Friday, February 5, 2016

ගොඩපර

සති ගානකට කලින් පුංචි දළු විතරක්  තිබ්බ ගොඩපර ගහේ  එක  අතු රිකිල්ලක් දැන් වෙද්දී පාට වැටිලා ඉර එලියට දිස්නේ දිදී  දිලිසෙනව.වටේ පිටේ  තියන ගොඩපර මල් වල සුවඳට කිතිකැවිල නැළවෙන සුළඟත් එක්කම ගොඩපර අතුත් හෙමින් හෙමින් පැද්දෙනව.හුළඟේ තාලේටම  කොලත්  හෙමි හෙමින් තාලේ අල්ලනවා.පොඩ්ඩක් හරි තාලෙ බිඳෙන්නේ හදිසියෙන් ඇවිත් කඩා පාත්වෙන මාල ගිරවියන්ගෙන්.අදත් උන් ඇවිත් ගොඩපර ගෙඩිවලට රණ්ඩු  කරද්දී ඊයෙ පෙරේද දළු දාල තද පාටට පාට වෙවී තිබ්බ අතු රිකිල්ල කැඩිල හුලඟත් එක්කම පහල දොළ පාරට වැටුන.ගල් අතරින් පොඩි දිය සුළි අතරින් කැරකි කැරකි ගිහින් අන්තිමට නතර උනේ හීන් කෝටු කකුල් දෙකක් ගාව.

සිරිමල් බාගෙට නැවිල හීන් අතු රිකිල්ල අතට ගත්ත.තරමක් සැරේට වැඩිච්ච ලොකුම ලොකු ගොඩපර කොලේ නටුවෙන් කඩල අරන් එහාටයි  මෙහාටයි කරකව බැලුව.චුට්ටක් වෙලා කොලේ දිහා බලාන ඉඳල වේගෙන් ගලන දොළ පාරට   විසික්කලා. අනෙක් අතු රිකිල්ල හෙමින් සීරුවේ  සාක්කුවට දා ගත්ත. 

සැර දොලපාරට  අහුවෙච්ච කොලේ අකීකරු වතුරත් එක්ක උඩට පහලට පැන පැන  ඈතට ගහගෙන ගිහින් අන්තිමට ලොකු දිය සුළියකට අහුවෙලා නොපෙනිලාම ගියා. 

සිරිමල් තාමත් ගල් තලාව උඩ ඉඳගෙන.කකුල් වතුරට ඔබාගෙන ඔලුවත් නවාගෙන  අකීකරු වතුර පාර දිහා ඔහේ බලාගෙන ඉන්නවා.වෙනදට නම් පුංචි  පුංචි මාළු පැටව් ඇවිත් සිරිමල්ගෙ කකුල වටේ කැරකෙද්දි සිරිමලුත් කකුල් වලින් වතුර කලත්තල උන්ව බයකරනව, උන් එක්ක සෙල්ලම් කරනව එහෙමත් නැත්නම් හෙමීට වතුර අස්සෙන් අත් දෙක එකතු කරන ගිහින් මාළු පොකුරක්ම අතට අරගෙන උන් එක්ක තනියම කතා කරකර අතේ වතුර හිඳෙන්න කලින් උන්ව ආයෙම වතුරට අතහරිනවා. අද මේ කිසිම දෙයක් නැහැ. යාලු මාළුවො ඔක්කොම වටවෙලා සිරිමල්ගෙ කකුල කෙටුවත් සිරිමල් නෙමේ උන් දිහා බලන්නෙ.කිසිම අරමුණක් නැහැ වගේ ඔලුව නවාගෙන වතුර දිහා බලාගෙන.

එකපාරටම සිනිදු අත්දෙකක් පිටිපස්සෙන් ඇවිත් සිරිමල්ගේ ඇස් වැහුව.

'මලී' සිරිමල් දුර්වල හඬකින් කියල මලීගෙ අත් අහකට ගත්ත.

"සිරී මොකද මෙහෙ කරන්නෙ යන්නේ නැතිද අම්බිලි සීයාගේ වත්තේ අඹ කඩන්න?.සනා මේ දැන් දුවල ඇවිත් කීව සීය ටවුමට යන්න ලෑස්තිවෙනවා කියල. අමර,සුමනේ,ගුණේ මේ ඔක්කොම අන්න බෝවිටිවත්තේ එකතුවෙලා.සිරී විතරයි අඩු.සිරී නැති නිසයි මම මේ හොයන ආවෙ.හැමතැනම බැලුව.යං යං අද හොඳ අඹයක් දෙකක් කැඩුවොත්  මම හදල දෙන්නම් හොඳ අච්චාරුවක්.ආයේ සිරිමල් කන්නේ සූස් සූස්  ගාල ඇස්දෙකේ කඳුළු පුරෝන  :D "

"ඉතිං එන්නකෝ සිරි  අනේ ..අර චුට්ටෙ ආවොත් ගහම සුද්ද කරයි.එන්නකෝ ..." මලී  පෙරෙත්ත කරමින් සිරීමල්ගේ අතින් අදින්න උනා."

"මලී යන්න මට එන්න බැහැ"  සිරිමල් අහක බලාගෙනම කිව. 

මලී  නෝක්කාඩුවෙන්ම  සිරිමල් ගාවින් ඉඳගත්ත.

"ඇයි  දැන් එන්නැත්තේ ... මා එක්ක තරහද ? " සිරිමල් නෙවේ මලී දිහා බලන්නෙ.මලීට ඉවසුමක් නැහැ.පොඩි තරහවකුත් එක්ක නළල රැලිකරගත්ත.ඒත්  මලී  දැක්ක පුංචි පුංචි වතුර  බින්දු වලින්  සිරිමල්ගේ ලා නිල් කමිසේ තෙත් වෙන හැටි.මලී දෑතින්ම සිරිමල්ගේ උරහිසින් අල්ල ගත්ත. 

"මෙහෙ බලන්නකෝ . කෝ මට ඔය මූන පෙන්නන්න ... ...............සීරී  ඇයි මේ ..ඇයි ඔයා අඬන්නේ.මොකද උනේ කියන්නකො.අප්පච්චි ආයෙම ගෙදර රණ්ඩු උනාද නැත්නම් ඔයාට හරි අම්මට හරි තැලුවද ? "

"නැහැ "

"එහෙනම්"

"අප්පච්චි හදන්නේ මාව කොළඹ ලොකු වලව්වකට දෙන්න."

"ඒ කිවේ මට තේරුනේ නැහැ"

"අද හසව එනවලු කොළඹින් ලොකු නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි.එයාල ඇවිත් මාව කොළඹ එක්කන් යනවලු ..එහෙ වැඩපල කරන්න .එහෙ ඉන්න ගමන් මාව ඉස්කොලේකටත් දානවලු .අම්ම නම් මනාපයක් නැහැ ඒත් අප්පච්චිට බයේ මොකුත් කියන්නෙත් නැහැ.අම්ම නම් කියනවා ගියොත් මට හොඳ  කෑම බීම  ඇඳුම් ලබෙයිලු.ලොකු ඉස්කෝලෙක ඉගෙන ගන්න ලබෙයිලු.එහෙ ගිහින් ලොකු මහත්තයෙක් වෙලා අම්මල නංගිලා හැමෝම බලාගන්නලු  ...ඒත්  මට අම්මල නංගිලා  මගේ යාළුවො  මේ ගම මේ ඔක්කොම දාල යන්න දුකයි.අනේ ඒ අය එන්නේ නැතිනම් " සිරිමල්  ඇස්වල කඳුළු පිහිදාන ගමන් කිව .

"අනේ  සිරී යන්න එපා  සිරී ගියොත් මට හරි පාලුයි." මලීත් ඇස් වල කඳුළු පුරෝගෙන.පුංචි  කඳුළු බින්දු දෙකක් එකපාරටම ලොකු වෙලා මලීගේ  රෝස පාට කම්මුල් හරහා ගලා යනවා සිරිමල් දැක්ක. 

"සිරී ... එයාල එන්නෙ  අද හවසනම්  සිරී කොහේ හරි හැංගිලා ඉන්න.අර කුඹුක් වැව ගාව තියන ගල්ලෙන හොඳයි.මම සිරීට කන්න ගේන්නම්.එයාල  ගියාම සිරීට ආපහු ගෙදර ගිය හැකි. "මලී  තාමත් කඳුළු පුරෝගෙන සිරී දිහා බලාගෙන . 

"හි හි ..පිස්සු ළමය ... අද නැත්නම් හෙටත් එයාල එයි.අනෙක ඔයා අපේ අප්පච්චිව දන්නවනේ ..මම නැති උනොත් අම්මට තලයි.එක හරියන්නේ නැහැ .
මම  කොහොම හරි නිවාඩුවක් ලැබුනොත් ගෙදර එනවා  අම්මවයි නංගිලා මල්ලලයි  ඔයාලවයි බලල යන්න. මට දුකයි මේ ගම දාල යන්න.මේ දොළ මේ ගොඩපර ගස් හෙවන .. අපි සෙල්ලන් කරපු හැටි .. අම්ම, නංගි  මල්ලි මේ හැමෝම එක්ක හිටිය ඒවා මට ආයේ ආයේ මතක් වෙනවා  එත් දැන් මේ හැම දේම දාල යන්න වෙනවා  .....හා හරි ..කෝ ඔය ඇඬිල්ල නවත්ත ගන්න ..මලී  මට පොරොන්දු වෙනවද  නංගියි මල්ලියි බලාගන්නවා කියල."

"ඔව් .. " මලී  දුකින් කිව 

"හා  දැන් අඬන්න තහනම් ..ෂා  අද රතු ගවුමට  මලී  හරි හැඩයි නේ .."  සිරිමල් කතාව වෙන අතකට  හැරෙව්වේ  මලී  අඬනව බලන් ඉන්න බැරි නිසා.ඒ එක්කම කොහේදෝ ඉඳල හුලන්ගේ  පාවී පාවී ආව ගොඩපර මලක් සිරිමල්ගේ අතට වැටුන. සිරිමල් ඒ මල  හෙමීට අතට අරන් මලීගෙ කනේ ගැහැව්වා.

"ශා  දැන් නම් හරිම හැඩයි මල් කුමාරියක් වගේ .. මල් කුමරියෝ අඬන්නේ නැහැනේ ..." හිතේ ලොකු දුකක් හැංගිලා තිබ්බත් සිරිමල්ට ඕන උනේ එයා ආදරේ කරන හැමෝවම සතුටින් තියන්න.

කඳුළු අතරින් මලී යන්තමට හිනාවෙනකොටම දොළ පාරෙන් පොඩි වතුර අහුරක්  අරන් මලී ගේ මූණ පුර ඉස්ස.හරියට කඳුළු ඔක්කොම සේදිල යන්න වගේ. දෙන්නම හය්යෙන් හිනා උනා ඇඬිල්ල පැත්තක දාල ඇඳුම් පොඩි තෙත් වෙනකන්ම එකිනෙකාට වතුර ඉහ ඉහ හය්යෙන් හිනා උනා.

"හරි  අපි දැන් යමු යාළුවො ඉන්න දිහාට ......දැනටමත් එයාල  ගිහිං  ඇති අබිලින් සීයගේ  වත්තට.අර චුට්ටේ තමා ඔක්කොම අඹගෙඩි බදාගන්නෙ.සිරී හිටියොත් චුට්ටේ බයයි. අනෙක සිරී ආවොත් හැමෝටම සමානව අඹ බෙදල දෙනවනෙ :) 

" හරි  මලී යන්න මම තව චුට්ටකින් එන්නම් "

"හා ..සිරී ඉක්මනට එන්න  මම බලාන ඉන්නවා ..... "

මලී  හිනා පිරුන මූණෙන්  නැගිටලා යන්න  ලෑස්ති උනා. 

මලීගේ කනේ ගහල තිබ්බ ගොඩපර මල මලීටත් නොදනිම බිම වැටෙන කොට සිරිමල් ඒක හෙමින් සීරුවට අරන් සාක්කුවට දාගත්ත.

ඈතින් නොපෙනිල යන මලී දිහා බලාගෙනම ඉඳල ආයෙම නොනැවතී ගලන අකීකරු දොළපාර දිහා සිරිමල් ඇහිපිය නොහෙලා බලා හිටිය.


36 comments:

  1. ලස්සන කථාවක ආරම්භය. නැවතීමේ ලකුණට පස්සේ ඊලඟ වාක්‍යට ඉස්සෙල්ල ස්පේස් එකක් තිබ්බොත් කියවන්න ලේසියි. ඔන්න හංසිව නෑ මම කිව්වෙ මලී ව අඬවනව එහෙම නෙවෙයි. !!

    ReplyDelete
    Replies
    1. අද ඉයන් පළවෙනියා 😤 ස්තූතියි ඉයන් අදහස් වලට. කතාව ලියද්දි අවශ්‍ය තැන්වලින් චේද වෙන්කළා එත් තාමත් කියවන්න අපහසු තැනක් තියනවනම් කියන්නකො .කෙටික කෙටි කතාවක් ලීවෙ .කතාවක්මත් නෙවේද මන්ද ... නෑ හැමදාම අඬවනවනේ. මලීව අඬවන්නේ නැහැ ... 😊

      Delete
    2. හංසියෝ මම කිව්වෙ ෆුල්ස්ස්ටොප් එකකට පසු ඊලඟ වාක්‍ය පටන් ගන්න ඉස්සෙල්ලා ඉඩක් තියන්න කියල. නැවතීමේ ලකුණට පස්සේ ඉඩක්. ඊට පස්සේ ඊලඟ වාක්‍ය.

      Delete
    3. අහ්හ් දැන් නම් හරියටම තේරුණා. ස්තූතියි ඉයන් :)

      Delete
  2. ගොඩපර කියපු ගමන් මට මතක් වුණේ මොනවද දන්නවද ආස්මී...
    ආස්මී හදන්නෙත් ගොඩපර ගෙඩි වලිං ඒ නානු ඇරං නෙව..
    මට නං ඒ හැටි දිරවන කෑමක් නෙවී.. අනේ මංද...
    දැං මේක දැක්ක ගමං කී දෙනෙක් ආස්මියට පක්ෂව මට විරුද්ධව යුධ ප්‍රකාශ කරයිද මංද.. හැක්...

    දුවනගිරි හෝටලෙන් දැං බාපු කෙටි කෑම එකක් වගේ..
    මොකද ඔහැටි හදිසි.. ලස්සනයි කතාව.. ඒත් ඉක්මන් වැඩී වගේ.. කතාව ඔතනිං ඉවරය හංසියෙ..
    නැත්තං තව කොටහක් තියේද..
    මොකද මේක කියවද්දි පොඩි අයිඩියාවක් ආව කියන්නකො මට. හිහි

    ReplyDelete
    Replies
    1. මොකෝ සිරිමල්ට රඟපාන්න හිතුනද...
      ඔන්න හංසියො ප්‍රවේසමෙන්....සතා ශුවර් නෑ හොඳේ...

      Delete
    2. යකෝ...ගමේ සොකරි පෙන්නනකොට පරයට රඟපාපු එක්ස්පීරියන්ස් ඇතිවෙයිද සිරිමල්ගේ චරිතේ කරන්න?

      Delete
    3. මහේෂ් අය්යේ මෙහෙ ආස්මි හදන්න වල් කුරුඳු කියල මොකක්ද ගස් ජාතියකුත් ගන්නවා.අය්යෝ ආස්මි කන්නෙ නැතැයි.මං ආසම එකේ තියන පැණි තියන කොටසට :) කතාව ඉක්මන් කියල මටත් හිතෙනව දැන් ..මේ හිතේ මවිච්ච පරිසරයක් එක්ක කතාව පටන් ගත්තේ.ම්ම්ම් කතාව තව ඉස්සරහට ලියන්නත් පුළුවන් .. ඔය අයිඩියාව මම අහගන්නම්කො ;)

      @ තනුජා හෑ ..මහේෂ් අය්ය සිරිමල්ගේ චරිතෙට ..අපෝ බැහැ නේ.මහේෂ් අය්යට දෙන්න චරිතයක් හිතන්න ඕන ..ගොඩපර ගහ වගේ හිටගෙන ඉන්ට හැකිද දන්නේ නෑ :P :D

      @කසුට්ටා හපෝ කසුට්ටට දෙන්නෙ නම් අර චුට්ටෙගේ චරිතේ ... :P

      Delete
    4. වල් කුරුඳු නෙවේ හංසියෝ ඒ දවුල් කුරුඳු :D

      Delete
    5. @තනූජා
      ඇයි මචං උඹ පිලුම් එකක් වත් ගහන්න හිතං ඉන්නවද. හැබැයි මට නං සිරිමල් එපා.. හැක් :-P :-P
      මං වෙනුවෙන් ඉස්පැසල විලන කැරැක්ටර් එකක් හදපං... හිහි :-D :-D

      අම්මට මරි කටුස්සො උඹ පරයට ඇට් කොරල තියේය.. :-P :-P හැබැයි පරය වගේ නෙවී සිරිමල් නං..

      වල් කුරුඳු නෙවී දවුල් කුරුදු. ඔය සොමියත් කියල තියෙන්නෙ
      හැබැයි ඊට ලේසී ගොඩ පර. හිහි.

      මට ගහක කැරැක්ටර් එකක් දෙන්න බොලං හිතුවද මම වාල්මිකී වගේ කියල හැක්

      Delete
    6. @ මහේෂ් අය්ය ඉස්පැසල් විලන් හදන්න හිතෙන්නෙම නැහැ මූන දැක්කහම :D ඒත් ඉතින් අපි වගේ චූටි ළමයි බය කරන කෙනෙක්ගේ චරිතයකට නම් ගන්න හැකි.

      @ මහේෂ් අය්ය ,තරිඳු අය්ය ... හෆොයි ඒක දවුල් කුරුඳු තමා මට වැරදුනා ... :q

      Delete
  3. හන්සි (ගැහැනු හන්සයා) ට කියන්නේ Pen කියලා ය... පිරිමි හන්සයා Cob ය.

    ReplyDelete
    Replies
    1. සා රස මේ පැත්තට ආපු පලවෙනි වතාව නේද ? සාදරයෙන් පිළිගන්නව ...හංසි නම උනාට ලියද්දි ගැහැණු පිරිමි හැම චරිතයක්ම මේ බ්ලොගේ තියන එක එක කතාවල රඟපානවනේ ඒ නිසා පොදු නම හොඳයි. මම ඒකට කැමතියි. :)

      Delete
  4. කතාව නම් ලස්සනයි... හැබැයි හදිස්සියට ලිව්ව එකක් වගෙයි...තව ටිකක් දික් උනා නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. තනුජා ගොඩක් කාලෙකින් ... දකින්නත් සතුටුයි ..ආයේ එහෙම අතුරුදහන් වෙනවා නෙවේ ඔන්න ..පරණ බ්ලොග් කියවන්න තියේ.මම එන්නම්කෝ ඔය පැත්තෙ. කතාවනම් ඉක්මන් වගේ ඒ ඇරත් හෙන චුට්ටි ළමේක් ලියනවා වගේනෙ ලිවේ හි හී ..

      Delete
  5. චුට්ටං කාලේ අහිංසක ආදරයක්....මම මොට්ටසොරී යන කාලේ මටත් එහෙම එකක් තියලා තියනවා.දවසක් අම්මටත් කියලා තියනවළු මම ලොකුවෙලා බඳින්නේ එයාවමයි කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොයාගෙන බැඳහං. පොරොන්දු කඩන්න හොඳ නෑනෙ.

      Delete
    2. කටුස්සට මොට්ට සොරි කාලෙත් ගෑල්ලමයි ඉන්දලානේ :-q දැන් මේ වෙද්දී මල්සරා හෙන යාලුවෙක් වෙන්ටැති නේ.මල්සරාගේ ඊතල ඉවර වෙලාම ඇත්තේ කසුට්ටට විදලා වෙන්ට ඕන .. :P

      @කසුන් ඔව් නේ ..දැන් පොරොන්දු උනානම් බඳින්ට කියමු ;)

      Delete
    3. කටුසු මොන්ටිසෝරි කාලේ මෙහෙමනම් දැන් කොහොම ඇතිද???

      Delete
    4. හික්ස්... ඒ ගැන කියන්න කටුසුම තමා දන්නෙ :P

      Delete
  6. හිච්චි ආදරේ හිච්චියට ලියල.

    ReplyDelete
    Replies
    1. හි හී .. පුංචි රස කතාවක් :) .... කසුන් කාලෙකින් නෙවේද මේ ..දැන් ලියන්නේ නැතිද ?

      Delete
  7. කාලෙකින් කියවන්න ලැබුණු ලස්සන කතාවක්. දැන් ආදරේට වඩා හැගීම්බර ආදරයක්.
    ලස්සනයි හංසි.

    ReplyDelete
    Replies
    1. සිංහ මචන් .. ඒකත් වෙනස් නමක් ...මේ පැත්තට ආවට ගොඩක් ස්තූතියි මචෝ :D

      Delete
  8. ගමේ පරිසරේ එක්ක බද්ද වෙලා තිබ්බ ගොඩපර ගහක අලුත් අත්තක් හිමීට දළු දාගෙන එද්දී මුලින්ම ආපු දල්ල තරමක ලොකු කොලයකුත් වෙලා. එත් ගමට කොහෙන්දෝ ආපු මාල ගිරව් ටිකක් නිසා ඒ අත්ත ගහෙන් සිඳිලා වැටෙනවා. සිරිමලුයි එයාගේ පවුලයි ගොඩපර ගහ වගේ, දළු දාපු අත්තේ කොළ එයාගේ නංගිලා මල්ලිලා, එතකොට ලොකුම දල්ල සිරිමල්. යතාව තේරුම් ගත්තා වගේ සිරිමල් ගාවට ගහගෙන එන අත්තෙ ලොකුම කොලේ කඩලා ගඟට ගහගෙන යන්න විසික් කරන සිරිමල්ගේ ජීවිතෙත් ඉස්සරහට ඔහේ ගහගෙන යාවි නේ හංසියේ. කතාවට ගැලපෙන නියමම ආරම්බයක්. සිරිමල්ට යන්න උනත් ගමෙන් එයා නංගිලා මල්ලිලා ගැන මතකය ගම ගැන මතකය හිමීට ගොඩපර අත්ත සාක්කුවට රුවා ගත්තා වගේ ගුලි කර ගන්නවා නේ, එතකොට ඒ මතකයේ තමන් ගැන ඉඩක් සිරිමල් වෙන් කර ගත්තේ නැත්තේ මතකයි යතාවයි දෙකක් වෙන විසා වෙන්න ඇති. එතකොට ඒ ගොඩපර මල මලීට මොනවා වෙයිද? ගොඩපර මලත් සාක්කුවේ රුවා ගත්තා වගේ මතකයට පමණක්ම එකතු වෙයිද?

    ගොඩක් දුෂ්කර එදා වෙලා ගැට ගහගන්න බැරි පවුල් වල වදිමලුන්ට වෙන පර්ශ්නයක් තමා ඔය, අඹ යාලුවෝ, මඩොල් දුවේ ඉඳන්ම ඔය ප්‍රශ්නේ විවිධ තේමා ඔස්සේ ඉස්සරජ්හට ඇදෙනවා, ඔහොම ළමයි ගැන එයාලගේ පසු කාලෙන අවධිය ගැන හංසි කියවලා නැතිව ඇති මොනිකා රුවන්පතිරණ කිවිඳිය ලියපු මේ කවිය මම එකතු කරන්නම්. එකේ ගොඩක් දේවල් කතා වෙනවා මේ ගැන.

    පියසේන ඇසු ප්‍රශ්නයක්

    පසුගිය නත්තල් කාලේ නිවාඩුවෙයි මම ආවේ
    පුංචි බේබි එක්කල පාසල් යන්නයි මෙහි ආවේ

    හතේ අටේ චක්කරෙයෙන ගණන් හදා සමත් වෙලා
    පොතේ තියෙන කතා කියා පාඩම් දී සමත් වෙලා

    ලේනා ගැන පුසා ගැන කවි කියලා සමත් වෙලා
    ගමේ ඉඳන් ආවේ මම දෙකෙන් තුනට සමත් වෙලා

    බේබිගේ අත අල්ලාගෙන උදේට පාසල් යනවා
    බේබිගේ අත අල්ලාගෙන හවසට ගෙදරට එනවා

    බේබිගේ පන්තිය අයිනේ ගල් බැම්මේ වැඩි වෙන්නේ
    බේබිලාට කියන කතා එතන ඉඳන් අහන් ඉන්නේ

    හවසට අත්වැල් බැඳගෙන කවි කියන්නේ අපි දෙන්නා
    ගැමුණු කුමරුගේ කතාව ඉගෙන ගත්තේ අපි දෙන්නා

    එහෙම උනත් මා නොදන්නා දෙයක් තියෙනවා අහන්න
    දන්නා කෙනෙක් හොයා බලා මට මේ ගැන කියා දෙන්න

    තුනේ ඉඳපු පුංචි බේබි හතරේ පන්තියට ගිහින්
    තුනේ ඉඳපු මම හතරට යන්නේ කවදාද ඉතින්

    ජය වේවා හංසි. :D

    ReplyDelete
    Replies
    1. කතාවේ මුල් කොටස විස්තර කලාට එකේ යටි අදහස මේක තමා.කෙලින්ම නොකිය උපමා කලේ මේ දේට.තරිඳු අය්ය ඒ දේ හරියටම කියල තියනවා ...මේ කවිය නම් කතාවට ගැලපෙනවා ..ඒ කියන්නෙ කතාවේ ඉස්සරහට වෙන දේට ..ඒත් සිරිමල්ට මොන වේවිද .. කවුද දන්නේ ;) අදහස් විචාර හැමදේටම ගොඩක් ස්තුතියි අය්යේ.

      Delete
  9. ලස්සන කතා පොඩ්ඩ.

    කොහේද මෙච්චර දවසක් වහන් වෙලා හිටියේ.

    ReplyDelete
    Replies
    1. අලේ මන්ද එහෙ මෙහෙ දුවන හිතක්නේ මට තියෙන්නෙ ... මනෝ මම ඔහේ එනෝ ... මම කිවේ මනෝගෙ බ්ලොගේ පැත්තේ ආවේ නැහැ කාලෙකින් මේ දැන් දුවල දුවල එන ගමන් :D

      Delete
  10. ලක්සන කතාව.. මානවසිංහගෙ කවියක් මතක් වුණා.. අකුරට යනවයි කියලා ටිකිරි අය්ය බැදිවලමයි... අන්න ඒ කවියෙත් මේ වගේ දෙන්නෙක් ඉන්නවා නොව..))

    ReplyDelete
  11. කතා පටන් ගත්තා වගේ නෙවෙයි ඉක්කනට ඉතුරු ටික නොදැම්මොත් තමයි.. හුහ්.. :)

    ReplyDelete
    Replies
    1. හි හී ඉතිරිය ඉක්මනට දාන්නම්කෝ :D

      Delete
  12. කථාව ලස්සනට ගලාගෙන යනවා හංසි. ඉස්සර අපේ ගෙදරත් තිබ්බ ගොඩපර ගහක්. ගොඩපර ගෙඩි ඉදිලා වැටිල කුණු වෙනකොට ඒ පළාතේ පැය තියන්න බැහැ. අපි පුන්චී කාලේ අපේ තාත්තත් ගෙදර වැඩට කියල දුර පලාතකින් මගේ වයසේම ළමයෙක් ගෙනාව. අම්ම කොහෙත්ම ඒ ළමයාගෙන් වැඩක් ගන්න හිතුවේ නැහැ මගේ වයසේම නිසා. ළඟ ඉස්කොලේකටත් දැම්ම. අම්මගෙත් මගෙත් සමානාත්මතාවය නධික නිසා අන්තිමේ වැඩට ගෙනාපු ළමය පාලනය කරගන්න බැහැ කියල අපේ ඩඩා කොල්ලව ආපහු ගමට ඇරලුව.

    ReplyDelete
    Replies
    1. දැන් කොල්ල සනිපෙන්ද? දැන් නම් විස්තර දන්නේ නේ .අපේ සියලගේ ගෙදරත් වැඩට හිටිය ශාන්ති කියල අක්ක කෙනෙක් මම හිතන්නෙ ශාන්ති අක්කව ඉස්කෝලෙටත් යැව්ව.ගෙදර වැඩ කලාට පවුලේම කෙනෙක් වගේ හිටියෙ.අන්තිමට සීයල එයාට හොඳ විවාහයක් කරලත් දුන්න. :)

      Delete
  13. :( ඉවරද කතාව? මම ඉතුරු ටික හෙවුවත් එක්ක. ලස්සනයි කතාව. කෙටිම කතාවක් වගෙ. :D

    ReplyDelete
    Replies
    1. ආයේ කොටසක් ලියන්න හිතාගෙන ලීව කතාවක් නෙවේ.ඒත් පස්සෙ කට්ටිය කීව නිසා තව කොටසක් ලියන්න හිතාගෙන හිටියෙ ඒත් තියන කම්මැලි කමට ලීවෙ නැහැ නොවැ ;)

      Delete