නිල් ගොයම ගැබ්බරව රන් කරල් නැමි බිමට
කොළ පලස සිප ගනියි හෙමි හෙමින් සීරුවට
නියර දිග විසිර ගිය තුෂර බිඳි වටකුරුව
මුතු පබළු සේ දිලෙයි තෘණ පියලි අග රැඳුන
වලාකුළු කැටි මතින් පෙරා එන රිවි කිරණ
මගේ කඩුක්කන් පාට හොරා විත් මට නොකිය
මීදුමත් දෙබෑකර පොලව හා ලංවෙත්ම
රන් පාට ඉහිරවයි මුළු දෙරණ නැහැවෙන්න
කිචි බිචිය හඬ නගන සියොත් කැල හා එක්ව
මද නලත් හමා එයි තාලයට ගී ගයව
කුසුම් පෙති දිග හැරී සිනහවෙන් පිරිපුන්ව
පෙම් කතා බස් දොඩයි බිඟුන් හා මන් මත්ව
සිලි සිලියේ හඬ නගා ගලා යන දොළ පාර
නොනැවතී ගලා යයි ගම්මානේ කෙලවරට
ගත මෙන්ම සිත එක්ව නැවුම් කල හිමිදිරිය
තවත් අලුතින් දිනක් රැගෙන එයි ගම වෙතට
ආසාවට කවියක් ලියන්න හිතුන :) ඉඳල හිටලා කවි ලියවෙන නිසා කවි පද ගොතද්දී අඩු පාඩු ඇති හංසි තාම ආධුනික කවි ලියන්නෙක් නෙ. :)
පින්තුරය මම ගත්තේ. බයික් එකේ යන ගමන් ගත්ත නිසා පොඩ්ඩක් ඇදවෙලා පෙන්නේ.මේ වගේ ලස්සන ගමක ඉඳිද්දී ඉතින් මේ වගේ කවි සිත් ඉබේම පහළවෙනවා ;)
කියන්න තරම් අඩුවක් පේන්නේ නෑ කවි ටික නම් ලස්සනයි ඔන්න..
ReplyDeleteඅඩුපාඩු නැත්නම් සතුටුයි :) බොහොම ස්තුතියි අය්යේ
Deleteනියමයි කවි ටික
ReplyDeleteජයෙනුත් ජය හංසි...
හැමදාමත් මෙහෙට ගොඩවෙලා ඔයාගේ අදහස් කියල යනවට ගොඩක් ස්තූතියි වර්ණ :)
Deleteපට්ට පට පට
ReplyDeleteස්තූතියි :) :)
Deleteඅදයි මේ පැත්තට ආවෙ...
ReplyDeleteකවි අගෙයි...
ජය..
සාදරෙන් පිලිගන්නවා ඔන්න :) ..නිදහස් වෙලාවක ආයෙත් මෙහෙට ඇවිත් කවි කතා කියවල යන්න එන්න :)
Deleteකවි ටික හොදයි. ලියන්න ලියන්න තව හැඩ වේවි..
ReplyDeleteහංසි... කවි ලස්සනට ඇලයින් කරගන්න විදියක් තියෙනවා අපේ මලයෙක් කියල දීපු.. හැබැයි ඊට ලේසි ක්‍රමයක් මම කියන්නං.. වර්ඩ් වල ටේබල් එකක් ඇරල කොලුම් දෙකක.. අර කඩන වචනේ දෙවැනි කොලමට දාලා රයිට් එලයින් කරන්න.. අවශ්‍ය ගානට එතනදිම පොන්ට් සයිස් වෙනස් කරගෙන කොපි කරගෙන ඇවිත් බ්ලොගර් වල පේස්ට් කරන්න. එතකොට ලස්සනට තියේවි.. ජය
අර මලය හදල තිබුන සොෆ්ට්වෙයාර් එක හරියට වැඩ කරන්නේ නෑ දේශා.. මේක වැදගත් උපදේශයක්.. හැබැයි මට පොඩි පුරස්ණයක් තියෙනවා.. යුනිකෝඩ් වලින් ටයිප් කරල වර්ඩ් එකේ පේස්ට් කරාම රකරාංශ වෙන් වෙන්ව නෙ පෙන්නනේ.. (ප්‍රශ්ණය- ප්‍රශ්ණය වගේ..) ඒකට පිළියමක් නැද්ද?
Deleteඒක සමහර වෙලාවට වෙන්නේ නැහැ. ඕන නං ඉතිං ඔය පොඩි කවි පේලි කිහිපයක ඒ වෙනස හදාගන්න බැරියැ. මං ගාව වෙන උත්තරයක් නෑ කමියා..
Deleteගොඩක් ස්තූතියි දේශක මේ දේ මම කලින් දැනන් හිටියේ නෑ :)
Delete@ කල්යාන මිත්‍ර ,දේශක .... මම ලේසියට සිංහල අකුරු කොටන්නේ ගූගල් ආදාන මෙවලම් පාවිච්චි කරලා .හැබැයි ඒක word එකට ගන්නකොට නම් අර විදිහට අකුරු වෙනස් වෙනවා (ප්‍රශ්ණය- ප්‍රශ්ණය වගේ..) එකට මම ලඟදි හොයාගත්ත ඒ ලියපු ඔක්කොම wordpad එකට මුලින් paste කරගෙන පස්සේ wordpad එකේ තියන ඒවා copy කරන් word එකට දැම්මම අකුරු වෙනස් වෙන්නේ නැතිව එහෙම්මම තියනවා. හැබැයි වැඩ ගොඩක් නෙ ..මීට වඩා ලේසි ක්‍රම නම් ඇති .word එකක මොකක් හරි වෙනස් කමක් කරලා දානවා නම් තමයි ඔහොම ඕන නැත්නම් ඉතින් ගූගල් ආදාන මෙවලමෙන් වචනේ හරියට ලිව්වම ඒකම එහෙම්මම බ්ලොගෙට දැම්මම අකුරු වෙනස් වෙන්නේ නෑ
ගැබ්බර නිල් ගොයම රන් කරලින් බරලූ
ReplyDeleteතුශරව බිඳී විසිරෙයි ඩා මුතු......... පබලූ
මද පවනක්ව පිසලන ගැමි දිවි...... කඳුලූ
මේවා තව තවත් ලියවිය යුතු....... කවිලූ
දොසකට කියන්න තියෙන්නේ 'නිහඬ බව බිඳින්න තියෙන අමාරුව' විතරයි.. අගෙයි.. ගැමි සිරිය විඳින ගමන් දිගටම ලියන්න.. ජය ශ්‍රී!
අමාරුවෙන් නිහඬ බව බිඳ ගත්ත :D ... බොහොම ස්තුතියි කල්‍යාණ මිත්‍ර ..කල්‍යාණ මිත්‍ර ලියන කවිවලට මම හැමදාම ආසයි .හැම කවියකම තාලේ හරි ගානට අඩුවක් නැතිවම ලියනවා .මගේ කවිය ලියද්දි මට මතක් උනේ පොඩි කාලේ ඉස්කෝලේ පොතේ කියෙව්ව රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ වස්සානේ කවිපන්තිය. අදටත් ගොඩක් ආස ඒ කවිපන්තියේ තාලෙට මේ කවියත් කියන්න හිතුව :)
Deleteපින්තූරෙ දකින්න කලින්ම අපූරු චිත්‍රයක් මැවිල පෙනුනා, බලනකොට පින්තූරෙයි ඒ චිත්රයයි හොඳටම ගැලපෙනවා. ඉතින් කවියෙකුගෙන් ඊට වඩා බලාපොරොත්තු වෙන්නෙ මොනාද!
ReplyDeleteකවිය සාර්ථක නම් ඒක මට සතුටක් :) මේ පැත්තට ගොඩ වැදුනටත් ගිමන්හලට ගොඩක් ස්තූතියි :)
Deleteගම ගැන කවි, කතා කියවද්දි homesick හැදෙනව. අපේ ගමටත් මේ කාලෙට ඉර පායන්නෙ මීදුම දෙබෑ කරගෙන.
ReplyDeleteකොහේ ගියත් කාන්දම වගේ ඇදිල එන්නේ ගමට තමයි :) ඒ සුන්දරත්වය විඳින්න ගමක ඉපදුන අපි නගරෙක ජීවත්වෙන අයට වඩා ගොඩක් වාසනාවන්ත වෙලා තියනවා
Deleteහංසිගේ පද පෙළ නම් නියමයි. ඔය කවි ටිකේ අන්තිම පේලි ටික එක කෙලින් ගන්න පුළුවන්ද කියලා මෙතනට ගිහින් බලන්න
ReplyDeletehttp://aluth-malli.blogspot.com/2012/10/9.html
මටනම් ඔය වැඩේ හරි ගියා , එහෙම වුනාම කවිටක ලස්සනට පෙනේවි
ස්තූතියි ඉවාන් අය්යේ.එවපු Link එක bookmark කරගත්ත ආයේ කවි ලියද්දි උදව් වේවි :)
Deleteබුකිය හරහා ජාතිය අමතන්ට කියල බැලුවෙ මට මග ඇරුණ පොස්ටුවක් දැක්ක හන්ද නිකං හිටිය
ReplyDeleteකම්මැලි නෙවී ලිය යකූ
දැන් ආයෙත් ලියනෝ :D
DeleteAmuthuwen kiyanna deyak na Hansiyo wenada wagema supiri kavi tika :D
ReplyDeleteස්තුතියි හොරා :)
Delete