Friday, October 2, 2015

අහන් ඉන්න අහගෙන ඉන්න -3 (අවසාන කොටස)

පළමු කොටස

දෙවන කොටස

....................................

වෙලාව පහයි දහයයි .වෙනදට හැමදාම දුම්රිය කාලසටහන හතර පස්වතාවක් බලල ටිකට් එකක් ගන්නකන් ඉස්පාසුවක් නැතුව ඉන්න මම අද ටිකට් ගන්න තැනට ගියේ ඔහේ යන්නම් වාලේ.පඩිපෙළ නැගගෙන ගියේත් ඊයේ වෙච්ච සිද්ධි මතක් කර කර. හිතට මහ බර ගතියක් දැනුන  වතුර පුරෝගෙන  පිපිරෙන්න ඔන්න මෙන්න හදන වැහි වලාකුලක් වගේ. ඇත්තටම මට පිස්සු  මම මොකටද ඔය කොල්ල ගැන ඔච්චර  වද වෙන්නේ.අනෙක මගේ කවුරුවත් නෙවේනෙ.හ්ම්ම් ..මේ ප්‍රශ්න කොතනින් කොහොම නතරවෙයිද දන්නේ නෑ .මෙච්චර හිතන්න ප්‍රශ්න තියෙද්දී අහක යන එකෙක්ගේ  කුණු කන්දල් ඔලුවේ දාගෙන මමත් මොකක් කරන්න හදනවද මටම තේරෙන්නේ නැහැ. මේ මනුස්සය මොනවා හරි කරගත්තොත් මට ප්‍රශ්නයක් වෙයිද ? හදිසියේ හරි අද නාවොත්..එතකොට ? දැනටමත් මොනවා කරගෙනද මන්ද ..අනේ ඕන මගුලක් වෙච්චාවෙ.  මම මේ ෆෝන් එක කුණු කූඩෙකට විසිකරලා බස් එකේ යනවා.ඒත්.... බෑ කවුරුහරි මනුස්සයෙක් ඕක දැක්කොත් ආයෙම නැති ප්‍රශ්න ... කමක් නැහැ ඕන දෙයක් බලමු අද මෙයා එයිනෙ ෆෝන් එක දීල මම එහෙම්මම පහයි හතළිහේ කෝච්ච්යේ යනවා.

මම දහවෙනි වේදිකාවේ  පටන් ගන්න තැනක තිබ්බ  බංකුවක ඉඳගත්ත.කෝච්චිය මේ හරියට එන්නේ නැති නිසා වෙනද ඉඳගන්නෙ වත්නැති තැනින් තැන ගැලවුන ස්පන්ජි  තියන අපිරිසිදු බැංකුවක ඉඳගෙන ඉන්නෙ  අඳුරන්නේ වත් නැති, එයිද කියලවත් විශ්වාස නැති කොල්ලෙක් එනකන්  මග බලාගෙන.හූ සද්දෙත් දාගෙනම පහයි දහය කෝච්චිය යන්න ලෑස්ති වෙලා.මම ඒ දිහා ආයෙම බලන්නේ නැතිවම එයාට මැසේජ් එකක් යැව්ව.

අය්යෙ  ඔයා  පහයි විස්සට එන්න කීයට හරි එනකන් මම ෆෝන් එක තියාගෙන ඉන්නවා.  ඇවිත් අරන් යන්න 

වචන සැර වැඩිද මන්ද හ්ම්ම් ..කමක් නැහැ මේ විදිහට ලිව්වේ නැතිනම් ඔය මනුස්සය එනව ෂුවර්  නැහැ.බලද්දී ආදරේ කරන එකත් මහ විඳවීමක්.බැඳීම් කියන්නෙ හිත් රිදෙන දෙයක්.කොච්චර තනිකම පාළුව දැනුනත් මෙහෙම තනියම ඉන්න එක හොඳයි කියල දැනෙන්නේ මේ වෙලාවට තමයි. හ්ම්ම් පහයි විසිපහයි මේ මනුස්සය එනපාටක් නැතිද ? වහින්නත් ලඟයි.මූසල විදිහට අහසත් කලුකරගෙන.පහයි හතලිහට පස්සේ ආයෙම කෝච්චිය හයහමාරට පරක්කු උනොත් අදත් රෑ වෙනවා.තාම මැසේජ් එකක් නම් නැහැ.හ්ම්ම් ... කිසිම දෙයක් නැති හිස් ෆෝන් එකේ එකම එක මෙමෝ සටහන විතරක් මම ආයෙම ආයෙම කියවන්න ගත්ත "අවසානයට පෙර ඈ ගියා " මම ඒ දිහා බලාගෙනම ඉඳිද්දී මගේ කකුල් දෙක ගාව ඇලඩින් සපත්තු දෙකක් නැවතුන. හම්මේ  ඇති යාන්තම්  අන්තිමේදී ඇවිත් ...

ගොඩක් වෙලාද ඇවිත් ...

මිනිත්තු කීපයක් තිබ්බ නිහඬ බව මකන්න එයා කතා කලා

නැහැ දැන් පොඩ්ඩකට කලින් ආවේ 

කොයි කෝච්චියේද යන්නේ 

ඊළඟ කෝච්චියේ යනවා පහයි හතලිහට විතර එකක් තියනවනේ ....

එයා ලොකු හුස්මක් පිට කරලා මා ගාවින් ඉඳගත්ත.ජීවිතේ කවදාවත්ම දැකපු නැති කනස්සලු මූණක් මම එයාගෙන් දැක්ක කඳුළුවලට තුවාලවෙලා රතුඋන ඇස්.ඇකිලිච්ච මූණටම හරියන්න නළල් පුරාම වැටිච්ච අකීකරු කෙස් , කහට ගැහිච්ච සුදු කමිසෙ මේ හැමදෙයක්ම වචනයෙන් පිට නොකරන ඒ හැංගිච්ච කතාව නිහඬවම කියන්න ගත්ත.

කියන්නේ මොනාද හිතාගන්න බැහැ ඒත්  ආයෙමත් නිහැඬියාවක් පටන් ගන්න කලින් මම අතේ තිබ්බ ෆෝන් එක එයාට දුන්න.
මෙමෝ සටහන එහෙම්මම තියෙද්දී තමා ෆෝන් එක දුන්නේ .

අය්යගේ  කතාව මට කියන්න මට අහගෙන ඉන්න පුළුවන්.

 ඒ ඇස්  දිහා  එක එල්ලේම බලාගෙන මම ඇහැව්වා.ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහාටත් මන් දිහාත් යොමුවෙච්ච එයාගෙ ඇස් ආයෙම එකිනෙකට යා නොවෙන රේල්පාර දිහාට යොමු උනා.

වැඩක් නැහැ නංගි ඔයාට කියල තේරුමක් නැහැ.කිව්වත් එයා ආයෙම එන්නෙ  නැහැනෙ.      පිපිරෙන්න යන ඔලුව බදාගන්නවා වගේ එයා මුළු අත්දෙකෙන්ම ඔලුව බදාගත්තා හිස නැමිලා ඇඟිලිතුඩු කැරලි ගැහිච්ච කෙස් වටා  ගිහින් කෙස් තදින් අල්ල ගත්ත හරියට වේදනාව දරාගන්න බැරිව ඇඟිලිවලින් කොන්ඩෙ උගුල්ලන්න හදනවා වගේ.ඒ අත් ආයෙම මුහුණ වහගත්ත.අත් අතරින් පැනගත්ත කඳුළු බිඳුවක්  එයාගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක උඩට වැටුන. 

මම තවත් අසරණ උනා.නිහඬවම එයාට එයාගේ කඳුළු හංග ගන්න ඉඩ ඇරලා එයාගේ කතාවට ඇහුම්කන් දුන්න.

"නංගි මේ ලෝකේ අවාසනාවන්ත කියල ලේබල් එකක් උපතින්ම හුස්මත් එක්ක අරන් එන මිනිස්සු ඉන්නවනම් ඒ මිනිස්සුන්ගෙ තවත් එක්කෙනෙක් මම.වාසනාවන්ත විදිහට හොඳින් ගෙවන්න තිබ්බ ජීවිතේ පොඩි කාලෙම තාත්ත නිසා නැති උනා.මගේ අම්ම හොඳ වැදගත් පවුලකින් ආපු කෙනෙක්.එත් තාත්ත බේබද්දෙක් මොකක්දෝ පුරුවේ කරුමෙකට අම්ම තාත්තට රැවටිලා.හොඳට හොඳ පවුලක ජීවිත් උන අම්මට අන්තිමට ලගින්න උනේ මුඩුක්කුවක් වගේ ගෙදරක.මට තාත්ත කියන්න ලැජ්ජයි ඒත් ඒ මගේ තාත්ත. කනමදය වගේ බීල  එනව මදිවට අම්මට මාව හම්බෙන්න ඉඳිද්දීත් ගෑනු හතරක් පහක් ඉඳල හිටපු තාත්තෙක් තමා මට හිටියේ.හැමදාම බීල ඇවිත් තිරිසනෙක් වගේ බඩුමුට්ටු පොලවේ ගහල අම්මට ගැහුව හැටි මට තාම මතකයි.අම්ම ඒ හැමදේම ඉවසුව.ජීවිතේ ආපස්සට හරවන්න බැරි හින්දම කරුමේ විඳවන්න වෙන්නෙත් එයාටම  කියල හිතෙන්නැති.අම්ම මරුනේ මම හතවසරේදී.  කීවේනම් හදවත් රෝගයක් කියල.ඒත් මට හැමවෙලේම හිතෙන්නේ තාත්ත අම්මව මගෙන් උදුරාගත්ත කියල.

 මගේ ජිවිතේ කාලකන්නි වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ  අම්ම මැරිලා තුන් මාසේ දානෙ  දෙන්න කලින්ම තාත්ත තව ගෑනියෙක් ගෙන්න ගත්ත මං හිතන්නේ ඒ ගෑනි ආවේ බලෙන්ම නිකන් නෙවේ  අවුරුදු 12 කෙල්ලෙකුත් අරන්.තේරුණ විදිහට  ඒ ගෑනි තාත්තව බය කරගෙන හිටියේ .සල්ලි වලට ඕනෑම දහජරාවක් කරන ගෑනියෙක්.

එතනින් එහාට මගේ ජිවිතේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉස්කෝලේ යන එක එතනම නැවතුනා. අනාථයෙක් වගේ ඔහේ පාරේ තොටේ යාළුවො කල්ලි කල්ලි සෙට් වෙලා බිව ගංජා  ගැහුවා නාහෙට අහන්නේ නැති කොල්ලෙක් උනා.හැමදාම හවස බීගෙන එන තාත්තාගෙන් ගුටි කෑවා දවල්ට කුඩම්මගෙන්  ඇතිවෙනකන් කොසුපාර කෑව තරහ ගියාම කන්න දෙන්නෙ නැතිව උදේ ඉඳන් රෑ වෙනකන්ම ඔහේ  ඉන්න ඇරිය.කවදාවත් ආදරයෙන් එකම එක වචනයක් ඇහුවේ නැහැ .මේ හැමදේම නිසාම මම නන්නත්තාරේ ගිය කොල්ලෙක් උනා.ඒත්  ඔය කොයි දේ කලත්  මගේ ජිවිතේ ගැන මටම කලකිරිලා තිබ්බේ මම අනාථයෙක් නේද කියල කියල දැනෙන හැමවෙලේම ගිරියටින් කෑගහල  විලාප දෙන්න ඕන උනා.ඒත් කොච්චර හයියෙන් කෑ ගැහුවත් මං වෙනුවෙන් අහන් ඉන්න කවුරුත් නෑ කියල දැනෙන හැම මොහොතේම මම මටම පිහියෙන් ඇනගෙන මැරෙන්න තරම් හිතුන"  

අරමුණක් නැතිව රේල්පාර දිහාවටම ඇස් එල්ල කරගෙන එයා කියවගෙන කියවගෙන ගියා  අන්තිමට ලොකු හුස්මක් පිටකරන් ඔරලෝසුවේ වෙලාව බලල මා දිහා බැලුව.පහයි හතළිහේ කෝච්චිය ඇවිත් මිනිස්සු පොර කකා කෝච්චියට නගිනවා 

මට හදිස්සි නැහැ කතාව නවත්වන්න එපා දිගටම කියන්න .........

එයා ලොකු හුස්මක් පිටකරල ම දිහා බලල යන්තමින් හිනා උනා. 

"නංගි මම මේ කිසිම දෙයක් අනූ ..මගේ කෙල්ලට වත් කිව්වේ නැහැ මේ  දේවල් කියල මට එයාව නැති කරගන්න ඕන උනේ නැහැ මේ දේවල් අහගෙන ඉන්න මේලෝකේ කිසිම කෙනෙක් ඉඳි කියල මම හිතුවේ නැහැ අනෙක මට ඕන උනේ මේ කලකන්න්නි අතීතෙ වළලල අලුතින් ජීවිතේ පටන් ගන්න.

  මම  එන්න එන්නම විනාස උනා . මට මාවම පාලනය කරගන්න බැරි උනා  අන්තිමට ......මේ ..මේ කාලකන්නි අත්වලින් අර අවුරුදු 12 අහිංසක කෙල්ලව විනාශ කරලා දැම්ම .............


.............................

ඒ නිහඬතාවය ගොඩක් දිග උනා 
.............................

මම මහා කාලකන්නියෙක් නංගි මම දන්නේ නැහැ මට මොකක්ද උනේ කියල ඇයි මම ඒ වගේ තිරිසනෙක් උනේ කියල මට තේරෙන්නේ නැහැ  සමහර විට මට මගේ රත්තරන් අම්ම හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ. අන්තිමට බල්ලෙක් වගේ තාත්තාගෙන් ගුටි කාල පොලිසියට ගෙනිහින් දැම්ම.ඒ වෙනකොට මගේ වයස 17 ලැබුව විතරයි.අන්තිමට මාව පරිවාස බාරයට යොමුකලා. මගේ ජීවිතේ වෙනස් කලේ එතන ..

එදා ඉඳන් කවදාවත් කවුරුත් මාව බලන්න ආවේ නැහැ අම්මෙක් අප්පෙක් නැති අනාථයෙක් වගේ තනියම හදුන හැමදේම අමතක කරලා තනියම ඉගෙන ගත්ත මගේ රත්තරන් අම්ම මතක්වෙන හැම රෑ කම කාටවත් නොපෙනෙන්න හොරැහින් ඇඬුවා මම කරපු හැම වරද්දකටම හිතින් වැඳලා අම්මගෙන් සමාව ඉල්ලුව.මම දන්නවා ඒ වැරදි වලට වෙන කවුරුත් සමාව දෙන්නේ නැති බව.

ජිවිතේ මහ පුදුමාකාර විදිහට වෙනස් උනා නංගි මම මහන්සි උන නිසාම මට හොඳ රස්සාවක් ලැබුන.මට අනුරාධ ව හම්බුනේ ඒ කාලේ දැනට අවුරුද්දකට විතර කලින්.මම ආයෙම  හුස්ම ගන්නවා නේද කියල මට දැනෙන්න ගත්ත. මට මගේ නැති උන අම්මගේ ආදරේ හම්බුනේ අනූ ගෙන්.ඒ ආදරේ තත්පරයකින්වත් අන්ශුමාත්‍රයකින්වත් නැතිකරගන්න මට ඕන උනේ නැහැ. අනූ හොඳ වැදගත් පවුලක කෙල්ලෙක් එත් මම ආදරේ කලේ ඒ පවුලටවත් සල්ලිවලටවත් නෙවෙයි.හැමදේම නැතිවෙලා හිටිය මට  අනූව  නැති කරගන්න ඕන උනේ නැහැ.අනෙක මං සදහටම අමතක කරලා තිබ්බ මගේ කාලකන්නි අතීතෙ ආයෙම මතක් කරන්න මට ඕන උනේ නැහැ ඒ නිසාමයි මම අනුරාධට බොරුවක් කිව්වේ මගේ පවුලේ වෙන කවුරුත් නැහැ මම පොඩි කාලෙම අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකින් නැති උනා කියල.හැමවෙලේම මම කිව්වේ මට තියෙන්නේ කටුක අතීතයක් එක වලල්ල ඉවරයි ඒ ගැන ආයේ මගෙන් අහන්න එපා කියල .අනූ  ට ඇත්ත කියන්න මට බය හිතුන.

 ඒ වෙද්දි මගේ තාත්තට කුඩම්මට නංගිට මොනව  උනාද කියල මම දැනන් හිටියේ නැහැ මාව අතැරලා දාපු අයව ආයෙම හොයන යන්න මට ඕන කමක් තිබ්බේ නැහැ. 

එයා ආයෙම ගැඹුරු හුස්මක් අරන් නිහඬ උනා  වටපිටාවමඅඳුරු වීගෙන ඇවිත්. අහස තාමත් අඬන්න ඔන්න මෙන්න වහින පාටක් තාමත් නැහැ ...රෑ වෙලා කියල දැනුනත් මට ඔරලෝසුවේ වෙලාව බලන්න ඕන උනේ නැහැ 

ඊට පස්සෙ මොකද උනේ ?

"මේක උනේ සති දෙකකට විතර කලින් ඒ මම අනුරාධව ගන්න බස් හෝල්ට් එකට වෙලා ඉන්න වෙලේ. අවුරුදු පනහක විතර ගෑනු කෙනෙක් මා දිහා බාලන ඉනව මට තේරුණා  දන්නවද ඒ වෙන කවුරුත් නෙවෙයි  මගේ කුඩම්ම .............මට මතකයක් තිබ්බේ නෑ මුලින් ඒත් කුඩම්මට මාව මතකේ තිබ්බ මම දන්නවා ඒ ගෑනි මට කතා කලේ ආදරේට නෙවෙයි  ආදරේ කලානම් ඒ කාලේ මට බල්ලෙක්ට වගේ පයින් ගහයිද කොන්ද පුපුරු ගහන්න කොස්සෙන් ගහයිද මට පොඩ්ඩක් හරි ආදරේ කරන්න කෙනෙක් හිටිය නම් මම අර වගේ තිරිසනෙක් වෙන්නේ නැහැ.ජිවිතේ කාලකන්ණි වුනේ මේ මිනිස්සු හින්දමයි කියලයි මට හැමදාම හිතුනේ .තාත්තට නංගිට කොහොමද අහන්නවත් දහිරියක් මට තිබ්බේ නැහැ මට ඕන උනේ ඉක්මනින්ම එතනින් යන්න ඒ නිසාම අනුරාධ එන්න කලින් ඒ ගෑනිට රුපියල් දාහක් දීල මම එතනින ගියා.  කරුමේ කියන දේ ආයෙත් මගේ පස්සෙන් එන්න ගත්ත. දවස් දෙක තුනක්ම තැන් තැන් වල ඒ කුඩම්මාගේ  චායව මම දැක්ක. මූණටම හම්බුන දවස් වල මම සල්ලි දුන්න.ඒ හම්බුනේ සල්ලි ඉල්ලන්නම කියන්න වගේ  ඒ හැම දෙයක්ම කෑදර කමින් ඉල්ලා ගත්ත ඒ ගෑනිට ඕන උනේ තව තව සල්ලි ඉල්ලන්න .ආරංචි උනා තාත්ත මරුන කියල එත් මගේ ගල් හිතට කිසිම දුකක දැනුනේ නැහැ. 

එක දවසක් කුඩම්මව  දැක්කේ තනියම නෙවේ නංගිත් එක්ක .එදා මගේ මුළු ඇඟම වෙව්ලලා ගියා  කරුමේ මගේ පස්සෙන් එනවා නේද කියල හිතුන. මට කුඩම්මව පෙනුනේ ඇමක් තියාගෙන මාව බලෙන් ඩහගන්න එන දඩයක්කාරයෙක් වගේ. මම හිතපු දේ හරියටම හරි  ඈත ගෝල්ෆේස් එකේ ගිනියම් වෙච්ච ඉර ගිලගන්න ඉරිදා හවසක ආකාස කඩේ  ගාව අනුත් මාත් ජිවිතේ ගැන පාට පාට හීන දකිද්දි ඒ ගෑනි ආව හිස් අතින් නෙවේ නංගිත් එක්ක.  ඇවිත් මගේ ආත්මයට ආයෙම පිහිපාරක් එල්ල කලා .....................

ඈතින් අහස දෙබෑ  කරගෙන විදුලි ඉරික් මතු උනා ...අහස හෙමිහින් ගොරවන්න ගත්ත.
එයා තාමත් බිම බලාගෙන .

අය්යට තිබ්බේ අනුට මේ හැමදේම කලින් කියන්න

කොහොමද නංගි මම කටක් ඇරලා මේ දේවල් කියන්නේ ..මේ දේවල් කියල මම කොහොමද එයාව නැති කරගන්නේ.. ඒත් දැන් මට මේ හැමදේම මුල ඉඳන් අගට එයාට කියන්න ඕන හැමදේම ...........

මෙච්චර කාලයක් මේ වගේ කටුක ජීවිතයක් මේ මනුස්සය  තනියම කොහම හිතේ තදකරන්  හිටියද කියල මට හිතුන 

අය්යේ ..ඔයාට තාමත් වෙලා තියනව ඇයි ඔයා ගිහින් එයාව හම්බවෙලා මේ හැමදේම කියන්නේ නැත්තේ ..මට විශ්වාසයි එයා ඔයාව හරියට තේරුම් ගත්තොත්  මේ හැමදේම අහගෙන ඉඳීවි ...

නැහැ එයා අහන්නේ නැහැ ..ආයේ කවදාවත්ම අහවිද දන්නේ නැහැ ...... ඇයි  මට මෙහෙම වෙන්නේ ..ඇයි  මෙතරම්ම ජිවිතේ මට රිද්දන්නෙ

මේ අහන්න අය්යේ ..ඔය එක පාරක් එයාව හම්බවෙන්න ගිහින් මේ හැමදේම කියන්න ..මට විශ්වාසයි එයා අහන් ඉඳීවි.ඔයාව තේරුම් ගනීවි .මේ කිසිම දෙයක් එයා හරියට දන්නේ නැති නිසානේ  එයා ඔයාගෙන් ඈත්වෙලා ඉන්නේ 

එයාගේ විශාල ඇස් එකපාරටම මං දිහාට යොමු උනා ....

කාටද කියන්නේ ?? ඔයා කියන්නේ මට අර හොස්පිටල් සිහිනැතිව පන අදින කෙල්ලට මේ හැමදේම කියන්න කියලද................ 

එයාගේ ආවේග ශීලි කටහඬ එකපාරටම ඉකිබිඳුමකට හැරුන ...මුළු දෑතින්ම ඔලුව බදාගෙන එයා අඬන්න ගත්ත. 

මම පරක්කු උනා වැඩී නංගි ... එයා මේ හැමදේම අතැරලා ජිවිතේ නැතිකරගන්න හදල ... 

අහස හය්යෙන් ගොරවන්න ගත්ත වැහි බින්දු එකිනෙක කඩන් වැටිලා මහ වර්ෂාවක් ඇතිවෙන්න වැඩිවෙලාවක් ගියේ නැහැ තොර තෝංචියක් නැතිව ගිගුරුම් දිදී අහස මහ හය්යියෙන් විලාප දුන්න..........

~නිමි ~  




ප .ලි  : අවසාන කොටස ලියන්න කල්ගියාට සමාව දෙන සේක්වා :)  කම්මැලිකම නිසා ලියන එක මගහැරුණ.කොහොමත් මතුසම්බන්ධ  කතා  ලියන එක නම් කම්මැලි වැඩක් කියල හිතුන  :)

27 comments:

  1. මෙහෙම චරිත ඇත්තටම සමාජයේ ඇති. ලස්සන කථාව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්....ලියද්දි මට හිතුන මේ වගේ චරිත කොච්චර ඇතිද එයාලගෙ ජිවිත කොයිවගේද එයාලට කොහොම දැනෙනවා ඇතිද කියල ඒක අපි හිතනවට වඩා ලොකු කටුක අත්දැකීමක් වෙන්නැති

      Delete
  2. කම්මැලි නැතිව ලියන්න ඕනේ පටන් ගත්තොත්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ....ආයේ ලියද්දි කම්මැලිකම පන්නල ලියන්න පටන් ගන්නව :)

      Delete

  3. "සයිබර් පන්හිඳ කියන්නේ සයිබර් අවකාශයේ තියෙන බුද්ධිමය රසාස්වාදයට ඇති හිස්තැන සපුරන්නට ගත් එක්තරා වෑයමක්. මුදල් ඉපයීමේ පරමාර්ථයකින් තොරව මිනිසුන්ගේ හදවතටත් මොළයටත් කතා කරන්නට දරන උත්සාහයක්.... නවකතා, කෙටිකතා, විචාර හා රසාස්වාදන, කාලීන හා විශේෂාංග, තාක්ෂණය, අධ්‍යාපනය වගේම විවිධාකාර සටහන් මතින් ලොව දකින්නට, ලෝකයට ආමන්ත්‍රණය කරන්නට සයිබර් අවකාශයේ ඉඩක් වෙන්කිරීමක්.

    ඉතිං ජීවිතය කලාවක් බව විස්වාස කරන ඔබට මිනිසුන්ගේ මොළයට මෙන්ම හදවතටත් කතා කරන්නටයි මේ අවකාශය වෙන්වන්නේ.....

    ජිවිතේ අරුත ඔබට හැඟෙන අයුරින් දකින්නට.... ඒ දකින ලෝකය වෙනකෙක්ට හිංසනයක් නොවන අයුරින් ඉදිරිපත් කරන්නට අපත් සමග එක්වන්න යයි අපි බොහොම ආදරණිය ආරාධනයක් කරනවා ඔබ වෙත .........."
    යොමුකරන්න ඔබේ නිර්මාණ අප වෙත cyberpanhinda@gmail.com
    http://cyberpanhinda.com/

    ReplyDelete
    Replies
    1. කතාව කියවල ඒක ගැන කොමෙන්ට් එකක් දාලම පොඩි ඇඩ් එකක් දාගත්තනම් තමයි හොඳ සයිබර් පන්හිඳ.. එහෙම නැති අයගේ තැන් වලට 'කොච්චර වටිනා' උනත් නිකමටවත් ගොඩ වෙන්න හිතෙන්නේ නෑ.. :/

      Delete
  4. ජිවිතයක පැති කිහිපයක් ගැනම ඔබගේ කතාවේ කියවුනා.
    කොටස් තුනකින් අවසන් කල නේද ?.
    ඔන්න ආයෙත් අලුත් එකක් පටන් ගන්නකම් අපි මඟ බලාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ ආයේ දිග කතා නැතිව කෙටි කතා ලියන්නම් :)

      Delete
  5. නියමයි..... හිතන්නවත් බැරි පැත්තකින්නෙ ඉවර කෙරුවේ....... සුපිරි....... තව එකක් ඔහොම්මම පටන් ගන්න හොදේ...........

    ReplyDelete
    Replies
    1. මුල ඉඳන්ම කියවන්න ආවට ස්තුතියි ආර්යන් ඊළඟට ඉවසීමෙන් හොඳ කතාවක් ලියන්නම් දිග නැති කෙටි කතාවක් ;)

      Delete
  6. ජීවිතේ වැරදුනාම ආපහු ගිහින් ඒක හදා ගන්න බැහැ. ඒ වැරැද්දෙන් ඉගෙනගෙන ඉස්සරහට යන එක විතරයි කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සමහරවෙලාවට අතීතෙ සම්පුර්ණයෙන් අමතක කරලා ඉස්සරහට යද්දි ඒ නරක අතීතේම ඇවිත් කකුලෙන් ආපස්සට ඇදල දානකොට ඒ මිනිස්සුන්ට කොහොම හිතෙනවා ඇතිද මම හිතන්නේ හැමෝටම ඕන ලස්සන වර්තමානයක් :)

      Delete
  7. අඩෝව් කම්මැලි ගහ
    මොකදදඩෝ මේ කලේ
    පොල්ලෙං ගහන්නැහැ නවත්තලා..
    තියෙන කම්මැලි කමට ඒ කෙල්ලව සුයිසයිඩ් කෙරෙව්ව නේ
    ඇයි බං ඒ අහිංසක කෙල්ලට ඒම කලේ...
    හය්යෝ...

    කතාව නං ගති ඈ.. පස්ටයි. ඒත අපරාදයක් කලෙ මෙහෙම නවත්තලා..
    කමන් නෑ තව ලස්සන කතාවක් ලියන්නකො
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. :D :D බයවෙන්ට එපා කෙල්ලට තාම පන තියනව ළඟදීම කෙල්ල හොඳ උනාම මම ගිහින් විස්තරෙ කියන්න හදන්නෙ.නැතිනම් කොල්ල පව්නෙ ;) කතාව නම් මම කිව්වනේ අය්යෙ හිතේ තිබ්බ කතාව නෙවේ ලිව්වෙ ඊළඟ පාර මෙහෙම කරන්නේ නෑ ඔන්න පොරොන්දු උනා :)

      Delete
  8. හ්ම්ම්.. කරුමේ ඩබල් පින සිංගල්.. 'නංගි' උනත් ඕනෙවට වඩා හිතන්නේ නැතුව ටිකක් මොලයට ඉඩ දෙනවනම් හොඳයි.. අනූ නොමැරී හිටියොත් මේ කතාව ඔයාම අනූට කියන්න.. එයා කියනවට වඩා හොඳ වෙයි.. :)

    ReplyDelete
    Replies
    1. නංගි නම් ඕනෑවට වඩා හිතනව වැඩි තමා :) ........ මේ චරිත ඇත්තටම ජීවත් උනානම් අනූ වගේම අර අය්ය වෙනුවෙන් මොනවම හරි උදව්වක් කරන්න තිබ්බ :)

      Delete
  9. හම්මේ , කොහෙද මම කියන්න ආපු එක කල්‍යාණයා කියලනේ, කොහොම වුනත් හංසි හොඳ ස්ස්සාර්තක අවසානයක් කතාවට දීලා තියෙනවා , තව තවත් ඉදිරියට මේවගේ නිර්මාණ හංසිගේන් ලැබේවි කියල බලාපොරොතු වෙන්න පුළුවන් වගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් අය්යේ මේ කතාවෙනුත් මට සෑහීමට පත්වෙන්න බැහැ වගේ ආයෙම ආයෙම කියවද්දි මටත් අඩුපාඩු පෙනෙනව.ඊළඟ පාර වෙනස් විදිහේ හොඳ කතාවක් ලියන්නම්

      Delete
  10. Replies
    1. ස්තූතියි කුරුටු :)

      Delete
  11. ගොඩ දවසකින් මේ මම බ්ලොග් සවාරියේ යන්නේ....හංසිට කීවම මොකද මටත් කම්මැලි හිතුනා කොමෙන්ට් තුනක්ම ටයිප් කොරාන්න...තුනම මේකෙම කියන්නම්...අති විශිශ්ටයි හංසියෝ....

    ReplyDelete
  12. ගොඩක් ස්තූතියි වාසනාවන්තයෝ :)

    ReplyDelete
  13. හම්මෝ දිග,හොද කතාවක්. කාගෙ හරි ඇත්ත කතාවක් වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. තරිඳු පරණ පෝස්ටු කියවනවා වගේ ..සතුටුයි ^_^ කතාව මුල ඉඳන් ගොඩක් අය හිතුවෙ ඇත්ත එකක් වෙන්න ඇති කියල.ඔව් මේක සමහරවිට කාගේ හරි ඇත්ත කතාවක් වෙන්න පුළුවන්. :)

      Delete
  14. මම මේ කතාව කියෙවුවෙ අද. ඒක නිසා මුලු කතාවම එක පාර කියවන්න පුලුවන් උනා. නියම ප්‍රබන්ධය හංසි. දිගටම ලියන්න. මුල් කොටසෙදි මාත් හිතුවෙ හංසිගෙ අත්දැකීමක් කියලා. ඒ නිසා විහිලුවකුත් එක්ක කොමෙන්ටුවක් දාන්නයි හිටියෙ. මොකද කොල්ලා ඇදලා හිටියෙ කොටු ෂර්ට් එකක්නෙ. :) - (එක අතකට කොටස් වශයෙන් ලියන එක හොදයි. මොකද කුතුහලයට වැඩි දෙනෙක් කැමතිය.)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි :)

      Delete