Sunday, October 19, 2014

මල්සරා වෙත ලියමි ;)

අද මහ අප්සට් දවසක්  කැන්ටිමේ කාපු friday  special බත්  එකේ රහක් වත් දැනුනේ නෑ අප්ප චික් ... .උදේ පාන්දරම එයාව දැක්කනේ .මට  හාට් අටෑක්  හැදුන්නැති  එක පුදුමයි.හිත තාමත් අඬනවා....අනේ දෙවියනේ උඩ  ඉන්න දෙයියෙක්වත්  මා දිහා බලන්නකො.මගේ පරම පවිත්‍ර අති  උත්තම පූජනීය  හද මඩලටමයි මෙහෙම වෙන්නෙ. මගේ හිත වා වන්නේ නැ.ඇත්තමයි අප්ප මෙහෙම දුක්ඛිත ජීවිතයක් කුමටද?? මං පනිනවා බේරේවැවට ඔව් අද හවසම පැනල සිය දිවි හානි කරගන්නව  ඒක මීට වඩා  සැපයි....කැන්ටිමේ මුල්ලක සයිඩ්  ගහන් මම හෙන මූඩ් අප්සට් එකේ ඉන්නකොට තරින්දි එනව සෝය අයිස් ක්‍රීම් දෙකකුත් අර.  අනේ මන්ද මගේ මේ හිත උණු වෙලා දියවෙනවා මේ පාප මිත්‍රයට අදමයි අයිස් ක්‍රීම් කන්නත් ඕන වුනේ  :( 

මොකෝ මේ උදේ ඉඳන් මූඩ් අවුල් මොකෝ කේස් එක. අතේ තිබ්බ අයිස් ක්‍රීම් එක ලෙව කන ගමන්ම තරින්දි මගෙන් අහනවා   

නෑ  මොකුත් නෑ 

මොකුත් නෑ වෙන්න බෑ හලෝ අද උදේ ඉඳන් මං බලන් හිටියෙ  හරියට කොල්ලෙක් බූට් එකක් තිබ්බ වගේනෙ මේ ඉන්නෙ. 

බූට් තමා  හලෝ .. මගේ ක්‍රෂ් එක. අනේ දෙයියනේ  මට  කැන්ටිමේ බිත්තියට ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුන 

ආ ආ ඔය  බළලා  මල්ලෙන් එලියට පනින්නෙ...  කියනවා බලන්න මොකෝ උනේ. අපිටත් නොකියන මොනව  හරි තියනව වගේ.

නෑ  හලෝ... ඉඳල ඉඳල කැම්පස් එකේ  කොල්ලෙක්ට  හිත ගියා  අන්තිමට ඌ  අද කෙල්ලෙක් එක්ක බස් ස්ටැන්ඩ්  එකේ ඉන්නවා දැක්ක.මට හාට් ඇටෑක්  වගේ. ඔයාට කියන්න කවුදෝ හරියට අධි වෝල්ටීය විදුලි රැහැනක් පපුවට අල්ලුව වගේ ..මගේ පපුව දාල ගියා ....බෑ බෑ මට මෙහෙම ඉන්න බෑ මට දැන් මෙහෙම ඉඳල ඇතිවෙලා හලෝ මගේ වයස කීයද  තාම මෙහෙමයි හිත වාවන්නෑ. 


හිත වවන්නේ ම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ  මම තාම දන්නේ මම ඔබේ කියා ... ආ  ආ ...

ඇති ඇති  හිටපන් හිටපන් ඔය කැරල කටහඬ එලියට දන්නේ නැතිව.උඹට මොංගල් කියල අපි විතරක් දැනන්  හිටියම ඇති  හික්ස් ...

අනේ යනවා යන්න  මගේ පාප මිත්‍රයෝ :(  අඩුම තරමෙ මට උදව්වක් වත් කරනවද නෑ නෙ.උදව් කරානම් මං මෙහෙම දුක් ගී කියන්නෑ නෙ.
අනේ මට මෙහෙම ඉන්න බෑ මට මටත් ගොඩ යන්න ඕනා 

යයි යයි බලන් හිටහන් ..ඔය බෝතල්  අඩි දෙකක් වගේ  කන්නාඩි දෙකක්  දාගෙන පාරේ වැලිකැට  ගණන් කරනවා වගේ බිම බලන් ගියාම හම්බෙයි 




ඉහි... ඉහි. ...මගේ හිත වාවන්නේ නෑ.


හ්ම්ම් ...
හරි මං උදව් කරන්නම්  හැබැයි මේක රහසක් හරිද කාටවත් කියල වැඩේ අවුල් කරගන්නේ නෑ හරිද .

ඈ  ඒ මොකක්ද කරන්න යන්නේ දැන් ..

මොකුත් නෙවේ ...දැන් මොකෝ මම උදව් කරන්න එපාද ..අහ් එපානම් නිකන් හිටපන් මට මොකෝ ...

අනේ.. ..අනේ ඔය කොහෙද යන්නෙ   ඕකනේ කියන්නෙ තරහ යනව ...මගේ හොඳ යාලුවනේ නේ...අනේ පැටියෝ හොඳ එකානේ වාඩිවෙන්නකෝ මෙතනින් හරි දැන් කියන්නකො මොකක්ද කරන්න යන්නේ කියල 

තරින්දි  වට පිට බැලුව ඊට පස්සේ හෙමීට මගේ කනට කරලා රහසක් කිව්ව ..

``````අපි මල්සරා  අය්යට මේ ගැන කියල උදව්වක් ගමු.`````````

හෑ... මොකක් !!!... ම.. මල් ... 
 කට කට මැට්ටියෝ  කට ...මං  කිව්වනෙ කෑගහන්න එපා කියල මේක රහසක් ...

හරි හරි (රහසින් ) ... මේ ඇත්තමද ඒ කිව්වෙ මල්සරා??? 
ඒ කවුද ඒ ..අපේ සීනියර් අය්යෙක්ද...  හප්පේ බෑ ...මට බෑ ඔය සින්නො ගාවට යන්න ...

මොන  සීනියර් ද ..උඹ මල්සරව දන්නේ නැද්ද අර ඊතල විදින්නේ .. 

මොකක් ... අර අත්තටු දෙකක් තියන ඊතලයක් අරන් ඉන්න පොඩි එකාද ...



පොඩි එකා කොහෙද  හෙන ලස්සන කොල්ලෙක් ..

ඉතින් එයා කොහෙද මෙහෙ එයා  ඉන්නේ සුරංගනා  කතාවලනෙ.

බම්බුව තමයි ..ඕකනේ  කියන්නේ ලෝකේ ගැන දන්නේ නෑ ...කැම්පස් ආවත් ලෝකේ ගැන දන්නේ නෑ ..මල්සරා ඇත්තටම ඉන්නව 

ඉන්නවා ඒ කොහෙද ... 

ඉන්න තැන මම දන්නේ නෑ හැබැයි උඹ මගේ යාලුවනේ ඒ නිසා කාටවත් දුන්නනේ නැති දෙයක් මම දෙන්නම්.

හා... ඒ මොකක්ද 

මල්සරා ගේ ඊ මේල් ඇඩ්රස්  එක 

මොකක්!!!!  මල්සරාට ඊ මේල් ඇඩ්රස් එකක් තියනවද ???
අනේ මේ මාව ගොනාට අන්දන්නෙ  නැතිව යනවා හිටපන්  මම මේ හිතේ ගින්දරෙන් ඉන්නවා උඹ මෙතන විහිලු කරනවා. 

ඉඳා  මේ සෝය අයිස් ක්‍රීම් එකක් කාල ඔය ගින්දර නිවා ගනින්  ..මගේ බාගෙට දිය වෙච්ච අයිස් ක්‍රීම් එක දික්කරල තරින්දි කිව්ව 

මම මේ ඇත්තමයි කියන්නේ මේක කවුරුත් දන්නේ නැති රහසක් මගේ යාළුවා හින්ද කිව්වේ නැත්නම් උඹට මම කියන්නේ නෑ 

හරි හරි    දැන් ඔය කියන්නේ  ඇත්ත නම්  මට මේල් ඇඩ්රස් එක දෙන්න.දැන් මේකට එක මේල් එකක් හරි යවල තියනවද ?? 

මම නම් යවල නෑ එත් මගේ විශ්වාසම යාලුවෙක් තමයි ඕක මට දුන්නේ අවුලක් නෑ මට ෂුවර්.

හා එහෙනම් දෙන්නකෝ බලන්න
 
 හැබැයි කාටවත් කියන්නෙපා හරිද 

නෑ නෑ සත්තයි 

ඔන්න එහෙනම්  malsara.e@.....com   

අහ්හ් ඇයි මේ අගට e දාල තියෙන්නෙ.

ඒ ඔය ඊතලය කියන වචනේ කෙටිකරලනේ.දැක්කනේ මල්සරාටත් ඊ මේල් ඇඩ්රස්  එකක් තියනවා 
 
අප්පේ මල්සරා  දැන් මොඩ් වෙලානේ  ෂුවර්  එකටම iphone එකක් ළඟ ඇති.. නම්බරයක් නැද්ද ...අඩුම තරමේ fb account එකක් වත් නැද්ද 

නෑ නෑ  ඕක විතරයි තියෙන්නේ අදම මේල්  එකක් යවහන් උඹේ දුක කියල පහුවෙනිදම ඊතලයක් අරන් විදියි ..

අර ක්‍රෂ් එකට විදීද මට එයා  හම්බෙයි ද ...

විදි විදි  ටිකක් හිතටදැනෙන්න  ලියල යවහන්  එතකොට  ආයෙ බලා  ඉඳිද්දී රිප්ලයි එකක් එවයි.

මේ මේක බොරු නෙමේ නේද ?

බොරු ඔන්න ඉතින් මගේ යක අවුස්සනවා ..දාල බලපන්  delivery fail  වැටෙන්නේ නෑ  ඕක ඇත්තම මේල්  ඇඩ්රස්  එකක් ...

අනේ ..ඔය නම් දෙයියෙක්  හලෝ ...මගේ හොඳ යාළුවා ... ඉන්න මං  ගානේ අලියා බීම එකක් දෙන්නම් හවසට ලෙක්චර්ස් ඉවර වෙලා බිත්තර   කොත්තුවකුත් අරන් දෙන්නම්  :D :D ....

ඇති ඇති බටර් පාර යමු දැන් ලෙක්චර්ස් වලට  පරක්කු වෙනවා 
......................

මගේ හිතේ සතුට කියාගන්න බෑ.ගෙදර යනකන් බලන් හිටියේ නොඉවසිල්ලෙන් ආයේ වෙන මොකටද   මලසරාට මේල්  එකක් යවන්න. 

ගෙදර ගිය ගමන් ම කලේ ටක් ගාල ලැප් එක ගාවට දිව්ව  එක ..හම්මේ හිත ගැහෙන තරම් ලබ් ඩබ් ලබ් ඩබ් ...

දැන් ඉතිං ලියන්නේ මොනාද ... හිතාගන්න බෑ 

දෙතුම් පාරක්ම හිතල හිතල ලියන්න පටන් ගත්ත ..

subject: ................  ඒ ඇත්තටම කොහොමද ලියන්නේ සිංහලෙන්ද කඩ්ඩෙන් ද මලා ඒක අහගත්තෙ නෑනේ 

ක්‍රින් !! ක්‍රින් !!!!....ක්‍රින් !! ක්‍රින් !!!!....

හලෝ 

හලෝ මේ තරින්දි අර මල්සරා  අය්යට කොහොමද ලියන්න ඕන ..කඩ්ඩෙන් ද ..මටඒකනම්  අවුල්  

මේ මැට්ටි ..ඔන්න ඔහේ ඕන භාෂාවකින් ලියනව.මොකක් හරි ක්‍රමේකින් ඕක  translate කරගනී. අනෙක මල්සරා සිංහල දන්නැතිව ඉන්න බෑනේ ඔය සාලියට අශෝකමාලටයි විද්දේ  හරියටම .. මල්සරාට වරදුනානම් සාලියටයි ජුලියට්ටයි විදිනවනේ  ... එහෙනම් රෝමියෝ සහ අශෝක මාල කතවෘන්තය තමයි.ඔන්න ඔහේ දන්නා සිංහලෙන් ලියල යවපන් හික්ස් ....

හරි එහෙනම් ඔන්න ලියන්න පටාන් ගන්න යන්නේ 

subject : මගේ දුකට පිහිට වෙන්න.

චී ..චී .. මෙහෙම සරණාගතයෙක්  වගේ  මාතෘකාවක් දන්නා හොඳ නෑ 

subject : ආදරණීය මල්සරා අය්යා වෙතයි 

to : malsara.e@.....com 

දැන් ඔන්න ලිපියේ මැද ,

අය්යේ/අය්යන්ඩි,අනේ මගේ හද පත්ලෙන් නැගෙනදුක  අහන්න ඉන්නේ ඔයා  විතරයි.මගේ කල වයසත් හරි එත් තාම මං තනියම පාලු ගීත ගය ගයා  සෝ දුකෙන් කල් ගෙවනවා අනේ අය්යන්ඩි ඔය කොහේ හරි ඊ තලයක් අරන් යන වෙලාවට මේ පැත්තට එන්න.එක ඊ තලයක් නෙවෙයි දෙක තුනක්ම අරන්  එන්න.හිත නතර උන තැන් ගොඩාරියක් තියනවනෙ.වැඩි විස්තර පසුව ලියන්නම් මේ ඇත්තටම ඇත්ත මල්සරා අය්යටද දන්නෙ නෑනෙ ලියන්නෙ .මේක ඇත්තටම කියවන්නෙ අර ඊතල අරන් යන මල්සරා අය්යනම් අනේ හොඳ අය්යන්ඩි වගේ මට රිප්ලයි එකක් එවන්න.


ඇති ඇති තව ලියන්න ඕන නෑ ..පලවෙනි එක ටිකක් අඩුවෙන් කෙටියෙන් ලියන්න ඕන. මම එහෙම හිතුව.

අද රෑ නම් මට නින්ද යන්නේ නැතිවෙයි.මම සරින් සැරේ මේල් චෙක් කලා ඒත් කෝ මොන සරා වත් එවල නෑනේ.බැරිම තැන හිතේ දුකෙන් නිදා ගත්ත.
එත් හිත කියනවා 

ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ ..අය්යෝ බෑ ..ආයෙත් ගිහිං බලන්න මේල් එකක් ඇවිත්ද කියල ...

ආයෙත් හිත මෙහෙම කියනවා. සිහිනෙන් වත් ඔබ පෙනෙනවා නම් ..අවදි නොවී ඉන්නම් ලා ලා ලා ලා ...

ටක් ටක් ටක් 

මෙන්න කවුදෝ දොරට ගහනව දැන් කවුද දන්නෙ නෑ. මම කම්මැලි කමට ගිහින් දොර ඇරලා බැලුව.

දෙය්යනේ !!!!!!!!! .............මට ඇස් අදහ ගන්නත් බෑ ... මේ........... මේ ...  අර  මල්සරා නේ ...

ඈ එයා  කොහොමද මගේ  ගේ හොයාගත්තේ ..මට කියාගන්න වචන නැතිව නිකන් හින්දි ෆිල්ම් එකක නළුවෙක් දැක්ක වගේ ගල් ගැහිලා හිටිය.

හරියට අර ඕම් ශාන්ති ඕම්  ෆිල්ම් එකේ ශාරුක් දැක්කම දීපිකා සිහිනැතිව වැටෙන්නෙ අන්න ඒ වගේ  ...ඇහිපිල්ලම් ගැහෙන්නෙත් නෑ.

මේ නගා නේද මට මේල් එකක් එව්වේ.... එයා  අහපි ...මට ඉහින් කනින් දාඩිය දානවා. ම ම..ඔ ඔව් මම ..මේ ..

අය්යා කොහොමද අපේ ගෙදර හොයාගත්තේ 

හෙක් හෙක් ගෙදර හොයාගත්තේ නැත්නම් මං මල්සරා නෙවෙයි  හැක් හැක් 

දැන් මේ අය්යන්ඩි මාව හොයගේනමද ආවේ ...

නෑ නෑ මං පස්සේ හෙමීහිට එන්නම්කෝ මං  මේ ළඟකට යන ගමන්..පොඩි වැඩකට   නගා මේ ළඟ ඉන්න නිසා මං ආවේ 

හි හී ඔය ඊතල මිටියකුත් අරන් යන්නෙ කාට හරි විදින්න වෙන්ටෑ .

මොන පිස්සුද නගා මේවා ඔක්කොම මොට්ට වෙලා සමහරක් මලකඩ කාල මං මේ කම්මලට යන ගමන් පහු ගිය ටිකේම ගහපු ඊතල හරි ගියේ නෑ ඒක නෙමේ ....නගාට හදිස්සි නෑ නේද.හදිස්සිම නම් මේකෙන් හොඳ එකක් තෝරලා  කාට හරි විදින්නම් ....

හපෝ මොන හදිස්සිද මං ගත් කටටම කිව්ව... ඈ බොලේ මෙයා මේවයින් විදින්ට ගියොත් කොල්ලට පිටගැස්ම හැදිලානේ නවතින්නේ.....

......................


පොඩී ..පොඩි දූ .....

ඉවරයි... ඉවරයි........... තාත්ත එනවා  


 ...මේ අය්යේ ඔයා  යන්න අපි පස්සේ කතාකරමු හොඳේ ... ආයේ මොකුත්ම කියන්නේ නැතිව මං දඩාන් ගාල  තාත්තට බයේදොර වැහුව   ශික්.... හරියට කතාකරගන්න වත් බැරිඋනා...කමක් නෑ එය ආයේ එනවා කිව්වනේ ...

....................................................................

පොඩී ..මේ නැගිටින්නේ නැද්ද කැම්පස් යන්න ඔහොම නිදන් හිටියොත් බස් එකේ යන්න. මම යනවා ඔයාව දාල.තාත්තගේ ගෝරනාඩුව.... 

කැම්පස් ..ඇයි දැන් මේ මහා රෑ කැම්පස් ...

අහ් ඈ ..ඉන්න ඉන්න මොකක්ද මේ  විකාර සිද්දිය මං මේ මල්සරා අය්යෙක්ව දැක්කේ හීනෙන්ද  ..මේක හීනයක්ද?? 



  ...මන් ලාවට එක ඇහැක් ඇරලා බැලුව  හපොයි දෙය්යනේ ඊයේ අන්තිමට ඇඳ උඩ ෆෝන් එක තියාගෙන එහෙම්මම නින්ද ගිහින්නෙ 

ඒ එතකොට අර මල්සරා අය්ය  හීනෙන්ද ආවේ ..අපරාදේ ...අනේ මෙහෙමත් දුක්ඛිත ජීවිතයක් මට මං ගැනම දුක හිතුන ..ළඟ තිබ්බ කෝට්ටේ හපාගෙන හොටු පෙර පෙර කෑගහල අඬන්න තරම් දුකයි.
 

කෝකටත් මං නිකමට වගේ ෆෝන් එක ඕන් කරලා මේල් බැලුව ...

ඈ ..මෙන්න..................... මං ඊයේ මල්සරාට යැව්වා මේල් එකට රිප්ලයි එකක් ඇවිත්  !!!!!!!!!!!!!!!!!!!!!!!!!!...............................  







කැම්පස් විභාග භීතිකාවෙන් මිදුනෙමි ..... හිත නිදහස් වෙන්න ඔන්න ලිව්ව ..හැමදාම දුක දැනෙන දුක හිතෙන කතා ලියන්න බෑනේ ඒ නිසා පොඩි වෙනසක්  ;) 

23 comments:

  1. නුඹේ ලපයට මගෙන් පලතුරු !

    ReplyDelete
    Replies
    1. හික්ස් ...පලතුරු උනත් කමක් නෑ ලැබෙනවානම්.මේ පැත්තට පියාඹල ආවට කුරුළු අය්යට ස්තූතියි :)

      Delete
  2. ළඟ තිබ්බ කෝට්ටේ හපාගෙන හොටු පෙර පෙර කෑගහල අඬන්න තරම් දුකයි.///
    ;මේකෙ අන්තිම වචන පහ හය නැත්තං කතාව ලෙසටම නැගල යනව.. ඒ ටික කතාවටගැලපෙන්නෑ වගේ දැනුන...
    අද උදේ පටං ඇරං තියෙන්නෙ හීන නැකතකින්ද කොහෙද බ්ලොග් කියවන්න ගත්ත වෙලෙ ්ඉදං හීන හීන...
    හෆොයි...

    මේ මචී මල්සරා බ්‍රද හම8්බුනොත් අහාපං මටත් එක්ක විදපු අනිත් එකී කව්ද කියල හොයාගන්න බැ බං...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :) ...කතාවේ තව කොටසක් හිතේ තියන් ඉන්නවා ඒකයි අන්තිමට මෙහෙම ඉවර කලේ කොහෙද මල්සරා අය්ය මට එව්ව ලියුම මේකෙ ලියන්න ගියොත් මේ කතාව තව දිග වෙනවනෙ. මහේෂ් අය්යෙ ෂුවර් එකටම අර මොට්ට වෙච්ච ඊතලයක් තම වැදිලා ඇත්තේ එකයි ඔය විදපු අනෙක් එකී ව හොයාගන්න ඔච්චර අමාරු හික්ස් ..මං මල්සරා අය්යට කියන්නම්කො ඔයා ගැන ආයෙ සලකා බලන්න කියල :D

      Delete
  3. හංසියො ඔය මල්සරා අය්ය මේ පැත්තටත් එවහන්කො බං. මං මග බලන් ඉන්නව කියහන් එනකල්. මහේශ්ට වගේ මටත් පොඩි අවුලක් තියනව කියහන් මතක් කරලම. ඇයි යකෝ අපිටම මෙහෙම දුක් දෙන්නෙ මේකා.

    ආදෙන්කො මේ පැත්තට...

    හොඳ දෙකක් කතා කරලයි පස්ස බලන්නෙ... ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. මේ බලන්නකෝ මාර හදිස්සියක්නේ හි ..හී ..තාම මගේ ඉල්ලීම වත් ඉටු කරලා නෑ මාත් මේ මග බලන් ඉන්නෙ එයාව හමුවෙන්න. දෑස රිදෙනවා ..පාර බලා ඉඳලා ... :D දුක්ඛිතයි තනුජ් ..දුක්ඛිතයි ..ඔන්න මල්සරා අවේ නැතොත් අපි දෙන්නම යමු හොඳවයින් දෙකක් කතාකරන්න ..ඕ යේ ... ;)

      Delete
  4. ආ මට එහෙම මේල් එකක් ඇවිත් තිබ්බේ නෑනේ,

    මීට මල්සරා :P

    ReplyDelete
    Replies
    1. අන්න හිත බිඳෙන කතා කියනවා ..හික්ස්.. ඔය බොරුනේ අර මගේ මේල් එකට පිළිතුරු එවල තියෙන්නේ ;)

      Delete
  5. හෙක් හෙක් නංගා, ඊයේ රෑ ලයිට් එක නිවලා බයට අන්දටා දුවලා ගිහිල්ල පන්න පාර අන්ද විට්ටමේ ඔලුව වැදුනා නේද? පොඩ්ඩක් අතගාල බලන්න ගෙඩි ගැහිලා ඇති :D

    විභාග වලට ඔච්චර බය වෙන්න එපා, ඒකනම් එච්චර හොඳ දෙයක් නෙවේ. ඔයාට කියන්න මට ඔහොම එක විභාගෙකට කලින් දවසේ නිදිමරාගෙන පාඩම් කරලා විභාගේ පේපරේ උද කෙල පෙරාගෙන නිදිය ගත්තා. :D , යන්තන් B මයින් එකකින් ගොඩ දාගෙන ලියපු උත්තර වලින් පය තුනෙන් එකහමාරකට වැඩිය නිදා ගත්තා.

    ඒ නිසා විභාග වලට හොඳම වැඩේ සබ්ජෙක්ට් එකේ කතන්දර ටික අල්ලගන්න, ගොඩ යන තමන්ගේම ටෙක්නික් එකක් හදා ගන්න, ගොඩක් වෙලාවට ලෙක්චර් වලදීම කෙරුණු දෙයක් තමා කණපිට ගහලා දෙන්නේ හොඳපිට ගහගනින් පුලුවන්නම් කියලා.

    ඇත්තටම අපිනම් කලේ ෆස්ට් යෙඅර් එකේ දත කාගෙන පාඩම් කරලා විභාග ලිව්වා, පස්සේ පස්සේ ඔකේ සිස්ටම් එක තේරුම් අරගෙන අනුගත වෙනකොට නිකන්මත් විභාග ලිව්වා, හොඳම වැඩේ වැඩ කරන ෆන් ගන්න ඔක්කොම පිස්සුත් කෙලින සෙට් එකක් හදා ගන්න එක, ඒ ඒ යාළුවොන්ගේ ගෙවල් වල පාඩම් කරන්න සෙට් වෙන එක, එහෙම සාකච්චා කර කර වැඩ කරද්දී නිකන්ම සබ්ජෙක්ට් එක ඔළුවට යනවා, සබ්ජෙක්ට් එකේ ලෝටස් යාලුවෝ යාලුවෝ අතරේ බෙදාගෙන බෙදාගත්තු එකට වැඩි පුරාත් අනිත් ඒවාත් ටච් එකේ තියාගෙන ඉඳලා සෙට් වෙලා දවසක වැඩේ ගොඩ දාගන්නවා, එක්සෑම් වලට සරල මෙතඩ් හදා ගන්න තරමට ස්ට්‍රෙස් නැතිව ලියන්න පුළුවන්, මොකද මෙකනිකල් පම්ප් එකක් වගේ පේපරේ දුන්න වෙලාවේ ඉඳන් දඩ දඩ ගැන පපුවයි, මෙලෝ විකාරයක් නැතිව ඔහේ දුවන හිතයි, පෙපෙරේ වත් පෙන් නැතිව බොඳ වෙලා යන ඇස දෙකකුයි එක්ක ශරීරයක් පුටුවටයි දෙස් එකටයි බර කරන් විභාග ලියන්න බැහැනේ.

    ඔය GPA හන්ටින් එක නම් ඉතින් දඩබිමට බැහැපු වෙලාවේ ඉඳන් කරගෙන කරගෙන යන්න ඕනා, එත් ජීවිතේ කියන්නේ විභාගමත් නෙවේ, ඒ නිසා තමන්ගේ සිස්ටම් එකක් හදාගන්න.

    තාමත් අනුගත උනේ නැද්ද සිස්ටම් එකට? අනුගත කෙසේ වෙතත් අනුමත වෙලා නම් තියෙන හැඩයි :D

    වෙනසකටත් එක්ක ලියවිල්ල පට්ට, හිත අකුරු අතරේ පාකරලා යැවුවා නේද? හොඳා හොඳා එක්සෑම් වලට බය නැතිව ලියලා ගොඩ දා ගන්නවලා. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හුටා *ලෝටස් නෙවේ කොටස් හරිය :p

      Delete
    2. ඔලුව වැදුන නෙවෙයි අය්යෙ හීන බලල ඇඳෙන් බිමටම වැටුන :D ..හපොයි මේ විභාග මතක් කරන්නෙපා දැන් විභාග ලිවිල්ල ඇතිවෙලා ඉස්සරනම් පණදාගෙන මාස ගණන් පාඩම් කරලා ලියනවා දැන් නම් විභාගෙට කලින් දවසෙ පාඩම් කරලා ඔක්කොම ගොඩ දාගන්නවා අනේ මන්ද කැම්පස් ආවම දවසින් පාඩම් කරල විභාග ලියන තරමට අපි දියුණු වෙලානෙ... මාරයි :D මේ ලියපු දේවල් නම් සහතික ඇත්ත හැබැයි ඉතින් ඔය වගේ කෙළ පෙර පෙර අපි නිදා ගත්තේ නම් නෑ :P විභාග නම් ඉවරයි අය්යේ. සතියක් විභාග නිවාඩු ඉතිරි සතියම දවසක් ඇර දවසක් විභාග..එකත් දැන් ඉවරයි කියමුකෝ. විභාග නිවාඩු (study leave )සතියේ තමයි 'අසම්මතය ' කතාව ලිව්වෙ දැන් පණදාගෙන විභාග ප්‍රශ්න පත්තර වලට ලියපු බොරු අමතක වෙන්න මේ කතාව ලිව්වා .. බලන් යද්දි විභාග කාලේදී කතා ලියන එකත් නරකම නෑ හික්ස්

      Delete
  6. ඔන්න මම රිප්ලයි එකක් දැම්ම... විදින්න ඕනෑ කෙනෙක් දාල නෑ.. ඉතින් මොකාට විදින්නද...
    -මීට ආදරණිය මල්සරා අයියා-

    බොගේ බල්ලෝ ඇවිදලද?

    ReplyDelete
    Replies
    1. මෙහෙම ප්‍රසිද්ධියේ ඒ අයගේ නම් දන්නා බෑ ඒ නම් වෙනම රහසිගතව මල්සරා අය්යන්ඩි ට යවන්න හිතන් ඉන්නෙ එකම ප්‍රශ්නෙ ලියන්න නම් ගොඩක් තියනවනේ :P ...හික්ස් සිහින විතරයි මගේ බොගේට බල්ලෝ ඇවිත් කියල දැක්කෙ.අපේ ගෙදරට අලුතෙන් බලු පැටියෙක් ගෙනාවනේ මං නැති අතරෙ ඌ හොරෙන්ම ඇවිත් හැම තැනම බලු අඩි තියල ගිහිං :D

      Delete
  7. හපූ ඔය ඊතලේ විද්ද ගන්නැතුව මෙහෙම්ම ඉන්න එක හොඳා... :3

    ReplyDelete
    Replies
    1. ඔව් ...ඔව්.. ඔහොම ඉන්න එකත් එක්තරා විදිහකට ඇඟට ගුණයි තමයි.එත් ඉතිං ඔය සංචාරකතුමත් කවද හරි දවසක කාටත් හොරෙන් මල්සරා අය්යට ලිපියක් යවයිද දන්නෑ :D

      Delete
    2. එව්ව කියන්න බෑ... :P

      Delete
  8. මං මේ මෙකට ගොඩ වුණාම ද ?? මල් සරා විදින්න ගත්තාම විදි කොකටත් පිට ගැස්සමට බෙහෙත් ලග තියා ගන්න ...
    මේ දවස්වල වැඩි පඩි ඉල්ලලා උද්ගොෂණය වෙන්ඩෑ මල් සරා ... :3

    ReplyDelete
    Replies
    1. මෙහෙට ගොඩවුනාට ස්තූතියි සාදරයෙන් පිළිගන්නවා ..හික්ස් ..අවවාදය නම් අගෙයි ...සියලු ජනී ජනයාගේ සුබ සිද්ධිය පතා මල්සරාගේ රස්සාව ස්ථිර කරලා පඩිය වැඩි කලානම් හරි නේද :D

      Delete
  9. ඔය මල්සරාගෙන් දැන් නම් ඇති වැඩක් නෑ..පමා වැඩී ඔබ පමා වැඩී...:P
    ඉතුරු ටිකත් ලියලා දාපියෝ....

    ReplyDelete
    Replies
    1. තනිතරුවට මල්සරාගේ හීයක් වැදීලලු ඒකනේ ඔය පමා වැඩි කියන්නෙ :D .... හා හා ඉතිරි ටිකත් දාන්නම්කො ඉක්මනට :D

      Delete