Saturday, April 8, 2017

රෝස ගස සහ සමනළ තටුව


ප්‍රේමයක් අහිමිව 
වසත් කලදීම මැලවුන 
කෘෂව ගිය කටුගස 
විටෙක කුසුමින් බරවුන 
නැවුම් පඳුරකි රෝස 

කටු තුඩග ලෙලෙදෙන 
ඉරුණු සමනල තටුව 
බොහෝ තතු කියන 
ශේෂ වූ මතකයකි 
සමුගැනීමක දුක්බර 

පෙරදින ගොදුරු ගැටුමක 
රෝස කටු ප්‍රහාරෙට 
නොසැලුනු කටුස්සෙකි අර
නේක  පැහැ ගෙන 
තවමත්  දඩයමේ යන 

මල් හලා  හැම විකසිත 
මළගමට  අද සැරසෙන 
රෝස  ගස තනිවයි 
මදනල ට ඉඩ දී 
සමනළ තටුව පා කර 


12 comments:

  1. මල් හලා හැම විකසිත
    මළගමට අද සැරසෙන
    රෝස ගස තනිවයි

    <3

    ReplyDelete
  2. ලස්සනයි හංසි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ලස්සනයි....ඒත්

    ReplyDelete
  4. අපූරුයි හන්සි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි :)

      Delete
  5. හිතට දැනුනා හංසි...

    ReplyDelete
  6. ලස්සනයි හංසියෝ,

    කවිය දෙපාරක් විතර කියෝගෙන යනකොට හිතට බොහොම දරුණුවට වදින්න පටන් ගත්තා..

    ReplyDelete
  7. අහම්බෙන් ගෙතුන පද ටිකක් විභී ..ස්තූතියි ඇගයුමට :)

    ReplyDelete