Sunday, April 2, 2017

ගොළු හදවතක් ...

ප්‍රේමයට අවැසිනම් 
නොකියාම පැමිණෙන්න 
රහසේම හද තුලින් 
දුහුල් මල්  පූදින්න 
කාටවත් ඇස නොගැටි  
හද කුටිය ඇරදෙන්න 
නැත කිසිදු  අවසරක් 
ලොවෙන් ඇය  අරගන්න 

පිපෙන්නේ මල තනිව 
තනි හිතක රහසේම 
ලියන්නෙ කවි නිතින 
පෙති පුරා ඔහු ගැනම 
විඳින්නේ හද ගොළුව 
මුව වදන් නොම පිටව 
සොයන්නේ පැතු නෙතයි 
මුළු ලොවට රහසේම 

එහෙත් පෙම් මල් නැගෙයි 
මේ අඳුරු කුටිය වට 
ඒ කුසුම් නොදනී වි 
කුටිය තුල පිපි කුසුම
ඔවුනොවුන් හිනැහුනත් 
තතු නොදැන අද මෙදින 
දිනෙක කුහුලින් තැවෙයි 
සුවඳ හල විට කුසුම 


දම්මිට තිබ්බේ ගොළු හදවතක්. සුගත් වෙනුවෙන් හිතේ හටගත්ත ආදර මල් පොහොට්ටුව හටගත්තෙ හදේ කොනක කාටවත් වෙන් නොවුන,කාටවත් නොකීව රහස් කුටියක දම්මිටත් නොදැනීම ඒ මල් කැකුල ආදරෙන් පැහැ වෙද්දි. නිහාල් වගේ මේ රහස් කුටීරය අවට එක එක මල් නොපිපුනා නොවෙයි.එහෙත් මේ රහස් කුටිරයෙන් ප්‍රේමයේ පිවිතුරු කුසුම පිබිදී සුවඳ හලන තෙක් අන් කිසිත් දනිවිද ? ගොළු හදවතින් එකදු වචනයක් වත් ලොවට නෑහුනොත් එ මලේ  අයිතිකාර සුගත් උනත් දම්මි ගැන හිතාවි වැරදියට .... 



ප.ලි. ගොළු හදවත කියවා හදවත දම්මි ගැන උපන් දයාවෙන් ලියවුනි  ... 





26 comments:

  1. පොත කියවන්න ඕනෙ :) බ්ලොග් එකේ අලුත් පාට ලස්සනයි ඇ

    ReplyDelete
    Replies
    1. පොතේ pdf තියේවි සමහරවිට :)

      Delete
  2. පොත කියවන්න ඕනෙ :) බ්ලොග් එකේ අලුත් පාට ලස්සනයි ඇ

    ReplyDelete
  3. හඬන සිතකට කඳුලැල්ලක් වී
    නෙතු දෑලෙන් වියැකෙන්න ඉතින්
    දෙන්න අවසර මතක බිඳක් වී
    මම එන්නම් නුඹේ සිතට සැනින්
    හිටියා මතකයි සිනාපොදක් වී
    පෙරදින සවසක නුඹේ ලඟින්
    ඉන්නට හැකිනම් ඒ මතකෙට වී
    කදුලැලි නොසලන් නුඹේ නෙතින්

    සෙනහසක මල් පිපුන
    ආදරෙන් නෙතු දිලුන
    ප්‍රේමයක් උපන් ගොළු හදින්
    පෙම්කර ඉතින් නොදොඩා මුවින්
    සිනාසී පෙරදා ලෙසින්

    හඬන සිතකට කඳුලැල්ලක් වී
    නෙතු දෑලෙන් වියැකෙන්න ඉතින්
    දෙන්න අවසර මතක බිඳක් වී
    මම එන්නම් නුඹේ සිතට සැනින්
    හිටියා මතකයි සිනාපොදක් වී
    පෙරදින සවසක නුඹේ ලඟින්
    ඉන්නට හැකිනම් ඒ මතකෙට වී
    කදුලැලි නොසලන් නුඹේ නෙතින්

    වසන්තයේ සඳ නික්මුණ
    දවසක හිතක් තනිවුන
    මතකයේ මිහිර පමණක් ඉතින්
    ලංකර සොවින් නොතැවී හිඳින්
    සිනාසී පෙරදා ලෙසින්

    ReplyDelete
  4. එක් වරක් හදෙහි ඉපදෙන
    විගසින් හදවත ගොලු කරන
    ප්‍රේමය අරුමයක්ම වන්නේය

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය අරුමයක් මැයි

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ගොළු හදවත කියල හිතට දැනුණ දේ අපූරුවට අකුරු කරලා ඔයා..

    ReplyDelete
  7. ගොළු හදවත හ්ම්ම් ඒක අපේ බයිබලය වෙච්ච කාළෙකුත් තිබුණා. මට හිතුණෙ දම්මි සුගත්ට තිබුණේ රාගයෙන් තොර ප්‍රේමයක් (Platonic Love) . සුගත් ඒක වරදවා වටහා ගත්තා. බ්ලොග් ලිපියක් ලිවීම ගැන හංසියාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. පොත් කියෙව්වට පස්සේ කවියක් ලියන්නම හිතුන :)

      Delete
  8. හරීම ලස්සන හිතට වදින අකුරු ටිකක්

    ReplyDelete
  9. හිතට දැනුුනා.අපි සාපෙ කරන කාලෙ පරමාදර්ශී ලවුස්ටෝරිය බොඳ මීදුම්..අම්මලගෙ කාලෙ ගොළු හදවත.
    පොත ආයෙත් කියවන්න ඕන

    ReplyDelete
    Replies
    1. බොඳ මීදුම් කියවල නැහැනේ මම :/

      Delete
  10. එක පොතයි කියවලා තියෙන්නේ...
    මේකේ පොත් දෙකක් හරි ඊට වැඩි ගානක් හරි තියෙනවා නේද???

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස එන්නෙ 'බඹා කෙටූ හැටි' පොතෙන්

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මෙන්න මෙයා ආපහු ලියනවා.පොඩ්ඩක් බලන්න සිංඩි වලින් අයින්වෙලාද කියලා.මේක අහුවුනේ අහම්බෙන් මිසක සිංඩියකින් නෙමෙයි.

    ReplyDelete
  13. මෙන්න මෙයා ආපහු ලියනවා.පොඩ්ඩක් බලන්න සිංඩි වලින් අයින්වෙලාද කියලා.මේක අහුවුනේ අහම්බෙන් මිසක සිංඩියකින් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකට පස්සෙ වගේනෙ ආවෙ ඒක වෙන්න ඇති :)

      Delete
  14. හංසියෝ, ඔන්න දැන් තමයි උඹේ ගොළු හදවත කියවන්න ලැබුනේ..

    -----------------
    බොහොම ලස්සනට හිතට දැනෙන විදියට ලියලා තියෙනවා.

    ------------------

    අපිටත් ඔය වගේ ගොළු හදවත් කීයක් නම් හම්බෙලා ඇතිද කියලා තමයි මම මේ හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම තියනව එක එක විදිහේ ගොළු හදවතක් :)

      Delete
  15. ළමා වියත් යොවුන් වියත් අතර මල් මෙන් පිය කරු කුරුල්ලන් මෙන් නිදහස්.............

    තාම මතකයී මුල් පද ටික.

    සිංහල සංග්‍රහයට මෙ පොතත් එකතු කරන්න ඔනක(මගෙ මතය). මට නම් 11 වසර කාලේ එපා වෙලා තිබ්බේ මේ සිංහල සංග්‍රහය පොතේ තිබ්බ මෙලෝ රහක් නැති කතා ටික කියවලා.

    ReplyDelete