Sunday, February 14, 2016

ආදරය ගැන නොකී කතාවක්



අද වැලන්ටයින් ..මුහුණු පොත පුරා හදවත් වලින් සැරසිල. පරණ යාළුවො, අලුත් යාළුවො, බැඳපු යාළුවො, බඳින්න  බලාගෙන ඉන්න අය මේ ඔක්කොටම අද වැලන්ටයින්. මටයි කියල ඉතින් ලොකු වෙනසක් නෑ. තාම තනිකඩ  වීමේ  ප්‍රීතිය සමරනව. ඒ අතර ඉඳල හිටලා හිතේ තිබ්බ ආලවන්ත කම් එහෙමත් එහෙන් මෙහෙන් මතක් වෙනවලු. 'ගොඩපර' කතාවේ දෙවෙනි කොටස ආදර වන්තයින්ගේ දවසේ ලියන්නත් හිතුවට මොකද  දෙවෙනි කොටසක් ලියන්න තියන කම්මැලිකමකටදෝ හිත එහෙට මෙහෙට වැනෙනව. ආදරවන්තයින්ගේ දවසේ සිරිමල්ව මරන්නත් බැහැ  මලීව  අඬවන්නත්  බැහැ හැමෝම සතුටු වෙන විදිහට දෙන්නවම බන්දල දුන්න නම් හරි. හැබැයි ඒකත්  එක්තරා සාම්ප්‍රදායික අවසානයක් නෙමේද? ඔය විකාර හිත හිතාම මම බාගෙට ලියපු  ඒත් තාමත් ඉවර කරලා නැති කතා  ආයෙම කියවන්න ගත්ත.. එකින් එක බල බල යද්දි හිත නතර උනේ දෙබසක් ගාවින්. දෙබස දැක්ක ගමන් මට හිතුන තවත් කතාවක් ලියන්න..... 

එයා  කවුද කොයිවගේද මොනවද කරන්නේ කොහේද  ඉන්නේ මම දන්නේ නැහැ. ඒ වගේම මම කවුද මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කියලවත් එයා  දන්නේ නැහැ.සරලවම කිවොත් අපි දෙන්නම නන්නාදුනන්නෝ.ඉස්සරම පෝස්ටුවක ලීව ගෙඹි කවි වල ගෙම්බා අඳුරගත්ත විදිහටමයි මම එයාව අඳුරගත්තෙත්.වෙනසකට තියෙන්නේ  මේ වෙද්දී ගෙම්බ මගේ හොඳ යාලුවෙක් හැබැයි මේ අය්ය  කවුද කොහෙද ඉන්නේ කියන එක මම තාමත් දන්නේ නැහැ අද වෙද්දි  අපි කතා කරන්නෙත් නැහැ.

මම ගොඩක් වෙලා හිතුව මම කොහොමද කතාව පටන් ගන්නෙ කියල  කලින් කතාවක් වගේම  අවන්හලකින් පටන් ගන්නවද ? එයා දිගටම කතාව කියයි මම අහගෙන ඉඳී. එහෙමත් නැත්නම්  විශ්ව විද්‍යාලෙ  මල් පිපෙන ගහක් යට මල් ඇතිරෙච්ච පාලු බැංකුවක් යට එයාගෙ කතාව එයාට කියන්න දෙනවද ? මේ කොහොම චිත්‍රයක් මැවුවත්  එයාගෙ  කතාව වෙනස් කරන්න උවමනා නැහැ.මට හිතෙනවා අමුවෙන්ම ඒ මුළු දෙබසම දාන්න ...ඒත් යම් යම් හේතු නිසා ...ඒ  දේ කරන්නත් බැහැ.මම එයාව ගේනවා මුහුණු පොතට ...එයා එයාගෙ කතාව කියාවි.

---------------------------------------------------------------------------------

ඒ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ  14  අද වගේම  එදත් කම්මැලිකමේ ගෙදරට වෙලා හිටියෙ. මුහුණු  පොතේ එහෙට මෙහෙට රවුම් ගගහ ඉඳිද්දී දිලීප අය්යගෙන්  කෙටිපණිවිඩයක් ආව. ඒ වෙද්දී  මම දිලීප අය්ය  ගැන දැනගෙන ටික කාලයක්  ඒ වුනාට එයාගැන වැඩි විස්තර ඒ වෙද්දීත් මම දැනන් හිටියෙ නැහැ.

ආ නංගි  වැලන්ටයින් සමරනවා වගේ 

හි හී ...  අපිට කොහේ වැලන්ටයින්ද අය්යෙ  අපි තවම බෝ පැල ඔය ලොකු ලොකු අය්යල තමා වැලන්ටයින් සමරන්නේ නැද්ද  :P 

 අපි කොහේ වැලන්ටයින් සමරන්නද නංගි.පරණ මතක සිහිකර කර ඉන්නවා මිසක්.

 ඒ කියන්නෙ හොඳ රහට ලුණු ඇඹුල් එක්කම බූට් එකක් වත් කෑවද. හරි කෑවත් මොකෝ ඉතින් මුහුදේ ඉන්නේ එක මාලුවද  හික්ස්.. :D  අය්ය හොඳ අක්කෙක් හොයාගන්නකො.

හ්ම්ම් ...

ඇයි මොකෝ දැන් හ්ම්ම්  ගාන්නෙ? හ්ම්ම්..හ්ම්ම්...කියන්නේ බස්සො :P 

නංගි  මේ...  මම දෙයක් අහන්නද ?

හා  අහන්නකො ඉතින් 

ඔයා  මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කාටද 

හපෝ  ඕක හරිම අමාරු ප්‍රශ්නයක්නේ. ම්ම්ම්...අය්යට මතකද  අපි පොඩි කාලේ කවුරු හරි අපෙන් ඇහුවොත් ඔයා වැඩියෙන්ම ආදරේ කාටද කියල. අපි වෙලාවකට අම්ම කියනවා වෙලාවකට තාත්ත කියනව කොච්චරක් ආදරේද කියල ඇහුවම පුංචි අත් පුළුවන් තරම් දිග ඇරලා කියනවා මෙන්න මෙච්චරක් කියල. මතකද ඒ අතීතෙ. හරියටම කියන්න බෑනෙ කාටද වැඩියෙන්ම ආදරේ කියල :)

ඔව් නේන්නම් නංගියාට මතකයි නේ ඒ අතීතෙ ...දන්නවද නංගි  මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන ගෑනු දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් තමා මගේ අම්ම අනෙක් කෙනා තමා ගයනි. මේ දෙන්නම මගෙ ජිවිතේ කිව්වොත් හරි හැබැයි  අද වෙද්දි මගේ ජිවිතේ මා ගාව නැහැ ... 

ගයනි ... එයා  ඔයාගේ ගැල්ලමයද ? ඇයි  එයා ඔයාව දාල ගියාද ...
එතකොට ඔයාගේ අම්ම එයත් ජිවතුන් අතර නැද්ද ?

හ්ම්ම් .. ඒක දිග කතාවක් නංගි  හැමදේම මතක් වෙද්දි මට වෙලාවකට මොනවා කරන්නද කියල හිතාගන්න බැහැ. මේක දිග කතාවක්  ඔයා කැමතිවෙයිද අහගෙන ඉන්න ...මට පොරොන්දු වෙන්න...
මම ඉල්ලීමක් කරනවා ඔයා මේ කථාව නැවැත හිතන්නත් එපා..

හ්ම්ම් ... 

මේ පෙබරවාරි මාසෙ මට හරි විශේෂයි නංගි...හැම අවුරුද්දෙම පෙබරවාරි වෙද්දි චිත්‍රපටියක් වගේ මේ හැමදේම ආයෙම මට මැවිලා පේනවා. 
ඔයාට ඉස්සෙල්ලාම කියන්න ඕනේ සුභ දෙයක් ද අසුභ දෙයක් ද කියලා මම දන්නේ නැහැ....
ඒත් අසුභ දෙයෙන් සුභ දේ  හෙදිලා යනවා...

මගේ උපන්දිනය තියෙන්නේ අගෝස්තු 3.... මගේ අම්මා අගෝස්තු මාසෙ ගත කරන්න ඇත්තේ ගොඩාක් අමාරැවෙන් වෙන්න ඇති.... මොකද මාව බඩේ තියාගෙන ... මම බඩ ඇතුලෙත් නිකම් හිටියා නෙවෙයි නේ... බල්ටි ගහන්න ඇති.... අම්ම  බඩ අතගගා බුදු ගුණ කියන්න ඇති.... වීර කථා බලන්න ඇති... තාත්තාට මම ඉපදෙන්න ඉන්න කාලේ අන්තිම දවස් වල තමයි වැඩ ලැබිලා තියෙන්නේ ..... එතකන් බඩ ගින්නේ ඉන්න ඇති... අම්මා බොහෝ වෙලාවට නොකා තාත්තාට කෑම තියෙනවා ... ඒ විදියට ඒ දවස් වල ඉන්න ඇති.... ඇත්තටම ජූලි කාලයෙදී තමයි තාත්තට වැඩ තිබිලා තියෙන්නේ ..... අක්කල කියනවා මම වාසනාව අරගෙන ආවා කියලා මට අහැලි තියෙනවා....

නංගි මගේ රත්තරං අම්මා නැති වුනේ පෙබරවාරි අග.ආදරවන්තයින්ගේ මාසේ හැමෝම ආදරේ කරද්දී  මගේ ජිවිතේ මම මුලින්ම ආදරේ කරන්න පටන් ගත්ත කෙනා  මට නැතිවෙනව. පෙබරවාරි ලබන කොට මට හරිම වේදනාවයි.......මට අම්මාව මතක් වුනා ... පෙබරවාරි මාසය කියන්නේ හරියටම මගේ පපුව උඩ අඩි උස හිල්ස් දාපු බර කෙනෙක් ඇවිදිනවා වාගේ දැනෙනවා..... ඇත්තටම පපුවේ කොහේද රිදෙන්නේ කියලා මම දන්නේ නැහැ මුලු පපුවම රිදෙනව......ඔයා දන්නේ නැහැ ඒ වේදනාව පටන් ගන්නේ කොහෙන්ද කියලා මම දන්නේ නැහැ හරිම ගැඹුරැයි නංගි..... 

මට ඩොක්ටර් කීවා සීතල කාලයේ අම්මාව පරිස්සම් කරන්න කියලා... ලොකුවට තිබුනේ සීනි ලෙඩේ විතරයි....දවසක් ලොකු අක්කට කියලා තිබුනා අම්මාගේ පපුව රිදෙනවා වගේ කියලා.අම්මා එතකොට වාහනයෙන් බැහැලා පයින් ගිහින් තියෙන්නේ ළඟ බෙහෙත් සාප්පුවකට .... ඩොක්ටර් කීවාලු පපුව රිදෙනවානම් ලඟම  තියන ජෙනරල් හොස්පිටල් එකට යන්න කියලා.... අක්ක අම්මාව ඇතුල් කලා විතරයි ලු අම්මාට සිහිය නැතිවෙලා අයි සී යු එකට අරගෙන තියෙනවා ....මට කීයපු ගමන් මම ආවා ....මම අයි සී යු එකට ගියා මගේ යාලුවෙක්  එක්ක එයා ඩොක්ටර් ...මම දැක්කා අම්මාගේ ඇඟේ බට ගහලා තියෙනවා මම කකුල් දෙක අල්ලා බැලුවා සීතල වෙලා ඒ ඒකකම එක්රේ මැසිම වේගයෙන් වැඩ කලා. නර්ස් කීවා හරි පුදුමයි කියලා....මට මගේ යාලුවා කීවා හරියන පාටක් නැහැ කියලා......අම්මා නැතිවුනා එදා රෑ... මම අම්මට ගරු කරන නිසා  ... ඕනෑම ගැහැණු කෙනෙකුට ගරු කරනවා....

ඔයා දන්නවා ද මට මතක් වෙන දේ...... මම පොඩි කාලේ ( 4 වසරදී) අම්මා මාව එක්කන් ගියා දත් ගලවන්න ඉස්කෝලෙ ගාව ඩෙන්ටල් එකට .... මම දත් ගැලෙව්වාම අද වගේ නැහැ එක කඩයක් තිබුනා ඒකෙන් මට අයිස් ක්‍රීම් කප් එකක් අරන් දුන්නා මම ටික ටික කෑවා ..... අම්මා ඇහැව්වා පොඩි පුතා මට ටිකක් තිබ්බේ නැද්ද කියලා....
අය්යෝ මට ටිකක් තියන්න බැරි වුනා ...... මම ඔක්කෝම කාල..... එදා අමාමා ගාව සල්ලී තිබුනෙත් නැහැ..... මම ජෝබ් එකක් කරන කොට .... අම්මට සීනි ..... මට අයිස්ක්‍රිම් එකක් අරන් දෙන්න බැරි වුනා මගේ දෙයියනේ..... මගේ පපුව වාවන්නේ නැහැ එක මතක් වෙන කොට ....... නංගි මට හිතෙනවා ඇයි මම දැන් ජිවත් වෙන්නේ කියලා....... මගේ අම්මේ, පොඩි කාලේ මම ඉල්ලන සැරේට ඔයා මට අයිස්ක්‍රිම් අරන් දෙනන ඇති .... එත් මගේ හිත පිරෙන්න ඔයාට අයිස්ක්‍රිම් අරන් දෙන්න බැරි වුනා....... මොකද්ද මගේ ජිවිතේ.... 

දන්නවද  මම ගෙදර එන්න පරක්කු වුනොත් අක්කලාට කියනවාලු පොඩි පුතා ආවේ නැහැ කියල බලන්න කියලා.....මමත් ආදරෙයි මගේ අම්මාට .....ඔයා දන්නවාද මම පාඩම් කරන කොට අම්මා නැගිට නැගිට තේ ගෙනෙත් දෙනවා .... ලග ඉදන් ඔලුව අතගෑවේ නැති වුනාට දුර ඉදන් බලන් ඉන්නවා..මොන මොනවා හරි තම්බලා දෙනවා ....මම කියනවා රෑට කෑවාම නින්ද යනවා කියලා ... ඒත් ඒත් බඩගින්නේ මොන වැඩ ද කියලා කන්න දෙනවා ... මේ පපුව  පැලෙන්න එනවා නංගි මගේ පපුවේ කැපැසීටි එක මදි මේවා තියාගන්න ... මමත් මැරෙයි පපුව පැලිලා අම්මා ගැන මතක් වෙන කොට ......මගේ රත්තරන් අම්මා නිතරම මතක් වෙනවා මේ කාලේ ......ඒ කලේ අම්මා ගොඩාක් දුක් වින්දා අපිව ලොකු කරන්න ..... දෙයියනේ ඒවා කියලා වැඩක් නැහැ...මගේ පපුව වාවන්නේ නැහැ....මේ ඇස් දෙක තාම හොයන්නේ මගේ රත්තරං අම්මාවයි නංගි..... මම අඩන්නෙත්  හැංගිල  අනිත් අය හිනාවෙයි කියලා බයට..... ඔයාම කියනවා පිරිමි අඩන්නේ නැහැ කියාල .... සත්තකයි මගේ ඇස්වලින් මේ කදුලු එනවා
.
හ්ම්ම් ..ඔයාගේ  කතාව මාව නිරුත්තර කරා අය්යෙ.  එක දවසක් හරි අම්ම නැති උනාම ගෙදර තියන පාළුව  මම දන්නව. අම්ම නැති උනාම ඔයාට කොච්චර දුක ඇතිද කියල මට හිතාගන්න පුළුවන්.......

නංගි ඔයාට මට කියන්න තියෙන්නේ එක දෙයයි........ ඔයා අම්මටත් තාත්තටත් සලකන්න එක දෙයක්වත් මග හරින්න එපා.... මේ මේ මන් වගේ පවුකාරයෙක් වෙන්න එපා...................මට සමාවෙන්න  ඔයාට මේ කථාව කීවාට මට කියන්න කෙනෙක් වෙන නැහැ ඒකයි කීවේ.. 

මම කියන දේ අමාරුවෙන් හරි අහන් ඉන්නවට ස්තූතියි නංගි. මිනිස්සු හිනාවෙන්නේ කොහොමද කියලා හිතෙනවා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන හිතුවාම..... ගොඩාාක් දෙවල් හිර කරගෙන තමයි අපි හිනාවෙන්නේ....

නංගි ඔයා දන්නවා ද මගේ ගයනි මට කියපු දෙවල්... ටිකක් කියන්නම්.
එයා කීවා --- කොල්ලෙක් ලග ලේසියෙන් පිහිටන්නේ නැති පිිලිවෙලක් ඔයාට තියෙන්නේ .....මම හිතනවා දිලීප එක ඔයාගේ අම්මාගෙන් වෙන්න ඕනේ පිහිටන්න ඇත්තේ..... මම ඔයාව මගේ ඇස් දෙක ඇතුලෙම තියාගෙන ඉන්නවා... කියලා නිතරම කීවා...මගේ රත්තරං අම්මා ගැන මගෙන් ලෝකයේ මිනිස්සු අවබෝධ කර ගන්නවා .... මට හරි සතුටුයි... අම්මා හිටියනම් මම ගොඩාක්  සාගරය තරම් අහස තරම් සතුටු වෙනවා.... අම්මාට බොහෝ පිං ...


නංගි දන්නවද මම අම්ම වගේම දෙවෙනියට ආදරේ කලේ මගේ ගයනිට.ඇත්තටම එයා හරිම ලස්සනයි. ඔයා දන්නවාද එයා හෙඩ් බෑන්ඩ්  එක දම් පාටනම් අත් ඔරලොසුවත් දම්... ස්ලීපර්ස් දෙකත්  දම්....
හැබැයි එයා කිසිම තැනක කැපි පෙනුනෙත් නැහැ....

ඔයා දන්නවාද වැඩක්....මැයි 12  තමයි මගේ ගයනිගේ උපන්දිනය ..... ඒ කාලේ ජනවාරියේ ඉදලම සල්ලි කියක් හරි එකතු කරනවා මැයි මාසේ දී උපන්දින ත්‍යාගයක් අරන් දෙන්න... ඒක මට මහමෙරක් ඔලුවේ තියාගෙන ඉන්නවා වගේ වැඩක් .... මැයි ඉවර වෙනකම්.... මට ඒක අද මතක් වුනා... ස්කෝලේ කාලේ ඉදලම කරපු සුන්දර දුෂ්කර ක්‍රියාවක්...
ගයනි මට හරියටම සාගරය වගේ ආදරෙන් මගේ පිටුපස්සේ හිටියේ ..... හැබැයි නිතරම කඩාහැලෙන වැස්සක් වගේ මගේ ඇගට පැන පැන බනිනවා.

ප්‍රශ්නයක් ...ඉතින් ඇයි ගයනි අක්ක ඔයාව දාල ගියේ?


 නංගි මේ ලෝකේ ලෝකුම ප්‍රශ්න දෙකක් තියෙනවා බැදීම් කැඩෙන්න...

එකක් ධවත් කම .... දෙවැනි එක අවංකකම අනවශ්‍ය වෙලාවෙදී පෙන්නීම.... ඒ දෙකම මට බලපෑව මගේ ගයනි මට නැතිවෙන්න.



ඔයා දන්නවාද අන්තිම වචන ටික අපේ වෙන්විමේ.... දිග කථාවක්..
පොඩි පොඩි ප්‍රශ්න ගොඩාක් තිබුනා ඒවෙනකොට ... ඇත්තටම එවා නම් මට එදා සල්ලි තිබුනේ නැති නිසා...... එයා ගෙදර ක්ලාස් කලා ඔලේවල් ලමයින්ට ඒ නිසා එකේ පිරිම ළමයින් ටික අපි ගැන දැනගෙන හිටියා ... සමහර දවස් වලට මමත් ඉගැන්නුවා කවුරුත් සැක කළේ නැහැ අපි යාලුයි කියලත් හැබැයි ළමයින් දැනගෙන හිටියා.
දවසක් මගේ අම්මා ඇස් ඔපරේට් කරන්න හොස්පිටල් එකේ නතර වෙලා... ඔපරේට්කරන දවසෙම අපි නුවර යන්න දාගෙන හිටියේ .. දිනය තිරණය කරලා තිබුනේ ක්ලාස් එකේ ළමයින්...ගයනි කථා කළා යමු කියලා... මම පොඩි පන්ඩිත කම නිසා මම කීවා වතුර වලට වඩා ලේ උක්කුයි .... මම අම්ම ගැන බලාගන්න නතර වෙනව කියලා...
එයා ඊටපස්සේ ගොඩාක් අඩලා තියෙනවා මේ අවස්ථාව ගත්තේ ගොඩාක් බොරැකියාලා.... ලොකු බලාපොරොත්තු ඇතිව....
අද මට තනියම යන්න වුනේ ... කිය කියා මට පනිවිඩයක් එවලා තිබුනා .... මට වතුරත් නැහැ ලේත් නැහැ කියලා..

මම සමාව ඉල්ලලා කථා කලා එයා ෆෝන් එකට අවේ නැහැ... මම වෙනදා හමුවන තැන් වලට ගියා ඒයා අවේ නැහැ... හ්ම්ම්  අන්තිමට හැමදේම මට නැතිඋනා අද මම තනියම.

අම්ම ඔපරේට් කරද්දී එහෙම වෙන කොහෙවත් ගිහින්  විනෝද වෙන්න බෑනෙ .ඇයි  ඒ දේ එයා තේරුම් ගත්තේ නැත්තේ ...... පුදුමයි

හ්ම්ම් ... මම දන්නේ නැහැ  ඒක  මගෙ ලැබීම වෙන්න ඇති. 

නංගි  මේ දේවල් කියල අද වගේ දවසක,ලෝකේ වටේ ඉන්න හැමෝම ආදරේ වපුරන දවසක,දුක හිතෙන දේවල් ගොඩක් කියල ඔයාගේ හිත රිද්ද වන්න ඕන උනේ නැහැ.මේ දේවල් කියල මම යටි අරමුණක් වත් අනුකම්පාවක් වත් බලාපොරොත්තු උනේ නැහැ. ඒත් මේ දේවල් මට කියන්න කවුරුත් නැහැ...හිතේ දුකට මේ ඔක්කොම කියවුන.අමාරුවෙන් හරි අහන් හිටියනම් ඔයාට ගොඩක් පිං 

නංගි  මම කියන්නේ එක දෙයයි. ආදරේ විඳීමක් වගේම විඳවීමක් .. ජිවිතේ  ඔයාට පාර කිව්ව අත්වැලක් උන වට්ටපු වගේම  වැටිලා නැගිටින්න උදව් කරපු මේ හැමෝටම එක වගේ ආදරේ කරන්න. ඔයා ජිවිතේ වැඩියෙන්ම ආදරේ කරන අයව කවදාවත්ම අමතක කරන්න එපා.වචෙනකින් වත් රිද්දන්න එපා. අපි ආදරේ කරන දේවල් අපිට නැතිවෙන්නේ කොයි මොහොතේද කියල අපිට කියන්න බැහැ.ඒ නිසා අද වගේ දවසක ඔයාට ආදරේ කරන හැමෝවම මතක් කරන්න.හැමෝටම ආදරේ වපුරන්න. ඒ ආදරෙන් ඒ අයව සතුටින් තියන්න .. ඒ සතුටම ඇති ජිවිතකාලේම ඔයත් සතුටින් ඉන්න ....

(පින්තූරය  අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )



ප.ලි. : නම් ගම්  වෙනස් කලාට සමහර දෙබස් ඒ විදිහටම දැම්ම.ආදරේ ගැන හිතට දැනෙන්න ලොකු පාඩමක් කියාදුන්න  සංවාදයක් නිසාම අදටත් ඒ දේවල් මතක් වෙන්න මා ගාව තියන් ඉන්නව.කාටවත් හානියක් වෙන්නේ නැතිවිදිහට මේ හැමදේම පලකරන්න හිතුනේ හිතන්න ලොකු දෙයක් මේ කතාවේ ඉතිරිකරලා තියන නිසා.ආදරේ දැනෙන හදවතක් තියන හැමෝම හැමදාමත් සතුටින් ඉන්න  :) :) :)  ජිවිතේ වැදගත්ම පාඩමක් කියල දීපු ඒ අය්යත් අද වෙද්දී ලංකාවේ කොහෙම හරි තැනක සතුටින් ඇති කියල හිතනවා. :)

28 comments:

  1. ඇසි දිසි සින්ඩියට ඔබේ අඩවියත් ඇතුලත් කරන්න

    ReplyDelete
  2. ගයනි හොඳ කෙනෙක්නම් අම්මගේ ඔපරේශන් එකට ඉන්න නොදී ට්‍රිප් එකක් යන්න කථා කරන්න විදිහක් නැහැ. එහෙම කළා නම් එයා ආර්ත්මාර්ථකාමී කෙනෙක්. එහෙමනම් මෙයා එය ගැන ඔච්චර හිත හිතා වද වෙන එකේ තේරුමක් නැහැ. ඒ වුණාට එයා ගයනිට ඒක සන්නිවේදනය කරන්න පාවිච්චි කරපු වචන කාගෙ වුණත් හිත රිදෙන ඒවා. මගේ අත්දැකීම නම ආදරේ හොඳටම විඳින්න පුළුවන් විරහවෙන් විතරයි. පොඩි හංසියාට මේ වගේ ජල්බර නොවේවා.

    ReplyDelete
    Replies
    1. කතාව කොහොම ඉවර උනාද කියන්න දන්නෙ නැහැ ඉයන්.මේ මම වැඩිය කතාකරපු අය්යෙක් නෙවේ.හැබැයි මම කතාකරත් නැතත් එයාට හිතෙන දේ එයා එයාගැනම දකින විදිය හැමදේම එවල තිබ්බ.මෙතන ලිවේ නැති සංවේදී කොටසක් තිබ්බ .ඒ හැමදේම ආයෙම කියෙව්වම දැනුනෙ දුකක්.

      හංසි නම් හොඳින්.අදත් හෙටත් මේ වගේම හොඳින් :)

      Delete
  3. සුන්දර ලියැවුමක්.අම්මා තාත්තා වෙනුවෙන් අපට කරන්න පුළුවන හැම පුංචි දෙයක්ම චුට්ටක්වත් අතපසු කරන්න නරකයි කියන එක වඩාත් තදින් හිතේ තහවුරු වුණා මේකෙන්..

    වැලන්ටයින් කියන්නෙ ආදරයෙ දිනය නම් අනිත් දවස් වෛරයේ දවස් ද... මට නම් වැලන්ටයින් දිනය විහිලුවක්.හැම දවසක්ම ආදරයේ දවස් බවට පත් කරගන්නව නම් ජීවිතේ ගොඩක් සුන්දරයි.. නේද හංසියෝ..??

    ..ඔයා අර ඉස්සර හංස පිහාටු බ්ලොග් එක ලියුව හංසි අක්ක ම ද??

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැසි. අම්ම ගැන මේ කතාව මුලින් කියවද්දී මමත් ගොඩක් සංවේදී උනා.දෙමව්පියො නැතිව ගෙවන ජිවිතේ කොච්චර තනිකමක් පාළුවක් වෙන්නැතිද කියල හොඳටම දැනුන. පුලුවන්කාලේ සලකගන්න බැරිව පස්සේ පසුතැවිලි උනොත් ඒ පසුතැවිල්ල ජිවිතකාලේටම. අම්මත් එක්ක පොඩි දෙකට හරි රණ්ඩු වෙද්දීත් මේ දේවල් මතක් වෙනව.ඒ නිසා තරහවක් තියාගෙන ඉන්න බෑ ආයෙම අම්මගේ පස්සෙන් ගිහින් කතාවට වැටිලා යාළුවෙනව :)

      මේ මගේ පලවෙනි බ්ලොග් එක වැසි. හංස පිහාටු බ්ලොග් එක මගේ නෙවේ.මට ගෙදරට හැමෝම ආදරේට කියන්නේ හංසි කියල ඒ නිසාම හිතල හිතල මේ නම දැම්ම.

      Delete
  4. කවුද නටාලි
    ඇයි එයාව මැද්දට ගෙනාවෙ.කතාවට කිසි සප් එකක් නැති චරිතයක් කතාව මැද්දට දාන්නෙපා එහෙම වුණාම කතාව දියවෙලා යනව හංසෙ. ඒ කැරැට්ටරේ ඕන නං මොකක් හර් පාට් එකක් ඇක්ට් කරන්න දෙන්න තිබ්බ.

    ගයනි 100% හරි කියල කියන්න බෑ. ඒත් අර වගේ පොල්ලෙං නොගහ කියන්න තිබ්බ දේ ලාවට වගේ නොදැනෙන්න කීව නං එහෙම නැත්තං මෙන්න මේ හේතුව නිසා එන්න වෙන්නෑ වෙන දවසක් දාගමු කියල කීව නං මං හිතන්නෙ කතාව වෙන විදියකට ඉවර වෙන්න තිබ්බ.
    අවංකකම කියන්නෙ එකක් ඒත් අපරිස්සමින් වචන විසි කරනව කියන්නෙ තව එකක්. කොලල පව් තමා. ඒත් පොඩ්ඩක් කෙල්ල ගැනත් හිතුව නං දෙපැත්තම බැලන්ස් කරං ගොඩ යන්ට තිබ්බ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මහේෂ් අය්යේ මම ඒ ගෑනු ළමයට මුලින් දාන්න හිටිය නම නතාලි. පස්සේ ගයනි කියන නම දැම්මේ මගේ අතින් ඒ නම වෙනස් කරන්න අමතක වෙලා.මම දැන් හැදුව. කතාවට සම්බන්ද පුද්ගලයින්ගෙ නම් ගම වෙනස් කලේ හිතාමතාමයි. මම වැරැද්ද හැදුව ..පෙන්නල දුන්නට ස්තූතියි.

      මම හිතන්නේ කොල්ල ඉක්මන් උනා වැඩි. සම්බන්දෙ අවසන් වෙන්න.මුදල් නැති ප්‍රශ්නත් තිබ්බ කියල එයාම කිව.පොඩි සිද්දියක් උනත් මේ ප්‍රශ්න ඔක්කොම දුරදිග යන්නැති කියල හිතනව.

      Delete
  5. මූ මහ මැට්ටෙක්. ඔය වගේ දෙයක් එකපාරම කියල දානවද? පිස්සු යකා.
    ගයනිටත් හිතන්න තිබුන මේ හේතුව සාධාරනයි නේද කියල. ගයනිත් දාල යන්න පොටක් බල බල හිටිය ද කියලත් හිතුන. කොහොමහරි කමක්නෑ දැන් වැඩේ වෙලා ඉවරනේ. ආයේ මේ වගේ වැඩ නොකරන්න කියල දෙන්නට ම කියමු. ඒ විතරක් නෙවෙයි. අනිත් හැමෝටම මේකත් හොඳ ආදර්ෂයක්.

    ReplyDelete
    Replies
    1. දැන් කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියල දන්නේ නැති උනත් මේ අය්ය සතුටින් ඉඳීවි කියල හිතනව.කසුන් මම මේ කතාව ලිවේත් ආදරේ ගැන,.අපි ආදරේ කරන හැමෝම ගැන අපි මිට වඩා හිතන්න ගනී කියන අදහසින්

      Delete
  6. හ්ම්ම්. මොනවා කියන්නද මන්දා.

    ReplyDelete
  7. හිතට දැනුනු ලස්සන කතාවක්.
    ඒ කොල්ලා හරී කියලා මගේ පැත්තෙන් මමනම් හිතන්නේ..
    බොරුවට ආදරේ කරනවට වැඩිය ඇත්තටම ආදරේ කරන එක ගොඩක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ටිකක් පිස්සු අය්යෙක් හැබැයි ..කියන දේවල් වලට පව් කියලත් හිතුන. වෙලාවකට දෙන්නම වැරදි මටනම්

      Delete
  8. දුක් කතා ලියනකොට මෙච්චර දිගට ලියන්න එපා.. යකෝ කියවන අපිටත් හාට් ඇටාක් එනවනේ.. උන් දෙන්නම දැන් යහතින් ඇති කියල හිතනවා..

    ReplyDelete
    Replies
    1. හි හි ..දිගට ලියවුනේ ඒ අය්ය මට එවපු කතාව මම දාපු නිසා ..මට වෙනස් කරන්න හිතුනේ නැහැ

      Delete
  9. මේ අයියා කියපුවා නංගි කොපි පේස්ට් කරගෙන තියාගෙන වගේ........

    ReplyDelete
    Replies
    1. මේ අය්යව හමුඋනේ මුහුණු පොතින් නෙවේ.එයා එවන පණිවිඩ වෙනම මැසේජ් බොක්ස් එකක තිබ්බෙ .ගිය අගෝස්තු වල ඒ වෙබ්සයිට් එක අයින් කරනවා කියල පෙර දැනුම් දීමක් ආව ඒ නිසාම මගේ හිතට දැනුන මේ කතා මම ළඟ තියාගත්තා වෙන මොනවත් අදහසකින් නෙවේ මේ කතාව හිතට ගොඩක් තදින් කාවැදුණු නිසා ... :)

      Delete
  10. අයියෝ වැලන්ටයින් ... ජීවිතේ ඔහොම තමා කියලා අන්තිමට හිත හදාගනන ඕන එච්චරයි

    ReplyDelete
    Replies
    1. වැලන්ටයින් දවසේ අපිට ආදරේ කරන හැමෝටම ආදරේ කරන්න පටන්ගමු :)

      Delete
  11. වැලන්ටයින් කියන දේ අපේ රටේ කූඨ වෙළෙන්දන් විසින් පෙම්වතුන්ට විතරක් වෙන්කරලා දීමෙන් තමයි හුඟක් ආදරේ වේදනා විඳපු උදවිය වැලන්ටයින් දවසේ වේදනාවෙන් ජීවත් වෙන්නේ. එත් බටහිර රටවල වැලන්ටයින් දවස කියන්නේ අපි ආදරේ කරන හැමදෙනා වෙනුවෙන්ම වෙන් කරපු දවසක්. බටහිර රටවල බහුතරයක් වයසක දෙමාපියන් ජීවත් වෙන්නේ වැඩිහිටියන් වෙනුවෙන් වෙන් වෙච්ච නිවාස වල. ඒ හින්ද දරුවන් තමුන්ගේ කාර්යබහුල ජීවිතෙන් මිදිලා එයාලගේ දෙමාපියන් බලන්න යන්න එහෙම මේ කියන වැලන්ටයින් දවස විශේෂයෙන් වෙන්කරගන්නවා. අපේ රටේ අවාසනාවට වැලන්ටයින් දවස කියන්නේ කාමර කුලියට දෙන තැන්වල කාමර ටික විකිනෙන දවසක් විතරයි. නන්දා මාලනී කියපු වැලන්ටයින් ගීතයේ තියන අර්ථය අපේ රටට සර්වකාලීනයි කියලයි මට හිතෙන්නෙ.

    අම්මගේ ඔපරේෂන් එක දවසේ ලව් කරන්න යන්න කතාකරන පෙම්වතිය තමුන්ට නොගැලපෙන විත්තිය නොදැනීම ඒ අයියාගේ අවාසනාව. තමුන් කව්ද සහ තමුන්ගේ කැමැත්ත කුමනාකාරයේ එකක්ද කියන දේ හරියට විශ්ලේෂණය නොකර තමුන් ආස කරන ජීවියෙකුට ආදරේ කරන්න යාම තමයි ලොකුම වරද.

    වැලන්ටයින් ශාන්ත වැලන්ටයින්
    ඇයි ඔබ මේ අපේ රටේ...
    පෙම්වතුන්ට දිනයක් හදලා
    පෙබරවාරි මස දාහතර...
    ස්වීට් හාර්ට් අකුරු දිලිසෙන...
    හදවත් ලාබෙට විකිණෙනවා...
    වැලන්ටයින් රෝමෙන් ඇවිදින්...
    අපේ හදේ ඊතළ ඇනලා...
    වැලන්ටයින් ඔබට වාගෙම...
    මව්වරුන්ට වැඩිහිටියන්ට...
    අවුරුද්දේ දින වෙන් කරලා...
    ඒරොප්පෙන් ආ චාරිත්ර...
    තුන්සිය හැටපස් දවසේම...
    කාටත් සළකන පෙම් කරන...
    අපට වෙනම දින මොනවටද...
    වැලන්ටයින් රෝමෙට යන්න...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - රෝහණ වීරසිංහ.

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩගෙ කතාවේ හිතන්න ලොකු දෙයක් තියනව ..ස්තූතියි

      Delete
  12. මේ කමෙන්ට් එකට බැනුම් අහන්න වෙනවා ශුවර්.කමක් නෑ.හංසි බබෙක් නෙමෙයිනේ.
    මේ අයියගේ කතාව ප්ලොට් එකක් විදිහට අරගන හංසිගේ ඉදිරිපත් කිරීමක් විදිහට නැතුව ලස්සන කතාවක් හදන්න තිබුනා.හැබැයි එතනදී ඒ කතාව ආදර කතාවකට වැඩිය මවුගුන කතාවක් වෙනවා.ඒකත් අවුලක්.ඒවගේම තමයි තමන්ගේ අම්මගේ අසනීපෙට නොයිද අම්මව බලන්න ගියා කියලා වෙන් වෙන්න පුළුවන් කෙල්ලෙක් බැඳගන්න එකට වඩා ජීවිතේම තනියෙන් ඉන්න එක සැපයි කියන දේ මේ මී හරකට නොතේරෙන එක.අම්මා නැතිවුන එක ගැන දුකින් ඉන්න මූ අම්මට සලකනවාට තමන්ව දාලාගිය කෙල්ලෙක් ගැනත් දුක්වෙනවා.මට පේන්නේ මේකා අහක තියන දුක ඇදලා අරගන තමන්ගේ සාක්කුවට දාගන්න ජාතියේ එකෙක්.මේ ජාතියේ එවුන් දකින කොට තමයි මක්කම ගිහින් තෙරපෙන්න හිතෙන්නේ.
    මිනිස් සිතුවිලි විවිදාකාරයි.බැඳීම් ඉස්සරහ මිනිස්සු සංවේදීයි තමයි.ඒත් මේ විදිහට වුනහම ඒක හරි කෘතිමයි.හංසිට මීට වඩා හොඳට ලියන්න පුළුවන්.ඒක මීට කලින් අපිට පෙන්නලත් තියනවනේ.ඒ නිසාම මේක මටනම් මදි.ඊළඟ එක මීට වඩා හොඳට ලිවුවේ නැත්තන් උස්සලා ගහනවා පොලවේ....

    ReplyDelete
    Replies
    1. කසුට්ටෝ ...කතාවක් ගැන ගුණ අගුණ හැමදේම කෙලින්ම කියනවට තමා මම කැමති.බොරුවට ලස්සනයි කියනවට වඩා පෙනෙන අඩුපාඩු කෙලින්ම කියන්න තරහවෙන්නෙත් නෑ බනින්නෙත් නෑ හිතේ කහටක් තියාගන්නෙත් නෑ. දන්නවද කටුසු මේ කතාව ඇතුලෙ මම වෙනස් නොකර ඒ අය්ය කිව දේ මම එහෙම්මම දාපු තැන් තමා වැඩියෙන්ම තියෙන්නෙ.එකාළෙත් අදත් මේ දේවල් ආයෙම කියවද්දී මට හිතට දැනුනේ එකදෙයයි.අපිආදරේ කරන අයට අපිට පුළුවන් විදිහට ආදරේ කරන්න සලකගන්න බැරි උනාම පස්සේ කාලෙකදී අපි සරින් සැරේ විඳවනවා .අම්ම ගැන එයා කිව දේවලුත් බලන්න. අපේ ආච්චි අම්මව බලාගත්තේ අපේ අම්ම ආච්චි අම්මට හොඳටම සැලකුව ඒක මම ඇස් දෙකෙන්ම දැක්ක. ඒ කොච්චර සැලකුවත් අපේ අම්ම අදටත් කියනවා මට මගේ අම්මට මිට වැඩිය සලකන්න තිබ්බ මේ මේ දේවල් කරන්න තිබ්බ බයින්න සැර නොකරන්න තිබ්බ කියල.ඒ අය්ය කියපු දෙයින් මට හිතට වැදුනේ ඒක. අය්ය බොළඳයි අක්ක වැරදියි ... අපි හැමෝම ඒ ගැන කියනවා. අන්තිමට බලන්න එයා දුක්වෙනවා එයාට ආදරේ කල අයට හරියට සලකගන්න බැරිඋන එකට ආදරේ කරන්න බැරිඋන එකට ... කසුටු හරි මට හොඳ කතාවක් ලියන්න තිබ්බ හැබැයි ..මොකක්දෝ හේතුවක් නිසා මට ලියන්න හිතුනේ නැහැ.එයාගේ අදහස් ඒ වචනවලින්ම මට දාන්න හිතුන. කසුටුගෙ මෙහෙම කමෙන්ටුවක් ලියපු එක ගැන මට ගොඩක් සතුටුයි මොකුත් නෙවේ ඔයාගේ අදහස් කෙලින්ම කියපු එක ගැන ඊළඟ පාර හොඳ කතාවක් ලියන්නම් .. ඔය තඩි කසුට්ට අල්ලලා පොලේ ගහන්න කලියෙන් :D

      Delete
  13. අම්මා ගැන කියපු කතාවනන් හරිම හැගුම්බරයි හංසි දෙවෙනි කතාවනම් ඉතින් අනන්තවත් අහන්ට ලැබෙන ප්‍රසිද්ධ කතාවක් නෙහ් ඒකනෙ ඉතින් අපි වගෙ හැන්ඩ්සම් කොල්ලෝ තාමත් තනිකඩ (තිතක්)

    ReplyDelete
    Replies
    1. ඔව් නේ හැන්ඩ්සම් කොල්ලො කෙල්ලො තමයි තාමත් තනිකඩ :P

      Delete
    2. ඉතිං ඉට පස්සේ මංගල යොජනාවක් එහෙම ආවේ නැද්ද ඒ ළමයාගෙන් ඈ (තිතක්) (ප්‍රශ්නාර්ථයක්) (තිත්දෙකයි සිම්පල් පී)

      Delete
    3. :D :D ඒ අය්යට ඕන කීවෙ නංගියෙක් ...

      Delete