Sunday, March 1, 2015

හිමිදිරිය

නිල්  ගොයම  ගැබ්බරව රන් කරල්  නැමි  බිමට 
කොළ පලස සිප ගනියි  හෙමි හෙමින් සීරුවට 
නියර දිග විසිර ගිය තුෂර බිඳි  වටකුරුව 
මුතු පබළු සේ දිලෙයි  තෘණ පියලි අග රැඳුන 

වලාකුළු කැටි මතින්  පෙරා එන රිවි කිරණ 
මගේ කඩුක්කන් පාට හොරා  විත් මට නොකිය 
මීදුමත් දෙබෑකර පොලව හා  ලංවෙත්ම 
රන් පාට ඉහිරවයි  මුළු දෙරණ නැහැවෙන්න 

කිචි බිචිය  හඬ නගන සියොත්  කැල  හා එක්ව 
මද නලත් හමා එයි  තාලයට ගී ගයව 
කුසුම් පෙති  දිග හැරී සිනහවෙන් පිරිපුන්ව
පෙම් කතා බස් දොඩයි  බිඟුන් හා මන් මත්ව 

සිලි සිලියේ හඬ නගා ගලා යන දොළ පාර 
නොනැවතී ගලා යයි ගම්මානේ කෙලවරට
ගත මෙන්ම සිත එක්ව නැවුම් කල හිමිදිරිය 
තවත් අලුතින් දිනක් රැගෙන එයි ගම වෙතට 



ආසාවට කවියක් ලියන්න හිතුන :)  ඉඳල හිටලා කවි ලියවෙන නිසා කවි පද ගොතද්දී අඩු පාඩු ඇති  හංසි තාම ආධුනික කවි ලියන්නෙක්  නෙ. :)  
පින්තුරය  මම ගත්තේ. බයික් එකේ යන ගමන් ගත්ත නිසා පොඩ්ඩක් ඇදවෙලා පෙන්නේ.මේ වගේ ලස්සන  ගමක ඉඳිද්දී ඉතින්  මේ වගේ කවි සිත්  ඉබේම පහළවෙනවා ;)

24 comments:

  1. කියන්න තරම් අඩුවක් පේන්නේ නෑ කවි ටික නම් ලස්සනයි ඔන්න..

    ReplyDelete
    Replies
    1. අඩුපාඩු නැත්නම් සතුටුයි :) බොහොම ස්තුතියි අය්යේ

      Delete
  2. නියමයි කවි ටික
    ජයෙනුත් ජය හංසි...

    ReplyDelete
    Replies
    1. හැමදාමත් මෙහෙට ගොඩවෙලා ඔයාගේ අදහස් කියල යනවට ගොඩක් ස්තූතියි වර්ණ :)

      Delete
  3. අදයි මේ පැත්තට ආවෙ...
    කවි අගෙයි...
    ජය..

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා ඔන්න :) ..නිදහස් වෙලාවක ආයෙත් මෙහෙට ඇවිත් කවි කතා කියවල යන්න එන්න :)

      Delete
  4. කවි ටික හොදයි. ලියන්න ලියන්න තව හැඩ වේවි..

    හංසි... කවි ලස්සනට ඇලයින් කරගන්න විදියක් තියෙනවා අපේ මලයෙක් කියල දීපු.. හැබැයි ඊට ලේසි ක්‍රමයක් මම කියන්නං.. වර්ඩ් වල ටේබල් එකක් ඇරල කොලුම් දෙකක.. අර කඩන වචනේ දෙවැනි කොලමට දාලා රයිට් එලයින් කරන්න.. අවශ්‍ය ගානට එතනදිම පොන්ට් සයිස් වෙනස් කරගෙන කොපි කරගෙන ඇවිත් බ්ලොගර් වල පේස්ට් කරන්න. එතකොට ලස්සනට තියේවි.. ජය

    ReplyDelete
    Replies
    1. අර මලය හදල තිබුන සොෆ්ට්වෙයාර් එක හරියට වැඩ කරන්නේ නෑ දේශා.. මේක වැදගත් උපදේශයක්.. හැබැයි මට පොඩි පුරස්ණයක් තියෙනවා.. යුනිකෝඩ් වලින් ටයිප් කරල වර්ඩ් එකේ පේස්ට් කරාම රකරාංශ වෙන් වෙන්ව නෙ පෙන්නනේ.. (ප්‍රශ්ණය- ප්රශ්ණය වගේ..) ඒකට පිළියමක් නැද්ද?

      Delete
    2. ඒක සමහර වෙලාවට වෙන්නේ නැහැ. ඕන නං ඉතිං ඔය පොඩි කවි පේලි කිහිපයක ඒ වෙනස හදාගන්න බැරියැ. මං ගාව වෙන උත්තරයක් නෑ කමියා..

      Delete
    3. ගොඩක් ස්තූතියි දේශක මේ දේ මම කලින් දැනන් හිටියේ නෑ :)
      @ කල්‍යාන මිත්‍ර ,දේශක .... මම ලේසියට සිංහල අකුරු කොටන්නේ ගූගල් ආදාන මෙවලම් පාවිච්චි කරලා .හැබැයි ඒක word එකට ගන්නකොට නම් අර විදිහට අකුරු වෙනස් වෙනවා (ප්‍රශ්ණය- ප්රශ්ණය වගේ..) එකට මම ලඟදි හොයාගත්ත ඒ ලියපු ඔක්කොම wordpad එකට මුලින් paste කරගෙන පස්සේ wordpad එකේ තියන ඒවා copy කරන් word එකට දැම්මම අකුරු වෙනස් වෙන්නේ නැතිව එහෙම්මම තියනවා. හැබැයි වැඩ ගොඩක් නෙ ..මීට වඩා ලේසි ක්‍රම නම් ඇති .word එකක මොකක් හරි වෙනස් කමක් කරලා දානවා නම් තමයි ඔහොම ඕන නැත්නම් ඉතින් ගූගල් ආදාන මෙවලමෙන් වචනේ හරියට ලිව්වම ඒකම එහෙම්මම බ්ලොගෙට දැම්මම අකුරු වෙනස් වෙන්නේ නෑ

      Delete
  5. ගැබ්බර නිල් ගොයම රන් කරලින් බරලූ
    තුශරව බිඳී විසිරෙයි ඩා මුතු......... පබලූ
    මද පවනක්ව පිසලන ගැමි දිවි...... කඳුලූ
    මේවා තව තවත් ලියවිය යුතු....... කවිලූ

    දොසකට කියන්න තියෙන්නේ 'නිහඬ බව බිඳින්න තියෙන අමාරුව' විතරයි.. අගෙයි.. ගැමි සිරිය විඳින ගමන් දිගටම ලියන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් නිහඬ බව බිඳ ගත්ත :D ... බොහොම ස්තුතියි කල්‍යාණ මිත්‍ර ..කල්‍යාණ මිත්‍ර ලියන කවිවලට මම හැමදාම ආසයි .හැම කවියකම තාලේ හරි ගානට අඩුවක් නැතිවම ලියනවා .මගේ කවිය ලියද්දි මට මතක් උනේ පොඩි කාලේ ඉස්කෝලේ පොතේ කියෙව්ව රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ වස්සානේ කවිපන්තිය. අදටත් ගොඩක් ආස ඒ කවිපන්තියේ තාලෙට මේ කවියත් කියන්න හිතුව :)

      Delete
  6. පින්තූරෙ දකින්න කලින්ම අපූරු චිත්‍රයක් මැවිල පෙනුනා, බලනකොට පින්තූරෙයි ඒ චිත්‍රයයි හොඳටම ගැලපෙනවා. ඉතින් කවියෙකුගෙන් ඊට වඩා බලාපොරොත්තු වෙන්නෙ මොනාද!

    ReplyDelete
    Replies
    1. කවිය සාර්ථක නම් ඒක මට සතුටක් :) මේ පැත්තට ගොඩ වැදුනටත් ගිමන්හලට ගොඩක් ස්තූතියි :)

      Delete
  7. ගම ගැන කවි, කතා කියවද්දි homesick හැදෙනව. අපේ ගමටත් මේ කාලෙට ඉර පායන්නෙ මීදුම දෙබෑ කරගෙන.

    ReplyDelete
    Replies
    1. කොහේ ගියත් කාන්දම වගේ ඇදිල එන්නේ ගමට තමයි :) ඒ සුන්දරත්වය විඳින්න ගමක ඉපදුන අපි නගරෙක ජීවත්වෙන අයට වඩා ගොඩක් වාසනාවන්ත වෙලා තියනවා

      Delete
  8. හංසිගේ පද පෙළ නම් නියමයි. ඔය කවි ටිකේ අන්තිම පේලි ටික එක කෙලින් ගන්න පුළුවන්ද කියලා මෙතනට ගිහින් බලන්න

    http://aluth-malli.blogspot.com/2012/10/9.html
    මටනම් ඔය වැඩේ හරි ගියා , එහෙම වුනාම කවිටක ලස්සනට පෙනේවි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් අය්යේ.එවපු Link එක bookmark කරගත්ත ආයේ කවි ලියද්දි උදව් වේවි :)

      Delete
  9. බුකිය හරහා ජාතිය අමතන්ට කියල බැලුවෙ මට මග ඇරුණ පොස්ටුවක් දැක්ක හන්ද නිකං හිටිය
    කම්මැලි නෙවී ලිය යකූ

    ReplyDelete
  10. Amuthuwen kiyanna deyak na Hansiyo wenada wagema supiri kavi tika :D

    ReplyDelete