මේ දවස් වල හරියට නින්ද යන්නෙත් නෑනෙ. රෑ 11 විතර නිදාගන්න ගිහින් ඔහේ කල්පනා කර කර ඉන්න ගමන් මං හිතුව ඊළඟට ලියන්නෙ මොකක්ද කියල. තියන කම්මැලි කමට බාගෙට ඉවර කරපු කතා දෙකක් සම්පූර්ණ කරලා දානවද කියල හිතල අන්තිමට හිතුව නෑ මම වෙනස් දෙයක් ලියන්න ඕනෙ කියල. එහෙම හිතල තමා මේක ලියන්න ගත්තෙ.
අද ලියන්න යන්නෙ මයින්ඩ් මැප් ' Mind Map' ගැන. එච්චරද ? ... නෑ ... ඊට කලින් තව දේවල් ගොඩක් ලියන්න තියනව.
චූටි කාලෙ මට ලොකු උවමනාවක් තිබ්බ පාඩම් කරලා විභාග පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න. අර නිල්පාට ටයි එක තියන ප්‍රසිද්ධ බාලිකා පාසල තමා මගේ හීනෙ තිබ්බෙ :) :) ඒකට එක එක හේතූ ගොඩක්ම බලපෑව. ඒ කාලෙ ඒ කියන්නෙ 8,9,10 වගේ වසර වල ඉඳලම 'මනස' ගැන තියන පොත් කියෙව්ව. පහල තියෙන්නෙ තාමත් මං ගාව තියන ඒ වගේ පොතක්.
ඇත්තටම මේවා කියවල මට ඕන උනා පාඩම් කරන එක ලේසි කරගන්න. මතක තියාගන්න එක වැඩි කරගන්න. සමහර පොත් වල තිබ්බ ක්‍රම අත්හදා බැලුවත් එක්ක.
චූටි කාලේ ඉඳන් ආපස්සට මතක් කරගෙන කරගෙන අවොත් විභාගෙට ලියන්න පාඩම් මතක තියාගත්තෙ හය්යෙන් කෑ ගහල පාඩම් පොත කියවල. ඒ කාලේ හොඳ උනන්දු ළමය නිසා මම අන්තිම මොහොත නෙවේ පාඩම් කලේ, ටිකක් කලින් ඉඳලම පාඩම් කලා. පාඩම් හය්යෙන් කෑ ගහල දෙපාර තුන්පාර කියවන්න ගත්ත. එක පාඩමක් කියවල අනෙක් පාඩමට යන්නෙ කලින් පාඩම හිතින් මතක් කරලා ඔලුවේ තියනව කියල තහවුරු උනාම.
එහෙම පාඩම් කරපු එකේ වාසිය උනේ සමහර වාක්‍ය ඇත්තටම එහෙම් පිටින්ම ඒ විදියටම කට පාඩම් උනා. විභාගෙදි ඒ නිසා අමාරු උනේ නෑ .ඔහොම කටපාඩමින් පාඩම් කරන ගමන් ම මම තව වැඩ කලා. Short note හැදුව.ඇත්තටම ඒ කාලෙ මගේ Short note කියල කිව්වෙ මුළු පාඩමේම වැදගත් වාක්‍ය ඒ විදියටම කුරුමිණි අකුරින් A4 Sheet එකක ලියපු එක.ඊට අමතරව සමහර වැදගත් අමතක වෙන මාතෘකා කොලවල ලියල බිත්තියේ පේන තැන්වල එල්ලුව. ඔහොම පාඩම් කරන ගමන් මට ඕනෙ උනා තව ලේසි ක්‍රම හොයාගන්න.
සාමාන්‍ය පෙළ ලං වෙද්දි මම ඉස්සර වගේම කට පාඩම් කරන ක්‍රමය කලත්.මම අලුත් දේවල් ටිකක් අත්හදා බැලුව. එකක් තමයි ගුරුවරය හිතන විදිය කොහොමද කියල හිතන්න ගත්ත. ඒ කීවෙ මෙහෙමයි, හිතන්නකෝ පාඩම 'ප්‍රභාසංස්ලේෂණය' කියල එහෙමනම් මම ගුරුවරයනම් ළමයින්ට මේකෙන් ප්‍රශ්න දෙද්දී කොහොමද? ලේසි ප්‍රශ්නත් දෙනවා අමාරු ප්‍රශ්නත් දෙනවා. කොහොමද මම ළමයින්ට මේකෙන් අමාරු ප්‍රශ්නයක් දෙන්නෙ? ගුරුවරු හිතන්නේ ඔහොම වෙන්නැතිනෙ. එහෙම හිතල මම පාඩමට දෙන්න පුළුවන් ප්‍රශ්න ගැන හිතල පාඩම් කළා. ගුරුවරුන්ගෙ හැසිරීම, ප්‍රශ්න පත්‍ර රටාව තේරුම් ගත්තම ඇත්තටම ලියන්න ලේසී.ඇත්තටම ඒ ක්‍රමෙන් වාසිය උනේ මට හොඳට මතකයි සාමාන්‍ය පෙළ විභාගය සිංහල ප්‍රශ්න පත්‍රයට කලින් මම යාලුවෝ ලඟට ගිහින් කිව්ව මේ කවි මෙහෙම ලියන්න ඒවි කියල. කිව්ව වගේම විභාගෙ ඒ ප්‍රශ්න තිබ්බ :D ඔහොම සාමාන්‍යපෙළ ගොඩ දාගෙන උසස් පෙළ ට යද්දි පාඩම් කරන විදිය ආයෙ වෙනස් උනා.
කියන්න අමතක උනානෙ පාඩම් කරලා විභාග පාස් වෙලා අර මම ආස නිල් පාට ටයි දාන කොළඹ ඉස්කෝලෙට තේරුණා <3 :)
උසස් පෙළ කරද්දි ලේසි නෑ පාඩම් ගොඩයි.විස්තර ගොඩයි. ජීව විද්‍යාව එහෙම පාඩම් කරද්දි අනාථයි. ඒ කාලේ පාඩම් කලේ වෙනස්ම විදියට. ජීව විද්‍යාව නම් ගොඩක්ම කලේ රූප සටහන් ඇන්ද , ඒවා පාට කරලා බිත්තියෙ එල්ලුව. ජිව විවිධත්වය පාඩමේ රාජධානි ඔක්කොගේම නම් කරපු සත්තු අතින් ඇඳලා පාට කරලා බිත්තියේ එල්ලුව. විභාගෙ වෙලාවට ඒ සත්තුන්ව මතක් වෙන්නේ අර අපි පාට කරපු පාටත් එක්කමයි. :D ආයේ අමතක වෙනවා බොරු.තව එකක් කියන්න අමතක උනා ඒ තමයි සමහර පාඩම් තියනව කතන්දර වගේ ඒවා ඇත්තටම පාඩම් කරන්න නෙවේ ඕනේ කතාන්දරය හිතේ මවාගන්න ඕනේ පිළිවෙලට. ඔය රජවරු ගැන තියන ඉතිහාස කතා බුද්ධ ධර්මයේ කතා වගේම ජීව විද්‍යාවේ පාඩමුත් එහෙම පිළිවෙලට පාඩම් කලාම ලේසි.උදාහරණයක් විදියට අහාර මාර්ග පද්ධතිය නම් පාඩම, මුඛයෙන් පටන් අරන් පිළිවෙලට හැම අවයවයක් ගැනම පාඩම් කල හැකියි. ඒ වගේම ඒ කාලේ වැඩියෙන් රූප සටහන් ඇඳලා පාඩම් කළා. මට මතකයි white board එකේ ලියල මදි උනාම හුණු කැටයක් අරන් මැදපු සිමෙන්ති පොලවෙත් බිම දිගාවෙලා රූප සටහන් ඇන්ද.:D Chemistry වගේ නම් රසායන ප්‍රතික්‍රියා පාට පාටින්ම short note වල ලිව්ව.
Short note කිව්වම මතක් උනේ උසස් පෙළ කරද්දි රසයන විද්‍යාව සර් කිව්ව දෙයක්. ළමයි අපි short note නෙවේ shorter note ලියන්න ඕනෙ.කියල කිව්ව.ඕක ගැන මම හුඟක් කල්පනා කළා.පස්සෙ අර මුළු පාඩමම කුරුමිණි කකුල් තරම් චුටියට A4 කොලවල ලියන එක අතැරලා ඒ පාඩමේ අපි මතක තියාගන්න ඕනෙ වාක්‍ය කෑලි ,වචන, චිත්‍ර විතරක් කෙටිම කෙටි සටහන් වලට එකතු කලා. එතකොට ආයෙ කෙටිම කෙටි සටහන් බලද්දී කලේ ඒ අර වැදගත් වාක්‍ය කෑලි බලල ඉතිරි කතාව මතෙකෙට ගත්ත එක. ආයෙම කලින් කිව්ව වගේ දෙන්න පුළුවන් අමාරුම ප්‍රශ්න මොනවද කියල හිතල ඒවා ලියල ඒවාටම ආයේ උත්තර ලිව්ව.
ඔය කාලේ අර කෑ ගහල කට පාඩම් කරන ළමය නිශ්ශබ්ද ළමයෙක් වෙලා හිටියෙ. ඇත්තම කිව්වොත් ජීව විද්‍යාවට තියන 'ලිංගික ප්රජනය' පාඩම් කෑ ගහල කියවන්න ශක්තියක් මේ දැරිවිට තිබ්බේ නෑ වගේම කට පාඩම් කරන්න ඕනෙ පාඩම් ප්‍රමාණයත් වැඩි නිසාම පාඩම් සමහර ඒවා හය්යෙන් කියවල අනෙක් ඒවා රූප සටහන් එක්ක කතාවක් ගොඩනගල කතාවක අනුපිලිවෙලට වගේ ගලායාමක් තියන විදියට හිතින් මවා ගත්ත.ඒ ක්‍රමය සාර්ථක උනා.ඒ වෙද්දි මට තේරුණ දෙයක් තමා කනට ඇහෙන්න නැවත නැවත කියවද්දී මතක හිටිනවා වගේම පින්තූර (අපිම ඇඳපු ) වලින් , ගලා යන විදියට ගොඩනගපු කතාවක් හදාගත්තාම ඒ පාඩම් මතක හිටිනව කියන එක.
ඔහොම පාඩම් කරලා උසස්පෙළ සමත්වෙලා ඊළඟට තිබ්බෙ උපාධියට පාඩම් කරන එක.ඒක කලේ වෙනස්ම විදියකට.ඔය කාලේ තමා මට phone එකක් හම්බුනෙ. මුල් දවස් වල උත්සහ කළා පාඩම මමම කියවල රෙකෝඩ් කරලා ඒක බස් එකේ යද්දි වගේ මටම අහන්න සලස්වන්න. ඒත් ඒක වැඩියම සාර්ථක උනේ නෑ. හැබැයි අර chemistry සර් කිව්ව shorter note වැඩේ එක්ක මම ටිකක් ආයෙම පාඩම් කෙටිම කෙටියෙන් කරන විදි හිතන්න ගත්ත.ඒකට හේතු ගොඩක් තිබ්බ එකක් තමයි කලින් වගේ සිංහලෙන් නෙවේ දැන් පාඩම් කරන්න තියෙන්නෙ කඩ්ඩෙන්, ඒකත් නොදන්න වචන එක්ක ලේසි නෑ. පාඩම් පොත් කියල හම්බෙන එකකුත් නෑ අහුල ගත්ත PDF එකක් PowerPoint එකක් අරන් පාඩම් කරන්න ඕනේ. ඕකත් එක්ක තමා මට හම්බුනේ අලුත්ම විදියක්, ඒ තමා mind mapping ක්‍රමය. :) හිතන්නකො පාඩම් කරනන් තියෙන්නෙ ඉතාම කෙටි කාලයයි වගේ නම් මේ ක්‍රමය තමා සාර්ථකම සහ ලේසිම. මේ ක්‍රමයත් මම හිතන්නේ මම කොහෙන්හරි පොතකින්ම කියවල සෙට් කරගත්ත එකක්.
Mind map ක්‍රමය මම අර පොඩි කාලේ ඉඳන් පාඩම් කරපු විදි වල සාරාංශයක් වගේ කියලත් කිව්වොත් හරි.ඒක මෙහෙමයි කරන්නේ. හිතන්නකෝ ඔයාල පාඩම් කරන්න තියන මාතෘකාව මුහුද.සුදු A4 කොලයක් අරගෙන ඒකෙ මැද කොලුවට මුහුද කියල ලියල රවුම් කරනව දැන් මුහුද සම්බන්ද මාතෘකා එක දිගට 10 විතර තියනව කියල හිතන්නකෝ ඒ පාඩම් ඔක්කොම කොහොම හරි අර A4 කොලයට ගන්න ඕනේ. උදාහරණයක් විදියට ඊළඟ මාතෘකාව ලුණු නම් අර සුදු කොලේ මැද මුහුදේ ඉඳන් ඉරක් ඇඳලා ලුණු කියල මාතෘකාව දාල රවුම් කරනවා අයෙ හිතන්නකෝ අතුරු මාතෘකාවක් ශ්‍රී ලංකාවේ ලුණු ලේවා. එතකොට 'ලුණු' කියන තැන ඉඳන් ඒ මාතෘකාව පටන් ගන්නෙ. මෙහෙම මාතෘකා අතුරු මාතෘකා ඒවායේ වැදගත් වචන ඔය ඔක්කොම එකෙක්ට එකක් ගලපලා ලියාගෙන යනව. දිග වාක්‍ය අවම කරනවා. ඔරලොකු කටු කැරකෙන පිළිවෙලට වගේ මුළු පාඩමේ ම මාතෘකා වැදගත් කරුණු ලියාගෙන යනව. පහල තියෙන දළ සටහනයි මම හැදුව shoter note එකයි බලන්නකෝ.මුළු පාඩම් ඔක්කොම A4 කොළ 1,2 සීමා කරන්න පුළුවන් තඩි පොත් ඕනෙ නෑ පාඩම්'කරද්දීත් අර shoter note එක ඇඳන් ගිය අනුපිලිවෙලටම දකුණේ සිට වමට හරි වමේ සිට දකුණට හරි පාඩම් කරන යන්න.
වැඩ ගොඩක් වැඩි වෙලාවක ඉක්මනින් පාඩම් කරන්න මේ ක්‍රමය නියමයි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි අති සාර්ථකයි :D
සාරාංශයක් විදියට මේ ක්‍රමේ සහ පාඩම් කරන කෙටිම ක්‍රම ගැන හිතුවොත්.
- අපි හැමදේම හැමවෙලේම ඇහුනොත් පෙනුනොත් කියෙව්වොත් අපිට මතක හිටිනව.රුපසටහන් මතක හිටින සම්භාවිතාවය වැඩියි
- කෙටි වන තරමට මතක හිටිනවා වැඩියි
- අතරින් පතර කරුණු මතක තියාගන්න අපහසුයි. ඒ නිසා ගලායාමක් එකකට එකක් අතර සම්බන්ධයක් හදා ගත්තම මතක තියාගන්න ලෙහෙසියි.
පාඩම් කරන්නම නෙවේ එදිනෙදා ජිවිතේ අමතක වෙනවා වැඩිනම් මේ පොඩි පොඩි කරුණු වැදගත් වේවි. ඔයාට වැඩියෙන්ම අමතක වෙන කෙනෙක් නම් කරන්න ඕනේ පොඩි දෙවල් ටිකකුත් පල්ලෙහා කොටලා යන්නම්කො
- හැමවෙලේම පාවිච්චි වෙන තැනක ලියාගන්න. (Phone memo , Google keep එක මගේ හිත ගත්ත එක, sticky notes , phone reminder )
- හැමවෙලේම දේවල් වල ගැලපීමක් සම්බන්ධයක් හොයාගන්න. කවුරු හරි දෙයක් කියද්දි කතාවෙද්දී ඒ දේවල් කතාවක් වගේ හිතින් මවාගන්න. "මොනාද අප්පා ඔයාට මේ දැන් කිව්වා එක මතක නෑනෙ" වගේ බැනුම් අහන්න වෙන්නේ නෑ :D
- නිතර නිතර පෙනෙන්න දකින්න සැලැස්වීම (උදාහරණයක් කිව්වොත් ගෙදර ගිහින් කරන්න ඕනේ වැඩක් තිබ්බොත් මම කරන්නේ අමතක වෙන නිසා එක්කො phone reminder එකක් දා ගන්නව. ඔෆිස් එකේ යද්දි finger print එක තියන්න අමතක වෙන නිසා සදා සතියෙ දවස් වලට නොකඩවා මතක් වෙන්න remind දාල තියෙන්නෙ.යාලුවන්ගෙ උපන්දිනත් එහෙමයි.තව දෙයක් නම් phone memo වල ලියල Lock screen එකට දාගන්නව. ඉතින් හැමවෙලේම දකිද්දි අමතක වෙන්නෙ නෑ )
මං හිතනව මේ දේවල් වල පොඩි හරි වැදගත් දෙයක් මේක කියවන ඔයාලට තියේවි කියල.මට මගහැරුණ තව දේවල් තියනවනම් ඔයාලත් මා එක්ක බෙදා ගන්න. :)