Saturday, May 13, 2017

සුද්දිට

කුසුම මගෙද මා නතුකර රස වින්ද
බඹරු නැතිද මා නැති තැන ලුහුබැන්ද
මුලා වුනිද මා නුඹටම පෙම් බැන්ද
කිලුටු කුසුම් පෙති දැක ඉන්නේ කෝම

සිපිරි ගෙදර රෑ දහවල නිදි මැරුව
නුඹෙ තනියට සිත දුවවිත් මුර කෙරුව
මා සතු අමිල රුවනක්වන් රුවැති ලඳ
මේ සිත් වහන් කොට වෙනතක ගියෙ කෝම

කාසි දිදුල දෑස නිලංකර උනි ද
නේක බඹරු මත් දළ විද සැඟවුනි ද
සළු පිලි අහර නැති දා නුඹ දුක් වී ද
මේසා ප්‍රේමයත් විගහින් දියවුනි ද

පානා සෙනේ ගස්සා නුඹ යන කලෙක
වාවා කෙලෙස විඳ සැනසෙන්නේ කෝම
ඕපාදූප දෑසින් දැක වියරු වැද
ඇන්නා සුද්දියේ හදමැද පිහි පහර

-රොමියෙල්-



17 comments:

  1. හංසියා, කවි ටික ලස්සනයි ඒවගේම සංවේදීයී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන් මාමේ :) :)

      Delete
  2. කවි රස වෑහෙනවා. මේ කතාවක චරිතද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ සුද්දිලගෙ කථාව

      Delete
    2. ඔව් :) සයිමන් නවගත්තේගම මහත්මයගෙ 'සුද්දීලාගේ කතාව' පොතේ චරිත දෙකක් තමා සුද්දි සහ රොමියෙල්

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ස්තුතියි හංසි, ඉයන් දෙන්නාටම....

      Delete
  3. වෙන මල් සුවඳකට හිත ඇදුනෙම නැද්ද
    එන හැම සිහිනවල වෙන රූ දැක නැද්ද
    පින පළඳින්න දුර ගිය බව දන්නැද්ද
    ඇන පු නිසාවත් අමතක කර නැද්ද.....
    -----සුද්දී-----

    ලස්සනයි හංසී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමීගෙ පිළිතුරු කවිය පෝස්ටුව හැඩකලා ..ස්තූතියි :)

      Delete
  4. සුද්දිලා ගේ කතාව අපුරු කවකින්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් අය්යෙ :)

      Delete
  5. සුද්දිලාගේ කතාව පුස්තකාලෙන් හොරෙන් අරන් බලපු පොතක්.අපේ පුස්තකාලේ හිටපු නුවර මැණිකේ අපි පොඩි උන් කියලා ලොකු පොත් කියවන්න දුන්නෙම නෑ...

    ජය වේවා හංසි

    ReplyDelete
    Replies
    1. මම මේ පොත කියෙව්වෙ ලඟදි මේ පොත් කියවද්දී මිනිස්සුන්ගෙ චරිතවල තියන අව්‍යාජ කමට ගැමි කමට මම ආදරෙයි. ඒ නිසාමද මන්ද ලොකු පොතක් උනත් එපා වෙන්නේ නෑ කියවල ඉවරවෙනකන්ම. හිතට දැනුන පොතක් මේක.

      ස්තූතියි සුමුදු :)

      Delete
  6. හංසියෝ කවිය ලස්සනයි.... ආයේ පාරක් සුද්දිලගේ කතාව කියවන්න හිතුනා...
    සයිමන් නවගත්තේගම කියන්නේ මහ අරුම පුදුම කතුවරයෙක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්බෑඩ් :)

      Delete
  7. අගේ ඇති කවි පෙළ . පොතත් කියවා තිබෙනවා.
    මෙන්න මේ පදය විතරක් මට කියව ගන්න බැහැ අනිත් තුනේ තාලෙට.
    "කාසි දිදුල දෑස නිලංකර උනි ද"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අය්යෙ :)
      ඒ කවි පේලිය පොඩ්ඩක් වේගයෙන් කියන්න ;):D

      Delete