Wednesday, June 11, 2014

දින පොතක සටහන්................

දිනපොතේ හැමදේම ලියන එක හරි නෑනේ  .. කපල කොටලා අවශ්‍ය ටික විතරක් මෙතන ලිව්වා ... ;) 


2014.05.30 
......................................
අදත් තාත්ත එක්ක බයික් එකේ යද්දි ෆොටෝස් ගත්ත .නිදි කිර කිර බයික්  එකේ ගිහින් එකාපාරටම කොහෙන්දෝ ඇහිච්ච නලා සද්දෙකට ඇහැරෙනකොට වැල්ලවත්ත හරියෙ ...  ටිකක් පොද  ගහන වෙලාවක් ඈත  මුහුද එක්ක තිබිච්ච  අහස එච්චරම ලස්සන නෑ  ෆොටෝ ගත්තට වැඩක් නෑ .එත් මුහුද පැත්තට එහා තිබ්බ මුස්ලිම් පල්ලිය ලස්සනයි එකේ ෆොටෝ  එකක් ගන්න ෆෝන් එක ගනිද්දි  ඒක  පහුකරන් ගොඩක් දුර  ගිහින් අපාරාදේ එවෙලේ තමයි  මට හිතුනේ ඇස්  වලට ෆොටෝ ගන්න තිබ්බ නම් කියල .  බැරිම තැන පාරේ ෆොටෝ  එකක් ගත්ත ඒ තමයි මේ ... මම දැක්ක පල්ලිය වගේම තව  වැල්ලවත්ත කෝවිලත් ඒ  එක්ක පහුවෙද්දී හම්බෙන බුදුපිලිමෙ ත්  හරිම ලස්සනයි ඒ වගේම ගෝල් ෆේස්‌  එක පහුකරද්දිම හම්බෙන චැතම් ස්ට්‍රීට්එකත් නියමයි .... අනේ මට හොඳ  කැමරාවක් තිබ්බනම් .... :( මේ වගේ නෙතගටුන ගොඩක් ගොඩක් දේවල් හිත අස්සේ සිතුවම් මවල  හිත ඇතුළේ ෆොටෝ ගැලරි  එකක්ම තියනවා අනේ ඒවත් සදාකාලිකව ආයේ ආයේ  බලන්න ළඟ තියාගන්න පුලුවන්නම්.... )




2014.06.02

..................................

කොටුව ස්ටේෂන් එක හරියේ ඉඳන් ටෙක්නිකල් හන්දිය වෙනකන් හරිය හරි අමුතු ලෝකයක් ..කොළඹ වෙන කොහෙටවත් වඩා  වැඩියෙන් ඇස ගැටෙන  දර්ශනයක් ඒ හරියෙදි මම දකිනව .එක ළඟ එක ළඟ තියන කඩවල් පේළියම  උදේ පාන්දරින්ම ඇරල  .පාර දිගට  හරිම කලබලයි. මිනිස්සු ගොඩක් එහාටයි මෙහාටයි කලබලෙන් යනව . මේ අස්සෙ   බඩු  කරත්ත  වල බඩු පුරෝගෙන තල්ලු කරන්  යන මිනිස්සු හරි විශේෂයි . සමහර බඩු  කරත්ත වල තැඹිලි වලු  පුරෝගෙන ,සමහර ඒවායේ  ලොකු ගෝනි .සමහර ඒවා ඒ මිනිස්සුන්ට තල්ලු කරන්නත් බෑ එත් කොහොමහරි අමාරුවෙන් තල්ලු  කරන්  යනවා . මේ  මිනිස්සුන් ගේ ජීවිත් හරි දුෂ්කර යි  කියල හිතෙනව මහදවල් ගිනිගහන මද්දහනෙත් සමහර මිනිස්සු කර පිටින් ලොකු ගෝනි මළු උස්සගෙන යනහැටි ... වැස්ස දවස් වලටත් වෙනසක් නෑ  එහෙම්මමයි  වැස්ස දවස් වලට  ඇඟට ඇලිච්ච තෙත්  ඇඳුම් එක්ක බඩුගෝනි  ඇදන් යන ඒ මිනිස්සුන්ගෙ  මූණු වලින්  බේරෙන්නෙ  දාඩියද  වතුර බින්දුද  නැත්නම් කඳුළුද .........
2014.06.05
................................

අද විශේෂ දවසක්   අද අවිස්සාවේල්ලේ  ආයෝජන කලාපෙකට යන්න  වාසනාවක් හම්බුනා  ටිකක් දුර ගමනක්.  බස් එකේ යද්දි එක අංකල්  කෙනෙක්  කරපුදේට මට තාමත් තරහයි .එයා  ගාව තිබ්බ ප්ලාස්ටික්  බෝතලය එක පාරටම පාරට විසිකල හැටි .මතක් වෙද්දි ත්  මට තරහයි .....ගොඩක් රටේ මිනිස්සුන්ට පාර කියන්නේ කුණු බක්කියක්නේ  දාන දාන හැමදේම ආශ්චර්යක් වෙලා දිරල යනවා කියල හිතනවා ඇති . තමන්ගේ ගෙදර ගේට්ටුව ගාවට කවුරුහරි කුණු ගෙනල දාලනම් ඒ අයගේ මුළු පරම්පරාවටම බනී .ඒත් මේ වගේ ඒවා ඒ අයට හරිද දන්නැ ..අනේ  මේ මිනිස්සුන්ට අං ඇවිල්ලද ...........


2014.06.06
..............................
ගෙවල් වලට යන පාරේ තියන පන්සලක  ලොකු තොරණක් ගහනවා .පෙනෙන හැටියට ලොකු වියදමක් යයි .මේක දකිද්දී මට දවසක් අය්ය  කියපු දෙයක් මතක් උනා .එක පන්සලක් වටේටම ලොකු තාප්පයක් ගහල තිබ්බ එක දැක්ක අය්ය මගෙන් ඇහුව "පන්සලක් නම් ඇයි තාප්ප ගහන්නෙ " කියල ඒ වචන ටික ඇතුලේ ලොකුදෙයක් තිබ්බ ම්ම්ම් ...මම මගෙන්ම ඇහුව ඇයි  ඇත්තටම පන්සල් වලට තාප්ප ගහන්නෙ .පන්සල කියන්නෙ ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන් නිදහස් තැනක් ඇයි එතන තාප්ප ගහල හැමෝගෙන්ම ඈත් කරන්න වගේ වටකරලා තියෙන්නේ ...අනේ මන්ද ... පන්සල්වල ලොකු තෝරන් ඉදිකරනව ඒ හැමදෙයක්ම එන්නේ ආමිස පූජාවටද ?..ඒ සිමෙන්තිවලට යන වියදම දුප්පත් ළමයෙකුට හරි දුප්පත් පන්සලකට හරි දීල බුදුන් සිහිකරලා වැන්දොත් මොන පූජාවද ඉහල ..මේ මට හිතුන දෙයක් ... මම වැරදි ඇති

2014.06.08

.................................
කලාව සහ ජීවිතය ... මේ දවස් වල මගෙයි මගේ යාලුවන්ගෙයි ෆොටෝගන්න පිස්සුවක් ඇවිත් කැම්පස් එක වටේම ගස් ගෙම්බෝයි  ගොලුබෙල්ලොයි කටුස්සොයි  ගලයි මලයි හැමදෙයක්ම ගන්නව . ආසාව කොහොමද කිව්වොත් අන්තිමට photography course  එකකටත් බැඳුන  :D ෆොටෝ ගන්න එකයි චිත්‍ර අඳින එකයි දෙකම එකම කලාවක් වගේ  හොඳ ඇහැක් මනසක් තියනවනම් අන්තිම නිර්මාණය ඇති විශිෂ්ටයි ,ඉස්සර තිබ්බ චිත්‍ර අඳින ආසාවත් දැන් නැතිවෙලා දැන් ඉතින් කොහෙද ඒවටවත් වෙලාවක් ..ලෙක්චර් එකේදී නින්ද යනකොට  අමාරුවෙන් නින්ද යවාගන්න එක එක කුරුටුබලි ඇන්දට වෙනද වගේ වෙලාවක් අරන් හොඳ නිර්මාණයක් අඳින්න නිදහසක් නෑ . ..මං  ආසම conceptual art  වලට ..එකම පින්තූරයක් ඒත් මිනිස්සු දකින විදිහ අනුව එකම පින්තුරේට විවිධ  අර්ථකතන .. කෙලින්ම කියන දේට වඩා සැඟවුණු අර්ථයක් දෙන චිත්‍ර වලට මං  ආසයි .......

2014.06.09

.........................
පොඩි කාලේ පහේ ශිෂ්‍යත්වෙට  මැරීගෙන පාඩම් කළා ඊට පස්සේ සාමාන්‍ය පෙළ එකටත් කොහොම හරි A අකුරු අරන්   අයෙමත් z අකුරක්  පස්සේ පන්නන්න  ගත්ත ..ඉවරද ..මොන ඉවරයක්ද දැන් GPA එකක් පස්සෙ දුවන්න වෙලා ..විභාග විභාග ...අය්යෝ තව විභාග ගොඩාරියක් අත ළඟ  :( 
කවද මේවා ඉවර වෙයිද ..දෙය්යෝ ත් නොදනියි ..මමත් නොදනියි .......

2014.06.11

..............................
අද කොටුව ස්ටේෂන් එක ඉස්සරහ ලොකු හඬක් ..අයිතී න් ලබාගැනීමේ හඬක්  හැමදාම මං කැම්පස් ඇරලා එද්දී ස්ටේෂන් එක ඉස්සරහ අය්යල අක්කල  එයාලගේ උපාධිය වෙනුවෙන්   සත්‍යග්‍රහයක්  රටේ අනාගතය බාරගන්න ඉන්න මිනිස්සු සතිගානක් පාරට වැටිලා ..අන්තිමට අද එයාලට විසඳුමක් ලැබිල .. ජයග්‍රාහි හඬ හැමතැනම . මේවගේ උද්ඝෝෂණ වල අන්තිමට දකින්න හම්බෙන ප්‍රසිද්ධ මූණකුත් අද රටටම ඇහෙන්න එතන කතාකරා  හැබැයි ඔහුව මම දැක්කේ අද විතරයි ඔහු  එක දවසක් හරි මේ විරෝධතාව වෙනුවෙන් ඇවිල්ල හිටියද නැතිනම් අන්තිම මොහෙතේ විතරක් ඇවිල්ල කෑගහල ගියාද  කියන එක මට තවම ගැටළුවක් ..මම අරගල කරන අයට කැමතියි ..මිනිස්සු අයිතී න් වෙනුවෙන් සටන් කරන්න ඕන අරගල කරන්න ඕන හැබැයි අරගල කරන මිනිස්සු තම අයිතිවාසිකම් වලට සටන් කරනවා වගේම පෙරලා තමන්ගේ යුතුකම් ගැනත් සිතිය යුතුයි ..මේක හැමෝටම අදාළ දෙයක් .............


2014.06.12
...........................
වෙලාව 12.07  අද දවස තවම ඇරඹුනා පමණයි අද විශේෂදවසක් ..අද අලුත් දවසක් ..අලුත් අදහස් වලින් දවස අරඹන්න වෙලාව ඇවිදින් .........




4 comments:

  1. අර අංකල් ප්ලාස්ටික් බෝතලය විසිකල සිද්ධිය කියවන කොට මට මතක් වුණේ එදා බ්ලොග් අවුරුදු උත්සවේ දවසේ කුණු දමන භාජන 50ක් හැටක් තියෙද්දිත් නොමිලේ ලබාදුන් වතුර බෝතල්වල හිස් ඒවා පිටියේ වේදිකාවේ හැම තැනම දාල තිබ්බ හැටි. උත්සවේ ඉවරවෙන්න පැයක් තියෙද්දි අපි කීප දෙනෙක් ඒවා සේරම ඇහින්දා.

    ReplyDelete
    Replies
    1. තැන තැන කුණු විසිකරන එක හැමෝගෙම පුරුද්දක් වෙලා .බස් ටිකට් එක පවා විසික්කරනවනේ පාරට .සමහර පොඩි ඒත් ගොඩක් වැදගත් දේවල්වලට මිනිස්සු අවධානය යොමුකරන්නැති එක තමා ලොකුම ප්‍රශ්නෙ .

      Delete
  2. නංගි මුලින්ම ඔයාට සුබ පතනවා ඔයාට හොඳ පුරුද්දක් තියෙනවා ඒ තමා දින පොත් ලිවීම, මන් ඕක කොරන්න හ්දුවට මට ඕක හරි ගියේ නෑ, පස්සේ කඩ්ඩෙන් ලිව්වා වෙනම දියරියක් අරන් , එත් හරි යන නෑ, අර ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ, මට හරියන නෑ, හැබැයි මට වෙනම පොතක් තියෙනවා හිතට එන වල පල සේරම කුරුටු ගාන, නිදාගන්න යන්නෙත් එකට් අරන්, :D. නින්ද යනකන් හිතට එන ඔය මොන මනාව හරි කුරුටු ගානවා. මමත් ඕ/ලෙවල් වලට චිත්‍ර තමා කලේ, මන් නම් ආසම ද්‍රව්‍ය සම්පිණ්ඩනයට තමා, පස්සේ කැම්පස් එකෙත් චිත්‍ර අන්දා, අන්තිමේදී කැම්පස් එකේ අමරනීයම චිත්‍රය අදින්න වාසනාව පෑදුනා, මන් එලියට ගියත් එයා ඉඳියි කැම්පස් එකේ තනියට බිත්තිය තියෙන තුරාවට. ඉතින් පස්සේ චිත්‍ර අඳින්න වෙලාව නැතිවෙනකොට පුංචි කාලේ ඇහැ දැකපුවා බලිකුරුටු ගාපු පුරුද්දටමද කොහෙද දැන් පොටෝ පිස්සුව, එත් දුක කියන්න මන් මගේ යාළුවොන්ගේ පින්තූර මගේම කලාවට ගනිද්දී උන්ට ඕන විදියට ගනිද්දී උන් එකෙකුටවත් බෑ මගේ පින්තූරයක් මට ඕනා ඈන්ගල් එකෙන් මට ඕනා විදියට ගන්න, මාත් ඉතින් පොටෝ ගන්නේ 4න් එකෙන් තමා, අපිට කොහෙන්ද බූල් බල්ලෝ නේද නැගී, ලද දෙයින් සතුටු වෙලා හැකියාව දියුණු කරගන්න, පස්සේ කාලෙක බැරිය CANON EOS DSLR කැමරාවක් ගන්න, නංගි බුකියේ ඉන්නවානම් මෙන්න සර් පොටෝ සාත්තරේ ඉගෙන ගන්න. Indranatha Thenuwara සර්ගේ පන්තියකට ජෝඉන් වෙන්න පුලුවනම් යේ දෙකක් නෑ සාත්තරේ අකුරක් නෑර ඉගෙන ගන්න පුළුවන්. තව බුකියේ තියෙනවා ආර්ට් ගැලරි, තව පින්තුර ගැන, ඒකේ ඉන්න අය ගත්තු පින්තුර, ඒ ගැන කියල දෙන. ඕක ඉතින් බැහැලාම කරන්න ඕන වැඩක්, ඒ වගේම ඇඩෝබීගේ පොටෝ සාප්පුව පාවිච්චි කරන්න දන්නවනම් වඩාත් වටිනවා, එත් මන් ආසම විදිය තමා UNEDITED PHOTO, නන්ගිලටත් GPA පස්සේ දුවන්න වෙලා නේද? දැන්ම දුවන්න ගන්න නැත්තන් AGPA ඇනුවල් GPA එක බැහැලා ඩිග්‍රී එක ගත්තත් CLASS එකක් ගන්න අමාරුයි. එක නිසා SGPA සෙමෙස්ටර් GPA එක ගොඩ දාගන්න බලන්න. ඉතින් සුබ පතනවා ඔයාගේ අනාගතයට. ලංකාවේ මිනිස්සු ගැන නම් කියලා වැඩක් නෑ, නලීන් අයියා ඔය කියලා තියෙන්නේ උදාහරණත් එක්කම, ම තාමත් පින් දෙනවා මව හදපු මොන්ටි සෝරි එකේ මිස්ට මන් ටොපි කොලයක් බිම දාල කල වැරැද්දට මට දඬුවම් නොදී මාව හදපු විදියට. ඉතින් ජය වේවා.

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් එක එක විදිහට දිනපොත් ලිව්වා .පස්සෙ online diary එකකත් ලිව්ව . දිනපොත් හැමෝටම පෙන්නන් නෑනේ .දිනපොතටත් වඩා මගේ අදහස්, මං හිතන විදි හැමෝටම කියන්න පුළුවන් කලාවකට මං ආසයි ඒකයි හොඳට ලියන්න බැරි උනත් බ්ලොග් වලට ලියන්නෙ බ්ලොග් වලට ආදරේ කරන්නෙ .චිත්‍ර කලාවට මාත් ආසයි : D අඳින්න කෙසේවෙතත් පාට ගොඩක් මිශ්‍ර කරලා ඕනෑම දෙයක් ලස්සන කරන්න මට පුළුවන් :) අය්යගේ හැකියාව ගැන ගොඩක් සතුටුයි .පුලුවන්නම් ඔයා ඇන්ද ඒ අමරණීය චිත්‍රෙයි ඔයාට ආවේණික ඔයාගේ චිත්‍ර කලාවයි එක්කරල බ්ලොග් ලිපියක් ලියන්න. එතකොට අපිටත් බලල සතුටුවෙන්න පුලුවන්නෙ ...දැන් ඉතින් වෙලාවක් නැතිනිසා චිත්‍ර අඳින එක පැත්තක දාල ෆොටෝස් ගන්නවා .හි හී ..ඔයාට තියන ප්‍රශ්නෙම තමයි මට ඕන විදිහට යාළුවන්ට මගේ ෆොටෝස් අරන් දෙන්න බෑ :D .අය්ය දුන්න විස්තර ටිකට ගොඩක් ස්තූතියි Art Gallery එකට මං ආසයි . ඒකටත් ෆොටෝස් එකක් දෙකක් දානව කොහෙද අපේ අය්යා ගෙදර තිබ්බ කැමරාව උස්සල මට ෆොටෝස් ගන්න විදිහක් නෑ :( ...ලියපු හැමදේටමයි සුබපැතුම් වලටයි ගොඩක් ස්තූතියි මේ දවස් වල විභාග භීතිකාවකට ලක්වෙලා තියෙන්නේ (exam උණක් ) ඒ නිසා මොකුත් ලියන්න ඔලුවට එන්නෙත් නෑ නොලිය ඉන්න හිතෙන්නෙත් නෑ.ඒත් හැමදාම හීනෙන් පේන්නෙ GPA . මාසයක්ම මේ දුක තමයි .... :(

      Delete