කුසුම මගෙද මා නතුකර රස වින්ද
බඹරු නැතිද මා නැති තැන ලුහුබැන්ද
මුලා වුනිද මා නුඹටම පෙම් බැන්ද
කිලුටු කුසුම් පෙති දැක ඉන්නේ කෝම
බඹරු නැතිද මා නැති තැන ලුහුබැන්ද
මුලා වුනිද මා නුඹටම පෙම් බැන්ද
කිලුටු කුසුම් පෙති දැක ඉන්නේ කෝම
සිපිරි ගෙදර රෑ දහවල නිදි මැරුව
නුඹෙ තනියට සිත දුවවිත් මුර කෙරුව
මා සතු අමිල රුවනක්වන් රුවැති ලඳ
මේ සිත් වහන් කොට වෙනතක ගියෙ කෝම
නුඹෙ තනියට සිත දුවවිත් මුර කෙරුව
මා සතු අමිල රුවනක්වන් රුවැති ලඳ
මේ සිත් වහන් කොට වෙනතක ගියෙ කෝම
කාසි දිදුල දෑස නිලංකර උනි ද
නේක බඹරු මත් දළ විද සැඟවුනි ද
සළු පිලි අහර නැති දා නුඹ දුක් වී ද
මේසා ප්‍රේමයත් විගහින් දියවුනි ද
නේක බඹරු මත් දළ විද සැඟවුනි ද
සළු පිලි අහර නැති දා නුඹ දුක් වී ද
මේසා ප්‍රේමයත් විගහින් දියවුනි ද
පානා සෙනේ ගස්සා නුඹ යන කලෙක
වාවා කෙලෙස විඳ සැනසෙන්නේ කෝම
ඕපාදූප දෑසින් දැක වියරු වැද
ඇන්නා සුද්දියේ හදමැද පිහි පහර
වාවා කෙලෙස විඳ සැනසෙන්නේ කෝම
ඕපාදූප දෑසින් දැක වියරු වැද
ඇන්නා සුද්දියේ හදමැද පිහි පහර
-රොමියෙල්-
හංසියා, කවි ටික ලස්සනයි ඒවගේම සංවේදීයී
ReplyDeleteස්තූතියි ඉයන් මාමේ :) :)
Deleteකවි රස වෑහෙනවා. මේ කතාවක චරිතද?
ReplyDeleteමම හිතන්නෙ සුද්දිලගෙ කථාව
Deleteඔව් :) සයිමන් නවගත්තේගම මහත්මයගෙ 'සුද්දීලාගේ කතාව' පොතේ චරිත දෙකක් තමා සුද්දි සහ රොමියෙල්
DeleteThis comment has been removed by the author.
Deleteස්තුතියි හංසි, ඉයන් දෙන්නාටම....
Deleteවෙන මල් සුවඳකට හිත ඇදුනෙම නැද්ද
ReplyDeleteඑන හැම සිහිනවල වෙන රූ දැක නැද්ද
පින පළඳින්න දුර ගිය බව දන්නැද්ද
ඇන පු නිසාවත් අමතක කර නැද්ද.....
-----සුද්දී-----
ලස්සනයි හංසී.
ජයවේවා!!!
දුමීගෙ පිළිතුරු කවිය පෝස්ටුව හැඩකලා ..ස්තූතියි :)
Deleteසුද්දිලා ගේ කතාව අපුරු කවකින්...
ReplyDeleteස්තූතියි නලීන් අය්යෙ :)
Deleteසුද්දිලාගේ කතාව පුස්තකාලෙන් හොරෙන් අරන් බලපු පොතක්.අපේ පුස්තකාලේ හිටපු නුවර මැණිකේ අපි පොඩි උන් කියලා ලොකු පොත් කියවන්න දුන්නෙම නෑ...
ReplyDeleteජය වේවා හංසි
මම මේ පොත කියෙව්වෙ ලඟදි මේ පොත් කියවද්දී මිනිස්සුන්ගෙ චරිතවල තියන අව්‍යාජ කමට ගැමි කමට මම ආදරෙයි. ඒ නිසාමද මන්ද ලොකු පොතක් උනත් එපා වෙන්නේ නෑ කියවල ඉවරවෙනකන්ම. හිතට දැනුන පොතක් මේක.
Deleteස්තූතියි සුමුදු :)
හංසියෝ කවිය ලස්සනයි.... ආයේ පාරක් සුද්දිලගේ කතාව කියවන්න හිතුනා...
ReplyDeleteසයිමන් නවගත්තේගම කියන්නේ මහ අරුම පුදුම කතුවරයෙක්...
ස්තූතියි සින්බෑඩ් :)
Deleteඅගේ ඇති කවි පෙළ . පොතත් කියවා තිබෙනවා.
ReplyDeleteමෙන්න මේ පදය විතරක් මට කියව ගන්න බැහැ අනිත් තුනේ තාලෙට.
"කාසි දිදුල දෑස නිලංකර උනි ද"
ස්තූතියි අජිත් අය්යෙ :)
Deleteඒ කවි පේලිය පොඩ්ඩක් වේගයෙන් කියන්න ;):D