Sunday, April 9, 2017

හිත මිතුරු සුළඟට ආයෙමත් ලියමි ..........

හිත මිතුරු සුළඟ ළඟ  එන වැහි වලාවට  කියන්  
මහ අඳුර සමග වැහි පොද මෙහි රැගෙන එන ලෙසින් 
යලි කිසිදු දිනක ඈ නොඑතියි නිසැකවම දනිම් 
වැහි වැටුනොත්  මේ  ශේෂ කඳුළු නතර වේ  සැනින්  ......... //

විදි පුරා වතුර පිරී  හෙමින් හෙමින් මාවත දිග ඉතිර යාවි දැන්               
ආගිය මග ලකුණු තෙමී යනවානම් මතක ලකුණු නිධන් වේ කෙමෙන් 

හිත මිතුරු සුළඟ ළඟ  එන වැහි වලාවට  කියන්  
මහ අඳුර සමග වැහි පොද මෙහි රැගෙන එන ලෙසින් 
යලි කිසිදු දිනක ඈ නොඑතියි නිසැකවම දනිම් 
වැහි වැටුනොත්  මේ  ශේෂ කඳුළු නතර වේ  සැනින්  

අප සමුගත් පසු මැයි ගස්  මල් නොපිපී  හිස් අහසේ  ඔහේ  බල බලා 
පියඹා යන සියොත් කැලෙන් ඇහුවා වැහි වලා කොහේ සැඟවුනිද  කියා

හිත මිතුරු සුළඟ ළඟ  එන වැහි වලාවට  කියන්  
මහ අඳුර සමග වැහි පොද මෙහි රැගෙන එන ලෙසින් 
යලි කිසිදු දිනක ඈ නොඑතියි නිසැකවම දනිම් 
වැහි වැටුනොත්  මේ  ශේෂ කඳුළු නහර වේ  සැනින් ...........//




ප.ලි. : 
අහල තියන සිංදුවක් ගැන වෙනස් විදිහට හිතල හිතට ආපු පද ටිකක් එකතු කරලා මේක ලිවවෙ .දැන් ඉතින් බනින්න නම් එපා හරි ;) ... අපි හැමෝම අහල තියන වික්ටර් රත්නායක මහත්මයා  ගායනා කරලා තියන 'හිත මිතුරු සුළඟ ' සිංදුවේ කොල්ලව  කෙල්ල දාල ගියොත් කොහොම කියාවිද ? අන්න එහෙම කියල හිතල ලීව පද ටිකක් තමා මේ ........ :) 


මුල් සිංදුව  අහන්නකො  මෙතනින් 




18 comments:

  1. හොඳ අදහස. නියමයි

    ReplyDelete
  2. පට්ටයි ඈහ්..👍

    ReplyDelete
  3. පට්ටයි ඈහ්..👍

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හිත මිතුරු දෙනෙත ලඟ එන උනු කඳුලකට කියන්
    අද නොපැමිණ යම් දිනයක එහි ඇවිත් යන ලෙසින්
    ටික දිනකින් ඈ කැටුව යාවි පෙම්වතෙක් තුටින්
    නෙතු තෙමුනොත් ඒ දිනයේ දුක දරා ගමි සෙමෙන්

    කොපුල් පුරා කඩා හැලෙයි
    කෙමෙන් කෙමෙන් ඇගේ දසුන
    බොඳව යන ලෙසේ
    නෙතු දෑලේ ඒ දසුන මැවෙයි
    කතා නැතිව ඇය මෙලෙසින්
    ඉගිල යනු කෙ⁣සේ

    හිත මිතුරු දෙනෙත ලඟ එන උනු කඳුලකට කියන්
    අද නොපැමිණ යම් දිනයක එහි ඇවිත් යන ලෙසින්
    ටික දිනකින් ඈ කැටුව යාවි පෙමබරෙක් තුටින්
    නෙතු තෙමුනොත් ඒ දිනයේ දුක දරා ගමි කෙමෙන්

    ඈ සමුගත් පසු රැඳෙන්න
    මා සමගින්
    මගේ තනියටම වෙලා
    එතෙක් නෑවිදින් හිදින්න
    සිතේ⁣ අැ⁣ගේ දසුන
    ඇඳී යන තුරා

    හිත මිතුරු දෙනෙත ලඟ එන උනු කඳුලකට කියන්
    අද නොපැමිණ යම් දිනයක එහි ඇවිත් යන ලෙසින්
    ටික දිනකින් ඈ කැටුව යාවි පෙමබරෙක් තුටින්
    නෙතු තෙමුනොත් ඒ දිනයේ දුක දරා ගමි කෙමෙන්

    ReplyDelete
    Replies
    1. වෙනස් පැතිකඩක් හිතල ...ලස්සනයි :)

      Delete
  6. හැමදේකටම පස්සෙත් හුදකලාව කියන්නෙ අමුතුම අානන්දයක්. ප්‍රේමයට පුලුවන් කෙනෙක්ව ගීතයක් කරන්න. තව කෙනෙක් හුදකලාවෙන් පිරුණු විප්‍රවාසී ජීවියෙක් කරන්නත් ප්‍රේමයට පුලුවන්. එහෙම බැලුවම මේ ලෝකෙ තියෙන හුඟක් හැගීම් දැනීම් වලට වස්තු වෙන්නෙත් ප්‍රේමයම තමයි.

    ආපහු ආවාත් නාවත් තමන් දාල ගිය කෙනාට ආදරේ කරන්න පුලුවන් එහෙමත් කෙනෙක්ට විතරයි...
    මං දන්නෙ එච්චරයි..

    ආපහු ලියනව දැක්කම සතුටුයි... ජයවේවා හංසි

    ReplyDelete
    Replies
    1. මහේෂ් අය්ය මුලින් ලියල තියන වචන ටික නම් ඉස්තරම්. එකඟයි 100% ක්ම

      Delete
  7. අපුරුයි හංසි,කාලේකින් මේ පැත්තට ආවේ ලස්සන නිර්මාණයක් කියවන්න ලැබුනා,දිගටම ලියන්නෝ කියවන්න එන්නම්,

    ReplyDelete
    Replies
    1. දෙය්යනේ රස්තියාදු කාරයව දැක්ක කල්. කියන්න ගොඩක් දේවල් තියනවා කොහොමද කියන්නේ රස්තියාදු කාරයව හොයාගන්න බැහැනෙ දැන් කොහෙවත් :/

      Delete
  8. අපූරුයි ..... ඉස්තරම් .....

    ReplyDelete