මේ කතාව ලියන්නද නැද්ද කියල මම දෙපාරක් හිතුව මේ කතාවෙන් හිතන්න දෙයක් තියනව.. කතාවේ කියවෙන චරිත ගැන ඔයාලට කියන්න දෙයක් තියෙයි .කතාව කියවල ඉවර උනාම ඔයාලට හිතෙයි මේ කතාවේ කියන අයගෙන් එක්කෙනෙක් වැරදී කියල හැබැයි ඔයාට වැරදී කියල හිතෙන කෙනා තව කෙනෙක්ට වැරදි නැති වෙන්න පුළුවන් ..හැමදේම තීරණය වෙන්නෙ ඔයාල ඒ චරිතදිහා බලන කෝණය අනුව .මේක ගොතපු කතාවක් නම් නෙමෙයි ඇත්තම කතාවක් හැබැයි පොඩි සංවාදයක් .. මුහුණු පොතෙන් මාත් එක්ක කතාකරන ගොඩක් හිතවත් අය්ය කෙනෙක් ට වෙච්ච සිදුවීමක් තමයි මේ. එයාගේ නමවත් විස්තර වත් මෙතන කියන්න වෙන්නේ නෑ .
කාලයක් එකදිගටම මාත් එක්ක කතා කල අය්යා එකපාරටම කතා කරන එක නැවැත්තුව ..හේතුවක් වත් මොකුත් දන්නෑ .message යැව්වත් reply නෑ . හිතාගන්න බැරිව හිටියේ මොකක් උනාද කියල ඔන්න මාසෙකට පස්සේ මට reply එකක් එවල තිබ්බ . කතාව ඒ විදිහටම එයාගේ වචනෙන්ම කියන්න ඕන නිසා සංවාදයක් විදිහට ලියන්නම් මෙන්න මේකයි කතාව ....
දැන් online එන්නෙත් නෑ
අහ් ..ඇයි මතක් උනේ අපරාදේ හිටිය විදිහටම ඉන්න තිබ්බනෙ . message වලට reply එකක් එවන්න වත් වෙලාවක් නෑනේ නේද :/ ඕන වෙලාවට විතරක් කතා කරනවා අනෙක් වෙලාවට ගණන් ගන්නේ වත් නැ .අපෝ ඕවගේ යාළුවො ඕනෙ නෑ :(
අය්යෝ නංගා එහෙම දෙයක් නෙවේ ..පහුගිය දවස් ටිකේම මම ගොඩක් කලකිරිලා හිටියේ .fb වත් අවේ නැත්තේ ඒකයි .
කළකිරිලා ? එමොකටද ?
හ්ම්ම් ... ඒක දිග කතාවක් ...
කැමතිනම් කියන්න ..මම අහන් ඉන්නම්
ඔයාට මතකද මං ඔයාට අන්තිමට කතාකලේ මගේ birthday එක දවසෙනේ ..
ඔව් ..
මට ගෙදරින් proposal එකක් ගෙනෙල්ල තිබ්බෙ එදා මං ගියා ඒ කෙල්ලව බලන්න
proposal එක නිසාද fb අවේ නැත්තේ අය්යෝ මෙහෙමත් අය්යෙක්
හි හී ...
ඉන්නව මැට්ටි මං කිව්වේ නෑනේ තාම ..
හා එහෙනම් කියන්නකෝ :P
proposal එකට මං කැමති උනා .එයත් මට කැමතී කිව්වා ..හොඳටම ..මං බලකලේ නෑ .ඊට පස්සෙ තමයි මං හිතුවෙ fb ඇවිල්ල කාලේ කන එක හරි නැ පිළිවෙලක් වෙන්න ඕන කියල .
ඉතිං ..
එයා මාත් එක්ක හොඳට කතාකලා ..මාව දාල යන්නේ නෑ කියලත් කිව්වා හැබැයි ..එත් එහෙම කියල සති දෙකකට පස්සේ පැය දෙකක් ඇතුළත එයා වෙනස් උනා
:O පැය දෙකක් ?
ඔයාම මේක අහල කියන්න මං වැරදිද කියල
එයා මට කැමති කිව්වනෙ ඊට පස්සෙ එක දවසක අපි ෆෝන් එකෙන් කතාකරද්දී එයා මගෙන් ඇහුව "ඔය කවද හරි දවසක drinks අරන් තියනවද " කියල මම කිව්වා කැම්පස් එකේ ඉන්න කොට දෙතුන් පාරක් beer බීල තියනවා දැන් නම් කොහොමත් නෑ ඒ සිද්දිය උනෙත් දැන් අවුරුදු 3 කට විතර කලින් කියල .මං කිව්වා මේක කාටවත් කියන්න එපා මං මේක අපේ අම්මට වත් කියලනෑ කියල
හ්ම්ම් ... ඊට පස්සෙ
මාත් එක්ක එයා ටිකක් වෙලා කතා කළා ඊට පස්සෙ ගූඩ් නයිට් කියල නිදාගත්ත ..............පහුවෙනිදා උදේ ..එයා හැමදේම ගිහින් එයාගේ තාත්තට කියල .එතකොට තාත්ත එපා කිව්වා කියල එයා මට කතා කරලා කිව්වා මේ සම්බන්දෙ නවත්වමු කියල .. ...
මේක අහල මට සංසාරේ එපා උනා නංගි .
මට ඕන උනේ අවංක වෙන්න පොඩි රහසක් වත් තියාගන්න ඕන උනේ නෑ .මම ඕක කිව්වේ නැත්නම් එයාට ඒක කීයටවත් හොයාගන්න හම්බෙන්නෙත් නෑ .එත් මගේ අවංක කම මටම හරහට හිටිය
හ්ම්ම් ... අනේ මන්ද සමහර විට එයා හිතන්නැති ඔයා දැනටමත් බොනවා එත් ඒ බව කියන්නෑ කියල ..බීල ජීවිතේ නාස්ති කරන කොල්ලන්ට කෙල්ලෝ ආස නැනේ අය්යේ එයාලට ජීවිත කාලෙටම විඳවන්න බෑනේ ..
නෑ නංගි එකක් මං ඒ වෙලාවේ බිව්වේ පොඩ්ඩක් ඒක දැන් නෑනේ අනෙක මේ දේ මගේ කැම්පස් යාලුවෝ වත් වැඩිය දන්නේ නෑ .මම අවංක උනා වැඩි එයා මට කිව්වේ මොන දේ තිබ්බත් කතා කරලා විසන්දගන්නවා කියල ..මැරෙනකන් අයින් වෙන්නේ නෑ කියල කිව්වේ එහෙම කෙනෙක්ට පැය දෙකෙන් වෙනස් වෙන්න පුලුවන්ද නංගි හදවතක් තියනවනම් ..
ඔයා ඉතින් මේගැන මොනාවත්ම කලේ නැද්ද ?ගෙදර අයත් එක්කවත් කතා කලේ නැද්ද ?
පස්සෙ මං එයාට ගන්න ගොඩක් try කළා එත් එයා answer කලේ නෑ message යැව්ව ඒත්
reply එව්වේ නෑ බැරිම තැන මම proposal එක ගෙනාව එයාගේ පුංචිට කතා කළා එයා කිව්වෙත් මම ඕනවට වැඩිය අවංක උන නිසා මේ දේ උනා කියල .එයත් පැහැදිලි කරලා තිබ්බ එත් වැඩක් උනේ නෑ .
විසඳගන්න තිබ්බ ප්‍රශ්නයක් ඇයි හම්බෙලා කතා කලේ නැත්තෙ?
කතා කරන්න හැදුව... හැම විදිහටම ....මම වැන්දේ නම් නෑ එත් එයා වෙනස් උනේ නෑ... අන්තිමට මං එයාව හිතින් අතැරලා දැම්ම හැබැයි...... මට ජීවිතේ ගැන පුදුම කලකිරීමක් ආවේ ...
ඔයාට වෙච්ච දේ ගැන ගොඩක් දුකයි .. ජීවිතේ අපි ට වෙන ගොඩක් දේවල් කවදාවත්ම හිතන්නේ නැති විදිහටනේ වෙන්නෙ ..හිත හදාගන්න බලන්න අය්යෙ ..මන්ද මට ඒ girl ගේ පැත්තේනුත් හරි කියල හිතෙනව හැබැයිඑයාට කතා කරලා විසඳ ගන්න තිබ්බ හැමදේම
සමහර විට මම ඉස්සරහට මේවගේ අවංක වෙන්නැති වෙයි එහෙම නැත්නම් කිසිම කෙනෙකුට ආදරේ කරන්නැති වෙයි ..මට තේරුම් ගන්න බැරි ඇයි අවංක වෙන මිනිස්සුන්ට ම ජීවිතේ දුක් විඳින්න වෙන්නෙ ....
.
.
.
ඔන්න ඔහොමයි කතාව උනේ .. තව ගොඩක් දේවල් ඒඅය්යා කිව්වාවැරදි කවුද කියල මම කියන්නෑ ... මට කියන්න ඕන උනේ මෙහෙමත් දේවල් මේ සමාජයේ අපිට අහන්න වෙනවා කියල . ඕගොල්ලන්ට හිතන්න ඉඩ ඇරලා මම නවතින්නම් .....................