Saturday, July 15, 2017

දාබරේ බැන්ද මචං

පෝරුවේ නගින සකියට දිරි දෙන්න
යාලුවේ යමුද හවසට පන්සලට
මාලුවෝ නැතත් විල් මැද බාගන්න
පාඩුවේ හිටිං වෙහෙසෙනු ඇයි කුමට

බෝඩිමේ තිදෙන එක්වී දිවි ගෙව්ව
කාලයේ මතක හදෙහී ඉරි ඇන්ද
දාබරේ ඉතිං දෑඟිලි බැඳගත්ත
කෝ ඉතිං ඇසුවාද නිරතුරු කී බණට

ජීවිතේ ගැලට තවනම් බර කුමට
වැටහුනා ගුණේ මට නම් ඒ කලම
දාබරේ අනේ ආලෙන් මත් වෙච්ච්
තනිකමේ බෑහැයි කියලා ගියෙ මෙලෙස

බෝතලේ හිතැති විගහට අරගෙනම
යාලුවේ යමං රූටා කෙලවරට
දැන් ඉතිං දෙකයි වීදුරු පුරවන්ට
යාලුවේ ගනිං අඩියක් කට සැරට




15 comments:

  1. මරු කවිය හංසි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන් මාමේ :)

      Delete
  2. දාබරේ ගියහම දුක්වෙනේ බොන සෙට් එක. :)

    ReplyDelete
    Replies
    1. දාබරේට දැන් ඉතින් අඩියක් අඩියක්වත් ගහන්නේ කොහොමද ..අපි කිව්වා ඕක වෙයි කියල

      -මීට හිතාදර බොනපාට් සංගමය - :D

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සඳ නැගි යාමයන් මධු විතකට බර කරපු
    ප්‍රේමයෙ නුරාවෙන් දැවී විරහව රජ කරපු
    සුසුමක් එක්ක දුමාරයෙ ඇගේ රැව මවපු
    සකි සඳ නුඹයි හැරදා අවරින් බැස ගියපු

    ReplyDelete
  5. දාබරේ බැන්ද මචං


    පව් මචං දාබරේ
    කයි ඌව දාබරී

    ReplyDelete
    Replies
    1. :D දාබරේ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්

      Delete
  6. පිස්සු හදුනා හන්සියෝ,
    ඇත්තට ම කවුද මේ දාබරේ...

    ReplyDelete
    Replies
    1. හිතින් මවාගත්ත චරිතයක් නෙ :)

      Delete
  7. ෂා! හංසි නංගි ධනාත්මක වෙනසක්.. ඔහොම යං.. ජය වේවා!

    ReplyDelete