Friday, February 20, 2015

මේ නිහඬබව බිඳින්න ....

මම ආසයි නිහඬ බවට හැබැයි මේ නිහඬ බවට නෙමෙයි.නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න කලබල කාරී නැති නිහඬ බවට ආසයි.එත් කතා කරන්න  කවුරුත් නැති පාළුව තනිකම දැනෙන මේ නිහඬ බවට මම බයයි.ඒ නිසා කතා කරන්න ..වචනයක් හරි ...කතා කරන්න .. 

මේ නිහඬබව කොච්චර හිත රිදවනවද කියල ඔයා දන්නවද...මේ නිහඬ බව හිත කොච්චර පාරනවද කියල ඔයා දන්නවා නම් ඔයා මා  එක්ක කතා කලාවි.ඒත් තාමත් ඇයි  නිහඬ.මේ නිහඬ බව මාව තනිකරනවා .මට පාලුයි. ඒ පාලුව ඔයාටත් දැනෙනවද ...දැනෙනවානම් වචනයක්... අනේ එක වචනයක් කතා කරන්න.

ඔය ඇස්   වලින් කතා කරන්න එපා ... ඒ ඇස්   දිදුලන්නේ කඳුළුවලින් කියල මම දන්නවා .. කතා කරන්න මා  එක්ක .. හිතේ තියන හැඟීම්  හැම දෙයක්ම කියල දාන්න... එලියට විසිකරලා දාන්න..එක වතාවක් ...ත්.... ත්  ඇයි තාමත් ඔය අහක බලාගෙන... ? 

 අල්පෙනෙත්තක් වැටෙන හඬටත් මං  දැන් ආදරෙයි  මොකද මට මේ නිහඬ බැවින් මිදෙන්න ඕන.මේ නිහඬබව මාව තනිකරනව.හැබැයි මම එක දෙයක් දන්නවා ..මේ නිහඬ බව කතා කරනවා තොර තෝංචියක් නැතිව කතා කරනවා ඒ කතාකරන්නේ ඔයා  ගැන ..අපි ගැන ..අපි ගතකල ඒ ලස්සන අතීතය ගැන ....ඔයා  ඔච්චරම මේ නිහඬ බවට ආදරේනම් ..කතා කරන්න ඉඩදෙන්න මේ නිහඬ බවට ..ඇහුම්කන් දෙන්න මේ නිහඬ බවට ....

Silences are sounds,
Sometime, come to listen..
They'll blossom by just touching you,
Sometime call them home.
They're restless to talk to you, 
Let them speak..

https://www.youtube.com/watch?v=lUKUtJEy9yY



Movie: Khamoshiyan
Music: Jeet Gannguli
Lyrics: Rashmi Singh
Singer: Arijit Singh 

Khamoshiyan.. teri meri khamoshiyaan


16 comments:

  1. මේ නිහඬ බව බිඳින්න තව මොනව හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න
    මේ නිහඬ බව බිඳින්න තව මොනව හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න

    ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න
    ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න
    ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න

    දැන් ලඟයි හිරු නැගෙන්න තව වරක් මා සිඹින්න
    දැන් ලඟයි හිරු නැගෙන්න තව වරක් මා සිඹින්න
    මට ආදරේ ඇයි එක වරක්වත් කියන්න

    අහල තියෙනවා නේද ?

    ReplyDelete
  2. අහල තියනව :) ලස්සන සින්දුවක් .මේ පොස්ටුවට මාතෘකාවක් හිතද්දී ඔය සින්දුව මතක් උනා :)

    ReplyDelete
  3. වචන දාහකින් කියනවට වඩා ඒක නිහඩබවින් කියනකොට අගය වැඩියි....
    පට්ට.....

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ නිහඬ බව දිගු වෙනකොට දරාගන්න අමාරුයි.එක වචනයක් වත් ඇහෙනවනම් කියල හිතෙනවා ...

      Delete
  4. Those who don't understand your silence, would never understand your words! මමත් මේ දවස්වල නිශ්ශබ්දව සෑහෙන්න දේවල් කියනව..

    ReplyDelete
    Replies
    1. නිහඬව අපි කියන හැමදේම හැමෝම හරියට තේරුම් ගන්නේ නෑනේ .... එත් වචන දාහක් කියලත් වැඩක් නැතිවෙලාවක නිහඬ බව හොඳයි කියල හිතෙන වෙලාවකුත් තියනව...

      Delete
  5. අත්දැකීමක්ද හංසි
    නිහඬ බව බිඳෙගන ඒන අාදර වදනක් පිපාසිත සිතකට සිහිල් දියදහරාවක් වෙග්

    ReplyDelete
    Replies
    1. නිහඬ බව අත්දැකීමක් ..හුදකලාවත් අත්දැකීමක් ...

      Delete
  6. නිහඩ බව නියමයි........... ලෝකයම කතා කරනවා... උන්ට ඔ්නේ දේවල් කියනවා.. ඒත් නිහඩ බව ඒහෙම නැහැ... ඒ නිසා මං අාසයි............

    ReplyDelete
    Replies
    1. ලෝකයා දහසක් දේවල් කියද්දී නිහඬ බව වෙනමම කතාවක් කියනවා

      Delete
  7. හංසි මොකද මේ ටිකේ නිහඬ?

    ReplyDelete
    Replies
    1. මගෙ නිදහස හොරු අරන් ගිහින් තිබ්බ

      Delete
  8. කියන්න වචන නැ. මරු. දාහක් දෙනා කැ ගහල කියන සීයක් දේවල් වලට වඩා නිහඩ බැවින් කියන එක දෙයක් වැදගත් :)

    අර වෙනද වගේ දාන කවි කෑල්ලකුත් දන්මනම් තවත් පට්ට :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...:) ... ආයෙත් ලියන්න ඕන කවි කතා හැමදෙයක්ම :D

      Delete