එදා හොඳටම වැඩ වැඩි උන දවසක්.ඔෆිස් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා එලියට බහිද්දි හයයි කාලත් පහුවෙලා. ඉර වහගෙන වියන වලාකුල් අඳුරු සේලෙ නිසා මුළු කොළඹම දැන් කලුපාට වීගෙන යනවා කලුපාට සෙවනැලි මිනිස්සු බීප් බීප් සද්ද දාන වාහනවල ලයිට් එලියට එකපාරටම මතුවෙලා ආයෙත් අඳුරේ ගිලෙනවා.ඒ මදිවට හවස වැහැපු වැස්සත් එක්ක පාරත් මඩවෙලා.හයි හීල්ස් වලටත් ඔට්ටු උන මඩ තලි ඇඟිලි කරු අතරිනුත් ගිහින්. ඇවිදිද්දි චිරිස් චිරිස් ගාල එලියට පනිනව.ලයිට් කණු එළියටයි වැස්සත් එක්ක මෙරු වටවෙලා ප්‍රේම කරන කඩවල්වල බලුබ් එළියටයි යාන්තමට ඇස් දෙක හුරු කර ගත්ත මම ඉක්මනට දිව්වේ කොටුව කෝච්චියක් බලන්න.
වෙලාව හයමාරත් පහුවෙලා.කොස්ගම කෝච්චිය 6.40 ට, ඊළඟ කෝච්චිය හතට කොහොම හරි කොස්ගම කෝච්චියට නැග්ගනම් පැයෙන් ගෙදර යා හැකි.ආයේ බස් වල ලගින්න බෑ මේ වැස්සෙ.ට්‍රැෆික් අස්සෙ නවයාමාරටවත් ආයේ ගෙදර යනවා බොරු.එක අතකින් තෙත කුඩේ ගත්ත මම අනෙක් අතින් ෆෝන් එක ගත්ත.
හෙලෝ අම්මා .. අම්මා ...ඇහෙනවද ?... මම හයයි හතළිහෙ කෝච්චියෙ එනව හරි.මම ලංවෙද්දි කෝල් එකක් දෙන්නම්..මොකක්ද ..ආ ..මට ඇහෙන්නෙ නෑ ..හරි හරි අප්පච්චිට එන්න කියන්න ..එහෙනම් මං තියනවා.....පරක්කුයි....
ඉක්මනට ටිකට් එකක් ගත්ත මම හයයි හතළිහේ කෝච්චියේ අල්ලන්න දිව්ව. හයයි තිස්පහයි කෝච්චිය ගිහින්ද දන්නෑ. හදිසියට පඩි දෙකෙන් දෙකට නැග්ග මට අන්තිම පඩිය නගින්න හම්බුනේ නෑ.එකපාරටම සෙරෙප්පුව ලිස්සල ඇදගෙන වැටුන.අතේ තිබ්බ ෆෝන් එකත් ලිස්සල ගියා.
අනේ මගේ ෆෝන්එක....අමාරුවෙන් නැගිටින්න හදන ගමන්ම මට ඉබේටම කෑගැහුන.
කෑ ගැහුවට වැඩක් උනේ නෑ.මගෙ කරුමෙටම කෑලිවලට ගැලවුන ෆොනේ එක මං එක්කම පිටිපස්සෙන් දුවන් ආව කොල්ලගේ කකුලට පෑගිලා ගියා...ඌත් කෝච්චියට දුවන මං වගේම හදිස්සි කාරයෙක්.මං කිව්ව ඒක ඇහුනේ නෑ ඇලඩින්ගේ වගේ ඉස්සරහින් උල්වෙච්ච කොල්ලගෙ තඩි සපත්තුවට ෆෝන් එක නොපෙනිල ගියා.
නැගිටගන්නත් බෑ දණහිස වැදිච්ච පාරට රෑ තරු දැන් ඇස් ඉස්සරහ පේන්න අරන්.ඒ මදිවට ෆෝන් එකත් චප්ප උනා.මම අමාරුවෙන් ආධාරක පොල්ල අල්ල ගෙන නැගිට්ට.අර කොල්ල ෆෝන් එකේ කෑලි එකතු කරනවා.දැන් ඉතින් වැඩක් තියනවද චරාස් ගාල චප්ප වෙන සද්දේ ඇහුණාම තව මොන බලාපොරොත්තුද.
අය්යෝ මම මේක දැක්කේ නෑ.කොච්ච්චිය අල්ලන්න දුවගෙන ආවෙ ෂිට්.. මේකෙ ස්ක්‍රීන් එක කුඩුවෙලා ගිහින් ..අය්යෝ සොරි.මොකෝ කරන්නේ දැන් ...මොකද උනේ වැටුනද ? සෙරෙප්පුව ලිස්සුවද ? කැඩිච්ච ෆෝන් එකේ කෑලිත් අතේ තියාගෙන එක අන්ඩකින් විතරක් එල්ල ගත්ත බෑග් එක උරහිසින් හදන ගමන් ප්‍රශ්න වැලක්ම කොල්ල මගෙන් ඇහුව.
ඔව් වැස්සනෙ.සෙරෙප්පුව ලිස්සුව... ආවු ... දණහිසින් එන තද කැක්කුම ඉවසන් ඉන්න බැරිව මට ඉබේටම කෙඳිරි ගෑවුන.
කොහේ කොච්චියටද යන්නේ...
කොස්ගම
අහ්හ් මාත් මේ දිව්වේ එකට තමා ..කෝ නැගිටින්න පුලුවන්ද... ඉන්න මම බෑග් එක ගන්න ... පැත්තක විසික්වෙච්ච බෑග් එකත් එයා අහුලා ගත්ත.
හෙමිට එන්න...කෝ මේ බෑග් එක ගන්න ...මං දුවල ගිහින් ට්‍රේන් අදින්න කලින් නවත්තගන්න පුලුවන්ද බලන්නම්.එහෙම කිව්ව කොල්ල බෑග් එක මට දීල කෝච්චියට දිව්වා.මට නම් දුවාගන්න කියල කෙලින් යන්න බෑ දනිස් පොල්කට්ටට වැඩේ හරි වගේ.ඇදුම් දෙනවා අම්බානෙක... අමාරුවෙන් නොන්ඩි ගගහ මම කොල්ලගේ පස්සෙන් කෝච්චිය දිහාට ගියා.
කොහොමහරි කෝච්චියට නම් නැග ගන්න පුළුවන් උනා. ඒත් මගේ ඔලුවේ තිබ්බේ කැඩිච්ච ෆෝන් එක.දැන් ඉතින් මම අප්පච්චිට කතාකරන්නේ කොහොමද. කකුල කැඩුනත් කමක් නෑ අපරාදේ ෆෝන් එක බේරුනානම් ..අමාරු උනත් පීරගෙන පීරගෙන කෝච්චි පෙට්ටියේ කොනටම ගියා.මට කලින් ගිහින් හිටිය අර කොල්ල එතන හිටිය මනුස්සයෙකුට විස්තරේ කියල මට ඉඳගන්න දුන්න.
ෆෝන් එක කැඩිලා ගන්න දෙයක් නෑ මොකද කරන්නේ දැන්. ..මගේ ෆෝන් එක දිහා බලහෙනම එයා මගෙන් ඇහුව.
මට අප්පච්චිට කතාකරන්න ඕන බහින්න ලංවෙද්දි.
ඔයා කොහෙන්ද බහින්නේ
හෝමාගම
අය්යෝ මම බහින්නේ කොට්ටාවෙන් ම්ම්ම් .. මොකද කරන්නේ ...මමත් අසරණ විදිහට බලන් හිටිය කකුලේ වේදනාවත් එක්ක ඇසුත් පොඩ්ඩක් තෙත් වෙලා තිබ්බේ.
එයා ටික වෙලාවක් එහෙම්මම කල්පනා කලා ඊට පස්සේ සාක්කුවෙන් පරණ ෆෝන් එකක් අරන් පොඩ්ඩක් ඉන්න කියල ඒකෙ මොනවදෝ ඔබන්න ගත්ත.
ම්ම්ම් ...මෙහෙම කරන්නම් මා ගාව ෆෝන් දෙකක් තියනවා.එකක් දැනට තියාගන්න සිම් එක අරගෙන .මම ඔයාගේ ෆෝන් එක හදල ගෙනල්ල දෙන්නම්
එපා එපා කමක් නෑ මම ෆෝන් එක හදාගන්නම් මට කෝල් එකක් විතරක් ගන්න පුළුවන් වෙයිද ..
කමක් නෑ මේක ගන්න ..අර පරණ ෆෝන් එක එය මට දික් කලා ...මේ මහ රෑ තනියම ඉන්න බෑනේ මේක තියාගන්නකෝ මට හෙට හරි ආයේ එන දවසක හරි දෙන්න දෙන්න බැරි උනත් කමක් නෑ .මේක වැඩක් නෑ එහෙම කියල එයා ෆෝන් එකේ සිම් එක ගලවල ඒකට මගේ සිම් එක දාල දුන්න.
කමක් නැද්ද මෙහෙම හරි නෑනේ මට ඔයාගේ number එක කියන්න මම හෙට දෙන්නම්
අය්යෝ වැඩිය හිතන්නෙපා මගේ අතින්නේ ඔයාගේ ෆෝන් එක කැඩුනේ.ඔය ෆොනේ එක දැන් පරණයි ඕන නෑ ...
කමක් නෑ number එක දෙන්නකෝ
හා හරි ලියාගන්න ...
එතනින් එහාට කොට්ටාවට යනකන් අපි වැඩිය කතා කලේ නෑ .දෙතුන් විටක්ම එයා ඇහුව ඇවිදින්න පුලුවන්ද ..මගට එන්නද කියල..අමාරු තිබුනත් මම අමාරු නැතිවිදිහට හිනා උනා.ෆෝන් එක ගෙනිහිල්ල් හදල දෙන්නද කිව්වත් මම එපා කියල ඉල්ලා ගත්ත.මම වැඩ කරන්නේ කොහෙද කියලත් ඇහුව වගේ මතකයි .ඒ ඇරෙන්න එයා මොකවත් වැඩිය කතා කලේ නෑ.කෝච්චියේ අඩවන් වෙච්ච ආලෝකෙත් එක්ක මම විටින් විට එයා දිහා බැලුව.එයා හිටියේ කොච්චි පෙට්ටියෙ පිටිපස්සට හේත්තුවෙලා.වැලමිට ගාවින් අත නවාපු ලා නිලට හුරු කොටු කොටු ෂර්ට් එකක් ඇඳන් හිටිය කොල්ලගේ අර ඇලඩින් සපත්තුව දිහා නම් මම දෙපාරක්ම ඔරවල බැලුව.නළලට වැටිච්ච මුදු මුදු කෙස් පිටිපස්සට කරකර දෙතුන් විටක්ම එයා අතේ තිබ්බ ලේන්සුවෙන් නලලේත් මුහුණෙත් දාඩිය පිහිදැම්ම .ලොකු විඩාබර ගතියක් මූණේ පෙන්න තිබ්බ..මොනවා උනත් හොඳ කොල්ලෙක් ..මට උදව් කලා ..නරක කෙනෙක් නම් වෙන්න බෑ ..මම මටම කියාගත්ත.
මාලපල්ල ලඟදි මම ගෙදරට කෝල් එකක ගත්ත. අප්පච්චිට ටිකක් අසනීපයිලු කොහෙද කලින් හදිසියට කතා කලා විස්තරේ අහගත්තෙ නෑනෙ. පොඩි මල්ලි තමා එනව කිව්වේ.කොහේද ඕක කොයි වෙලාවේ බැලුවත් ගෙදර නෑ රෝන්දේ ගිහින් ..දෙතුන් පාරක්ම කෝල් කරලා තමා ගෙන්න ගත්තේ.වාසනාවට ෆෝන් එකක් ළඟ තිබ්බෙ.
.....................
ඒක පරණ සැම්සුන් ගැලැක්සි ෆොනේ එකක් ස්ක්‍රීන් එක නම් ගන්න දෙයක් නෑ වටේම කටුවකින් පහුරුගාල වගේ ඉරි හැමතැනම. ෆෝන් එක නම් වැඩ හොඳට ...ඒත් ඉතින් මෙලෝ රහක් නෑ මගේ කැඩිච්ච ෆෝන් එක වගේද මේක :/
මම ෆෝන් එකත් අරගෙනම ඇඳට ගොඩවෙල මුල ඉඳන් අගටම විමර්ශන පාරක් දැම්ම .
ගැලරියේ එක පින්තුරයක් වත් නෑ .සිංදුවල එක සින්දුවක් නෑ හපෝ මහා කම්මැලි කොල්ලෙක් මෙලෝ රහක් නෑ ..මෙමෝ වල යන්තමට එකම එක සටහනක් ..කසුන් කල්හාරගේ සින්දුවක පේලි දෙක තුනක් ..කොහෙද ඉතින් මටත් නිකන් ඉන්න බෑනේ ..අනුන්ගේ කුණු හොයනව.
සැලකිය යුතු දෙයක් හොයාගන්න බැරි උන නිසා ෆෝන් එකේ call log බලන්න ගත්ත. සිම් එක මාරු කලත් පරණ මැසේජ් වල, කෝල් වල හිස්ට්‍රි ඒකෙ පෙන්නනවනේ.අනුන්ගේ කුණු අවුස්සනවා තමයි ඒත් ඉතින් මටත් නිකන් ඉන්න බෑනෙ..
මම උඩ ඉඳන් පහලට එකින් එක බැලුව.අර හදිසියට ඔබල මැසේජ්' ඩිලීට් කලත් මෙයාට මේව මකන්න අමතක වෙලා. මටත් ඉතින් ඕන නැති මගුලක් නෑනෙ මමත් කියෙව්ව
සම්පුර්ණ මැසේජ් එක නොපෙනුනත් එකේ කෑලි කෑලි මෙහෙම සටහන්වෙලා තිබ්බ.
සැප් 15
9.45pm : plz mata katha karanna
10.05pm : thamath tharahin ?
10.15 pm :anu oyata waradila
11.30pm anu plz answer karan ...
සැප් 16:
10.00am : ai katha naththe
10.10am : anu phone eka answer ..
1.00am : mama kiyna de ahanna ..
11.00am : ai mehema riddanne
සැප් 17
11.12 am :plz anu riddanne ...
4.00 pm :katha karannema nad ...
4.13 pm :mn ada marenawa aththat....
අන්තිම වචන දිහා මම කට අරගෙන බලාන හිටිය.සැප්තැම්බර් 17 දෙය්යනේ අද .
4.15 pm : mn ada marenawa aththat...
මේ ඇත්තක්ද ඒ කියන්නේ මූ මැරෙන්නද හදන්නේ.ශික් මේකේ සම්පුර්ණ මැසේජ් එක වත් නෑනෙ..මම දෙපාරක් තුන්පාරක්ම මැසේජ් කියෙව්ව .මේ බොරුවටද දන්නෑ කියන්නෙ .ඒත් කොහොමද දැනගන්නෙ...හිතන්න හිතන්න මට ලොකු බයක් දැනුන
කලබලවෙච්ච මම එකපාරටම හවස ඉල්ල ගත්ත නම්බර් එකට කතා කරන්න ගත්ත ...
හෙලෝ ... මේ අර ..මේ ..කොටුවේ හම්බුනා කෙනාද කතා කරන්නේ ..මේ අර ...මට ෆෝන් එක දුන්නේ ..........
කතාවෙ ඉතිරිය කුමක් වෙයිද? ...මතුවට ...
.............................
ප.ලි : මතුසම්බන්ද කතානම් කවදාවත්ම ලියල නෑ ..ඔන්න පලවෙනි වතාවට එකක් ලියනව..... :)
සිරා කතාව , මේක සත්‍ය සිදුවීමක් ද ? :P මොනා වුනත් මැරෙන element එක දාපු එකෙන් කතාව තවත් interesting වුනා කියල හිතෙනවා , ඊළඟ කොටස එනකන් බලන් ඉන්නේ ,ජය !
ReplyDeleteස්තූතියි :) සම්පූර්ණ කතාව සත්‍ය සිද්ධියක් නෙවේ හිතින් මවපු කතාවක් හැබැයි සමහර සත්‍ය සිද්ධි නැතිවම නොවෙයි ;) ඉකමනට ඊළඟ කොටසත් ලියන්නම්කො
Deleteචේතන් භගත්ටත් මැරෙනවය කියල ආපු ඊ මේල් එකක් හන්ද ආපහු ඉන්දියාවට ඒන වෙලා මෙලෝ රහක් නැති හොප්පිටල් එක්ක ලගින්න වෙලා හැබැයි අන්තිමට කතාවකුත් ලීව.. ඒකත් අනික්ව වගේම සුපර් හිට් වුනා..
ReplyDeleteහා මොකද්ද ඒ කතාව.. හිකිස්...
මරු ඇ..
තාම මොනාත් කියන්න වේලාසන් වැඩී.. බලමුකො ඉස්සරහට
ජයවේවා
මහේෂ් අය්යෙ අර චේතන්ගේ කතාව 3 mistakes of my life නේද ..එයාගේ පොත් ඔක්කටම මම ආසයි.
Deleteදැනම මොකුත් කිව්වේ නැතිවට කමක් නෑ අඩුපාඩුත් එක්කම ඊළඟ පාරම කියන්නකො :)
ඔන්න ඉතින් හංසි කතා ලියන්න පටන් අරගෙන.දැන් ආයේ එන්න වෙනවනේ ඊ ලගට මොකද වෙන්නේ බලන්නේ.අර 138,125,122 බස් වල නිදිකිරන ඈයොත් දැන් දිගටම එයි මෙ කතාව බලන්න නිදාගන්න එක අඩුකරලා.එහෙනමි ජය ආයේ එන්නමි
ReplyDeleteඉස්සර ඉඳල හිටලා කතාවක් ලිව්ව ..මේ කාලෙකින් ලියනවමයි.බලමුකෝ ඊළඟට මොකද වෙන්නේ කියල :) ..ඔය කතා කියෙව්වට නින්ද නම් අඩුවෙන්නෙ නෑ මනෝ ඒ නිසා 138 බස් වල යද්දී පරිස්සමෙන් :P
Deleteහංසි නගින්න හැදුවොත් පුවක් ගහෙත් දෙබලක්.. එත් බාගෙට කියවද්දී හිතුවේ මෙහෙම කොමෙන්ට් එකක් දාන්න.. "ෆෝන් එක කැඩුනට මොකෝ හොඳ කොල්ලෙක් හම්බ උනානේ''
ReplyDeleteහා හා.. ඉක්කනට ඉක්කනට.. ඊයෙම මැරුණද දන්නේ නෑ ඒ කොල්ලා..
එකනම් ඇත්ත කොහේ ගියත් අවුලක් :/ දුක තමා ...හැබැවටම... අර මනුස්සය මැරිලද දන්නෑ ඉක්මනට විස්තර හොයන්න ඕන ;)
Deleteතප්පරයෙන් තප්පරය කුතුහලය රදවගනිමින් කතාව ගොඩ නගලා තියනවා. නියමයි හන්සි අනිත් කොටසත් බලමුකෝ.
ReplyDeleteගොඩක් ස්තූතියි නලීන් අය්යෙ ...හොඳටම කතා ලියන්න නම් තාම ආධුනිකයි වගේ. කම්මැලි නැතිවෙලාවට හිතල හිතල හොඳට ලියනව.ඉක්මනටම ලියන්නම් ඉතිරිය :)
Deleteහ්ම්ම් හොඳා හොඳා, ඉස්සරහට බලමුකෝ මොකද වෙන්නේ කියලා, දැනෙන්නේ නම් හන්සිගේම කතාවක් වගේ :D, හංසිත් දැන් දියුණු වෙලා, කතාව හරි අපුරුවට ගොඩ නගලා, කතාව තමන්ගේ කරන් ලියලා තියෙනවා. මෙස්සකස් වලට කලින් එනකන්ම කතාවේ ටර්නින් පොයින්ට් එකක් නැති උනත් ඒ ටිකේ රසය නියමයි, එතනින් එහාට එක පාරටම ටොක්කක් ඇනලා දැම්මා නේද? ද ඉතින් ඔලුව අත ගගා හිටපන්කෝ ඊළඟ කොටස එනකන්.
ReplyDeleteගොඩක් ස්තූතියි අය්යේ ...මගේම කතාවනම් නෙවේ කෝච්චියේ යද්දී හිතට ආපු කතාවක් කොච්චියේත් නිදාගන්නේ නැතිව මහා දවාලක ඇස් පියාන හිතින් ගොඩ නගපු කතාවක් .මේ සඳුදා මහ රෑ කොස්ගම කෝච්චියෙන් ගිය නිසා කතාව ලියද්දි අමාරු උනේ නෑ ලියනකොටත් හිතේ හිටිය ගෑල්ලමය මමම තමයි අහපු දැකපු සත්‍ය සිද්ධි එකතුවක් එක්ක ගොතපු ..ගෙතෙන කතාවක් වේවි.ඊළඟට මොනවා වේවිද මමත් තාම දන්නේ නෑ. :)
Deleteවාව්........ පට්ට.......... අනේ ඉතුරු ටිකත් ඉක්මනට දාන්න....................
ReplyDeleteමෙන්න මගේ බ්ලොගේට ආර්යයන් ගොඩ බැහැලෝ ..ප්‍රීති ප්‍රීති :) ... ඉක්මනටම ඉක්මනටම ඉතිරි කොටස දාන්නම් :)
Deleteමටත් ඔය වගේම වැඩක් වුනා , හැබැයි ෆෝන් එක ගෙනත් දුන්නා ඒ කෙල්ල ,කොල්ලත් එක්කම ඇවිත් අපරාදේ කියන්න බෑ .. හැක හැක හැක
ReplyDeleteඔන්න මම ඉවාන් අය්යගේ කතාව නෙවේ ලියන්නෙ..අපෝ කොල්ලෙකුත් එක්ක ගෙන ආවද ..අපරාදේ ෆෝන් එක දුන්නේ :P
Deleteහෑ? මේ පෙරේදා වෙච්ච වැඩක් නේද? හරි එහෙනම් හන්සිටත් ජයවේවා. ඔය කොල්ලත් එක්ක සෙට් වෙයං. ඉවරයිනෙ. හැක් හැක්
ReplyDelete:P එහෙමත් පුලුවනිද එකපාර සෙට් වෙන්න පස් මහ බැලුම් බලලම තමා සෙට් වෙන්ට වෙන්නෙ ..අනෙක දැනටමත් කොල්ලට කෙල්ලෙක් ඉන්නවනෙ ...ඔය කෙල්ල මාව හොයන ඇවිත් අම්බානෙක නෙලුවොත් කාට නම් කියන්නද. එහෙනම් ඉතින් ඊළඟ කතාව ලියනව බොරු ...අහසින් ආවට ස්තුතියි ...අහසින් එන්නෙ සරුංගලයක් වෙන්ටැති නේ :P
Delete//අහසින් එන්නෙ සරුංගලයක් වෙන්ටැති නේ :P// :P :P
Deleteඒ කත් හරි. හදිසි වුනොත් කොරොස් කටෙත් අත දාගන්න බැරි වෙනවනෙ. හරි හරි පස්මහ බැලුම් බලලා ඒකත් ලියන්නකො.
:)
Deleteකතාව ලස්සනයි.. අනිත් කොටසත් ලියමුකෝ ඉක්මනට..
ReplyDeleteස්තූතියි අය්යේ ටික දවසක් ගියා අද තමා ඉතිරිය හිතල ලිව්වේ. අඩුපාඩු ඇති හැමදේම කියන්න ඉතිරි කොටස ලස්සනට ලියන්න ඒක උදව් වේවි :)
Deleteලස්සන කථාව. අපි කොච්චි වල යන කාලෙ ෆෝන් තිබුනෙ නැහැනෙ. කකුලක්ම පෑගෙන්න ඕන කතාවක් පටන්ගන්න. :) ඉක්මනට ඉතුරු කොටස දාන්න. බලගෙන ඉන්නවා.
ReplyDeleteකකුල පෑගිල වෙච්ච සිද්ධි එහෙම ලියන්නකො අපිටත් කියවන්න :D
Deleteහංසිට කොල්ලව හම්බ වෙයිද...? කොල්ලට ෆෝන් එක හම්බ වෙයිද...? අන්තිමේදි මොකකින් මොකක් වෙයිද...?
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනට ලියන්ඩෝ...
අන්තිමට මොකක් වෙයිද හැබෑවටම ..අපි බලමු ;) ඉවසිල්ලෙන් අහගෙන ඉමු එයාලගේ කතාවට ..අහන ඉන්න අහගෙන ඉන්න ..... :)
Deleteඅඩේ මොකෝ වෙන්නේ ඉස්සරහට???
ReplyDelete