කලණ අය්යගෙ පෝස්ට් එකක් මුහුණු පොතේ දැකල එතනින් ඉයන් මාමගෙ බ්ලොගේට රිංගල වෙච්ච අකරතැබ්බේ කොහොමද කිව්වොත් ළඟ එන විභාග අස්සෙ පාඩම් කරන්න තිබ්බ සටහන පැත්තකින් තියල යූ බටේ සිංදු අහන්න ගත්ත. මේ අය්යලයි මාමලයි ලස්සන සිංදු දාල අපිව අවුස්සද්දි කොහොමද ඉන්නෙ. :( බැරිම තැන මමත් ආසම සිංදු ටික තේරුවා. සිංදු ටික තෝරද්දී කල්පනා උනදේ තමයි ඇත්තටම ඉයන් මාමාට සිංදු 16 විතරක්ම තෝරන්න හිතුනේ ඇයි ? ? ? 20 වගේ කිවනම් මොකද වෙන්නෙ .. නැත්නම් 25, 30 ...දෙය්යනේ ආසම සින්දු තෝරන්න මෙච්චර අමාරුවෙයි කියල මට හිතුනෙම නැහැ.
හරි වැඩි කතා ඕන නැහැ. පොඩි විස්තරයකුත් එක්ක එහෙනම් මම කැමති සිංදු ටික කියන්නම්. සමහර සිංදු නම් ඔයාල අහල තියනවද දන්නෙත් නැහැ :) සිංදු ගැන ලියද්දි මට හිතුන දෙයක් තමා මේ සිංදු වල පද රචනය, තනු නිර්මාණය කලේ කවුරුද කියල දන්නෙ නැහැ නේද කියල.ඒ නිසාම පොඩි වෙලාවක් අරන් සමහර විස්තර හොයාගත්තත් හැම සිංදුවකටම විස්තර හොයාගන්න බැරිඋනා. යූ බටේ තියන සිංදුවලත් සමහර වෙලාවට ගායකයාගෙ නම හොයාගන්නත් නැහැනේ :/
හරී එහෙනම් පටාන් ගනිමු ........... සිංදු අහන්න :D
1. ආකාස කුසුම් චිත්රපටියෙ මා නුවන් පුරා
ගායනය - සමන් නිශාන්ත
පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය - රංග දසනායක
ආදර කියන මාතෘකාවෙදි පළවෙනියටම මතක් වෙන්නෙ මේ සිංදුව. මට මේ සිංදුව දැනෙන්නෙ කෙනෙක් ප්‍රථම වතාවට ආදරය කියන හැඟීම ඇතිවෙද්දී , තමන්ටත් ආදරයක් ඇතිවෙලා කියල දැනෙද්දී හිතට ගලාඑන දේ සිංදුවකට පෙරලිලා වගේ ... ඒකෙ කියනව මෙහෙම ............ මට දැනෙනවා ... ආදරේ ... මට හැඟෙනවා .... ආදරේ ...
2. ඔබේ සිනා ළඟ නෙත නැවතුන දා
ගායනය - ජගත් වික්‍රමසිංහ
සිනහ කීයක් ළඟ නම් හිත නැවතිලා ඇත්ද. අමතකම නොවෙන හිනාවක් ගාවත් හිත තාමත් නැවතිලා තියෙද්දි කොහොම නම් මේ සිංදුව අමතක කරන්නද .ජගත් වික්‍රමසිංහ මහත්මයගෙ සින්දු වලින් මම ආසම සිංදුව තමයි මේ
3. සිහිල් සුළං රැල්ලේ
ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - සේන වීරසේකර
සංගීතය - වික්ටර් රත්නායක
පොඩි කාලෙ අපේ මාමගේ සිංදු සීඩී තැටි ගොඩක් අපේ ගෙදර තිබ්බ ඒකෙ තිබ්බ මම ආසම සිංදු සීඩී තැටිය තමා වික්ටර් රත්නායක මහත්මයගෙ සිංදු එකතුව. මේ සිංදුව අහද්දි හුළඟත් එක්ක පාවෙලා පාවෙලා ඈතට යන්න පුළුවන් වගේ :D තනු නිර්මාණය කලේ කවුරුද කියල හොයාගන්න බැරිඋනා. කාගෙ උනත් විශිෂ්ඨ නිර්මාණයක්. වික්ටර් රත්නායක මහත්මයාගේ සිංදු එකක් කියල කියන්න බැහැමයි. ' අපි හැඟුම් වලට ඉඩදී ' කියන සිංදුවට ගොඩක් ආසයි වගේම ලඟකදී අහල හිත රැඳිචච ' තොටුපල අයිනේ ' සිංදුවත් අභියෝගය සිංදු 16 සීමා නොකලානම් අනිවාර්යෙන් එකතු කරගන්න තිබ්බ.
4. සඳ හොරෙන් හොරෙන්
ගායනය - පණ්ඩිත අමරදේව
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
මහ රෑ කිසිම සද්දයක් නැති වෙලාවක අහන්න කැමති සිංදුවක් තමයි මේ. මීට අමතරව අමරදේව මහත්මයගෙ 'රෑ දුරු රට මේ' සිංදුවටත් විශේෂ කැමැත්තක් තියනව. සමහර සිංදු වලට මුලින්ම හිත යන්නේ සංගීතයෙන්. කේමදාස මාස්ටර්ගෙ සංගීතයෙන් හැඩවෙච්ච ගොඩක් සිංදු මගේ ප්‍රියතම සිංදු ....
5. මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
ගායනය - රෝහණ වීරසිංහ
පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය -රෝහණ වීරසිංහ
සමහර සිංදු තියනව ඒවා අහන්න හිතෙන්නේ රෑට. මට මේ සිංදුව අහන්න හිතෙන්නෙම හොඳටම සීතල දැනෙන වැස්ස දවසක :)
6. සිතින් මා නොසැලී ඉඳිද්දී
ගායනය - ටී ම් ජයරත්න
ඔය කඳුල කියන එකා නාහෙට අහන්නෙ නැහැනෙ. කොච්චර හිත තදකරගෙන හිටියත් හොරෙන් එලියට පැනල ගඟක්ම ගලන්න උතුරනව. අන්න ඒ වෙලාවට පොඩ්ඩක් පැත්තකට වෙලා අහන්න හිතෙන සිංදුවක් තමයි මේ :) කොහොමත් ඔය මූඩ් අවුල් වෙන්නෙම රෑට තමා අන්න ඒ වෙලාවට ටී. එම්. ජයරත්න මහත්මයගෙ 'රාත්‍රිය උදා උනා' කියන සිංදුවත් අහන්න අමතක වෙන්නෙම නැහැ :)
7. පූජාසනයේ ඔබ හිඳුවා
ගායනය -නන්දා මාලනී
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - එච්.එම්. ජයවර්ධන
කවදම හරි නොකළ වැරැද්දකට බැනුම් අහල එහෙමත් නැත්නම් හැමෝම ගැනම කලකිරිලා ඉන්න වෙලාවක හිත පොඩ්ඩක් හදාගන්න ඕන නම් මේ සිංදුව අහන්න :) මම වැඩියෙන්ම ආස මේ සිංදුවේ පද රචනයට.
නන්ද මාලනී මහත්මියගෙ සිංදු ඔක්කොටම වගේ ආසයි මේ සින්දුවට අමතරව තව විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි 'සැදෑ කළුවර කුරගගා විත් ' සහ 'ප්‍රේමය නම් රාගයෙන් තොර ' කියන සිංදු. ලිස්ට් එක හදද්දි අතාරින්නම බැහැ කියන සිංදු අතරේ තිබිච්ච සිංදු දෙකක් තමයි මේ.
8. සඳ තනියම
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය - දුලිප් ගබඩාමුදලිගේ
මම මෙතන සඳහන් කලේ දෙරණ DELL studio වැඩසටහනේදි නිරෝෂා විරාජිනී මහත්මිය ගැයුව 'සඳ තනියම' සිංදුව. ඒ වැඩසටහනේම ගැයුව 'රෑ දොළොස් පැයේ' , 'රන්ගිර මා' කියන සිංදු දෙකටත් හරිම ආසයි. විශේෂයෙන්ම සංගීතයට. නිරෝෂා විරාජිනී මහත්මිය ගැයුව සිංදු වලින් දුක හිතෙන සිංදුවකට ආස ' සිත ඔබට මුවා වී ඉකිබිඳිනා' කියන සිංදුව. ඉතින් කියන්නකො කොහොමද එකක් කියල තෝරන්නෙ :P
9. ඔබ මා හමුඋන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ඉස්සර ඉඳන්ම මේ මහත්මයට මම කීවෙ දිවුල්ගහේ කියල :D අපහාසයකට නෙවේ ඉතිං නම මතක තියාගත්තෙ එහෙම. දිවුල්ගනේ මහත්මයගෙ සිංදු වල මම දැකපු විශේෂත්වය තමයි ඒ මහත්මය ගායනා කරලා තිබ්බෙ ගොඩක්ම විරහවට බර වෙච්ච සිංදු. මේ සිංදුවෙ තේරුම නිසාම සිංදුවට ගොඩක් ආස කළා.
ඔබ මා හමු උන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගේ ළඟ තනියට එනු මැනවී .............
10. අග පිපි මල්
ගායනය - නන්දා මාලනී / නදීක ගුරුගේ
සංගීතය - නදීක ගුරුගේ
මේ සිංදුවේ මුල් ගායනය කවුද දන්නේ නැහැ. නන්දා මාලනී මහත්මිය වගේම නදීක ගුරුගේත් මේ සිංදුව කියනව මම ආස නදීක ගුරුගේ ගේ කටහඬින් කියන මේ සිංදුවට.
"අහස ගුගුරා ..අකුණු පුපුරා .. මගේ හිත වැන්දඹු උනා
වසාගන්දොර මගේ හිමියනි ..නුඹට රිසිනම් ..යන්ට යන්නෙමි "
මේ වචන ටිකට හිත ඇදිල ගියා කිව්වොත් හරි. පද රචනය කලේ කවුරුද කියල හොයාගන්න බැරිඋනා. හිත අල්ලගන්න වචන එකතුවක්.
11. ලිෂා
ගායනය - ෂෙහාන් කෞශල්‍ය
පද රචනය - අරුණ කිත්සිරි
සංගීතය - ෂෙහාන් කෞශල්‍ය
මේ සිංදුවේ සංගීතයට තමයි හිත ගියේ. වෙනස්ම විදිහේ සිංදුවක්. ඉස්සර අහම්බෙන් රූපවාහිනියේ අහන්න ලැබුන මේක අදටත් මම ආසම සිංදු එකතුවේ තියනව.
12. මල කොතැන පිපුනම මොකද
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
දීපිකා ප්‍රියදර්ශනි මහත්මියගෙ ආසම සිංදු කීපයකින් මෑත කාලෙදි වැඩිම වාරගණනක් ඇහුව සිංදුව මෙතන සඳහන් කරන්න හිතුන. මට කියන්න තියෙන්නේ මෙච්චරයි ... " නුඹ කොතැන හිටියම මොකද ... නුඹ ඉන්න බව මම දන්නවා " ............ :D ;)
13. පමාවී පිපුන මල් සුවඳයි
ගායනය - කසුන් කල්හාර ,උරේෂා රවිහාරි , ඉන්දිකා උපමාලි
සිංදු එකතුවට කසුන් කල්හාරගෙ සිංදුවක් දැම්මේ නැත්නම් අඩුවක්. හේතුව දන්නේ නැහැ හැබැයි මොකක් හරි ප්‍රශ්නෙක ඉන්න කොට ඔක්කොම අමතක කරලා සාමාන්‍ය තත්වෙට ගන්න මේ සිංදුවට පුළුවන්. සමහර සිංදුවලට මමත් නොදන්න මටත් කියාගන්න බැරි මැජික් බලයක් ඇති ;) :D
14. සඳ පහන් රැයේ
ගායනය - ඉන්දිකා උපමාලි
කලින් සඳහන් කල සිංදුවේ ගායකයන් ගැන හොයද්දි ඉන්දිකා උපමාලි මහත්මියගෙ මේ සිංදුව මතක් උනා. සිංදු එකතුව ආයෙම වෙනස් උනා. පොඩි කාලේ අහපු සිංදුවක්. තාමත් ආසයි. ඉන්දිකා උපමාලි ගෙ කටහඬට මම ඒ කාලේ ඉඳන්ම ආස කලා :) හැබැයි කේමදාස මාස්ටර් නැතිඋනාට පස්සෙ ඉන්දිකා උපමාලි මහත්මියගෙ සිංදු අහන්න ලැබුන කියල නම් මට මතකයක් නැහැ.
15. සිනා පිපෙනා මේ වසන්තය
ගායනය - සමිතා මුදුන්කොටුව , ලක්ෂ්මන් විජේසේකර
මේ සිංදුවේ මුල් ගායනය වගේම යූ බටේ අහන්න ලැබුන මේ සිංදුවටත් මම ආසයි
.
.
අන්තිම සිංදුවට මොකක්ද සඳහන් කරන්නෙ ...???
සිංදු කිහිපයක් ඉතිරි උනා
හිතල හිතල අන්තිමට මේ සිංදුව එකතු කළා
16 . සඳ පිනිදියේ
ගායනය -රූකාන්ත ගුණතිලක
තව සිංදු කීපයක්ම ඉතිරි උනත් බොහොම කණගාටුවෙන් 16 නතර කරනව. අභියෝගෙ මෙච්චර අමාරුවෙයි කියල කලින් හිතුනෙම නැහැ. කොහොම උනත් පරණ සිංදු ටික අවුස්සලා හිත පොඩ්ඩක් අලුත් කර ගන්න ලැබුන. ඒකට ඉයන් මාමට ස්තූතියි. දිගටම සිංදු අහන්න බැරිය විභාගය අතළඟ .. හරි දැන් බනින්නෙපා.... මම දිව්ව :D

අරාධනා . අමරදේව
ReplyDeleteආරාධනා හරි ලස්සන සිංදුවක් අය්යෙ. මම ආසම සිංදු අතර තියන තව සිංදුවක් :)
Deleteමාව තාම අයියෙක් කිරීම පිලිබඳ හද පිරි මෙව්වා එක.. හරියටම අපෙන් දශක දෙකක් මෙහා චොයිස් එක.. වැඩේ කියන්නෙ (කොල්ලෝ වගේ ඉන්න) අපිත් මේ තේරීම් වලට හරිම කැමතියි..
ReplyDeleteමට තියන එකම ප්‍රශ්නෙ මට වැඩිය වයස කීයක් වැඩි අයට අය්ය කියන්නද මාම කියන්නද කියන එක :D ඉස්සර ඉඳන්ම කලණ අය්ය කියලනේ කීවේ. මගේ තාත්තගෙ වයයේ ඉන්න ඉයන් මාමට නමින් කතා කරන්නත් බැහැ.අය්ය කියන්නෙත් කොහොමද ඉතිං ආදරේට මාම කියනවා ^_^
Deleteමං හිතන්නෙ අය්යෙ ඔයාලගෙ තරුණ කාලෙ කිව්ව ගොඩක් සිංදු තාමත් අලුත් පරපුරේ අයගෙත් කැමතිම ගීත එකතුවේ තියනවා ...ඒවා හරි මිහිරියි ..කොහොම අමතක කරන්නද :) .මෙතන තියන ගොඩක් සිංදු මං පොඩි කාලේ ඉඳලම එක දිගට ඇහුව හිතේ රැඳීච්ච සිංදු :)
මම මේ දවස් වල මරණ සිංදු දෙක
ReplyDelete1.පුන්සඳ රෑට
2.රෑ වැඩ මුරය.
පුන්සඳ රෑට සිංදුව DELL studio වැඩසටහනේ දී කිව්ව එක ඇහුවද මල්ලී. ඒක හරිම ලස්සනයි
Deleteහංසි ආස සින්දු වලට මමත් ආසයි නේ.. හැබැයි අර ලිෂා කියන සින්දුව නම් ඇහුවේ අද තමයි. ඒකත් ගොඩක් ලස්සනයි. :)
ReplyDeleteඈ.....:D
Deleteලීෂා සිංදුව මොකක් හරි කතාවක් අල්ලලා ලීව එකක් වගේ. මෙහෙම තිබ්බ "a musical narration of a Russian love story"
Delete@රසික ...ඈ :O
:D 16k කියල 25ක් විතර තෝරල වගේ මැදින් ලියල තියෙන ඒවත් එක්ක.
ReplyDeleteඔබේ සිනා ලග, සිතින් මා නොසැලි, සිනා පිපේනා මේ වසන්තේ, සද පිනි දියේ මගෙත් කැමතිම සින්දු ටිකේ තියනව.
හන්සිගේ post එකක තිබිල අහල ලගදි ඉදන් අපි හැගුම් වලට ඉඩදී මොහොතක් සින්දුවටත් කැමති ගොඩක්.
සිංදු 16 තෝරන්න ලේසි නෑ :D .... තරිඳුත් වෙලාවක කැමතිම සිංදු එකතුව හදල කියන්නකො :)
Deletemamalata aiye kiyanna epa nangi.. him
ReplyDeletesinusinusesjayawewa
සාදරයෙන් පිළිගන්නවා ^_^
Deleteමම එහෙනම් විදානෙ මාම කියන්නම්.... :D
බොහොම ස්තූතියි හංසියා. ඔබේ සිනා ළඟ නෙත නැවතුන දා, මගෙත් ආසම එකක්. මේ පොඩි කෙල්ලො අපේ කාලෙ සිංදුත් අහනවනෙ.
ReplyDeleteඒ කාලෙ සිංදු තාමත් මිහිරියි මාමෙ :) :) ඉයන් මාමට තමා මම ස්තූති කරන්න ඕන :)
Deleteහංසිගේ සින්දු සෙට් එකත් නරකම නෑ. :D ඔබේ සිනා ලග, සිතින් මා නොසැලි, සඳ පහන් රැයේ එකේ අනේ මම රාත්‍රිය උනා නම් කෑල්ල කියන විදියට ආසයි. සිනා පිපේනා මේ වසන්තේත් ගති. :D
ReplyDeleteඅය්ය සඳ පහන් රැයේ සිංදුව කලින් අහල නැහැ වගේ ... හා කෝ කෝ දැන් ඔයාගෙ කැමතිම ගීත එකතුව ;)
Deleteසින්දු 16 ක් තොරණ එකනම් හරිම අමාරු වෙයි මටනම් , මේ සින්දු වලට මාත් කැමතියි අරන් දාන්න එකක්වත් හොයාගන්න් බෑ ,
ReplyDelete(මේ ඇටකිත්තෝ ඕවා පැත්තක තියලා පාඩම් කරපිය )
මම නම් දන්නව ඉවාන් අය්ය කැමතිම සිංදුව .. "ඉවාන් පවූලූ ෂා ...ගායනය -අප්සරා ද සිල්වා " :D
Deleteදැන් මාස ගානක ඉඳන් කල් යන විභාගයකට පාඩම් කරනවා අය්යෙ :/
හරිම ලස්සන එකතුවක් හංසි...
ReplyDeleteගොඩක් ස්තූතියි චතූ :)
Deleteඅපිත් දැම්මා
ReplyDeleteඑහෙටත් ගොඩවෙලා ආවෙ :)
Deleteහංසි ගේ ලිස්ට් එකේ තිබ්බ මගේ ෆෙවරිට්ම සින්දු කීපය...
ReplyDelete2. ඔබේ සිනා ළඟ නෙත නැවතුන දා
9. ඔබ මා හමුඋන
15. සිනා පිපෙනා මේ වසන්තය
------
මේ වැඩේ නම් සුපිරි යි හංසි යෝ, හා නැද්ද කියහන්...
මාත් චැලේන්ජ් එක භාර ගත්තා.
ඉක්මනටම පොස්ට් එක දානවා...
නියමයි .... විභී ගේ සිංදු එකතුවත් අහන්න මග බලාගෙන ඉන්නව :)
Deleteඔන්න සමහර සිංදු ඩවුන්ලෝඩ් කරගන්නත් උනා මේක කියවලා. මේ තියෙන්නෙ ගස්ලබ්බගෙ 16.
ReplyDeleteජයවේවා..!!
එහෙටත් ගොඩවුනා .. මේ දැන් 'ලඳු ඕවිටි' සිංදුව අහන ගමන් :)
Deleteඑක එක්කෙනා දාල තියෙන ලිස්ට් බලාගෙන යනකොටයි තේරෙන්නේ සිංදු තෝරන වැඩේ කොයි තරම් අමාරුද කියලා. බලාගෙන ගියාම මේ ලිස්ට් එකේත් අපේ කාලේ සිංදුනේ වැඩිපුර තියෙන්නේ.
ReplyDeleteමං පොඩි කාලේ ඉඳන්ම ආස වුන ගීත එකතුවක් එක්ක මෑත කාලේ ආස වුන සිංදු ටිකක් එකතුවට දැම්මේ. පරණ සිංදු ගොඩක්ම ඉස්සර ගුවන්විදුලියෙන් ඇහිලා හුරුවෙච්ච සිංදු :)
Deleteමේ ලිස්ට් එකේ ගොඩක් අලුත් සින්දු. අපි වගේ මාමලට අහන්න දැම්ම එක හොඳයි. හේ හේ . 3, 4, 6, 7 නිතර අහන කැමති ගීත කිහිපයක්.
ReplyDelete12 වෙනියට තියන තියන 'මල කොතැන පිපුනම' සිංදුව මාමලාගේ තරුණ කාලෙත් හිටිය දීපිකා මහත්මියගෙ අලුත් සිංදුවක් .සමහරවිට අහලත් ඇති :)
Deleteනැහැනේ. දැන් ඇහුවේ. ඒක ලස්සන සින්දුවක්.
Delete4,8,9 සින්බෑඩ්ගෙත් ආසම සින්දු 3ක් ... සින්දු චැලෙන්ජ් එක හින්දම මේ පැත්තේ ගොඩවැදුනේ.... බලපුවාම මේ සින්දු ඔක්කොම මහ අමුතු රහක් තියෙන සින්දු නොවැ...
ReplyDeleteස්තූතියි සින්බෑඩ් .. මමත් අද විභාගෙ ඉවර වෙලා ආපු වෙලේ ඉඳන් කලේ කට්ටිය දාපු සිංදු අහපු එක :)
Deleteඑල සින්දු සැට් එකකි!
ReplyDeleteස්තූතියි සරසතුමා :D
Deleteඑල සින්දු සැට් එකකි!
ReplyDeleteස්තූතියි සරසතුමා :D :D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබ්ලොග් වල අලුත් පිබිදීමක් ඇතිකරපු ඉයන් මාමටත් හදපිරි ස්තූතිය :)
ReplyDeleteහප්පා ඒකක්වත් නෑ අකමැති කියලා ඉවත දාන්න සේරම වගේ මම කැමතිම අයගෙ සින්දු. හැබැයි මේ ලීශා කියන එක අදයි ඇහුවේ.
ReplyDeleteලීෂා සිංදුවත් ලස්සනයි .. සිංදුවට පසුබිම් වෙච්ච කතාව තාම දන්නේ නැහැ ඒකත් හොයාගන්න ආසයි :)
Deleteසිහිල් සුළං රැල්ලේ = රචනය සේන වීරසේකර, සංගීතය සහ ගායනය ආචාර්ය වික්ටර් රත්නායක. මගේ ලිස්ට් එකේ නං අංක එක.
ReplyDeleteස්තූතියි ප්‍රදීප් :) සමහර ගීත වල පද රචනයයි සංගීතයයි නිර්මාණය කල අය හොයාගන්න බැරිඋනා. මේ ගීත එකතුවේනම් කැමති ගීත අනුපිළිවෙලට නෙවේ තියෙන්නෙ. ප්‍රදීප්ගේ කැමති ගීත 16 ත් සඳහන් කරලා ගියානම් .. :)
DeleteThis comment has been removed by the author.
Deleteඅාපෝ 16 ක් තෝරන එක නම් ලේසි නෑ. ඔන්න 100 ක් කිවුවා නම් කොහොම හරි තෝරන්න තිබ්බා. මුලු ‘ස’ ප්‍රසංගයම මේකට දාන්න වෙනවා. හංසි බලලා තියෙනවද දන්නෙ නෑ. කොහොම වුනත් පස්සෙ වෙලාවක ට්‍රයි කරලා බලන්නම්.
Deleteසිනහ කීයක් ළඟ නම් හිත නැවතිලා ඇත්ද. අමතකම නොවෙන හිනාවක් ගාවත් හිත තාමත් නැවතිලා තියෙද්දි..... - ඒ අමතක නොවන හිනාව ඇදගෙන හිටියෙ චෙක් ෂර්ට් එකක්ද?
Delete'ස' ප්‍රසංගය සජීවීව නරඹන්න අවසථාවක් අවස්තාවක් හම්බෙලා නම් නැහැ YouTube එකෙන් නම් 'ස' ප්‍රසංගයේ වැඩසටහනක් අහල තියනව.
Deleteප්‍රදීප් අහන්නෙත් අමාරුවේ දාන ප්‍රශ්නනේ ඔන්න හිනාව හොයල දෙනවනම් කියන්නත් තිබ්බ :D ඒ කාලේ මට නම් තිබ්බ ගොඩක් කාලයක් පට්ට ගහපු ලස්සන නිල් කොටු කොටු ෂර්ට් එකක් :)
'ස' ප්‍රසංගය අන්තිම කාළේ සීඩී එකක් ගැහුවා වගේ යන්තම් මතකයක් තියෙනවා. මම නම් ඒක දැකලා නෑ. රූපවාහිනියෙන් කරපු එකක් දෙපාරක් විතර ප්‍රචාරය වුනා. මම බැලුවා.
Deleteඇයි දැන් කැම්පස් කොල්ලො කොටු ෂර්ට් අදින්නෙ නැද්ද? විශේෂ ඉල්ලීමක් තියෙනවනම් හිනාව හොයලා දෙන්නත් පුලුවන්.
පිළිතුර විදිහට සිංදු තුනක් කියන්නම් ....
Deleteඅතීතය සිහිනයක් පමණයි
සදාකාලික නොවූ ලෝකේ
හදේ කොතැනක
මං හිතනව තේරුම් ගන්න ඇති කියල :)
තේරුනේ දැන් තමයි.......
Deleteගී 16 ක් තෝරපු දහ නම වෙනි බ්ලොග්කරුගේ තේරීම මෙතන
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙන්න මං තෝරපු මා උන්මත් කල ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.html
ReplyDeleteලස්සනයි හංසි සින්දු ටික. ගීත දෙකක්ම ඇහුවෙ මුල් වරට. සිනා පිපෙනා මේ වසන්තය ‘‘තීර්ථයදෙි‘‘ දුමාල් වර්ණකුලසූරියයි, මීනා ප්රසාදිනීයි ලස්සනට කිව්වා. ඇස්වල කඳුළු පිරෙන තරම් ලස්සනට...
ReplyDeleteටෙලි නාට්‍යවල තේමා වාදන පමණක් තිබුණු කාලෙක ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍යයට මේ තේමා ගීතය ලියූ බව තමයි එදා තීර්ථයෙදි සපූ මහත්මයා කිව්වෙ.
අයියෝ...
ReplyDeleteඑකකට වත් කැමති නෑ මම නම්...