලුව කවුද ඉස්සරහ පේළිවල ඉන්නේ කියල ..අහ්හ් !!! මෙන්න වැඩක්  ..අහෝ දෙය්යනේ මේ හීනයක්ද ..මට අදහගන්නත් බෑ ..ඒ දැක්ක දර්ශනෙන් heart attack  හැදෙන්නතිව බේරුනේ බොහොම අමාරුවෙන් ..මට අඩෙන්න වගේ ... මේ ඉස්සරහ ඉන්නේ අපේ seniors ලනෙ ..ඈ ..එතකොට අපි මේ පුනුරුත්ථාපනය කරන්න යන්නේ මේ අයටද ?... අලේ මාරු වැඩේ  කරමු කරමු ඉන්නවකෝ.. :D :D 
        ...මට  චිත්ත ප්‍රීතිය  ඉහවහා ගොසින්ය .හිසේ මල් පොකුරු පිටින් පිපී ඇත .දැන් ඉතින් තිත්තයා  ටත් වාරයක් ඇවිල්ල .අපිව බයිට් කරපුව ..ඇති වෙනකම්  මඩවපු ව ඔක්කොම එකක් නෑර මෙයාලට කරන්න පුළුවන් (මෙය නම් අරුමයක් මැයි  :D ...) 
                    මෙන්න මුලින්ම ඉස්සරහට යන්නේ  **** අය්ය (නම ප්‍රසිද්ධියේ  කියන්න බෑ..මම මෙයාට චුට්ටක් විතර බයයි .. ) අම්මෝ හරිම අහිංසක පාටට බැගෑපත්ව යනවා මූණ රතු වෙලා ..හොඳටම බයවෙච්ච මූණක්  අනේ හරිම පව් වගේ ...හ්ම්ම්..මොන පවුද මෙය අපිට කරපුව මතක් වෙද්දී   එන  තරහ එර්ර්ර්.. .. 

     ඔන්න **** අය්ය  දැන් ඉස්සරහටම ගියා .දැන් ඉතින් මෙයට මොනාද කරන්න දෙන්නෙ... ලේසි දෙයක් නම් දෙන්න බෑ . හොඳට බයිට් වෙන දෙයක් කරන්න දෙන්න ඕන .අපේ කොල්ලෝ පැත්තක ඉඳල කතාවෙනව මොනාද කරන්න දෙන්නෙ කියල මේ එක්කම අපේ කොල්ලෙක් කිව්වා  එයාට තොවිලයක  ආතුරය වගේ ඉස්සරහ  ඇවිත් නටන්න කියල.තව එකේ කිව්වා නෑ නෑ අපේ මහා රජා  වගේ ඉස්සරහට වැඳගෙන ඇවිත් මොනාහරි බොරු වගයක් කියල රඟපාලා යන්න කියල . ...අය්යෝ මේවා මෙයාට පොඩි වැඩි  අහ්හ් ! මට මතක් උනා  හොඳ එකක්  හි හී ..ඉන්නවකො මම කරන්න හොඳ වැඩක් ..

    ... හෝව් හෝව් ..ඕක simple වැඩි හලෝ  ඕව හරියන්නෑ ඉන්න මං කියන්න එකක් ..මං පිටිපස්සේ පේලියේම ඉඳන් කෑ ගැහුව . අපොයි ..මෙන්න ඔක්කොම මං දිහා බැලුව ..මට හිතුන  අය්යා දැන් ඊළඟට   මාව ගිලගන්න රාක්ෂයෙක් වගේ කඩා පනීද  දන්නැ කියල   ..මං මොකට බයවෙනවද  අද අපිනේ ලොක්කෝ ..හි හී ..මොන හරි කලොත් තව එකක් දෙනවා කරන්න ..මං  එහෙම හිතහිත හිටිය විතරයි  

            ..එකපාරටම .."දඩාන් " 

...මොකක් හරි දෙයක් මගේ ඔලුවට වැදුන ..ඒ ..අය්යා  දුව ගෙන ඇවිල්ල මට ගැහුවා වත්ද ................නෑනේ.. එයා   අර ඉන්නෙ ඉස්සරහට වෙලා වෙවුල වෙවුල ..එතකොට කවුද මට ගැහුවෙ..එයාගේ යාලුවෙක්ද ??? ...................ඉතින් මම පිටිපස්සේ පේලියෙනේ වෙන කවුරුත් ඉන්න විදිහක් නෑනේ ...
එකපාරටම අයෙත්  "දඩාන් "  ..ඒ පාර මගේ මූනට 
     

    "නැගිටිනවා හලෝ.. කම්මැලිය ... බලනවා වෙලාව 9 ත් පහුවෙලා .චී චී කැතයි කැතයි කෙල්ලෝ ඔහොම නිදාගන්නේ නෑ ..කම්මැලිය ...නැගිටිනවා .නැගිටිනවා  "

       ආයෙත් කොට්ට ප්‍රහාරයක් ..

                          


මේ මගේ අතිජාත  ඇති ප්‍රේමණීය සදා ආදරණිය  සහෝදර රත්නය .. මට ඉතිං ..කියන්න වචන නෑ ...අපරාදේ මගේ සුන්දර හීනය ..කෑව කෑව ... :(  මං ළඟ තිබ්බ කෝට්ටෙන් මූණ වහගෙන අනෙක් පැත්ත හැරුන බේරෙන්න.... ..හරියන්නෑ ඒ කොට්ටේත් ඇදල  අරන්  හිනවෙවී ආයේ මටම ගහනව ..

   "අනේ ඉන්න දෙනවකො හලෝ ..මට නිදාගන්නවත් නෑ  අපරාදේ කොච්චර ලස්සන හීනයක්ද  මං බැලුවෙ ...හොඳම හරියෙදි තමුසේ ඇවිත් මට කෝට්ටෙන්  ගැහුවෙ  ....... :( :'( 
         අය්ය හොඳටම හිනාවෙනව... මට තවත් තරහයි .. මං  ආයේ අනෙක් පැත්තට හැරුන .ආයෙත් කොට්ට ප්‍රහාරයක් ...
        .
    තව එකක් 
       .
 ඊළඟට තවත් එකක් 


     



"නැගිටිනවා නැගිටිනවා ...."

"  ...අනේ ..අම් ....මේ ....... මේ බලන්නකෝ .... :(((  "


පසුව ලියමි  : ආයේ  කියල වැඩක් නෑ අපේ අය්යගේ සහෝදර ප්‍රේමය වර්ණනා   කරන්න මේවගේ සිද්දි ඕන තරම් තියනවා මේ එකක් විතරයි ..මට තාම දුක අපරාදේ අර හීනේ ..හැබෑවක් උනානම්..... අඩුගානේ ඉතිරිකොටස හරි බලන්න තිබ්බනම්  :( 

8 comments:

  1. අයියෝ මට නං පුල් මංඤඤං මේක කියවලා..

    ReplyDelete
    Replies
    1. අය්යෝ මේ කතාව එච්චරම මංඤඤං ද :D

      Delete
  2. kawda me **** ayya?????? Akuru hatharaka namak mathak wenne nane... :(

    ReplyDelete
  3. හි හී ..නමේ අකුරු ගානට නෙමේ *** දැම්මේ එහෙම දානවා නම් අකුරු ගාන 4ට අඩු යි

    ReplyDelete
  4. හෙක් හෙක් සින්නොන්ව රග කොරන්න හිතුව මදි නඟා, හීනෙන් හරි සින්න්නොන්ට කෙලින්නම නේද හිතෙන්නේ, ඕන එහෙනං බලා ගන්නකො අපි සින්නොන්ට කොරපු හරිය, මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින් සහෝදර ප්රෙමේද අනේ අම්මෝ අයි කියල වැඩක් නෑ ඒ ගැන. :D

    ReplyDelete
    Replies
    1. හීනෙන් හරි එයාලට දැනෙන්න දෙන්න පුලුවන්නම් එයාල රැග් දෙද්දී අපිට දැනුන හැඟීම ...මේවා ඉහතින් හීනම තමයි අය්යෙ :D ඔයාලට තරම් නම් අපිට රැග් තිබ්බේ නෑ හැබැයි ඒ කාලෙ මානසිකව ලොකු පීඩනයක හිටියෙ ..දැන් නම් ඒවා අහවරයි හිතේ නිදහසෙන් කැම්පස් යනව ...
      සහෝදර ප්‍රේමය ...හි හී ඒ ගැන නම් ලියන්න ඕන තරම් දේවල් තියනව ...පසුවට ලියන්නම් :)

      Delete
  5. //නම ප්‍රසිද්ධියේ කියන්න බෑ..මම මෙයාට චුට්ටක් විතර බයයි .. //

    අපිට නම් පේන්නෙ ගොඩක් බයයි වගේ. :)

    ReplyDelete
  6. ඔයා දැක්ක නම් මටත් වඩා බයවෙනවා ෂුවර් :D

    ReplyDelete