Monday, September 14, 2015

නින්ද


138 කොටුව කොටුව කොටුව කොටුව  යාන්තන් ඇහැපියවුනා විතරයි කන ගාවම ඉඳන්  කොන්ද කෑගහනව -_- මහ ජරා දවසක් අප්ප ඊයෙ පාන්දර දෙක වෙනකන්  අමාරුවෙන් ඇස්ගෙඩි දෙක ඇහැරවගෙන  report  ලියල ලියල නිදාගන්න හැදුව විතරයි මගුල් windows update එකක් එනවා.මෙච්චර දවස් හිටිය මෙලෝ සද්දයක් නෑ .ඉඳල ඉඳල රෑ  ඇහැරිලා නිදාගන්න කොටම ඉතින් update එනව.bilgates පරම්පරාවටම ප්‍රේම කරන්නේ ඒ වෙලේට තමයි.ඇත්තමයි කියන්නේ අන්න ඒ වෙලාවට ජුලියට් රෝමියෝට ආදරේ කළාටත් වඩා bilgates ට ආදරේ හිතෙනවා. -_- 2 ඉඳන් 2.30 වෙනකන්ම අර කැරකි කැරකි තියන රවුම නතරවෙනකන්ම  ඇස් ගෙඩි දෙකත් ආතුරයෙක් වගේ  කැරකි කැරකි ඉඳල අන්තිමටම නතරවෙනකොටම කොහේදෝ ඉන්න ඇනොපිලස් මදුරුවෙක් ඇවිල්ල ඩ්‍රකියුලා පාර්ට් එක රඟපානවා හ්ම්ම් ඉතින් කාට කියන්නද මේ දුක : / වෙලාවකට මට හිතෙනවා අර 'ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ ' සිංදුව  ලියවෙන්න ඇත්තේ මේ වගේ ඇනෝපිලස් මදුරුවෙක්ඇවිත් හොඳවයින්  ඇන්න වෙලාවක වත්ද කියල :(  ඇයි මම පව් නැද්ද කියන්න මම පව් නැද්ද මේ අසරණී නිදාගන්නෙත් බස් එකේ විතරයි.එහෙව් වෙලාවක කන ගාවටම මේ කොන්ද  ඇවිදින් කොටුව කොටුව ගන්නෙ පව් නැද්ද මම :'( 

දැන්  අවුරුද්දක්  තිස්සෙම මෙහෙම තමයි ජීවිතේ.රෑට රෑට කැම්පස් වැඩ කරලා නිදාගන්න බැරි උනාම මගහැරුන නින්ද අල්ලගන්නේ බස් එකේදී තමයි.ඉස්සර තාත්ත එක්ක බයික්  එකේ යද්දී නම් බැනුම් කෝටියක් ඇහුව .ඇයි ඉතින් බයික් එකක් යද්දී ජීවිත අවදානම අරගෙන මොන මොඩයද නිදාගන්නේ  මේ මෝඩි මිසක්.

පිටිපස්සේ ශීට් එකේ යනකොට හුලං පාර  ඇවිත් පවන් ගහද්දි හුළගේ දරු නලවිල්ලට ලාවට එහාට මෙහාට පැද්දෙනවහැබැයි තත්පරයක් වත් යන්නේ නෑ හිටි ගමන් තාත්ත ජාතිය අමතද්දී  ආයෙම ගැස්සිලා ඇහැරිලා පියවි සිහියට එනව.එතන ඉඳන් බැනුම් නතරවෙනකන්ම වතුර බිබී ගෝනි බිල්ලෙක් දැක්ක වගේ ඇස් ලොකු කරන් පාරේ යන මිනිස්සුන්වත් බය කර කර යනවා .සමහර දවස් වලට ගෙදරින් එලියට බහින්න කලින්ම අම්ම බිස්කට් පැකට් එකක් බෑග් එකට ඔබනවා.නිදගන්නෙපා තාත්තයි ඔයයි දෙන්නම වැටෙයි තේරුනාද තේරුනාද .හ්ම්ම් මෙහෙම සියපාරක් විතර අම්ම කියල කියල එලියට බස්සනවා මම නෑ ... අම්මේ නිදාගන්නේ නෑ... නෑ ,,නෑ මයි කියල සියපාරක් විතර ඔලුව වනල  දුන්න බිස්කට් පැකට් එකත් කකා බයික් එකේ වාඩිවෙනවා..ඒත් වැඩි වෙනසක් නෑ බිස්කට් පැකට් එක ඉවරවෙනකන් ඕනනම් ඇහැරගෙන ඉඳී  නැත්නම් බාගෙට බිස්කට් එකක් කටේ දියවී දියවී තියෙද්දිත් මම නිදාගෙන වැනි වැනි යයි.ඒ තරම්ම නින්දට ඇබ්බැහිවෙලා.
අම්ම නම් බැන්නේ මෙලෝ  වගකීමක් නැති ළමයෙක් කියල ඒත්  මම කොච්චර උත්සාහ කලත් ඒ නින්ද නම් නවත්වන්න බැරිඋනා . මොනවා කරන්නද නින්ද මාව මත් කරලා  :/

අවුරුදු දෙකක් ඔහොම බැනුම් අහගෙන බයික් එකේ ගියා .තුන් වෙනි අවුරුද්ද හරිගියේ නෑ වැඩේ දරුණු උනා.තාත්ත රස්සාවෙන් අස් උනා .දැන් ඉතින් යමන්කෝ උදේම නැගිටලා බස් එකේ පැය දෙකක්. :( ඉස්සර 5.30 නැගිට්ට මට දැන් 5.00 නැගිටින්න වෙලා.කොහොම හරි 6 වෙද්දී අම්ම මාව ගෙදරින් එලියට තල්ලු කලාම ඊළඟට තියෙන්නේ බස් එකේ ශීට් අල්ලගන්න  මෙහෙයුම.උදේ 6-6.10 අතර බස් එකට නැග්ගොත් අවුලක් නෑ හැබැයි 6.10 පහුවුනොත් ලෙක්චර්ස් ගිහින් හමාරයි.


බස්  ඩ්‍රයිවර් බස් එකට නගින්නේ දෙය්යෝ බුදුන් සිහිකරගෙන මම බස් එකට නගින්නේ අනේ දෙය්යනේ නිදන්යන්න පුළුවන් ලොකු ශීට් එකක් තියන බස් එකක් ලැබීයන් කියල සිහිකරගෙන.කරුමෙට වත් ශීට් එකක් නොලැබුනොත්  එතනින් එහාට කරන්නේ කහපාට ටයි එකක් තියන අනුලා නංගිලව හොයාගෙන හොයාගෙන ගිහින් ලඟින්ම හිටගන්න එක. අඩුම තරමේ නුගේගොඩින් වත් ඉඳගන්න ලැබේවි කියල අහිංසක බලාපොරොත්තුවක් ඇතිව ඉන්නවා.විනාඩි 45 ඉවසගෙන ඉන්නවා  බැරිම උනොත් හිටගෙන හරි ඇස් පියාන ඉන්නව.ඒ අතරේ උකුසු ඇහැක් දාල බලනවා ලඟින් බහින්නේ කවුද කියල.සමහර දවස් වලට නම් හෙනම අපලයි.මම ළඟ ඉන්න හැමෝම ඉඳගනිද්දී මට විතරක් හිටන් යන්න වෙනවා.ඒ වගේ වෙලාවට ළඟ ඉන්නේ කවුද එයා බහිනකන්ම එහා දිහා කන්න වගේ බලාගෙන ඉන්නව.සමහර අය යන්න වගේ බෑග් එක හරිගස්සනවා හුරේ බහින්න තමයි මාත් පොඩි හිනාවක් දාල ලක ලෑසති වෙලා ඉඳගන්න හදනවා හැබැයි එහෙම කෙනෙක් කොටුවට යනකන්ම බහින්නේ නෑ ආයෙත් ඉතින් ෂීට් එකක් ලැබෙනකන් හිතින් හැමෝටම මෙත් වඩනවා..ලඟපාත නංගි කෙනෙක් අය්ය කෙනෙක්  වගේ හිටියොත් නම් ශීට් එක බේර ගන්න පුළුවන් හැබැයි එකපාරටම හෙනයක් වගේ පාත්වෙන ඇන්ටිලා ගෙන් බේරගන්න හෙනම මානුෂීය මෙහෙයුමක් දියත් කරන්න වෙනවා.ශීට් පොලු තදම තද කරල තදින් අල්ලගෙන මුරකාවල් ලාගෙන ශීට් එක රැකබලාගන්න හැටි දන්නේ මම විතරයි.බස් එකේ නිදන්නේ විනාඩි පහද මටනම් එකත් සැපක්. දැන් අහන්නෙපා ලග්නෙ කුම්බද කියල නෑ කුම්බ නෙවෙයි වෙන මොකක්ද එකක් :D 

හා දැන් ශීට් එකකුත් හම්බුනා කියමුකෝ සමහර දවසට ඒ වැඩකුත් නෑ .සමහර  දවස් වලට ඉඳගන්න බස් එකේ ලොකු සීට් නෑ එහෙම දවස්වලට නිදාගනිද්දී බෙල්ල එහෙටයි මෙහෙටයි කඩන් වැටෙන විදිහ දැකල බස් එකේ මිනිස්සු ශූ ගාල ඔලුවේ අතගහගන්නවා :D ඒකත් ගානක් නෑ කියමුකෝ.සමහර දවස් වලට කොන්ද ඉතිරිසල්ලි දෙන්නැතිව පස්සේ දෙන්නම්කියල මාරුවෙනවා.ඉතින් එතන ඉඳන් ඉතිරිසල්ලි ගන්නකන්ම හීනෙන් පෙන්නේ කොන්දව.එක හරියට හීනෙන් හොරපොලිස් සෙල්ලම කරනවා වගේ බස් එකේ එහාටයි මෙහාටයි කොන්ද දුවනවා මම බස් ට්කට එකක් අරන් කොන්ද පස්සේ දුවනවා  : /


මේ මොකුත්ම නැත්නම්  හොඳට හීනයක් බලල ඉවරවෙන්න ඔන්න මෙන්න කලින් කොහේදෝ ඉන්න කුරිරු මගියෙක් ඇවිත් තට්ටු  කරලා ඇහැරවනවා මේ වගේ අපරාධ කරන එක හරිද මම කියන්නේ මේවා ඇපයේ යන වැඩ ඕ යේස්....මම වගේ ළමයෙක්ගේ නින්දක් කඩනවා කියන්නේ  හරි පව් සිද්ධ වෙන වැඩ. :/


මම ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි ඔය 138 බස් එකක යද්දී කෙට්ටු උස ගෑනු ලමයෙක්' තද නින්දක වැටිලා හොඳ හීනයක් දැක දැක යනව දකිනවනම්  අනිවා ඒ මම.. අනේ ලොකු උදව්වක් මේ ප්‍රසිද්ධියේ කියන්නෙ  ඇහැරවන්න නම් එපා.මොකද හරියටම වෙලාවට මට ඇහැරෙනවා .හැබැයි වැඩිය බලන්නෙපා ඔය කියන ගෑනු ළමය දිහා ...කට ඇරගෙන  කෙලපෙර පෙර ගොරව ගොරව  යන විදිහ දැකල දැනටමත්  මා ගාව හිටිය කීදෙනෙක් නම් සසර කලකිරිලා ගිහිගෙය අත හැරියද කියල දන්නෙ දෙවියෝ තමා. :/


මේ හංසිට නිදාගෙන ඇහැරෙනකන්ම  කිසි අවුලක් නෑ හිතේ හැටියට නිදි හැබැයි සමහර දවස් තියනවා ඉතින් පොඩ්ඩක් විතර ලැජ්ජා හිතුනම බෙල්ල කඩාගෙන ජනේලෙන් එලිය බලගෙන මම මම නෙවේ වගේ ඉන්න දවස්...හැබැයි ඉතින් කවුරු දැක්කත් කවුරු ළඟ වාඩි උනත්  කොටින්ම  ලස්සනම ලස්සන අය්යකෙනෙක් ළඟ වාඩි උනත් මට නිදිමතනම් ඔය කිසිදෙයක් බලන්නේ නෑ.හැබැයි එකම එක දෙයක් ..හදිසියේ හරි හංසි  ගාවින් චෙක් ෂර්ට් එකක් ඇඳගත්ත කෙනෙක්  වාඩි උනොත් එදාට 
හංසි  නිදාගන්නේ නෑලු  නින්ද යන්නෙත් නෑලු ...හදිසියේ හරි හංසි නිදාගෙන ඉඳල නැගිටිද්දී ළඟ හිටියේ චෙක් ෂර්ට්  එකක් ඇඳගත්ත අය්ය කියල දැනගත්තොත් අන්න එදාට නම් හංසි නිදාගත්ත විදිහ ගැන ගොඩාරියක් පසුතැවිලි වෙනවලු.
 :./

මේ කොච්චර නිදාගත්තත්  හංසි සිහියෙන් ඉන්නේ. ඒ නිසා කරදර වෙන්නෙ නෑ.නිදාගත්තත් විමසිල්ලෙන්  ඔන්න  :) 






41 comments:

  1. //"මම ළඟ ඉන්න හැමෝම ඉඳගනිද්දී මට විතරක් "හිටන්" යන්න වෙනවා""// , "හිටං" ගියොත් නරක් වෙලා තියෙයි , ඇමති කමක් වත් ලැබෙනවා අම්මප.

    කටට කාසියක් දානවා ළඟ හිටියනං... පින්කැටේ වගේ ඇරගෙන යනකොට

    ReplyDelete
    Replies
    1. :D කට ඇරන් නිදන් යන්න බෑනේ වස ලැජ්ජාවනෙ ඒ නිසා කට තද කරගෙන නිදාගන්නවා ඔය කිව්වට නිදා ගත්තට පස්සේ කොහොමද දන්නෑ ;)

      Delete
  2. දවසක් කුරැණැගල අනුරාධපුර බස් එකේදි මගේ ලග ඉදගත්තා අලිපැටියෙක් විතර මහත කෙල්ලෙක්.මම හිටියේ අයිනේ.විනාඩි විස්සකින් විතර අර අහිංසකි හොදටම නිදි.ඇගට හේත්තු වුනාම මම හිරවෙනව හොදටම.මොනවත් කියන්නත් බැ අලියෙක් ගහලා මැරැනා වගේ තියෙවි ගැහුවනමි එහෙම.අනුරාධපුරේට එනකමි ඔහොම තමයි.මම බස් එකෙන් බහිනකොට මම සෑහෙන ඇගේ පතේ අමාරැවකින් බැස්සේ.ආයෙනමි කෙල්ලෝ ලග ඉද ගන්නා මම පයින්ම ගමන යනවා.

    ReplyDelete
    Replies
    1. දෙය්යනේ පැය කීයක් ඔය දුක වින්දද :O මම කරදරයක් වෙන විදිහට නිදාගන්නේ නෑ හදිසියේ හරි නින්ද වැඩිවෙලා වැටෙන්න ගියොත් එතනින් එහාට කොහම හරි ඇස් අරන් ඉන්නව.ළඟ ඉන්න කෙනා ඇඟටම වැටෙන්න නිදිනම් ඉතින් තට්ටු කරලා ඇහැරවනවා.එයාල හරි තැනින් බස්සවන්නත් ඕනනේ ;) :D .......... ස්තුතියි මනෝ මේ පැත්තට ආවට :)

      Delete
  3. හපොයි මාත් දවස් කීපයක් දැක්ක 138 කුණුකෙළ බේරං නිදාගන්න කෙට්ටු ඩෑල් එකක්.. අප්පරියාවටම මං අනිත් දවසේ ඉදල මේ හෝන්තුව ඉන්නවද බලල නැත්නං තමා ඒකට නගින්නේ. හැක්.

    ReplyDelete
    Replies
    1. 138 බස් වර්ග ගොඩක් තියනව කොට්ටාව,මහරගම,හෝමාගම ,කඩවත ඔය දේශ ගිය බස් එකේනම් මම ගියේ නෑ ඔන්න :P කෙට්ටු ඩෑල් එක කවුද දන්නෑ ;)

      Delete
  4. 138 රූට් එකේ මගේ ජාතියෙම තව එකෙක් යන බව අහන්න ලැබීමත් සතුටක්. හැබැයි මම යන්නෙ 125, 122 බස්වල.

    ReplyDelete
    Replies
    1. 122 අවිස්සාවේල්ල බස් එක නේද අක්කේ ..මම ඒකෙත් යනව හැබැයි කලාතුරකින් .ප්‍රීති ප්‍රීති...බස් වල නිදා ගන්න තවත් කෙනෙක් :D

      Delete
    2. හරි හරි...
      මමයි හංසියි 138 කවර් කරන්නම්. බස්සිට බැරිය අනිත් රූට් ටික බලාගන්න.. නැද්ද? අන්න එහෙමයි සේවයක් උනත් සාධාරණව කරන්නේ.

      Delete
    3. :D මම වගේ තවත් එක්කෙනෙක් ..138 බස් එකේ මං ලඟින්ම වැඩිවෙලා ගිය කෙනෙක්ද දන්නේ නෑ.කොහොමත් මම නිදද්දී ළඟ ඉන්න යටත් නින්ද බෝවෙලා ඒ අයත් නිදාගන්නවා ;) අපි දාමු අලුත් සංගමයක් '138 බස් එකේ නිදන්නන්ගේ සංගමය ' ;) ;) ... ස්තූතියි මේ පැත්තට ආවට උපේක්ෂ අක්කෙක් නේද දැන් අක්ක කියල ගුටි කන්න වෙයිද දන්නේ නෑ :D

      Delete
    4. මම ආය 138,125,122 බස්වල යන්නෙත් නැ.ඒ ටිකත් පයින්ම යනවා.අනුරාධපුරේ ගිහින් කාපු කටිට ආයෙනමි කන්නැ.

      Delete
    5. :D කවුද දන්නෙ ඉතින් මනෝ බස් එකේ නිදද්දි අහල පහල මිනිස්සු මොනවා කරනවා ඇත්ද කියල :P

      Delete
  5. සමහර වෙලාවට මටත් නින්ද යනවා වැඩට යද්දි ලයිබ්රි වෙනුවට බහින්නෙ ටවුන්හෝල් ඉතින් පයින් වරෙන්කො!
    ජයවේ හංස්!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වර්ණ යන්නේ 138 බස් පාරේද මම නිදාගෙන යන බස් එකෙත් වර්ණ හිටියද දන්නේ නෑ ..හපොයි ...

      Delete
  6. මට ඔය වාහන වල යද්දී නින්ද යන්නෙම නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් මමත් මෙහෙම නිදා ගත්තේ නෑ.ඒත් කම්පස් ගිහින් රෑ ඇහැරිලා ආයෙම උදේ පාන්දර නැගිටල ලෙක්චර්ස් වලට ගියාම අහගෙන ඉන්නවට වඩා නිදිකිරන එකයි වුනේ.ඒ නිසා මුල් දවස් වල ඕනෑකමින්ම බස් වල නිදාගත්ත හැබැයි බහින් තැන පහුවෙයි කියල සැරෙන් සැරේ ඇහැරි ඇහැරි නිදා ගත්තෙ. ඒක දැන් පුරුද්දට ගිහින් විනාඩි 5,10 හොඳට නිදාගෙන බස් එකෙන් බහින තැනිනුත් හරියටම බහින්න පුළුවන් :)

      Delete
  7. හංසි දැන් බ්ලොග් එකේ මාසික කලාපද නිකුත් කරන්නේ? හංසිව අමතක වෙන්න ඔන්න මෙන්න තියෙද්දියි මේක දැක්කෙ. :P ඇත්තම කිව්වොත් මටත් බස්වල නිදාගන්න පුරුදු වුණේ ලෙක්චර්ස් යන්න පටන් ගත්තට පස්සෙ තමයි. ඊට කලින් කවදාවත් වාහනේක නිදාගෙන නෑ ඩ්‍රයිවර්ට නින්ද ගියත්.. දැන්නම් ඉතින් 120 රූට් එක රන් කරන්නෙ මම තමයි. :D හැබැයි හොඳ වෙලාවට මට සීට් ප්‍රශ්න නම් නෑ. උදේට බස් පටන්ගන්න තැනට තාත්තට කියල වාහනෙන් ගිහින් දාගන්නව, හවසට මං නගින හෝල්ට් එකෙන් පස්සෙ තමයි සෙනග පිරෙන්න පටන්ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. දෙය්යනේ ඔව් නේන්නම් අගෝස්තු මාසෙටම එක පෝස්ටුවයිනේ .මේකනේ උනේ project එකක් ඉවර කරන්න අගෝස්තු මාසේ නොකා නොබී වැඩ කලා.බ්ලොගේ පාලුවට ගියා .හා දැන් මට ඔහොම කියන අශාන් කෝ අලුත් පෝස්ටුවක් දැම්මද.?? :P

      138 බස් වල උදේට හරි සෙනගනේ බස් එක පටන් ගන්න තැනින් නැග්ගත් වැඩක් නෑ එතන ඉඳන්ම සෙනග පිරිල

      Delete
    2. අනුන්ට බණ කිව්වට මාත් මේ ටිකේ මාසික කලාප තමයි නිකුත් කරන්නේ. (ත්‍රෛමාසික එකකුත් නිකුත් කළා ජූලි වල. :D ) මටත් මේ ටිකේ exams, assignments. හැබැයි මම ගිය සතියෙද කොහෙද ලිපියක් දැම්මා.

      මෙහෙත් උදේට සෑහෙන සෙනග. කොහොමහරි සීට් එකක් අල්ලගන්නව සෑහෙන වෙලාවක් හෝල්ට් එකේ ඉඳල හරි. ;)

      Delete
    3. ගිය සතියේ ලිපියක් දැම්ම නම් මට ඒක මගහැරිලා ..ඉක්මනටම කියවන්න එන්නම් :)

      Delete
  8. නින්ද ගිහින් මට තරම් පජාත වෙලා නැතුව ඇති මේ කරිජ්ජ වලල්ල අස්සේ ඉන්න එකෙක්ට වත්.....හම්මේ මතක් වෙද්දිත් ඇගම කිලි පොලා යනවා....
    කොහොමෙන් කොහොම හරි ලස්සනයි හංසියෝ ලියවිල්ල....
    ෆලෝ පාරකුත් දාගෙනම යන්නම්

    ReplyDelete
    Replies
    1. ඒ තරම්ම චාටර් උනාද අය්යෝ ...මමත් ඔහොම චාටර් වෙලා නැගිට්ටම ආයේ බස් එකෙන් බහිනකන්ම ඔලුව හංගගෙන යන්නේ .ආයේ හිටගෙන ඉන්න මිනිස්සු දිහානම් බලන්නේ නෑ .කොහොම මුහුණ දෙන්නද ඉතිං :/

      ස්තූතියි මේ පැත්තට ආවට .කොහොමද දැන් මම කතාකරන්නේ වාසනාවන්ත කාලකන්ණියා දිගයි ..අම්මෝ කාලකන්ණිය කියන වචනෙ සැරයි.මම වාසනාවන්තයා කියන්නම් පුලුවන්නම් එකත් කෙටි කරලා කියන්නම්.ඉන්න ඉන්න මමත් එනව ඔය බ්ලොගේට ගොඩවෙලාම නෑ මම හිතන්නේ :)

      Delete
    2. හැමෝම කතා කොරන්නේ වාසනාවන්ත කියලා තමා....ඉදලා හිටලා ගොබිල වැඩක් කොරාම ඔය පිටිපස්සේ තියන නමෙනුත් කතා කොරනවා....කොහොම හරි කමක් නෑ...ආරාධනා කරනවා මගේ බ්ලොග පැත්තටත් ඇවිත් යන්ට කියලා....

      Delete
    3. ලියන්න ලියන්න ...කියවන්න පුළුවන් උන වෙලාවට අනිවා ඇවිත් කියවනව :)

      Delete
  9. ඉස්සර මට බස් වල නින්ද යන්නේ නෑ.. ඔලුව කෙලින් අතට තියෙද්දී කොහොමත් නින්ද යන්නේ නෑ.. මං හිතුවේ ලෙඩක් කියල. බැලින්නම් ඒ නින්ද ඕවර්ෆ්ලෝ වෙනකම් ගෙදරදී නිදාගන්න නිසාද කොහෙද? පහු කාලිනවානම් හිටගෙන බස් එහෙක ගියත් නින්ද යන සයිස් එකට ආවා ඇරියස් කවර කරන්න.. හැක හැක.. 138 යන දවසක හොයල අල්ල ගන්නම්කො හංසිව.

    ReplyDelete
    Replies
    1. හපොයි මාත් කර ගත්ත වැඩක් ...දැන් ඉතින් 138 බස් වල නිදල හමාරයි

      Delete
  10. හාන්සි චැක් ෂර්ට් වලට මොකෑ ඔය තරම් ආස? හෙක් හෙක් මත බස් එකේදී නින්ද ගියොත් අල්ලපු පැත්තේ එකා හරි එකී හරි ඒකට හෙන ගැහුවත් මගේ ආතල් නින්දේ මන්, හෙක් හෙක් බස් වල න්දිදියන එකත් මාරම අතල්, විශේෂයෙන් උදේට ඔෆ්ෆිචේ යන කොට, හවස ගෙදර එනකොට එහෙම, නැත්තන් සියි විසිට් එකක් යද්දී උනත් අවුලක් නෑ. ඔයිට කියන්න ඔයිට වඩා නිදාගන්න හොඳ පොත එකක් තියෙනවා, හැබැයි ගෙදර මිනිස්සුන්ට මල පනිනවා එකේ නිදා ගත්තම :D, එක ලොකු රහසක්.

    ReplyDelete
    Replies
    1. චෙක් ෂර්ට් වලට ප්‍රේම කරමි :D අනේමන්ද අය්යේ මට චෙක් ෂර්ට් එකක් පේන්න බෑ හිත ඇදිල යනවා :D ...හැම චෙක් ෂර්ට් එකක්ම නෙවෙයි සමහර ඒව හරි ලස්සනයි.කොල්ලෙක් චෙක් ෂර්ට් එකක ඇන්දත් හිත නතර වෙලා (කොල්ලට නෙවේ මම කියන්නේ අර චෙක් ෂර්ට් එකට ;) ... )

      නිදාගන්න හොඳම තැන බස් එක තමයි හැබැයි කැම්පස් ට්‍රිප් එකක් ගිහින් නිදාගත්තා විදිහ කියල අදටත් මගේ යාලුව මට දෙනෝ දාහක් යාළුවො ඉස්සරහ ප්‍රසිද්ධ මඩ ව්‍යාපාර ගෙනියනවා.එතකොට ඉතින් සන්තෝසෙ බෑ :D ..sofa එකත් අල්ලන්නේ නෑ. ගෙදර හොඳම මෙට්ටෙ තියෙන්නේ මට ඉතින් තව මොන සැපක්ද ^_^

      Delete
  11. //හැබැයි වැඩිය බලන්නෙපා ඔය කියන ගෑනු ළමය දිහා ...කට ඇරගෙන කෙලපෙර පෙර ගොරව ගොරව යන විදිහ දැකල දැනටමත් මා ගාව හිටිය කීදෙනෙක් නම් සසර කලකිරිලා ගිහිගෙය අත හැරියද කියල දන්නෙ දෙවියෝ තමා. :/// මේක නම් සෑහෙන පිනක්. මිනිස්සු සසරින් එලියට යන්න උනන්දු කරවන්න උදේ හවා බණ කියන හාමුදුරුවොන්ටත් අමාරු එකේ මෙහෙම සේවයක් කරන්න පුළුවන් කියන එක. බුද්ධ ධර්මයේ කොහෙ හරි තියෙනවද අර සතර පෙරනිමිති වලට අදාල හතර දෙනාට පිනක් සිද්ධ උනාද කියල? ඔය කොටුව කොටුව කියල කෑගහන බස් තිබ්බෙ ඉස්සර. දැන් කියන්නේ ඔටූ, ඔටූ, ඔටූ, ඔටුව කියල නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ඉයන් කවද හරි මම නිදාගන්න විදිහ මමම දැක්කම තමා මට මං ගැනම චිත්ත ප්‍රීතිය ඇතිවෙන්නෙ . එතකොට මමත් සසරින් එතෙර වෙන්න හදයිද දන්නේ නෑ :D ..ඉයනුත් යන්නේ 138 වගේ ඔය හොඳට දන්නේ ..කොටුව කියල කියන්නේ නෑ තමා ඔටූ, ඔටූ, තමා අපිත් ඉතින් එකේ නැගල ඔටුවො වගේ යනව :)

      Delete
  12. කොටු කමිස සුබන්
    කළු කමිස අරහං
    හිටියොත් නිදන්
    කරන්නම් හොද වැඩක් මම දැන්.

    ReplyDelete
  13. :D ඔන්න තවත් නින්දට අකුල් හෙලන්නෙක්
    මේ ෆොටෝවක් තියනවනේ ආයෙම මම බස් එකට නැග්ග ගමන් මේ වගේ මූණක් ඉන්නවද කියල බලල තම නිදාගන්නෙ ඕ යේ .... මේ ලලිත් අය්යේ මම නින්ද බෝ කරන්නෙක් හරිය ළඟ පාතක හිටියොත් හැමෝම නිදි ..ආයේ මොකුත් මගෝඩි වැඩ කරන්නට බැරිවෙයි ඔන්න :P

    ReplyDelete
  14. මදුරුව ඇනොපිලිස් කියල කොහොමද දන්නෙ හරියටම? :D බස් වල ගොඩක් වෙලා නින්ද ගිහින් නැගිට්ටාමත් මත් ගතියයි එ හින්ද දුර යනකොට නම් පුලුවන් තරම් ඇහැරගෙන යනව. දවසක් නම් ලග හිටිය අක්ක කෙනෙක්ගෙ කරේ නිදාගෙන තිබුන ටිකක් වෙලා දන්නෙ නැතිව.මට ඇහරෙනකන්ම එයා මාව ඇහරෙවුවෙ නම් නැ. සොරි කියල එයාට ඉතුරු ටික ඇහැරගෙන ගියා කොහොමහරි.
    මමනම් බහින්න ඔනේ halt එක පහු වෙනකොටම නැගිටුනහම කලබල නැතිව හෙමින් නගිටල ගිහින් ඊලග halt එකෙන් බහිනව නැත්නම් බස් එකටම වැඩෙ මාට්ටුනෙ.

    ReplyDelete
    Replies
    1. හය්යූ තරිඳු අහන ප්‍රශ්න... මට අනින හැම මදුරුවම ඇනෝපිලස් එකෙක් වෙන්නැති කියලයි මම හිතන්නෙ ;) :D මම පැයක් විතර බස් එකේ යන නිසා නිදාගන්නවා ඒ වුනාට දැන් පුරුදු වෙලා හෝල්ට් 2,3ටත්නින්ද යනවා තාම නම් මග හැරිලා නැහැ හීනෙන් වගේ වෙලාවට ඇහැරෙනවා.තරිඳු දැක්කම අර අක්කට පව් කියල හිතෙන්න ඇති ;)

      Delete
    2. රස්සාව මදුරුවො, කැරපොත්තො... වගේ සත්තුත් එක්ක ඒකයි ඇහුවෙ. :)
      ඔව් ඔව් දැක්කම කියන්න පුලුවන්නෙ අහින්සක මල්ලියෙක් කියල.

      Delete
    3. හිටිය අක්ක හොද හින්දා හොදයි. නැත්නම් කන පිරෙන්න අහගෙන ගුටි කන්නත් වෙන්න්න තිබුන.

      Delete
    4. හී ... මදුරුවො කැරපොත්තෝ එක්ක රස්සාවත් නරකම නැහැ :D මටත් බස් වල නිදාගෙන යන මල්ලිල හම්බෙලා තියනව.පොඩිම කෙනෙක් නම් ඉන්නවා ලොකු අය ඉතිං නිදි කිර වැටෙද්දි අපහසුයිනෙ. හෙමිහිට තට්ටු කරලා ඇහැරවල හිනාවෙනවා. ආයෙ ඉතින් ඒ මල්ලි නිදාගන්නේ නැහැ :D හැබැයි මේ අක්කයි ඔය මල්ලිලයි දෙන්නම තරඟෙට බස් වල නිදි කිරන් යද්දි නම් කිසි අවුලක් නැහැ. සාම ගිවිසුමක් ගහගෙන හොඳට නිදන් යනව ;)

      Delete
  15. අනේ හංසියො ඔය බස්වල තියෙන්නේ සීට් (Seat). ශීට් (Sheet) එක කියන්නෙ අපි පොරවගන්න නැත්නම් ඇදට දාන රෙද්ද එහෙම නැත්නම් කඩදාසිය. සමහරු සීට් එක පොෂ් කරල කියන්න ගිහිල්ලා වරද්ද ගන්නවා. තරහවෙන්න එපා හදාගන්නයි කිවුවෙ. -

    අයියෝ මං ගාව චෙක් ෂර්ට් නං නෑ. දැං ඉතින් එකක් දෙකක් ගන්න ඕන 138 යද්දි ඇදගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ප්‍රදීප් වැරැද්ද පෙන්නලා දුන්නට .. මම හැදුව :)

      අය්යෝ චෙක් ෂර්ට් අඳින්නෙ නැතිද .. එහෙනම් බලන්නෙ වත් නැහැ :D

      Delete