ප්‍රේමයක් අහිමිව
වසත් කලදීම මැලවුන
කෘෂව ගිය කටුගස
විටෙක කුසුමින් බරවුන
නැවුම් පඳුරකි රෝස
කටු තුඩග ලෙලෙදෙන
ඉරුණු සමනල තටුව
බොහෝ තතු කියන
ශේෂ වූ මතකයකි
සමුගැනීමක දුක්බර
පෙරදින ගොදුරු ගැටුමක
රෝස කටු ප්‍රහාරෙට
නොසැලුනු කටුස්සෙකි අර
නේක පැහැ ගෙන
තවමත් දඩයමේ යන
මල් හලා හැම විකසිත
මළගමට අද සැරසෙන
රෝස ගස තනිවයි
මදනල ට ඉඩ දී
සමනළ තටුව පා කර
මල් හලා හැම විකසිත
ReplyDeleteමළගමට අද සැරසෙන
රෝස ගස තනිවයි
<3
^_^ :) :)
Deleteලස්සනයි හංසි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී :)
Deleteලස්සනයි....ඒත්
ReplyDeleteඇයි ඒත්
Deleteඅපූරුයි හන්සි....
ReplyDeleteස්තූතියි නිර්මාණි :)
Deleteහිතට දැනුනා හංසි...
ReplyDeleteස්තූතියි අරූ :)
Deleteලස්සනයි හංසියෝ,
ReplyDeleteකවිය දෙපාරක් විතර කියෝගෙන යනකොට හිතට බොහොම දරුණුවට වදින්න පටන් ගත්තා..
අහම්බෙන් ගෙතුන පද ටිකක් විභී ..ස්තූතියි ඇගයුමට :)
ReplyDelete