Friday, October 24, 2014

සිත් සංවාද

එදා හරි නිහඬ දවසක්.විභාගය ඉවරවෙලා නිසා ටික දවසක නිවාඩුවක්.හවස් වරුවෙ  කම්මැලි  කමේ ඉන්නකොට  මට සින්දු අහන්න හිතුන. නිහඬ බවයි හුදකලාවයි මං  ආසම සිංදුයි.මේ තුන සංයෝජනය වුනාම හිතට දැනෙන වින්දනය ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.earphone එක කනේ ගහගෙන ඇඳට වෙලා නිවාඩු පාඩුවේ සිංදු  අහන් ඉන්නකොට ජීවිතේම පාවෙලා යනවා වගේ හරිම සැහැල්ලුයි.එදත් ඔය වගේ දවසක් මං අහන හිටියේ කසුන් කල්හාරගේ සිංදු .රොමෑන්ටික් ඔපෙරා ..කසුන් කල්හාරගේ සින්දු අහනකොට හිතුනේ ආදරය දැනෙන්න ආදරවන්තයෙක් ආදරවන්තියක් ම  වෙන්න ඕන නෑ කියල ඒ සිංදු අපිව මොහොතකට හරි ආදර ලෝකවලට පාකරලා අතරමං කරලා දාල ආයේ පියවි ලෝකෙටඇදන් එනවා.සිංදුත්  හරි පුදුමයි.වෙලාවකට මායාවක්.ෆෝන් එකට දාගත්ත සිංදු  කීපයක්ම මම ඇස් පියාගෙන නිදහසේ අහන් ඉන්නවා.කසුන් කල්හාර කියන ආදර  ගීත මට අලුත්  කතාවක් ලියන්න සිතිවිලි ගොතනවා.ඔය ආදර සින්දු අතරෙ එක සින්දුවක් තිබ්බ. නම වැටෙන්නෙ life song කියල. ඊළඟට වාදනය වෙන්න තිබ්බේ ඒක ..

අහල තියනවද 

සිඳී  වියලෙන දිය පොදක් නොව 
ගලා  බසිනා උල්පතක් වෙමු 
හැඟුම්  මත ජීවිතය නොතබා 
බුද්ධියේ නැණ පහන් දල්වමු 


මමදැහැන්  ගතවෙලාවගේ සින්දුව අහනවා හිත ධනාත්මක සිතුවිලි වලින් පුරවගන්න ඕනනම් අන්න නියම සිංදුව.හිතේ පත්ලටම වැදිලා ඇඟේ රෝම කූප කෙලින් වෙන ගැම්මක් දැනෙන සිංදුවක්.හිතේ හද ගැස්මත් එක්ක කන් දෙක පුරා  සිංදුව දෙදුරුම් කනවා. එත් එක පාරටම ........

ට්‍රිරි රී  ට් ර්ර් රා ර ..ක්‍රී ..ක්‍රීර් ඊ න් ......

 මොකක් හරි දෝෂයක් වගේ... සිංදුව එකපාරටම ඇහෙන්නැතිව ගියා.

ක්‍රී ..ක්‍රීර් ඊ න්... මේ මොකද මේ වෙන්නෙ ???  මං ෆෝන් එක දිහා බැලුව.සිංදුව වාදනය වෙනව පේනවා ඒත් මට ඇහෙන්නෙ නෑ. කන් බිහිරිකරවන ක්‍රින් ක්‍රින් සද්දෙ තත්පර කීපයක් තිබ්බ ඊටපස්සෙ කිසිම සද්දයක් නෑ earphone එකේ දකුණු  කනින් හීන් කෙඳිරියක් ඇහෙනව මෙන්න එකපාරටම මහා සද්දෙන් හිනාවක් ... 

.
.
.

'නැගී සිටිමු අපි' ...හ හා හා ... මහලොකු ධනාත්මක සිතිවිලි තියන සින්දු ඇහුවම තමුසෙ නැගිටියි කියලද හිතන්නේ ..අනේ යනව යන්න .තමුසෙට නැගිටින්න බෑ කම්මැලිය.බලපන් තමුසේ මේපාර විභාගෙන් කෙලවෙනවා ඇනගන්නව.. අන්තිමට අඬ අඬ ඉඳී  කිසිම දෙයක් කරගන්න බැරිව ..'නැගී සිටිමු ' ..බම්බුව තමයි.

මෙන්න ඊළඟට earphone  එකේ වම් පැත්තෙන් ඇහෙනව  හා ...එහෙමද හිතන් ඉන්නෙ.ඔයාට ලොකු වැරදීමක් .. බලන් ඉන්නකෝ මේපාරත් විභාගෙන් හැම එකටම  ඉහල සාමාර්ථ ගන්න හැටි.ලකුණු අරන් gpa එක නග්ග ගන්න හැටි.ඔහොම මාව වට්ටන්න බෑ. මං වැටෙන්නෙත් නෑ.

දකුණු  කනින්: ... තමුසේ කවුද ඔය..කියනවා කවුද ඔය චන්ඩියා.. ආ  ..තමුසේ දන්නවද මං කවුද කියල..

වම කනින් : ඔව් මං හොඳට දන්නවා ඔයා  කවුද කියල..ඔයා  මේ ශරීරය මුලා  කරන, වට්ටන, රිදුම්දෙන ඍණාත්මක සිත.ඍණාත්මක අදහස් පොදි බැඳගත් ඍණාත්මක සිත.ඔයාට වඩා  හාත්පසින් වෙනස් මම. මම මේ ශරීරයට අයිති ධනාත්මක සිත.මේ ශරීරය,මේ ජීවිතයෙ ඉස්සරහට ගිය හැම පියවරකම  තල්ලුව දුන්නෙ මම.

දකුණු කණින් :අහා... එහෙනම්  මේ උඹ ...අවසානෙදි මට උඹත් එක්ක කතා කරන්න හම්බුනා.ධනාත්මක සිත.. මගේ එකම සතුරා...එහෙනම් මේ උජාරු කතා කියන්නේ තමුසේ ..පුහ් ! හිතන් ඇති මහා ලොකු පොරක් කියල. ඕව කොහෙද මාත් එක්ක ඔය හැමදාම කරට කර තරඟ කරලා දිනන්න හැදුවට...මගේ සිතිවිලි කීපයක් ඇති මේ ශරීරය විනාශ කරලා දාන්න.

ඒයි ධනාත්මක සිත ,බලපන් මේ ශරීරය දිහා ඉපදිච්ච දවසේ ඉඳන්ම මේ ශරීරය  මොනාද කලේ ආශාව පස්සේ දුවන එක.පොඩි කාලෙ පන්තියේ පලවෙනිය වෙන්න දැඟලුව.ආසම සෙල්ලම් බඩුවලට කෑගහල, අඬල ලබාගත්ත.ලස්සන ඇඳුම් වලට ආශා කළා.ඊට පස්සේ මොනාටද ..සහතික, ඉගෙනීම් ,උපාධි ඊටත් පස්සේ  මොනාටද ආදරය, සල්ලි,බලය ,නිලතල  මේ හැම එකක් පස්සෙම මේ ශරීරය හති දාගෙන දුවනව මොනාටද ආශාවට , සිහින, බලාපොරොත්තු මේ හැම එකටම මේ ශරීරය  අසීමිතව කෑදරයි. මට මොකක්ද කරන්න තියෙන්නේ පොඩි ඉඳිකටු තුඩකින් ඔය ආශාව කියන පිම්බිච්ච  බැලුම පොප් ! ගාල  පුපුරලා දාන එක.පොඩි ඍණාත්මක සිතිවිල්ලයි දෙන්න ඕන.

ඔයා කියන්න ඕන නෑ ඔයාගේ ඍණාත්මක සිතිවිලි ගැන මම හොඳාකාරවම දන්නව මේ ශරීරයට වෙච්ච හැම අයහපතක් වගේම හැම නරක සිතිවිල්ලක්ම ඇතුළු කලේ ඔයා  බලන්න ඔය වචනත් හරිම රළුයි.ආශාව පස්සේ ශරීරයක් දුවන එකට මං මොකුත් කියන්නේ නෑ මේ ශරීරය පෘථග්ජනයි.ආශාවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි.හැබැයි ඒ කරන දේ හොඳ නරක තීරණය වෙන්නේ ඔයයි මමයි මත.මේ ශරීරයට නරක කියල දුන්නේ ඔයා නරක හොඳ වගේ පෙන්නුවේ ඔයා.හොඳ දේවලදී අවහිර උනෙත් ඔයා.එත් මම ඔයාට වඩා  ගොඩක් වෙනස්. හොඳ මොකක්ද යහපත් දේ මොකක්ද  කියල පෙන්නලා දුන්නේ මම.ධනාත්මක වගේම හොඳ සිත මම.ඍණාත්මක සිත වගේම නරක සිතත් ඔයා .මම දන්නවා ඔයා  හරි ආසයි මේ ශරීරය වට්ටන්න.

"උඹට බෑ.. උඹ මෝඩයෙක් ...නිකමෙක් "කියල හිත වැට්ටුවේ  ඔයා 

"ඔයාට පුළුවන්...ඔව් ඔයාට මේ දේ කරන්න පුළුවන්"  කියල තල්ලුව දුන්නේ මම. 

ඔයා  මොනාද කලේ, ජීවිතේ අමිහිරි හැම අත්දකීමකදිම පරණ අත්දැකීම පොලියත් එක්ක පොම්ප කරලා මේ ශරීරය රිද්දුව.හැබැයි මම කලේ මොකක්ද ,මේ ශරීරයට ඇතිවෙනකන් අඬන්න  දුන්න අඬල අඅඬල  කඳුළු වේලුනාට පස්සේ දුක තුනීවෙන්න ඇරලා ආයෙත් නැවුම් බලාපොරොත්තුවක් හිතට දුන්න. ධනාත්මක සිතිවිලි වලින් හිත පිරෙව්වා ... 

පිළිගන්නවද? ඔයා මේ ශරීරයට කඳුලක් දෙද්දී මං දුන්නේ හිනාවක් 

පුහ් ! තමුසේ හිතන්නේ තමුසේ මහා වැඩ කාරයෙක් කියල නේ ....මම තාම මේ ශරීරයට මගේ වැඩ පෙන්නුවේ නෑ.දැන් බලපන් මේ වයසේ ශරීර.. මොකක්ද මන්ද කෙහෙල්මල් ආදරයක් ගැන තැවෙනවා වෙලාවකට ආදරය වෙනුවෙන් බලාඉන්නවා.තවත් වෙලාවක හීනමවනවා.හෙක් හෙක් ..මං කරන්නේ මොකක්ද අර කෙහෙල් මල් ආදරයට පයින් පාරක් දෙනවා මොකක්ද කරන්න ඕන. 
"තමුසෙට කවුද ආදරය කරන්නේ  චික් විතරක් තමුසෙගෙ කැත " කියල සිතිවිල්ලක් හිතට විදින එක විතරයි සිහින මාලිගා ඔක්කොම සබන් බෝල වගේ බිඳිලා ගිහින්.මේ ශරීරය හොටු පෙර පෙර අඬ අඬ ඉඳිද්දී තවත් ඍණ අදහස් දෙකතුනක් පපුවට  කවල මම හෙන ආතල් එකේ ඉන්නවා. 

හ්ම්ම් ..මං  දන්නවා ඔයා  මේ ශරීරයට පාප මිත්‍රයෙක්. ඔය හැම අවස්තාවකදීම මම මේ ශරීරයට දහිරිය දුන්න.ආදරයට බලාපොරොත්තු ඇති කරන්නේ මම .ජීවිතය ජීවත් කරවන්න පාර පෙන්නන්නේ මම.ආදරයෙන් බිඳ වැටුනම හිත සනසන්නෙත් මම ඔයා  කොච්චර මේ ශරීරයට නපුරු උනත් මං මගේ උපරිමයෙන්ම මේ ශරීරයට  ආදරය කරන්න කියල දෙනවා .මිනිස්සුන්ට ආදරය කරන්න, සතා  සීපාවට ආදරය කරන්න ,මහපොළවට ආදරය කරන්න මේ හැමදේටම ආදරය කරන්න අවශ්‍ය මුදු මොලොක් සිති විලි මම මේ ශරීරයට පොවනවා. 

ඔය පම්පෝරි ගැහුවට වැඩක් වෙයිද? .ඔය මොකක්හරි දෙයක් උනාට පස්සේ මගේ එක දරුණු සිතිවිල්ලක් ඇති මේ ශරීරය අයිති මනුස්සය වහ කුප්පියක් බොන්න කොල්ලෙක්නම් මොකක්ද කරන්නේ බීල බීල දියවෙලා යනවා. අවුරුදු ගානක් ගොඩනගන තමුසෙගෙ ඔය ධනාත්මක සිතිවිලි එක තත්පරේට මගේ ඍණාත්මක  සිතිවිලි වලින් කීතු කීතු කරන්න තරම් මම ප්‍රභල බව මතක තියාගනින් 

මම දන්නවා ඔයා මටවඩා  ප්‍රභල වෙන්න උත්සාහ කරනවා.හැබැයි ඒ හැම වෙලේම  මං මේ ශරීරය ළඟ ඉන්නවා බලන්න මේ සමාජයේ  ඉහලට ගිය මිනිස්සුන්ගේ සිතිවිලි වල මං කොච්චර පිරිලා ඉන්නවද.හැම සාර්ථක මිනිසෙක් පිපුපසම මම ඉන්නව. ඔයාගේ ඍණාත්මක  සිතිවලි වලින් මේ ශරීරය  වට්ටලා තවත් එක් නිකමෙක් කරන්න මං ඉඩ දෙන්නේ නෑ.දැනටමත් මම මේ ශරීරයේ ධනාත්මක සිතිවිලි ගොන්නක්ම වගකරලා තියෙයි ..බලා ඉන්න  ඒ වයේ අස්වැන්න ඉදිරියේදී ලැබෙනකන් 

හ... හා.. හා ... ඔය කිරි කලේට  එක ගොමබිංදුවයි  මට දන්නා ඕන.. හෙක්.. හෙක්.. හෙක් ...

ඍණාත්මක සිත ඔයා දන්නවද අරමුණක් තියන සිතකට ධනාත්මක සිතිවිලි වගාකරන්න ලේසි.මේ ශරීරයට අරමුණක් තියනව.අරමුණ මොකක් උනත්  ඒ අරමුණට ලැදි ,නම් ධනාත්මක සිතිවිලි හැම වේලීම ඒ අරමුණ පසුපසින්. මේ ශරීරයත් ඒ වගේ. ඔය කොච්චර උප්පරවැට්ටි  දැම්මත් අරමුණක් තියන ශරීර වට්ටන්න අමාරුයි.

උඹේ මහලොකු දෙවිල්ල විතරයි. හරි බලමුකො  කවුද අන්තිමට දිනන්නේ කියල. උඹයි මමයි  දෙන්නම මේ ශරීර කුඩුවේ අන්තිම හුස්ම පොද යනකන්ම ලැගගෙන ඉන්නවනේ 

ඔව් අපි බලා ඉමු ..මට ඔය  ඍණාත්මක සිත බොහොම වටිනව  මොකද ජීවිතේ වැටීම් පසුතැවීම්  වලින් මේ ශරීරයට  පාඩමක් කියල දීල ඒවා අත්දැකීම කරගෙන ආයේ මේ ශරීරය ගොඩනගන්න පුළුවන් නිසා.අපි බලා ඉඳිමු අන්තිමට ජයගන්නෙ ධනාත්මක සිතිවිලිද ඍණාත්මක සිතිවිලිද කියල....
.
.
.


ක්‍රින් ..ට්‍රිරි රී  ට් ර්ර් රා ර ..ක්‍රී ..ක්‍රීර් ඊ න් කන් බිහිරි කරවන සද්දේ ආයෙත් ඇවිත් ආයෙත්  නැවතිලා ගියා .කනපුරා  දෙදරන්න සිංදුව ආයෙත් ඇහෙනව 

ඉඩක් නොතියමු කඳුළු බිඳකට 
සිනා තවරමු රිදුම් දෙන හද 
පරාජිත සුසුමක හඬක් නොව 
දහස් සුවහස් ජය හඬක් වෙමූ 

නැගී සිටිමු අපි අපි වෙනුවෙන් 
දිලි නැගෙන හිරු කිරණ ලෙසින් 
නැගිසිටිමු යලි යලි දිවියෙන් 
හඹා  ඇදෙමු හී සර විලසින් 


https://www.youtube.com/watch?v=GPCRczQpMGMLIFE SONG-Kasun kalhara




19 comments:

  1. ගීතයටම ගැලපෙන පූර්විකාව , හංසිගේ නියම හංස සිතුව්ලි නේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන් අය්යෙ.එක එක අදහස් ඔලුවට එද්දි ඉතින් ලියන්න හිතෙනව කියවන ඔයගොල්ලන් දෙන අදහස් වලින් මං කොච්චර හොඳට ලිව්වද කොයි විදිහට ඒක ග්‍රහණය වුනාද කියල තීරණය වෙනව ඒවත් බලල ආයේ ලියනවා .හැමදාම වෙනස් දෙයක් ලියන්න තමයි හදන්නෙ ;)

      Delete
  2. කස්ටිය මේ ටිකේ බය හිතෙන ඇඬේන කතා මයි දාන්නේ...
    සිරාවටම නේ.. එක ඍණාත්මක සිතිවිල්ලක් ඇති ජීවිතේම වෙනස් කරන්න...

    ReplyDelete
    Replies
    1. ඔන්න මේක බය හිතෙන කතාවක් වත් ඇඩෙන කතාවක් වත් කියන්න එපා හරිය.සිහින කියන හින්දමයි දුක නැති කතා ලිව්වෙ :D ..ඇත්ත එක ඍණාත්මක සිතිවිල්ලකට පුළුවන් හිතේ තිබ්බ ඔක්කොම බලාපොරොත්තු එකපාර විනාශ කරලා දාන්න.

      Delete
  3. නගෝ ඔය දෙකමත් ඕනවට වැඩිය ඕනෙම නැහැ, මැද මාවත තමයි ගොඩක්ම හොඳ :D, ඕනාවට වඩා ධනවත්ව හිතුවම තමන්ගේම දුර්වලතා තමන්ට හඳුනා ගන්න බැරිවෙනවා, ඒ වගේමයි අනිත් පැත්තත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අය්යේ.... අපේ සිත අපිමනේ පාලනය කරන ඕන ඍණ සිතිවිලියි ධන සිතිවිලියි අඩුවක් නැතිව ගලාගෙන එද්දී ඍණ සිතිවිලි මග ඇරල ඉස්සරහට යන්න උත්සහ කරන්න ඕන හැබැයි මේ මොනව කිව්වත් මමත් ඔය ඍණ සිතිවිලි නිසා පස්ස ගහල ලබනොගත්ත දේවල් තියනව.පස්සේ පසුතැවෙනව... ආයේ ඒවගේ නොවෙන්න උත්සහ කරනව.

      Delete
  4. හරිම අගෙයි ලියැවිල්ල.......... අදද මන්දා මේ පැත්තට අපි පළවෙනියට ම ආවේ.. දිගට ම එන්නම්.... ෆලෝ පාරකුත් දාගත්තා... නියමයි ... දිගට ම ලියන්න.............

    ReplyDelete
    Replies
    1. කුරුටු මේ පැත්තට ගොඩ වුන පලවෙනි වතාව සාදරයෙන් පිලිගන්නවා එහෙනම් :) ස්තූතියි. එන්න ..අපි ලියමු.. කියවමු... රසවිඳිමු :)

      Delete
  5. කසුන් කල්හාරගේ සින්දු කියන්නේ ඉතිං පිස්සු හැදෙන සින්දු තමා....
    අවසානයට පෙර ඈ ගියා..
    පපුව පැලෙන්න වගේ අහන්න පුළුවන්..
    ඒත් තාම ඒකට හේතුවනම් හොයා ගන්න බැරි උනා අප්පා..
    තව ආස සින්දුවක් තියෙනවා..
    කල්හාරගේනම් නෙවෙයි ඇය යන්න ගියා මැකිලා කියලා..අමරසිරි පීරිස් ගේ..

    ReplyDelete
    Replies
    1. අවසානයට පෙර ඈ ගියා කියන සිංදුවට ඉතිහාසයක් තියන හින්දම ඒ සිංදුව අහන්න හිතෙන්නේ නෑ දුකයි.කලහාරගේ සිංදු වලින් මේකයි ලස්සන කියල වර්ග කරන්න බෑ හැම එකක්ම හරි ලස්සනයි.ඒ වගේම තමයි අමරසිරි පීරිස් මහත්මය ආයේ මොන කතාද සිංදුවකින් දැනෙන්න පුළුවන් උපරිම වින්දනය මේ ගායකයන්ගෙ සිංදුවල තියනව සිංදු එකකට එකක් ලස්සනයි:) ස්තුතියි උමා මේ පැත්තේ ආවට සාදරයෙන් පිලිගන්නවා දිගටම එන්න :)

      Delete
  6. මාත් අදමද මංදා මේ පැත්තෙ ආවෙ! දැන් ඉතිං දිගටම එන්න වෙයි වගේ, ලිවීම ඒ තරමට අපූරුයි!!

    ReplyDelete
    Replies
    1. හි හී .. නෑ නෑ කලිනුත් ඇවිත් තියනව මගේ පරණ පොස්ටුවකට ප්‍රියා කියල කෙනෙක් කමෙන්ටුවක් දාල ගිහින් නෙ :D ස්තූතියි ආයෙත් ගොඩ වැදුනට මේ වචන හයියක් තව හොඳට ලියන්න :)

      Delete
  7. කියන්න දෙයක් නැහැ, ලිවීමයි සින්දුව අතරට කතාව යොදාගෙන තියෙන විදියයි නියමයි.. \,,/
    මේ සින්දුව කාලයක් ටීවී ඇඩ් එකක් විදිහට ගියා නේද? අදයි දන්නෙ සම්පූර්ණ සින්දුවක් තියෙනව කියලා. මේ ඩවුන්ලෝඩ් කරන ගමන්.. ;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අශාන් :) ඔව් මමත් ඉස්සර හිතුවේ මේක ටී.වි. ඇඩ් එකක් විතරයි කියල පස්සේ කාලෙක සින්දුව හම්බුනා......අශාන් මේ සින්දුව අහල තියනවද බලන්න

      https://www.youtube.com/watch?v=rYG87Wgj90s (ගයමු ගීයක් දැන් )

      මේකත් ටී.වි. ඇඩ් එකකට ගිය සිංදුවක් හරි ලස්සනයි :)

      Delete
    2. ඔව්.. :) ඕක භාතිය-සන්තුෂ්ලගෙ මම කැමතිම සින්දුවක්.. එයාල අර කොකාකෝලා ඇඩ් එකෙන් හදපු සින්දුවත් ලස්සනයි.. :)

      Delete
    3. :D කොකාකෝල සිංදුව ..ඒකත් ලස්සන සින්දුවක් නේන්නම්

      Delete
  8. //අපි බලා ඉඳිමු අන්තිමට ජයගන්නෙ ධනාත්මක සිතිවිලිද ඍණාත්මක සිතිවිලිද කියල//

    අනේ මං දන්නෑ ඉතින් හංසිටත් ලියන්න හිතෙන දේවල්

    ReplyDelete
    Replies
    1. හි ..හී ..හංසිටත් එක එක දේවල් ලියන්න හිතෙනවා නොවැ ;)

      Delete