ප්‍රේමයට අවැසිනම්
නොකියාම පැමිණෙන්න
රහසේම හද තුලින්
දුහුල් මල් පූදින්න
කාටවත් ඇස නොගැටි
හද කුටිය ඇරදෙන්න
නැත කිසිදු අවසරක්
ලොවෙන් ඇය අරගන්න
පිපෙන්නේ මල තනිව
තනි හිතක රහසේම
ලියන්නෙ කවි නිතින
පෙති පුරා ඔහු ගැනම
විඳින්නේ හද ගොළුව
මුව වදන් නොම පිටව
සොයන්නේ පැතු නෙතයි
මුළු ලොවට රහසේම
එහෙත් පෙම් මල් නැගෙයි
මේ අඳුරු කුටිය වට
ඒ කුසුම් නොදනී වි
කුටිය තුල පිපි කුසුම
ඔවුනොවුන් හිනැහුනත්
තතු නොදැන අද මෙදින
දිනෙක කුහුලින් තැවෙයි
සුවඳ හල විට කුසුම
දම්මිට තිබ්බේ ගොළු හදවතක්. සුගත් වෙනුවෙන් හිතේ හටගත්ත ආදර මල් පොහොට්ටුව හටගත්තෙ හදේ කොනක කාටවත් වෙන් නොවුන,කාටවත් නොකීව රහස් කුටියක දම්මිටත් නොදැනීම ඒ මල් කැකුල ආදරෙන් පැහැ වෙද්දි. නිහාල් වගේ මේ රහස් කුටීරය අවට එක එක මල් නොපිපුනා නොවෙයි.එහෙත් මේ රහස් කුටිරයෙන් ප්‍රේමයේ පිවිතුරු කුසුම පිබිදී සුවඳ හලන තෙක් අන් කිසිත් දනිවිද ? ගොළු හදවතින් එකදු වචනයක් වත් ලොවට නෑහුනොත් එ මලේ අයිතිකාර සුගත් උනත් දම්මි ගැන හිතාවි වැරදියට ....
ප.ලි. ගොළු හදවත කියවා හදවත දම්මි ගැන උපන් දයාවෙන් ලියවුනි ...

පොත කියවන්න ඕනෙ :) බ්ලොග් එකේ අලුත් පාට ලස්සනයි ඇ
ReplyDeleteපොතේ pdf තියේවි සමහරවිට :)
Deleteපොත කියවන්න ඕනෙ :) බ්ලොග් එකේ අලුත් පාට ලස්සනයි ඇ
ReplyDeleteහඬන සිතකට කඳුලැල්ලක් වී
ReplyDeleteනෙතු දෑලෙන් වියැකෙන්න ඉතින්
දෙන්න අවසර මතක බිඳක් වී
මම එන්නම් නුඹේ සිතට සැනින්
හිටියා මතකයි සිනාපොදක් වී
පෙරදින සවසක නුඹේ ලඟින්
ඉන්නට හැකිනම් ඒ මතකෙට වී
කදුලැලි නොසලන් නුඹේ නෙතින්
සෙනහසක මල් පිපුන
ආදරෙන් නෙතු දිලුන
ප්‍රේමයක් උපන් ගොළු හදින්
පෙම්කර ඉතින් නොදොඩා මුවින්
සිනාසී පෙරදා ලෙසින්
හඬන සිතකට කඳුලැල්ලක් වී
නෙතු දෑලෙන් වියැකෙන්න ඉතින්
දෙන්න අවසර මතක බිඳක් වී
මම එන්නම් නුඹේ සිතට සැනින්
හිටියා මතකයි සිනාපොදක් වී
පෙරදින සවසක නුඹේ ලඟින්
ඉන්නට හැකිනම් ඒ මතකෙට වී
කදුලැලි නොසලන් නුඹේ නෙතින්
වසන්තයේ සඳ නික්මුණ
දවසක හිතක් තනිවුන
මතකයේ මිහිර පමණක් ඉතින්
ලංකර සොවින් නොතැවී හිඳින්
සිනාසී පෙරදා ලෙසින්
ලස්සනයි :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඑක් වරක් හදෙහි ඉපදෙන
ReplyDeleteවිගසින් හදවත ගොලු කරන
ප්‍රේමය අරුමයක්ම වන්නේය
ප්‍රේමය අරුමයක් මැයි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteගොළු හදවත කියල හිතට දැනුණ දේ අපූරුවට අකුරු කරලා ඔයා..
ReplyDeleteස්තූතියි සිතූ :)
Deleteගොළු හදවත හ්ම්ම් ඒක අපේ බයිබලය වෙච්ච කාළෙකුත් තිබුණා. මට හිතුණෙ දම්මි සුගත්ට තිබුණේ රාගයෙන් තොර ප්‍රේමයක් (Platonic Love) . සුගත් ඒක වරදවා වටහා ගත්තා. බ්ලොග් ලිපියක් ලිවීම ගැන හංසියාට ස්තූතියි.
ReplyDeleteපොත් කියෙව්වට පස්සේ කවියක් ලියන්නම හිතුන :)
Deleteහරීම ලස්සන හිතට වදින අකුරු ටිකක්
ReplyDeleteස්තුතියි වැහි :)
Deleteහිතට දැනුුනා.අපි සාපෙ කරන කාලෙ පරමාදර්ශී ලවුස්ටෝරිය බොඳ මීදුම්..අම්මලගෙ කාලෙ ගොළු හදවත.
ReplyDeleteපොත ආයෙත් කියවන්න ඕන
බොඳ මීදුම් කියවල නැහැනේ මම :/
Deleteඑක පොතයි කියවලා තියෙන්නේ...
ReplyDeleteමේකේ පොත් දෙකක් හරි ඊට වැඩි ගානක් හරි තියෙනවා නේද???
ඊළඟ කොටස එන්නෙ 'බඹා කෙටූ හැටි' පොතෙන්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙන්න මෙයා ආපහු ලියනවා.පොඩ්ඩක් බලන්න සිංඩි වලින් අයින්වෙලාද කියලා.මේක අහුවුනේ අහම්බෙන් මිසක සිංඩියකින් නෙමෙයි.
ReplyDeleteමෙන්න මෙයා ආපහු ලියනවා.පොඩ්ඩක් බලන්න සිංඩි වලින් අයින්වෙලාද කියලා.මේක අහුවුනේ අහම්බෙන් මිසක සිංඩියකින් නෙමෙයි.
ReplyDeleteඅවුරුද්දකට පස්සෙ වගේනෙ ආවෙ ඒක වෙන්න ඇති :)
Deleteහංසියෝ, ඔන්න දැන් තමයි උඹේ ගොළු හදවත කියවන්න ලැබුනේ..
ReplyDelete-----------------
බොහොම ලස්සනට හිතට දැනෙන විදියට ලියලා තියෙනවා.
------------------
අපිටත් ඔය වගේ ගොළු හදවත් කීයක් නම් හම්බෙලා ඇතිද කියලා තමයි මම මේ හිතන්නේ....
අපි හැමෝටම තියනව එක එක විදිහේ ගොළු හදවතක් :)
Deleteළමා වියත් යොවුන් වියත් අතර මල් මෙන් පිය කරු කුරුල්ලන් මෙන් නිදහස්.............
ReplyDeleteතාම මතකයී මුල් පද ටික.
සිංහල සංග්‍රහයට මෙ පොතත් එකතු කරන්න ඔනක(මගෙ මතය). මට නම් 11 වසර කාලේ එපා වෙලා තිබ්බේ මේ සිංහල සංග්‍රහය පොතේ තිබ්බ මෙලෝ රහක් නැති කතා ටික කියවලා.